බල්ලාට වැරදිලා

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බල්ලාට වැරදිලා

    මේ විදියට තමයි

    බැංකුවට යාම සඳහා තමා ගුරුවරියක ලෙස සේවය කරන පාසලෙන් පිටතට යාමට පැමිණි චමරි පාසල් ගේට්ටුව අසල මහ හඬින් හඬමින් සිටි දැරියක දැක මඳකට නතර වූවාය.

    ඈ දෙස මද වේලාවක් අනුකම්පාවෙන් බලා සිටි ඇය, කුඩා දැරියගේ හිස අතගා මෙසේ කීවාය.
    ’චී චී බබා මම ඔයා නං එහෙම කවදාවත් ඔය විදියට අඬන්නෙ නැහැ.’
    ඉකිබිඳිමින් සිටි දැරිය හැඬුම නවතා, ඇස් ලොකු කර චමරි දෙස බලා මෙසේ කීවාය.
    ’ඔයාට ඕන විදියකට ඔයා අඬන්න. මම අඬන්නෙ මේ විදියට තමයි.’ කී ඇය නැවතත් හඬන්නට වූවාය.

    :growl::yes:

    පහු කරන්නෙ මොකටද?


    සංචාරකයන් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් කටුනායක සිට පැමිණ කොළඹ නගරය හරහා ඔවුන් නවාතැන් ගැනීමට නියමිත හෝටලය බලා ධාවනය කරමින් තිබුණි.

    ’අපි දැන් කොළඹ නගරයේ තිබෙන විශාලම මත්පැන් හල පසු කරමින් ඉන්නෙ.’ මාර්ගෝපදේශකයා එක් ගොඩනැගිල්ලක් දෙසට අත දිගු කරමින් සංචාරකයන් හට පැවසීය.
    ’ඉතින් ඇයි පහු කරන්නෙ?’ බසයේ පිටුපස සිටි එක් සංචාරකයෙක් වහා ඇසීය.

    :shocked::yes:

    කොහොම කරන්නද?


    සතියකට පෙර තම නිවෙසට යාබද නිවෙසට අලුතින් පැමිණි පවුල ගැන අනෝමා පසුවූයේ දැඩි පරීක්‍ෂාවෙනි. නිවෙසේ වැඩ කරන අතරතුර පවා ඇය තාප්පය අසලට ගොස් එම නිවෙස දෙසට හිස පොවා විපරම් කරන්නට අමතක නොකළාය.

    හවස වැඩ අවසන් වී නිවෙසට පැමිණි නිහාල් ගෙට ගොඩවත්ම අනෝමා ඔහු වෙත පැමිණ මෙසේ කීවේ නොරිස්සුම් ස්වරයකිනි.
    ’නිහාල් ඔයා දැක්කද අර අල්ලපු ගෙදරට අලුතින් ආපු ජෝඩුව. ඒ දෙන්නට දෙන්නා පුදුම ආදරේකින් ඉන්නෙ. ඒ ගෙදර මනුස්සයා හැමදාම උදේට වැඩට යන්නෙ වයිෆ්ට හාද්දක් දීලා. ඇයි අනේ ඔයාටත් බැරි එහෙම කරන්න?’
    ’ඔයාට පිස්සුද අනෝමා? මම කොහොමද එහෙම කරන්නෙ? මම තවම ඒ ගෑනු කෙනාව හරියට අඳුරන්නෙවත් නැහැනෙ.’ නිහාල් පිළිතුරු දුන්නේය.

    :nerd:

    බල්ලාට වැරදිලා


    ’අනේ මොකද කුමාරි අර ඔයාගෙ මහත්තයට වෙලා තියෙන්නෙ?’ කකුල් දෙකේම තැන් කීපයක් වෙලුම් පටි වලින් ඔතාගෙන, කොරගසමින් අපහසුවෙන් ඇවිදගෙන යමින් සිටි රොෂාන් දෙස බලමින් අල්ලපු ගෙදර ශීලා ඇසුවාය.

    ’හරි වැඩේනෙ ශීලා වුණේ? අපේ රොෂාන් හැමදාම හොඳ පදමට බීලා හතර ගාතෙන් නෙ ගෙදර එන්නෙ. ඊයෙ රෑ එයා බොන්නෙ නැතුව කෙළින් කටින් ගෙදර ආවා. ඒක හින්දා අපේ බල්ලට රොෂාන්ව අඳුන ගන්න බැරි වුණා අනේ.’ කුමාරි කීවාය.

    :lol:

    පැමිණිල්ල


    එක් ධනවත් මහලු කාන්තාවක් ඉතා බරපතළ ශල්‍ය කර්මයක් සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබුවාය. ශල්‍ය කර්මය භාරවූ ප්‍රධාන වෛද්‍යවරයා දෙස විපරමින් බැලූ රෝගී කාන්තාව, ඔහු මිය ගොස් සිටි තම සමීප යෙහෙළියකගේ එකම පුතා බැව් හඳුනාගත්තාය.

    වෛද්‍යවරයාගේ සුරත තම දෑතින්ම අල්ලා ගත් කාන්තාව මෙසේ කීවාය.
    ’පුතා, උඹ මගෙත් එක්ක තරහ වෙන්ඩ එපා. උඹේ අම්මයි මමයි ඉස්සර හොඳම යාළුවෝ. උඹ මේ ඔපරේෂන් එක හරියටම තිතට නොකළොත් මම උඹ ගැන උඹේ අම්මට පැමිණිලි කරනවා.’

    :nerd:

    ඒක කොහොම කියන්නද?


    මනෝ හරිම කලබල කාරයා. මිනිහා නියමිත රස්සාවක් නොකළත් රාජකාරියක් කරන කෙනෙකුට වඩා වගකීම් රැසක් තමා පිට පැවරී ඇති විදියටයි ඔහු කටයුතු කළේ. සමහර වෙලාවට කථා බහ කරන්නට පවා ඉස්පාසුවක් නැති විදියටයි ඔහු හැසිරුණේ.

    දවසක්දා මනෝ බොහොම කලබලයෙන් ලක ලැහැස්ති වෙලා උදේම පාරට බැස්සා. හදිස්සියේම යමක් මතක් වෙලා ඔහු පාරේ යමින් සිටි කෙනෙක් නවත්තලා මෙහෙම ඇහැව්වා.
    ’මට කරුණාකරලා කියනවද අද සතියේ මොන දවසද කියල!’
    ’ඒක නං මට හරියටම කියන්න බැහැ. මොකද මම මේ පළාතට අමුත්තෙක්.’ අර තැනැත්තා පිළිතුරු දී යන්නට ගියා.


    :growl::lol:

    Code:
    silumina
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    fATTA ඕයි
    අර කථාවේ අනෝම කියන නම වෙනස් කරපන් උඹ කැමති නම්
    නැත්තම් sUNIMAL JAYASIRIE wINDOS 8 යි fORM වෙයි

    You must spread some Reputation around before giving it to suranga84 again
     
    Last edited:
    • Like
    Reactions: lcrstudio