බස්‌එකේ Sex

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    "ගෙදර යන්නේ නැද්ද?" රැකියාව නිම වී තවමත් පිටත්වීමට සූදානම් නැති යෙහෙළියකගෙන් සකුනි ඇහුවා.

    "අපෝ මේ වෙලාවට ගියොත් බස්‌ එකේ රණ්‌ඩු තමයි. ටිකක්‌ සෙනග අඩු වුනාම යනවා" මේ සකුනිගේ යෙහෙළිය දුන් පිළිතුර.

    "ඒ මොකද ඒ" සකුනි ඇහුවා.

    "දන්නැද්ද මේ සෙනග වෙලාවට බස්‌ එකේ අල්ලන්නයි, වද්දන්නයි, මිරිකන්නයි, අතගාන්නයි කට්‌ටිය වැඩි නේ ඉතිං හැමදාම රණ්‌ඩු තමයි."

    "ආපෝ.. ඒක නං ඇත්ත. බස්‌ ගමන තිත්ත වෙනවා ඒ වෙලාවට ලැඡ්ජාව නිසා මොකුත් කියන්නත් බෑ. " සකුනි කිව්වා.

    "හරි වැඩක්‌ නේ මම නං බනිනවා. ඒ මදිනං හොඳට අත දිග ඇරලා දෙනවා." සකුනිගේ යෙහෙළිය කිව්වා.

    පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිදුවන කාන්තා අතවර, කාන්තා හිංසනය පිළිබඳ ඕනෑ තරම් අපි කතා කර ඇත්තෙමු. එහෙත් යම් සිදුවීමක්‌ සමඟ එහි උණුසුම ඇති තෙක්‌ ඒ ගැන කතා කළද එතනින් එහාට සිදු වූ දෙයක්‌ නැත.

    පසුගිය දිනෙක විවිධ ක්‌ෂේත්‍රවල සේවයේ නියුතු කිහිප දෙනෙකු සමඟ මේ ගැන කතා කරන්නට අවස්‌ථාවක්‌ ලැබුණා. ඒ කතා බහ ඔබත් සමඟ බෙදා ගන්නට අවශ්‍ය යෑයි අපි හිතුවා.

    ඔබ කාන්තාවක්‌ නම්, පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන්නේ නම්, මේ අත්දැකීම් ඔබට ආගන්තුක නැත. එසේ නොවී, ඔබ පුරුෂ පක්‌ෂයේ කෙනෙකු නම් ඔබගේ මව, බිරිඳ සොයුරිය, දියණිය මේ අත්දැකීම්වලට මුහුණ දුන්නා විය හැකිය.

    මෙවැනි සිදුවීමක්‌ හමුවේ ඔබ ක්‍රියා කළේ කෙසේදැයි මදක්‌ සිහිකර බලන්න. බස්‌ රථයක්‌ තුළදී කාන්තාවකට අතවරයක්‌ සිදු වූ විට එයට විරුද්ධව වචනයක්‌ හෝ පැවසූ කෙනෙක්‌ වේ නම් ඒ කලාතුරකිනි. අඩුම තරමින් එම අතවරයට මුහුණ පෑ කාන්තාව පවා එය මග හැර යාමට උත්සාහ දරන්නේ රණ්‌ඩු වීමට බැරිකම නිසා හා ඇතිවන ලැඡ්ජාව නිසයි.

    ඒ අවසරයෙන් මෙම විකෘති මානසික තත්ත්වයන් ඇති වුන් උපරිම ප්‍රයෝජන ලබති.

    "මම ඔහොම අවස්‌ථා කීපයකටම මූණ දීලා තියෙනවා. ඔය මිනිස්‌සු දන්නවා අපි ලැඡ්ජාවට කතා කරන්නේ නෑ කියලා. ඒ නිසා තමයි නිදහසේ ඉන්නේ. හේත්තුවක්‌ දාන්න ලෑස්‌තිවෙනවා කියලා දැනුන ගමන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. අඩුම තරමින් රවලා හරි බැලුවොත් ඒ පුද්ගලයා අධෛර්ය වෙනවා. මම කරන්නේ ළඟ ඉන්න කෙනෙකුට කාට හරි කියනවා "නිකනුත් යන්න බෑ තව මිනිහෙක්‌ කර ගහගෙන යන්නත් ඕන" කියලා. පිරිමි කෙනෙකුට නං වැඩිය හොඳයි"

    - බැංකු නිලධාරිනියක්‌.

