බලු_කතාවක්..

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    බලු කතාවක්........අයිතිය සුභාෂ් සතුය...

    පහේ පන්තියේ පොඩි එකෙක් ලියාපු රචනාවක් කියවන්න ලැබුණා. මාතෘකාව ලියල තිබුණේ මගේ හුරතලා කියලා. කොටින්ම කිව්වොත් කතාව නම් මෙසේය.

    මගේ හුරතලාගේ නම ටොමී ය. ටොමි යනු බල්ලෙකි. බල්ලෙක් උනත් ටොමි හොදය. ගොඩාක් හොදය. කලගුණ හොදටම දන්නේය. එත් ටොමී ගිය සතියේ සිට හරිම අමුතුය. වෙනදට අපි කාල ඉතුරු වෙලා දෙන බත් පිගාන කන්නේ නැත. අහක බලාගෙන ඉන්නේය. එත් රුපවාහිනියේ ප්‍රවෘති යනවිට කොහේ හිටියත් දුවගෙන ඇවිත් සාලේ මැද වාඩි වෙලා රුපවාහිනිය බලන්නේය. ටොමි පහුගිය සතියේ අයවැයෙන් බලු කෑම වලට බදු අඩු කළ බව දැන අපිටත් බලු පාර්ට් දාන්න පටන් ගත්තේය.රූපවහිනියෙ අය වැයට කහින ඕනෑම් එකෙකුට ටොමී වලිගය වැනුවේය. ඒ ටෝමීට මොලයක් නැති නිසා ය. ටොම් හිතන්නේ ඒ අයත් බලු කෑම අඩු උණු සතුටට අයවැය ගැන හොද කියනවා කියාය. අපේ තාත්තා කියන විදියට නම් අය වැයට නකුට වනන්නේ ටෝමීට මෙන්ම අයවැයෙන් මස්කටු ලැබුණු කකුල් දෙකේ ___ ය.

    මේ කතා තාත්තා උනත් කියන්නේ ටොමී නැති විටය. අය වැයට නරකක් කිව්වොත් ටොමී තාත්තාටත් බුරාගෙන පනින්නේය. කොටින්ම දැන් ගෙදර හැමෝම ටෝමීට බයය. දවසක් ටෝමීගේ ලයින් බැලීමට අකමැති අපේ අයියා බලු සංහතියටම බැන්නේය. අය වැයටත් බැන්නේය. අයවැයෙන් බල්ලන්ට දීල තියෙන්නේ මහා එකාට චන්දේ දුන්නේ බල්ලෝ කියල හිතාගෙන වෙන්න ඇති කියල අයිය කේන්තියෙන් කීවේය. ටෝමීට කේන්ති ගියේය ටොමී ගෙදරින් යන්නට ගියේය.

    ටොමී අපිව දාල ගියා කියල අපේ පුංචි නංගි අඩන්න පටන් ගත්තේය. එත් ටෝමිය ආයේ ගෙදර ආවේය. ඒ තනියම නොවේය. හංදියේ කකා බීබී දගලන බලු සේනාවක් එක්කය. ඇවිත් අපේ ගේ වැටලුවේය. අයියා එලියට එනතෙක් බල්ලෝ පාරේ සිට බිරුවෝය. අන්තිමට ලෝකෙටම පොර ටෝක් දෙන අපේ අයියත් බල්ලන්ගෙන් සමාව ගත්තේය. ඒ ගැන නම් මට සතුටුය. අයියා ගේ ලයින් බස්සන්න බල්ලන්ට පුළුවන් උණු එක ගැන මට ටොමී ගැන උනත් ආඩම්බරයක් ඇතිවේ.

    රචනාව කියවූ මට මෙසේ සිතුනි ඇත්තෙන්ම රට බල්ලට ගිහින් බල්ලා රට ගිහින් කිව්වේ ඉස්සරය. දැන් රට ගිය බල්ලෝද ආපසු ලංකාවට එමින් සිටින්නේ අයවැයෙන් අඩු කළ මස් කටු කෑමටය බලු සුප් බීමටය. පැකර් ගේ බල්ලා ද එසේම ලගදීම ලංකාවට එනු ඇත.
     
    • Like
    Reactions: Unclesam and djjaya