මෙහෙම දෙයක් උනාමද කොහෙද? (ලෝකෙන්ම)
බස් එකේ ගිය අයට කරදරයක් වෙලා නැත්නම් එච්චරයි..![]()




මීට කලිනුත් මීට ටිකක් විතර සමාන සීන් එකක් උනා..
ඒක උනේ නං මම තාත්තත් එක්ක ඉස්කෝලෙ යන කාලෙ.. (ඒ කියන්නෙ සෑහෙන පොඩී කාලෙදි)
ඉස්සර තිබුණ මතකද සී ටී බී එකේ දුවපු අර ටකරං බස් කියල ජාතියක්.. අන්න ඒ ජතියෙ බස් එකක් හොඳට හදල තිබ්බ සුදු පාට බඳේ රතු පාට ඉරි දෙකකුත් එක්ක අලුත් පේන්ට් එකක් එහෙම ගාලා.. මට මතක හැටියටනං ඒක "TATA" එකක්ද කොහෙද..
ඒක දිව්වෙත් 177 රූට් එකේමයි.. (එලකිරි බස් මහත්තයටත් සමහර විට මතක ඇති..)
මේ බස් එකත් දවසක් හරියටම පාර්ලිමන්ට් පාර හැරෙන වටරවුමෙදි, ඒ කියන්නේ බත්තරමුල්ල පැත්තෙ ඉඳල එනකොට කෝට්ටේ වටරව්මට දාන්න තියෙන වංගුවෙදි හෙන තඩි බ්රේක් පාරක් ගහල තිබ්බා...
බ්රේක් පාරෙ සැරටද, බස් එකේ හොඳ කමටද මන්ද, අර තප්පදෝරු ඉස්සරහ ඇක්සල් එකත් එක්ක රෝද දෙකම කඩාගෙන ඇවිත් නතර වෙලා තිබ්බේ ඉස්සරහ මැද හරියෙ තිබ්බ දොරත් කඩාගේන් ඇවිත් බඳට හේත්තු උනාට පස්සේ..
ඒ හරියෙ තිබ්බ ට්රැෆික් එක නිසා ඩැමේජ් එක හොඳටම පෙනුනා මතක හිටින්නම..











අපි යන ඒවත් ඔය ගානට ඉස්සෙනවා ඇති බං වෙලාවකට යන වේගෙට... අපි ඉතින් ඇතුලෙ ඉන්න නිසා පේන්නෙ නෑ...

මෙහෙම දෙයක් උනාමද කොහෙද? (ලෝකෙන්ම)
බස් එකේ ගිය අයට කරදරයක් වෙලා නැත්නම් එච්චරයි..![]()
