මගේ අත් දැකීම අනුව නිවැරදි රෝග හදුනාගැනීම දොස්තරගේ උනන්දුව මත තියෙන්නේ. බොහෝ පශු දොස්තර ලා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම බලු දොස්තරලා. බල්ලාගේ / පූසාගේ ලෙඩේ මොක උනත් ඇන්ටි බයෝටික් එකක් දෙන එක තමා කරන්නේ එකෙන් ලෙඩේ සනීප වෙන එක වාසනාව. අනික ඒ ගොල්ලෝ ගාව රෝගය හදුනා ගෙනීමට අවශ්‍ය උපකරණ නෑ. ස්කෑන්, බ්ලඩ් ටෙස්ට්. කරන්නේ තමන්මයි. පරණ ලඩි වලින්. ඒවා වරදිය්. නමුත් ඉතා විශ්වසෙන් ලෙඩේ කියනවා. අපිත් හිතනවා හරි තමා කියලා.
පුළුවන් නම් කොලබ නාරාහේන්පිට (දැන් එතන ගෙනිහින් ස්ටේපල් පාරේ තිබ්බ එක) petVcare වගේ තැනකට ගෙනිහින් බලන්න. අඩුම ගානේ ලෙඩේ මොකද්ද, සනීප කරන්න පුළුවන් ද බැරිද, කොච්චර කල් වගේ අල්ලයි ද වගේ විස්තර වත් නිවැරදිව ගන්න පුළුවන්....මැහුමක්තුවලෙකට දැම්මත් පිළිවෙලයි. නැත්තන් ගෝනි මහුවා ඊට හොදයි. බල්ලෝ/ පුසෝ කතාකරන්න බැරි නිසා බලු දොස්තරලා කරන වැඩ දැනගන්නත් බෑ...
මට එක පාරක් පුසියක් ගෙනිච්චාම වෙන තැනකට ස්කෑන් කරලා කිව්වා පැටව් නෑ බඩේ කියලා. ස්කෑන් එකට සල්ලිත් කැඩුවා. නමුත් සති 3 ක් යනකොට පැටව් බඩේ පේනවා. සති 5-6 යනකොට උන්ව බිහි කරා.... වැඩ කරන්නේ නැති නම් නෑ කියන්න ඕනා බොරු කරනේ නැතිව. ඔය දැම්මේ කරපු දරුණුම එක.
මොක කරන්නත් ඔය බල්ලාගේ වයස කොච්චරක් ද ? වයස පනින කොට හෙම්බිරිස්සවත් අමාරු වෙනවා සනීප කරන්න.