බලු පොලිස්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මාලක ලොකු ටෝක් දෙද්දී පොලිසිය බලු වෙයි

    පසුගිය දා රට තුළ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධියක් වූයේ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් ප්‍රසිද්ධ හෝටලයක් තුළ දී හමුදා මේජර්වරයෙකුට පහර දීම යි. සිද්ධිය ඉතාමත් විශේෂිත වූයේ පහරදීම අදාල හෝටලයේ කැමරා 13 ක් ඔස්සේ පටිගත වී තිබිය දී සහ ඇසින් දුටු සාක්ෂි ඕනෑවටත් වඩා තිබිය දී මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කල් මැරීම නිසා යි.

    පහරදීමෙන් පසු දින ම මාලකගේ රියදුරා විසින් හමුදා නිලධාරියාගේ ගිනි අවිය පොලිසිය වෙත ගෙනැවිත් භාර දී ඇත්තේ හෝටලය අසල වඇටී තිබී හමු වූ බව පවසමිනි. ගිනි අවියක් අහුලා ගෙනවිත් භාර දීමම සැක කටයුතු සිද්ධියක් වුවත් මෙහි දී පොලීසිය අදාල රියදුරා හෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ නැත. මේ අතර මාලක අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් පත් කෙරිණි.

    එහෙත් මාලක පොලිස් ඇස් ඉදිරිපිට ම සර්වඥ ධාතු වදින්නට අවේ ය. පොලිසිය උඩ බලාගෙන සිටියේ ය. මේ සම්බන්ධව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක හෙවත් අපුල්ලන්නා ප්‍රකාශ කළේ එය පූජනිය අවස්ථාවක් නිසා අත් අඩංගුවට නොගත් බව ය. දින ගණනක් ගත වුවත් පොලීසියට තමන්ගේ රෙද්ද ගැලවී යාම නවත්වා ගන්නට බැරි වූයේ එසේ කරන්නට උත්සාහ දැරුවා නම් තමන්ගේ රස්සාවට නිකම්ම පහර වදින බව හොදහැටි දන්නා නිසා ය. මේ සිද්ධියට සම්බන්ධ පුතාගේ තාත්තා ඒ තරම්ම පොරක් නිසා ය. ඒ බලු කුක්කාට කටු කන්නට දෙන ස්වීමයාටවත් ඒකා ආම්බාන් කරන්නට බැරි ය. තමාට බුරන ඕනෑම බල්ලෙක් ඒ සැණින් හපා කයි. කන්නට දීපු අත හපා කන්නට ද තරම් විලි ලැජ්ජා නැති අමන පොරකි.

    කරුණු එසේ වීම නිසා මාලක නිදැල්ලේ සිටියේ ය. එහෙත් මාධ්‍ය මේ ගේම අතෑරියේ නැත. ඒ නිසා ම මාලකට පොලීසියට බාර වෙන්නට සිතෙන්නට ඇත. පෙලිසියට ාබර වූ ඔහු කියා සිටියේ පොලීසියට ඕනෑ වුණා නම් තමාව අත් අඩංගුවට ගන්නට හැකිව තිබූ බව ය. මේ ලොකු ටෝක් එකෙන් පොලීසියට හොදටම රිදිය යුතු ය. එහෙත් එසේ වන්නේ නැත. මන් ද හොදටම හිරිවැටුණු පසු රිදුණු පසු රිදුණත් දැනෙන්නේ නැති නිසා ය.

    අපේ රටේ පොලීසිය ගැන අප ආඩම්බර විය යුතු ය. ඒ තරම්ම මහජන මිත්‍රශීලී ය. මාලක හොර පාරෙන් උසාවි ගෙන ගියේ ඒ නිසා ය. එහෙත් අපේ රටේ පොඩි මිනිහෙක් කාට හරි ගැහුවොත් ඒකාව කුදලාගෙන පාර දිගේ ඇදගෙන යන්නේ ද අපේ පොලීසියම ය. කොහේ හෝ ගෙදරක හොරකමක් වූ පැය ගාණක දී හොරු අල්ලන්නේ ද අපේ පොලීසියම ය. එහෙත් ජාතික කටු ගේ හොරු කැඩූ විට මාස ගාණක් යන තුරුත් හොරු අල්ලන්නට බැරිවන්නේ ද අපේ පොලිසියටම ය.

    මේ අපේ පොලීසිය බලු වූ පළමු අවස්ථාව නොවේ. එහෙත් සහෝදර සමාගමේ පාලන කාලය තුළ පෙලීසියේ කොදු ඇට පේළිය කුඩු වෙන්නට ම වැඩේ දී ඇති බව දැන් දැන් අපට පෙනෙයි. එහි හෙනය වදින්නේ සිවිල් මධ්‍යම පාන්තිකයාට වීම මෙහි සෝචනීය තත්ත්වය යි. අපේ පොලීසියේ කොන්ද පත්තුවක් හෝ බදින්නට කොන්දේ කෑලිවත් ඉිරි වී තිබුණා නම් යම් හෝ බලාපොරොත්තුවක් තියා ගන්නට තිබුනි. එහෙත් මේ ආශ්චර්යයේ දේශය බැවින් එහෙම එකක් නැත.

    ගත්තේ මෙතනින්..
    http://http://divesanews.com/?p=1381
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    me gana katha kirimath loku deyak........
    r5N4w.png
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මටනම් තේරෙන්නේ නැත්තේ ඇයි තවමත් සමහර උන් මුන්ට ඡන්දෙ දෙන්නේ කියලා..... කාන්තාවකට, චූටි ගෑනුලමයෙකුට තියා හමුදාවේ Major කෙනෙක්ටවත් නිද්හසේ පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ!
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මටනම් තේරෙන්නේ නැත්තේ ඇයි තවමත් සමහර උන් මුන්ට ඡන්දෙ දෙන්නේ කියලා..... කාන්තාවකට, චූටි ගෑනුලමයෙකුට තියා හමුදාවේ Major කෙනෙක්ටවත් නිද්හසේ පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ!

    සහතික ඇත්ත. :yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොතරම් කෙනෙහිලිකම්, අපරාද, දුෂණ,මැරකම් සිද්ද කලත්, උගුර ලේ රහ වෙනකම් බැන්නත් පුදුමේ කියන්නේ
    චන්දයක් ආව ගමන් මුන් චන්දෙ දීල අයෙම පත් කර ගන්නේ උන් ටිකමනේ.:rolleyes:
    ලංකාවේ ඉන්න බහුතරයක් තමන්ට වාසියක් වෙනවනම් ඕනෙම කුපාඩිකමක් දැක්කේ නේ වගේ ඉවසගෙන ඉන්න පුළුවන් ජාතියක්.:angry:
    ඒ වගේම තමා බනින උන්ගෙන් බහුතරයක් තමන්ට ඒ වාසිය නොලැබුන නිසා තමා බනින්නේ. :baffled:ඇත්තටම අසදරණයට එරෙහිව කතා කරන්නේ ඉන්නේ බොහොම පොඩි පිරිසක්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දුෂණය වෙච්ච ගෑනුන්ට තියන කොන්ද හමුදාවේ මෙජර්ලට නැහැ.ඉතින් පොලිසිය ගැන කවර කතාද .නොදකින් මුන් පිරිමි කමටත් ලජ්ජා කරනවා