බවලතාගේ කතාව

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඔන්න එකෝමත් එක කාලෙක කොලඹ පැත්තේ හිටියලු ටිකක් මැදි වයසේ ගෑනු කෙනෙක්. මෙයා ඉතින් කාත් කවුරුවත් නැතිව තනියම තමයි හිටියේ. බැඳලත් නැහැ, දරු මල්ලොත් නැහැ, කිසිම පිරිමියෙක් එක්ක තරුණ කාලෙදිවත් කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ. ජීවිතේ වැඩි හරියක්ම ඉඳලා තියෙන්නේ කොන්වන්ට් එකක, හැබැයි හොඳට සල්ලි බාගේ එහෙම තියෙනවා. ලොකු ගේක තනියම තමයි ජීවත් වෙන්නේ.


    ඔන්න ඉතින් දවසක් අල්ලපු ගෙදර හිටපු මනුස්සයා ආවලු මේ ගෑණිව හම්බුවෙන්න.



    (එහෙම මොහොකටවත් ආවා නෙවෙයි, තමුසෙලාගේ තියෙන කැත හිත !! අපි හිතමුකෝ හදිස්සියකට හිරමණේ ඉල්ල ගන්න ආවා කියලා)


    ඔන්න ඉතින් අර මනුස්සයා හිරමණෙත් අරන් යන්න හදනකොට දැක්කා ගෙදර තියෙන ඕගන් එක උඩ තියල තියෙනවා වතුර වීදුරුවක්. ඒ වීදුරුව ඇතුලෙත් මොකක්නමුත් පුන්චි පැකට් එකක් තියෙනවා.
    මිනිහා ලන් වෙලා බැලුවා මොකක්ද ඒ වීදුරුව ඇතුලේ තියෙන්නේ කියලා.



    මළ මඟුලයි !! ඇතුලේ තියෙන්නේ කොන්ඩම් එකක්. මිනිහා එකපාරටම අඤ්ඤකොරොස් වුනා. මිනිහා දන්නවා මේ ගෑණි එහෙම නරක කෙනෙක් නෙවෙයි කියලා. මොනවා වුනත් කොන්ඩම් වතුර වීදුරුවල දාලා සාලේ මැද්දෙන් තියන්නේ මොන රටේද? විළි ලැජ්ජාවේ බෑ !!


    මිනිහාටත් ඉතින් මේක මාර ප්‍රශ්නයක් ඒ හින්දා යන්න කිට්ටුවෙලා ගෑණිගෙන් ශේප් එකේ ඇහුවා ඒ මොකක්ද කියලා. ගෑණි මෙහෙම උත්තර දුන්නා.


    “ඔයා දන්නවද අනේ මම දවසක් විහාර මහා දේවි පාක් එකේ ඇවිදින්න යනකොට මට මේ පැකට් එක හම්බවුනා. මම ඉතින් ඒකෙ ගහල තිබ්බ විදිහට වතුර වීදුරුවක දාල ඕගන් එක උඩින් තිබ්බා. ඔයාට කියන්න මෙයා, එදායින් පස්සේ මට හෙම්බිරිස්සවක් වත් හැදුනේ නැහැ.”


    මෑන්ස්ට ෆුල් හොල්මන්. මොකක්ද මේ කියන හරුපේ කියලා බලන්න මිනිහා පැකට් එක දිහා හොඳට ලන් වෙලා බැලුවා. ඒකෙ තිබ්බේ මෙන්න මෙහෙම.


    “Place it on the organ, keep it wet and it would
    prevent the spread of diseases”