    "ඔයිට වැඩිය ෂෝක්‌ වැඩක්‌ මම දවසක්‌ කළා. මම ඉඳගෙන හිටියේ. එක මිනිහෙක්‌ කරේ. රැවුවා, එහාට වුනා යන්න තැනක්‌ ඇත්තෙම නෑ. මම මහත්තයාට කෝල් එකක්‌ ගත්තා. එයා ඒ පැත්තෙන් අහන ඒවාට මම උත්තර දුන්නේ නෑ. ටිකක්‌ හයියෙන් ඇහෙන්නේ නැද්ද.. කියලා අහලා කිවුවා. "මම බස්‌ එකේ, තනියම නෙමෙයි අනේ කරෙත් එකෙක්‌ ඉන්නවා. ඔව් එක්‌කගෙන එන්නම්.. හරි හරි දැන් ළඟ ඉන්නෙ හන්දියට එන්නකෝ කියලා" කෝල් එක කට්‌ කරන්න ලැබුනේ නෑ. මිනිහා කොහේ ගියාද දන්නෑ. වට පිට මිනිස්‌සුත් හිනාවෙන්න ගත්තා.

    - පෞද්ගලික ආයතනයක සේවිකාවක්‌

    "මම කරන්නේ ෆුල් ජොලි වැඩ. මම දවසක්‌ ජනේලේ අයිනේ වාඩි වෙලා යනවා. ළඟින් ඇවිත් මිනිහෙක්‌ වාඩි වුණා. ටික ටික මගේ පැත්තට තද වෙනවා. මමත් ටික ටික වීදුරුව පැත්තටම තද වුණා. දැන් යන්න තැනක්‌ නෑ. මම බොහොම අමාරුවෙන් ඒ මනුස්‌සයාගේ උරහිසට තට්‌ටු කරලා කිව්වා මට තව යන්න බෑ. දැන් එහාට එහාට යමු කියලා. මිනිහා යසට එහාට වෙලා වාඩි වුණා. තව දවසක්‌ මම වාඩිවෙලා යනවා මිනිහෙක්‌ කරේ. ටිකක්‌ එහාට මෙහාට වෙලා බැලුවා. හරියන්නේ නෑ. මගේ ළඟ තිබුණ බෑග් එහා පැත්තේ ඉඳගන හිටිය මනුස්‌සයගේ උකුලට දාන ගමන් මම නැගිට්‌ටා. ඒ මනුස්‌සයත් හොල්මන් වෙලා බැලුවා. අර මිනිහට මං කිව්වා. "ඉඳගන්නවා මෙතනින්. තමුසේගේ පොට්‌ටනි කරතියාගෙන යන්න මට ඕන නෑ. තමුසේ වාඩිවෙනවා" කියලා. මිනිහව හොයන්න පොලිස්‌ බල්ලෝ දාන්න වුනා.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    - කාන්තා සංවිධාන සාමාජිකාවක්‌

