"ගෙදර යන්නේ නැද්ද?" රැකියාව නිම වී තවමත් පිටත්වීමට සූදානම් නැති යෙහෙළියකගෙන් සකුනි ඇහුවා.
"අපෝ මේ වෙලාවට ගියොත් බස් එකේ රණ්ඩු තමයි. ටිකක් සෙනග අඩු වුනාම යනවා" මේ සකුනිගේ යෙහෙළිය දුන් පිළිතුර.
"ඒ මොකද ඒ" සකුනි ඇහුවා.
"දන්නැද්ද මේ සෙනග වෙලාවට බස් එකේ අල්ලන්නයි, වද්දන්නයි, මිරිකන්නයි, අතගාන්නයි කට්ටිය වැඩි නේ ඉතිං හැමදාම රණ්ඩු තමයි."
"ආපෝ.. ඒක නං ඇත්ත. බස් ගමන තිත්ත වෙනවා ඒ වෙලාවට ලැඡ්ජාව නිසා මොකුත් කියන්නත් බෑ. " සකුනි කිව්වා.
"හරි වැඩක් නේ මම නං බනිනවා. ඒ මදිනං හොඳට අත දිග ඇරලා දෙනවා." සකුනිගේ යෙහෙළිය කිව්වා.
පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිදුවන කාන්තා අතවර, කාන්තා හිංසනය පිළිබඳ ඕනෑ තරම් අපි කතා කර ඇත්තෙමු. එහෙත් යම් සිදුවීමක් සමඟ එහි උණුසුම ඇති තෙක් ඒ ගැන කතා කළද එතනින් එහාට සිදු වූ දෙයක් නැත.
පසුගිය දිනෙක විවිධ ක්ෂේත්රවල සේවයේ නියුතු කිහිප දෙනෙකු සමඟ මේ ගැන කතා කරන්නට අවස්ථාවක් ලැබුණා. ඒ කතා බහ ඔබත් සමඟ බෙදා ගන්නට අවශ්‍ය යෑයි අපි හිතුවා.
ඔබ කාන්තාවක් නම්, පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන්නේ නම්, මේ අත්දැකීම් ඔබට ආගන්තුක නැත. එසේ නොවී, ඔබ පුරුෂ පක්ෂයේ කෙනෙකු නම් ඔබගේ මව, බිරිඳ සොයුරිය, දියණිය මේ අත්දැකීම්වලට මුහුණ දුන්නා විය හැකිය.
මෙවැනි සිදුවීමක් හමුවේ ඔබ ක්‍රියා කළේ කෙසේදැයි මදක් සිහිකර බලන්න. බස් රථයක් තුළදී කාන්තාවකට අතවරයක් සිදු වූ විට එයට විරුද්ධව වචනයක් හෝ පැවසූ කෙනෙක් වේ නම් ඒ කලාතුරකිනි. අඩුම තරමින් එම අතවරයට මුහුණ පෑ කාන්තාව පවා එය මග හැර යාමට උත්සාහ දරන්නේ රණ්ඩු වීමට බැරිකම නිසා හා ඇතිවන ලැඡ්ජාව නිසයි.
ඒ අවසරයෙන් මෙම විකෘති මානසික තත්ත්වයන් ඇති වුන් උපරිම ප්‍රයෝජන ලබති.
"මම ඔහොම අවස්ථා කීපයකටම මූණ දීලා තියෙනවා. ඔය මිනිස්සු දන්නවා අපි ලැඡ්ජාවට කතා කරන්නේ නෑ කියලා. ඒ නිසා තමයි නිදහසේ ඉන්නේ. හේත්තුවක් දාන්න ලෑස්තිවෙනවා කියලා දැනුන ගමන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. අඩුම තරමින් රවලා හරි බැලුවොත් ඒ පුද්ගලයා අධෛර්ය වෙනවා. මම කරන්නේ ළඟ ඉන්න කෙනෙකුට කාට හරි කියනවා "නිකනුත් යන්න බෑ තව මිනිහෙක් කර ගහගෙන යන්නත් ඕන" කියලා. පිරිමි කෙනෙකුට නං වැඩිය හොඳයි"
- බැංකු නිලධාරිනියක්.
"ඔයිට වැඩිය ෂෝක් වැඩක් මම දවසක් කළා. මම ඉඳගෙන හිටියේ. එක මිනිහෙක් කරේ. රැවුවා, එහාට වුනා යන්න තැනක් ඇත්තෙම නෑ. මම මහත්තයාට කෝල් එකක් ගත්තා. එයා ඒ පැත්තෙන් අහන ඒවාට මම උත්තර දුන්නේ නෑ. ටිකක් හයියෙන් ඇහෙන්නේ නැද්ද.. කියලා අහලා කිවුවා. "මම බස් එකේ, තනියම නෙමෙයි අනේ කරෙත් එකෙක් ඉන්නවා. ඔව් එක්කගෙන එන්නම්.. හරි හරි දැන් ළඟ ඉන්නෙ හන්දියට එන්නකෝ කියලා" කෝල් එක කට් කරන්න ලැබුනේ නෑ. මිනිහා කොහේ ගියාද දන්නෑ. වට පිට මිනිස්සුත් හිනාවෙන්න ගත්තා.
- පෞද්ගලික ආයතනයක සේවිකාවක්
"මම කරන්නේ ෆුල් ජොලි වැඩ. මම දවසක් ජනේලේ අයිනේ වාඩි වෙලා යනවා. ළඟින් ඇවිත් මිනිහෙක් වාඩි වුණා. ටික ටික මගේ පැත්තට තද වෙනවා. මමත් ටික ටික වීදුරුව පැත්තටම තද වුණා. දැන් යන්න තැනක් නෑ. මම බොහොම අමාරුවෙන් ඒ මනුස්සයාගේ උරහිසට තට්ටු කරලා කිව්වා මට තව යන්න බෑ. දැන් එහාට එහාට යමු කියලා. මිනිහා යසට එහාට වෙලා වාඩි වුණා. තව දවසක් මම වාඩිවෙලා යනවා මිනිහෙක් කරේ. ටිකක් එහාට මෙහාට වෙලා බැලුවා. හරියන්නේ නෑ. මගේ ළඟ තිබුණ බෑග් එහා පැත්තේ ඉඳගන හිටිය මනුස්සයගේ උකුලට දාන ගමන් මම නැගිට්ටා. ඒ මනුස්සයත් හොල්මන් වෙලා බැලුවා. අර මිනිහට මං කිව්වා. "ඉඳගන්නවා මෙතනින්. තමුසේගේ පොට්ටනි කරතියාගෙන යන්න මට ඕන නෑ. තමුසේ වාඩිවෙනවා" කියලා. මිනිහව හොයන්න පොලිස් බල්ලෝ දාන්න වුනා.