    "මේක මට වෙච්ච දෙයක්‌ නෙමේ. දවසක්‌ මම රාජගිරියෙන් බස්‌ එකට නැග්ගා. හදිසි වැඩකට යන්න. ඉස්‌කෝලෙ ඇරුණු වෙලාව. අවුරුදු 15 විතර ලස්‌සන, සුදු කෙල්ලෝ දෙන්නෙක්‌ මා ගාව හිටගෙන හිටියා. මේ ළමයි දෙන්නා එහාට මෙහාට ඇඹරෙනවා. මම සැරයක්‌ දෙසැරයක්‌ මූණු දිහා බැලුවා. දෙන්නම රතුවෙලා. මහන්සි ඇතිනේ කියලා මම බෑග් එක ඉල්ලුවා දුන්නේ නෑ. මොකක්‌ හරි ප්‍රශ්නයක්‌ බව මට දැනුනා. මම ටිකක්‌ බලන් හිටියා. මම දැක්‌කා එක දරුවෙක්‌ගේ ගවුමක්‌ ටිකක්‌ උඩට ගිහිං වගේ. මට හිටිය තැනත් අමතක වුණා. ළමයි දෙන්නව මම දෙපැත්තට කළා. බලනකොට ඊට පිටි පස්‌සෙන් හිටිය මිනිහා එක ළමයෙක්‌ගේ ගවුම උඩට කරලා හේත්තු කරගෙන අනිත් ළමයගේ ඇඟ අතගානවා. මටත් දුවෙක්‌ ඉන්නවා. මේත් කාගේ හරි ළමයි. මෙහෙම තිරිසන්නු. මට ආපු තරහට බැන ගන්න බෑ. "මොකක්‌ද බල්ලෝ කරන්නේ" කියලා අහන කොටම ඌ සෙනග මැද්දෙන් පැන්නා. "ඔය මිනිහව අල්ලන්න" කිවුවත් කවුරුත් ඒක කළේ නෑ. මගේ දිහා බලලා නිකං හිටියා. "ඇයි පුතේ කිව්වේ නැත්තේ" කියලා මං අර දරුවන්ගෙන් ඇහුවා. ඒ දෙන්නා මොකුත් කිව්වේ නෑ.

    - ගෘහනියක්‌

    මේ කතා බහ සියල්ලටම හේතු වුන සිදුවීම දැන් ඔබට කියන්නම්. කොළඹ, බණ්‌ඩාරගම බස්‌ රථයකට ගොඩ වුයේ අපේ හිතවතියක්‌. ඇය නිදහස්‌ මාධ්‍යවේදිනියක්‌ ලෙස කටයුතු කරන්නියකි. දවස පුරා ගෙන දුන් වෙහෙස නිසාම බස්‌ රථයේදි ඇයගේ දෑස පියවී ඇත. එතැන් සිට සිදු වූ දෙය ඇගෙන් ම අසා ගනිමු.

    " මට එක පාරටම ඇහැරුනා. මගේ අතේ මොනවා හරි ගෑවිලා කියලා මට දැනුනා. ඒ එක්‌කම මට වෙලා තියෙන දේ තේරුණා. මම තරහ පාලනය කරගෙන ඒ මිනිහට කිව්වා "අයියේ කලිසමේ සිප් එක වහගෙන ඉස්‌සරහට යන්න" කියලා. මූ එක පාරටම මගේ කම්මුලට ගැහුවා. වෙච්ච දේ හිතාගන්නවත් මට බැරි වුණා. ඌ ඒ තරම් උස නෑ. සාමාන්‍යයෙන් අපි ලස්‌සනයි කියන විදිහේ කොල්ලෙක්‌. මම නැගිට්‌ට ගමන් දනිස්‌ස නමලා ඇන්නා උගේ වැදගත්ම තැනට. ඒ මිනිහා එහෙම්ම බිමට පාත් වුනා. මිනිස්‌සු කට ඇරන් බලාගෙන හිටියා. කවුරුත් ඇයි කියලවත් ඇහුවේ නෑ. මම ගැහුවා ඒ මිනිහට.එතකොට පිටිපස්‌සේ ඉඳගෙන හිටිය අක්‌කා කෙනෙක්‌ ඇවිත් ඩ්‍රයිවර්ට කිව්වා "බස්‌ එක නවත්වන්න" කියලා. ඒත් නැවැත්තුවේ නෑ. ඒ අක්‌කා බැන්නා "උඹටත් ගහනවා නවත්තපං" කියලා. එතකොට නැවැත්තුවා. අපි දෙන්නා ඒ මිනිහව බස්‌ එකෙන් බිමට ඇදලා අරගන හොඳටම ගැහුවා. ඒත් පිරිමි නෙමෙයි නිකංවත් බැලුවේ. අපි ලැඡ්ජා වෙන්න ඕන අපේ රට ගැන. තමන්ගේ කෙනෙකුට මෙහෙම දෙයක්‌ වුණොත් ඔහොම නිකං ඉඳීද?"

    ඇය නගන ප්‍රශ්නයට දෙන්නට පිළිතුරක්‌ ඔබට තිබේද? බස්‌ රථයක්‌ හෝ දුම්රියක්‌ තුළදී සිදුවෙන අතවරයකට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගයක්‌ තිබේද? අපි මේ ගැන දැන ගන්නට මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියට කතා කළා. අපත් සමඟ කතා බහට බොහොම කැමැත්තෙන් එකතු වුණේ ධාවන කළමනාකරු කේ.ඒ.ආර්. අජිත් රංජිත් මහතා යි.

    "බස්‌ රථයක්‌ තුළදී සිදුවන අතවරයක්‌ හෝ වෙනයම් ඕනෑම දෙයකදීත් නීතිය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය සිවිල් නීතියට අනුවයි. ඒත් අපි හිතමු ගුවන් යානයක්‌ තුළදී එහි ගමන් කරන මගීන්ගේ ආරක්‌ෂාව පැවරෙන්නේ කපිතාන්ට හා සේවක මණ්‌ඩලයට, ත්‍රීවිල් එකකදී එහි රියදුරාට. එහෙම නම් බස්‌ රථයේ විතරක්‌ මේක වෙනස්‌ වෙන්නේ නෑ. බස්‌ රථ රියදුරා හා කොන්දොස්‌තරවරයා බස්‌ මගීන්ට ආරක්‌ෂාව සැලසීමට බැඳී සිටිනවා. බස්‌ රථයේ ගමන් කරන කාන්තාවකට යම් අතවරයක්‌ , හිංසාවක්‌ සිදු වෙනවා නම් එය අනිවාර්යයෙන්ම රියදුරුට හෝ කොන්දොස්‌තරවරයාට පැමිණිලි කළ හැකියි. ඔවුන් දෙදෙනා එයට අවශ්‍ය කටයුතු කළ යුතුම යි. ඔවුන්ගෙන් සාධාරණයක්‌ නොවුණොත් අපට පැමිණිලි කරන්න. අපි ඒ බස්‌ රියදුරට හා කොන්දොස්‌තරට විරුද්ධව කටයුතු කරනවා.

    අපේ ප්‍රධාන කාර්යාලය අංක 59, රොබට්‌ ගුණවර්ධන මාවත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටා තිබෙනවා. පැමිණිලි 0112887872 අංකයට යොමු කරන්න පුලුවන්. ඊට අමතරව ශාඛා කාර්යාල 7 ක්‌ තියෙනවා. ඉහත අංකයට පැමිණිලි කළාම අදාළ ශාඛාවට ගැටලුව යොමු කරනවා.

    බසයට ගොඩ වෙන තැන සිට බසයෙන් බැස යන තෙක්‌ මගියාගේ ආරක්‌ෂාව බසයේ රියදුරුට හා කොන්දොස්‌තරවරයාට බව සෑම කෙනෙකු ම මතක තබා ගත යුතුයි. අසනීපයක්‌, හදිසි අවස්‌ථාවක්‌, කරදරයක්‌ මේ ඕනෑම දෙයකදී ඔවුන් මගියා ගැන බලන්න ඕන.

    එහෙම නොකළොත් බස්‌ රථයේ අංකය, ගමන් කළ වේලාව හා යම් සිදුවීමක්‌ සිදු වූ ආසන්න ස්‌ථානය සමඟ අපට පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුලුවන්.

    මේ පොදු ප්‍රවාහන සේවාවල මගීන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් ඇති නීතිමය පැත්තයි. එසේ නම් මීළඟ වාරයේදී ඔබ, ඔබට සිදුවන අතවරය රියදුරුට හෝ කොන්දොස්‌තරවරයාට දැනුම් දෙන්න. ඔවුන්ගේන් සාධාරණය ඉටු නොවුණ හොත් ගත හැකි ක්‍රියාමාර්ග ද දැන් ඔබ හමුවේ ඇත.

    මෙතැනදි මතක තබාගත යුතු ප්‍රධානම දේ වන්නේ බසයේදි මෙවන් සිදුවීමකට වෙනත් කෙනෙකු මුහුණ දුන් විට ඉවත බලා නොසිට ඊට එරෙහිව කටයුතු කිරීමට සියලු දෙනා එක්‌ විය යුතු බවයි. එසේ නොවුනහොත් මෙවන් මානසික විකෘතිතා ඇති මිනිසුන්ගේ ගොදුරු බවට හෙට පත්වන්නේ ඔබ, ඔබේ දුව, සොයුරිය, නැගණිය, බිරිඳ වන්නට ඇති ඉඩ බොහෝ ය.
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    නියමයි සහෝ අපේ ගනු ළමයිට ගොඩක් වැදගත් වේවි . සහෝ පස්සේ රෙප් දෙන්නම් ...
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ada kaleta wedagath post ekak machan indiyawe wage gehenu issara pirimi piti passen yanna ona kiyala nithiyak demmanam iawarai
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,518
    767
    113
    near my sudu
    good post machan..habai meke thawa deyak thiyanawa.
    samahara welawata api kathakaranna giyama..gahanu parshawaye udawiya nikan shape wela yanawa..eeta passe apita nondiya..
     

    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    kawru mona surangana katha keewath samahara girls lath oya wadeta kamathiy ban.
    but girlsla kamathi tharuna kollo jack gahanawata witharai. naki or madi wiye aya oya wade karanawata kamathi na. math kaalayak thisse bus wala yanne machn man oya wadeta issara akamathi kenek, issara man oya wade kareth na. bt man oya wadeta polabawa gatteth bus eke giya aduranne nethi kellek ma thama. dan man okata abbahi wela. man dan bus eke yanneth ehema 1k balaaporoththuwen. but ahinsaka e wadeta akamathi girls lata nam karanne na. issara wela podi test 1k karala balanawa hodata ona kenek da kiyala. ehema keneknam ithin dannawane :P ;)

    PS : methana oya upasaka talk dana upaasaka balalallu thama meeyo denna denna allanne. nathnam un jeewitheta hodata senaga pirichcha bus 1ka gihin na.

    samaharu man wage atta kiyanna bayai.bt man kiyane de ubala 1 paarak hari senaga pirichcha bus ekaka gihin thiyenawanam ubalage harda sakshiyata anuwa dannawa.
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Machanla sulu pirisak karana weradi hinda..kello hama kollo dihaama wapara ahen balanne..aka ganath kathaa karannama oni....weradimakin hari api eyalage wedunoth.. kello api dihaath weradi widiyata balanawa.:angry::angry:.ape kakulak poddak wedunath mun hithanne wenin deyak.... mata ohoma seen welaa thiyanawa..:P mama num ewage welaawata kelinma talk karanawa..

    anith eka bus eke waadi welaa yana kota...ayaalage age poddak touch unahama samaharu hithanne wal kamata kiyala...:shocked::shocked:.. rawala api dihaa balanawa..tikak wayasaka kattiya thamai mehema karane..badu wenna hadanawa..:angry::angry:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එල එල.
    බේරෙන්න අලුත් ක්‍රම ටිකකුත් කියල දීල තියනවනේ
    බස් වල සෙනග ඉන්න වෙලාවට එකෙන් යුතු ප්‍රයෝජන ගන්න එකනම් අන්තිම කැත වැඩක් තම
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය කියල තියන සේරම හරි.:yes::yes:
    එත් ඔහොම නෙවෙයි කොහොම කිවුවත් අපිනම් ඔඅවට මැදිහත් වෙන්නේ නැහැ පැහැදිලි සාක්ෂියක් නැතුව:oo::oo:
    මම ඕවගෙන් හොඳට මට්ටු වෙලා තියනවා.:angry::angry::angry:
    සමහරක් ගෑනු උදවිය පොඩ්ඩක් ගෑවුනත් බොරුවට දඟලනවා.:shocked::shocked:
    අපිත් බස් වල යන්නේ දවසම මහන්සිවෙලා.:sorry::sorry:
    හැමෝම කලින් ගෙදර යන්න ඕන.:yes:
    පහසුවෙන් යන්නත් ඕන:cool:
    ඔය වගේ මැන්ටල් case එකක් සෙට් උනොත් සදා සොත්ති තමයි.:shocked::shocked:
    අන්තිමේදී අපි අර අහිංසක මිනිහට බොරුවට තඩිබාලා.:baffled::baffled::baffled:
    අක්කා නංගී අම්මා පෙම්වතිය බිරිඳ ගැන නම් ඉතින් කියන්න තියෙන්නේ එයාලගේ ඇස කන් හොඳට පේනවා,ඇහෙනවා
    .

    :lol::lol: