බස්‌ ෆන් ජැක්‌සන්ස්‌

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    බස්‌ ෆන් ජැක්‌සන්ස්‌

    බස්‌ ෆන් ජැක්‌සන්ස්‌

    ඉවසන හැමෝම එහෙම ඉන්නේ ආසවටද ?

    na3-1.jpg

    මැණිකක්‌ අත්ල මත තබා ගත් සුරූපී තරුණියකට දෙවුන්දර තුඩුවේ සිට කිසිම උපද්‍රවයක්‌ නැතිව පේදුරු තුඩුව දක්‌වා ඇවිදගෙන ඒමට හැකි වාතාවරණයක්‌ එකල අප රටේ තිබුණු බව අප කුඩාකල සිටම අසා තිබිණි. ඇත්තටම අද සමාජයේ නම් මෙය සිහිනයකි.

    මැණිකක්‌ නොව දරුවෙක්‌ දෙන්නෙක්‌ එක්‌ක සමඟ හෝ වැඩිහිටි කතකට අමු දවාලේ පවා මහ මඟක ඇවිද යැමට නොහැකි තත්ත්වයක්‌ අද අප සමාජයේ පවතී. තරුණියන්ට, කාන්තාවන්ට, මැදිවියේ මව්වරුන්ට, අත්තම්මලාට පමණක්‌ නොව කටේ කිරි සුවඳ පවා නොගිය මල් කැකුළු වන් දැරිවියන්ටත් ශාරීරික සහ ලිංගික අපරාධ කරන නරුමයන් ගැන අපි නිතර දෙවේලේ අසමු. මෙය මහත් කනගාටුවට කරුණකි.

    කාන්තාවන් නිවසේදීත් කාර්යාලයේදීත් මහමගදීත් හැර මෙලෙස ශාරීරික සහ මානසික ලිංගික හිංසනවලට ලක්‌වන අනෙක්‌ ස්‌ථානය වන්නේ දුම්රිය තුළ සහ බස්‌ රිය තුළයි. කාර්යාල ප්‍රවාහන වෑන් රථවල, පාසල් සේවා වාහනවල සහ ත්‍රිරෝද රථ තුළ ද කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක්‌වුණු අවස්‌ථා අප දන්නා අතර එය එතරම් සුලබව සිදු නොවේ. අප දන්නා පරිදි සිය දහස්‌ ගණනක්‌ කාන්තාවන් ප්‍රකාශ කර සිටින පරිදි අද කාන්තාවන් වැඩිපුරම හිංසනයට පත්වන්නේ පොදු ප්‍රවාහන බස්‌ රථ තුළ සහ දුම්රිය තුළයි.

    ''අවුරුදු විස්‌සක්‌ තිස්‌සේ මං හැමදාම උදේ හවස හැතැප්ම 54 ක්‌ බස්‌ දෙකක යනව එනව. උදේට කිරිවත්තුඩුවෙ ඉඳන් හෝමාගමට, ආයෙත් හෝමාගම ඉඳන් කොටුවට, වැඩ ඇරිල හවසට කොටුවෙ ඉඳන් හෝමාගමට, එතැනින් කිරිවත්තුඩුවට ඔය යන එන හැමදාම මං මොකක්‌ හරි අතවරයකට ලක්‌වෙනව. කලාතුරකින් දවසක තමයි හිතේ සතුටෙන් නිදහසේ ගෙදර එන්නේ. ලංකාවේ උපන් ගෑනු අපි හරිම කරුමයක්‌ ගෙවන්නෙ බස්‌ වල යද්දී.

    ''මගේ දුව නුගේගොඩ ප්‍රසිද්ධ පාසලක උසස්‌ පෙළ කරනව. එයත් හැමදාම හවසට නහයෙන් අඬනව බස්‌ එකේ යන්න එන්න බැහැ ඊට වඩා හොඳයි පයින් එන එක කියල. රජයේ සේවකයො වන අපිට බැහැ අපටම කියල වාහනයක්‌ ගන්න තියා වෑන් සර්විස්‌ එකකවත් දරුවන්ව ඉස්‌කෝලෙ යවන්න. ඒත් බැරිම තැන තමයි ණයක්‌ අරන් ත්‍රීවීල් එකක්‌ ගත්තේ දැන් දරුවො තුන්දෙනයි මහත්තයයි උදේට වීල් එකේ දෙයියනේ කියල වැඩට යනව. ඉඩ මදි නිසා මං යන්නෙ බස්‌ එකේ ඒත් හවසට ආයෙත් පව් ගෙවනව,

    නිතර නිතර මට ටවුමේදී හමුවන අපගේ පවුලේ හිතවත් රජයේ ලිපිකාරිණියක්‌ වන ඇය වඩාත් තැවෙන්නේ අයට වඩා ඇගේ නව යොවුන් වියේ පසුවන රූමත් දියණියට බස්‌ රියේදී විඳින්නට ලැබෙන හිංසන ගැන සිහිවෙද්දීය.

    මේ පනහට කිට්‌ටු අපිටම බස්‌ එකක යන්න බැරි එකේ අපේ තරුණ කෙල්ලො කොහොම ඉවසනවද දන්නෙ නැහැ මේව. මට වෙලාවකට බස්‌ එකේ යන දරුවො මතක්‌ වෙද්දි තනියම ඇඬෙනව. ඒ වගේම ගැහැනුන්ට කරදර කරන වනචර පිරිමි ගැන පුදුම තරහකුත් ඇතිවෙනව. පව් මගේ කෙල්ල වගේම තවත් අහිංසක කෙලි පොඩ්ඩියො කී දෙනෙක්‌ බස්‌ වල යනවද?,

    මගේ ලිපිකාර හිතවතිය සවිස්‌තරාත්මකව පවසන පරිදි හෝමාගම සිට කොළඹ බලා ගමන් කරන පෞද්ගලික බස්‌ රියක අසුනක්‌ නොමැතිව හිටගෙන යැමට සිදුවුවහොත් ගමනාන්තය දක්‌වා ඇති කිලෝමීටර් විසි ගණන ඇතුළත අවම වශයෙන් හත්අට දෙනකුගේ අසික්‌කිත බැල්මට අශෝබන හැසිරීමකට අසම්මත හිංසනයකට ලක්‌වීමට සිදුවෙයි.

    වාඩිවෙලා යන්නත් අමාරුයි. ජනේලය ගාව කෙලවරේ වාඩි වුණොත් පොඩ්ඩක්‌ ෂේප්. ඒත් සමහර විට මෙහා පැත්තෙන් වාඩි වෙන එකා ඇඟට එනවා. නැත්නම් අතේ හරි බඩේ හරි කලවෙ හරි අත වද්දනව. මහන්සිය නිසා අපට තත්පරයකට හරි නින්දක්‌ ගියොත් ඒක තමයි ලොකුම වාසිය එයාලට. සමහරු හිතනව අපිත් කැමතියි කියල. ඊට පස්‌සේ ඇඟටම එනව. මම නං එහෙම වෙලාවට හොඳින් කියනව. "අයියෙ හරි මල්ලි හරි පුතා හරි කියල කරුණාකරල මේක නවත්තන්න. ඔයාගෙ ක්‍රියාව මට හරිම අපහසුවක්‌ කියල, හැබැයි එහෙම කිව්වම වැඩි දෙනෙක්‌ අහල වැරුද්ද පිළිගෙන සමාවත් ගන්නව. සමහරු ලැඡ්ජාවට ඊළඟ හෝල්ට්‌ එකෙන් බැහැල යනවා. බෙහොම ටික දෙනෙක්‌ තමයි තමුන්ට පිස්‌සුද මට නින්ද ගියා කියල බොරුවට සද්දෙ දාන්නේ,"

    ඇය මෙන්ම මා සමග අදහස්‌ බෙදා ගත් තරුණ මැදි වයසේ සහ වැඩිහිටි කාන්තාවන් වැඩි දෙනෙකුම කියා සිටියේ බස්‌ රියක සහ දුම්රියක හිටගෙන යනවාට වඩා වැඩි කරදරයක්‌ ඇත්තේ ආසනයක වීදුරුව පැත්තේ නොව ඇතුල් කෙලවරේ අසුනක වාඩිවීමට ලැබුණොත් බවයි.

    සමහරු ඇගට එනව, තවත් අය හොඳටම හේත්තු වෙනව, සමහරු අත වද්දනව, කකුලෙන් තට්‌ටු දානව, ඒ වගේම සමහරු අපේ ඇඟ පත අත ගාලා පිරිමදින්නත් උත්සාහ කරනව, මේ කොනේ සීට්‌ එකක්‌ හම්බු වුණොත් නං මුළු ගමනම යන්න වෙන්නේ හරිම අපහසුවෙන්,

    ඒ බොහෝ බවලතුන්ගේ අඳෝනාවයි

    කොල්ලුපිටියෙ සැලුන් එකක රූපලාවන්‍ය ශිල්පිනියක්‌ ලෙස සේවය කරන රූමත් තරුණියන් තිදෙනෙක්‌ සිටිති. (අපි ඔවුන් ටීනා, මීනා, සීනා ලෙස දැනට හඳුන්වමු) ඔවුන් තිදෙනා පානදුරේ සිට කොල්ලුපිටියට වැඩට එන්නේ ත්‍රිරෝද රථයකිනි. ඒ මුදල් හදල් යහමින් ඇති නිසාවත් බොරු සෝබනය පෙන්වීමටත් නොවේ. ඒ ගැන අපි ඔවුන්ගේ වදන් වලින්ම අසමු.

    සැලෝන් එකක වැඩ කරන නිසා අපි ලස්‌සනට ඉන්න ඕනිනේ. ඉතිං අපි වැඩට එන්නේ මේකප් දාල එක විදියකට ඇඳගෙනයි. මුලින් මුලින් බස්‌ එකේ ආවා. හපෝයි පානදුරෙන් නැගල පොඩි දුරයි එන්න ඕනැ හය හත් දෙනෙක්‌ අපේ වටේ කැරකෙනව. ඉන්න දෙන්නෙම නැහැ. එහෙන් අනිනව, මෙහෙන් අනිනවා, තද කරනව, එකෙකුට දෙන්නෙකුට රවල බැනල එලව ගත්තම ඊළඟ හෝල්ට්‌ එකෙන් නගින එකත් ඒකම කරනව. හරියට කතා වෙලා වගේ. ඇත්තටම අපේ රටේ එවුන්ගෙ හිතේ බස්‌වල යන්නෙ උන්ගෙ ආසාවට ඇති කරන බලු පැටව්, පූස්‌පැටව් කියලද මන් දන්නෑ. අපේ තැන් තැන් ඒ අය අතගාන්නෙ හරිම ආදරෙන් හුරතලෙන්. මං නං දකින්නෙ මුං ඔක්‌කොම ලෙඩ්ඩු කියලයි, ඒ ටීනාගේ අදහසයි.

    ලොවි ගෙඩියක්‌ වගේ පානදුරෙන් ලස්‌සනට බස්‌ එකට නගින අපි තලල අඹරල පොඩි කරපු උගුරැස්‌ස ගෙඩියක්‌ වගෙයි සැලොන් එක ගාවින් බහින්නේ. ඉස්‌කෝලෙ යන කොලු තාත්තලගෙ ඉඳල හැට පැන්න චමින්දල පවා එන්නේ අපෙන් ෆන් ගන්න. මටත් කියන්න තියෙන්නේ බස්‌ වල යන පිරිමින්ගෙන් සියයට පනහකට වඩා ඉන්නේ මානසික ලෙඩ්ඩු කියලයි. සමහරු ඉන්නේ උපාසක බලල්ලු වගෙයි හැබැයි ඇතුළෙ තියෙන්නෙ කැත හිත ඒ මීනාගෙ අදහසයි.

    මං නං රිදෙන්නම වැලමිටෙං අනිනව, එහෙම නැත්නං හොඳට බර දාලා උල් සෙරෙප්පු අඩියෙන් පාගනව ඒත් අහන්නෙ නැත්නං බස්‌ එකටම ඇහෙන්න කෑගහනව මගේ ඇඟේ නගින්න එන්න එපා කියල. මට නං බස්‌ ගමන තිත්ත වෙලයි තියෙන්න. මට විතරක්‌ නෙමෙයි අපි තුන් දෙනාටම පිරිමින් ගැන කලකිරිලයි තියෙන්නෙ. ඒක නිසාමයි අපි අපේ සල්ලි දාලා පැය දහයක්‌ දොළහක්‌ වැඩ පළේ කඹුරලා සොච්චමක්‌ හොයා ගෙන නිදහසේ ගෙදර එන්නත් බැහැ. වනචර සල්ලාලයන්ගෙන් අතොරක්‌ නැති අතවර. අම්මප මුංට අම්ම, අක්‌කල නැද්ද මං අහන්නේ,

    ඒ රූපය මෙන්ම කටකාර කමෙනුත් අඩුවක්‌ නැති සීනාගේ අදහසයි.

    අප බස්‌ රථ සියයකට අධික ප්‍රමාණයට ගොඩවී ගමන් කොට නිරීක්‍ෂණය කළ පරිදි බස්‌ වල මෙවැනි වැඩ කරන අය අද ඉතා සුලබය. බස්‌ රියකට නැග ආසනයකට බරවී මද වෙලාවක්‌ අවට සිදුවන දේ ගැන අවධානයෙන් බලා සිටියහොත් ඔබට ද බොහෝ අවර දේ දැක බලා ගන්නට අවස්‌ථාව උදා වනු ඇත. සමහරු ජැක්‌සන්ලා (කාන්තාවන්ගේ සිරුරට හේත්තු වී තෙරපන අය අමතන්නේ එසේය) ඇස්‌ අඩවන් කරගෙන ඉතා හැඟීම් බරව අවට සිදුවන්නේ කුමක්‌ද කියා වත් නොසිතමින් ලලනා ඇඟක අති පෞද්ගලික කලාපයකට හේත්තුව දමා සිටිද්දී ඒ කලාපයේ අයිතිකාරිය විඳින අපහසුතාවය ලැඡ්ජාව සහ අසහනය කොතරම් දැයි කියා ඇයගේ මුහුණෙන් හොඳටම පෙන්නුම් කරයි. සමහර පිරිමින් බස්‌ රියේ ගමන් කරන කාන්තාවන්ගේ අත්ගොබල පිට පෙදෙස හෝ කුස පෙදෙසට තම අත යවා එම තැන් ස්‌පර්ශ කරන්නේ හරියට එහි හිමිකරු තමන් මෙන් සිතාගෙනයග. දහසකුත් ප්‍රශ්න සහ අවිවේකී සිතුවිලිවලින් මනස පිරී ඇති බහුතරයක්‌ කාන්තාවන්ට මේවා තේරෙන්නේ නැත. ඔවුන් සිතන්නේ තම ගෙදර ගැනයි. අම්මා එනතුරු බලා සිටින දරු පැටවුන් ගැනයි. එසේත් නැත්නම් ගෙදර ගොස්‌ උයන්නේ මොනවද උයන්නේ කොහොමද කියායි. නමුත් ජැක්‌සන් හිතන්නේ මැය කැමැත්තෙන් ඉඩ දී නිකන් ඉන්නවා කියායි. සමහර ගැහැනුන්ට තමන්ට යමෙක්‌ අතවර කරන්නට හෝ අපහරණයක්‌ කරන බව දැනුනද එහෙට මෙහෙට ඇඹරී මුවෙන් නොදොඩා ඉන්නේ ලැඡ්ජාවට සහ නින්දා විඳීමට ඇති අකමැත්ත නිසා බව ඒ අමනයන් දන්නේ නැත. තවත් සමහරු ස්‌ත්‍රින් සිතන්නේ මෙවැනි නරුම සල්ලාලයන් අතේ දැලි පිහියක්‌ හෝ සියුම් බ්ලේඩ් තලයක්‌ ඇති නිසා යම් කලබලයක්‌ කළොත් ඔවුන් තම පිට හෝ පශ්චාත් භාගය කපා දමනු ඇතියි කියාත්ය.

    බස්‌ රියක්‌ ධාවනය කරන්නේ රියදුරා වුවද එය කන්ඩක්‌ට්‌ හෙවත් පාලනය කරමින් මෙහෙයවන්නේ කොන්දොස්‌තර බව අපි දනිමු. වැටත් නියරත් ගොයම් කානම් කාටද කියමුද ඒ අමාරුව යන සිංහල පිරුළ අපට තීව්‍ර කරන්නේ බහුතරයක්‌ කොන්දොස්‌තර මහත්තුරුද කාන්තා හිංසනයට රුචියන් බව පෙනෙන විටයි. මොවුන් සියල්ලම කාන්තාවන්ට හේත්තු වන, ඔවුන්ගේ රහස්‌ තැන් අත පත ගාන වනචාරීන් නොවුණත් ඇහැට කනට පේන පිට හෝ ගෙල එහෙමත් නැත්නම් කුස සහ මලවි කරලිය හැමෝටම පෙනෙන්න ඇඳ පැළඳගෙන සිටින කාන්තාවක්‌ හෝ තරුනියක්‌ බසයකට නග්ගවාගෙන ඇතුළට ඔබද්දී හෝ බසයෙන් බසිද්දී ඇයට සහය දක්‌වන්නේ ඉතාම ශෘංගාරාත්මක සහ හැඟීම් බර ස්‌පර්ශයකින් සහ අත් සහ අත්පහසකින් බව අප මෙන්ම ඔබත් දැක ඇති බව අපි සිතමු.

    බස්‌ රියේ ගමන් කරන හයක්‌ හතරක්‌ නොදන්නා මල් වැනි කුඩා පාසල් දැරියන්ටද නොමනා දේ කරන පාපිෂ්ඨයන් ගැන අප අසා ඇත. ඔවුන් දුටු තැන එය වලක්‌වා අවශ්‍ය නීතිමය පියවර ගැනීම පුරවැසියන් ලෙස අප සැමගේ යුතුකමයි. නීතියෙන් දඬුවම් ලැබීම හෝ ක්‍රියාත්මක වීම ප්‍රමාද නම් තැනේ හැටියට ඔබින ප්‍රාථමික දඬුවමක්‌ ඔහුට ලබා දිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. නීතිය අතට ගැනීමට හෝ දඬුවම් කිරීමට අපට අයිතියක්‌ නැතත් සාධාරණ හේතු මත නීතිය නැමීමට අපට අපේ පොලිස්‌පතිතුමා ඉඟියක්‌ ප්‍රසිද්ධියේම ලබා දී ඇති නිසා බය විය යුතු නැත.

    අපි හිතන්නෙ තරුණ කොල්ලොයි මානසික ලෙඩ්ඩුයි විතරයි කියල හේත්තු වෙන්න එන්නේ. මොන පිස්‌සුද හැට හැත්තෑව පැන්න අංකල්ලත් හරිම කැමතියි ගැනියකුට හේත්තුව දාගෙන යන ගමන යන්න. අපි පොඩි සද්දයක්‌ දැම්මම වැඩි දෙනෙක්‌ මුල් බැහැල ඉන්න තැන්වලින් අමාරුවෙන් ටිකක්‌ ඈතට යනව. ඒත් සමහරු එහෙමම ඉන්නව. තවත් අය අපට ඇහැක්‌ ගහල පොඩි චාන්ස්‌ එකක්‌ ඉල්ලනව. අපට ටිකක්‌ පාඩුවෙ ඉන්න කියල. ලෙඩ්ඩුනෙ. අපිත් ඉතිං පොඩි චාන්ස්‌ එකක්‌ දෙනව,

    ඒ මුදල් පස්‌සෙම හඹා යන වචනයෙන් හැසිරීමෙන් සහ ඇඳුමෙන් පැළඳුමෙන් පවා කිසි චාරයක්‌ නැති හෙට්‌ටියවත්ත දෙහිවල 176 රූට්‌ එකේ දුවන ගස්‌ බමුනු කුලයේ බස්‌ රියක කොන්දොස්‌තරයකුගේ ඇතුලාන්ත පහත් අදහසයි.

    http://www.divaina.com/2017/03/12/feature04.html
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෑනුත් ඉතින් එපාම කියයි. ගොඩක් ගෑනුත් හොදට පෙනුම තියෙන එකෙක් ජැක් ගැහුවොත් දීගෙන ඉන්නවා, නාකියෙක් ගැහුවොත් තමයි ලෝකේ පෙරලන්න හදන්නේ.

    උබ ඔහොම හිතන්නේ උඹේ තියෙන නොදෙනුවත් කම නිසයි, ගොඩක් උන් හිතන්නේ ගෑනු කියන්නේ කිසිම ලිංගික හැගීමක් නැති නිවන් දැකපු කට්ටියක් කියලයි, නමුත් ඇත්ත තත්වේ තමයි ගෑනුන්ට තමයි මෝල වැඩිම නමුත් දෙන එක හරියට දෙන්න ඕනේ, රශ් එකක් නැතුව ෂෙප් එකේ වැඩේට බහින්න ඕනේ, කොල්ලගේ පෙනුමත් හොදට තියෙන්න ඕනේ. පොඩ්ඩක් ගිහින් බලපන් ඕනේ නම් කොළබ ක්ල්බ එහෙකට, ගෑනු බාගෙට ඇදගෙන බීගෙන දගලන්නේ, උන්ම තමයි පිටරටින් එකෙක් ආවොත් බ්‍රා විසිකරගෙන ඇරවගන්න හදන්නෙත්, තව සමහර උන් බස් වල ටෝල්ක් කරලා කෙල්ලෝ දාගෙන කාමර අදිනවා, තව සමහර ගෑනු හොද එකෙක් ජැකක් ගැහුවොත් දීගෙන ඉන්නවා, තවත් සමහර ගෑනු හිරවෙන්න ඇදගෙන ඉන්නේ කොල්ලෝ මෝල් කරවන්නයි, නාකියෙක් වගේ ගැහුවොත් තමයි ඔරවලා බලන්නේ. ගෙවල් වලට වෙලා ඉන්න උන් ඕවා දන්නේ නෑ, පොඩ්ඩක් සමාජයේ ගැවසිලා බලපන් එතකොට තේරෙයි රටේ වැඩියෙන්ම ඉන්නේ උපාසක බළල්ලු කියලා.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් හිතුවේ ගෑණු අයගෙත් අවුලක් තියෙනවා මේ සමාජ ව්‍යසනයට එහෙම නැත්නම් අසහනකාරී සමාජයක් බිහිවෙන්න...ලිංගිකත්වයේ හා ලිංගික දැනුමේ අඩුපාඩුවකට වඩා සංස්කෘතිකමය වශයෙන් ඒ ගැන විවෘතව කථා නොකිරීමේ හුරුව නිසා ඉතා ප්‍රභල ගති සිරිත් ඇති රටක මෙවන් අසහනකාරී දේවල් වලට යොමුවෙලා තියෙනවා කියලයි මම හිතන්නේ... බොහෝ අයගේ අදහස් අනූව මේක ගැහැණු අයගේත් අනුදැනුම මත (කැමැත්ත )සිදු වීමෙන් මෙම අසහනකාරී කම ගැහැණු පිරිමි බේදයකින් තොරව මුල් බැසගෙන ඇති බව පැහැදිලිය...

    ප්‍රශ්නය තීව්‍ර වී ඇත්තේ මෙම අසහනය කිසිත් නොදන්නා ළමයින්ටත්, ලැජ්ජාව නිසාම හෝ විරුද්ධවීමට ඇති බිය නිසාම නිශ්ෂබ්දව සිටින අය වෙතත් යොමු වීමය...

    ලිංගිකත්වය ගැන එළිපිට කතා නොකලද , අඩ නිරුවත් ප්‍රදර්ශන භාන්ඩ මාර්ගයේ දැකීම තුල පිරිමියාගේ අසහනය තීව්‍ර කරන්නක් නිසා සිදුවන්නක් විය හැකිය. සංස්කෘතිය කඩගෙන ගියේ ඇන්දුමින් පැළැන්දුමෙනි... අධ්‍යපනයෙන් නොවේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මම නම් හිතුවේ ගෑණු අයගෙත් අවුලක් තියෙනවා මේ සමාජ ව්‍යසනයට එහෙම නැත්නම් අසහනකාරී සමාජයක් බිහිවෙන්න...

    ලිංගිකත්වය ගැන එළිපිට කතා නොකලද , අඩ නිරුවත් ප්‍රදර්ශන භාන්ඩ මාර්ගයේ දැකීම තුල පිරිමියාගේ අසහනය තීව්‍ර කරන්නක් නිසා සිදුවන්නක් විය හැකිය. සංස්කෘතිය කඩගෙන ගියේ ඇන්දුමින් පැළැන්දුමෙනි... අධ්‍යපනයෙන් නොවේ...

    කුරාණේ ඕක තියෙනවනේ :yes: ඒකනේ ශින්ගල වේශිලා බඩ, පුකේ හැඩේ පේන්න ශාරී අඳිද්දී අපි අපේ ගෑනුන්ට බුර්කා අන්දන්නෙ :yes:

    අල්ලාහු අක්බර්!
    :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා කරන උන්ට බස් එකේ/කෝච්චියේදීම පාඩමක් උගන්වන්න ඕනි.ආයි ගෑනියෙක් දිහා නොබලන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් හිතුවේ ගෑණු අයගෙත් අවුලක් තියෙනවා මේ සමාජ ව්‍යසනයට එහෙම නැත්නම් අසහනකාරී සමාජයක් බිහිවෙන්න...ලිංගිකත්වයේ හා ලිංගික දැනුමේ අඩුපාඩුවකට වඩා සංස්කෘතිකමය වශයෙන් ඒ ගැන විවෘතව කථා නොකිරීමේ හුරුව නිසා ඉතා ප්‍රභල ගති සිරිත් ඇති රටක මෙවන් අසහනකාරී දේවල් වලට යොමුවෙලා තියෙනවා කියලයි මම හිතන්නේ... බොහෝ අයගේ අදහස් අනූව මේක ගැහැණු අයගේත් අනුදැනුම මත (කැමැත්ත )සිදු වීමෙන් මෙම අසහනකාරී කම ගැහැණු පිරිමි බේදයකින් තොරව මුල් බැසගෙන ඇති බව පැහැදිලිය...

    ප්‍රශ්නය තීව්‍ර වී ඇත්තේ මෙම අසහනය කිසිත් නොදන්නා ළමයින්ටත්, ලැජ්ජාව නිසාම හෝ විරුද්ධවීමට ඇති බිය නිසාම නිශ්ෂබ්දව සිටින අය වෙතත් යොමු වීමය...

    ලිංගිකත්වය ගැන එළිපිට කතා නොකලද , අඩ නිරුවත් ප්‍රදර්ශන භාන්ඩ මාර්ගයේ දැකීම තුල පිරිමියාගේ අසහනය තීව්‍ර කරන්නක් නිසා සිදුවන්නක් විය හැකිය. සංස්කෘතිය කඩගෙන ගියේ ඇන්දුමින් පැළැන්දුමෙනි... අධ්‍යපනයෙන් නොවේ...

    ඒ කිවුවේ බන් ගෑනියෙක් කොටට / අඟපසඟ පේන්න ඇඳන් යනවා කියන්නේ ඒකිත් එක්ක හැමිනෙන්න පුලුවන් කියන එකද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කිවුවේ බන් ගෑනියෙක් කොටට / අඟපසඟ පේන්න ඇඳන් යනවා කියන්නේ ඒකිත් එක්ක හැමිනෙන්න පුලුවන් කියන එකද

    නෑ බන්.. එහෙම කොටට ඇඳන් යන්නේ පිරිමින්ට හැමිනෙන්ට ආරධනවක් කියලා අසහනකාරයෝ හිතනවා... එහෙම හිතලා නග්ගගෙන යන්න බස් එකට:baffled:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    okata hodama example ekak kiyannam
    issara tibba 120 ladies only bus ekak...oka udeta seat gaanata wage tama yanne..ida tibbath gaanu naginne na e bus ekata..attema katawa oya kello,gaanu bada penna,tide denim andan yanne kelllanta pennana nemaine ban..
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    What the shit people?
    1. Girls like to dress well and maintain a good appearance (+ They are expected to because its no secret that superficial people are more successful compared to their less good looking peers). Also, we aren't in 1920s so the fashion trends are really different (But the mindset of the idiot sri lankans have not evolved). If you think looking good is an open invitation to a sexual contact with a total stranger, you must see a therapist and sort out your issues because you have a problem.
    2. People use the shitty public transportation system of arshikland because they don't have/can't afford other options. People just want to get from A to B and get their shit done. Getting groped by a perv is the last thing anybody would want in this already depressing situation (overcrowded+bad music playing loudly+this). It's utterly disgusting.

    Another thing sort of related to this matter. I have seen how men like to extend their legs and occupy 2/3rds of the horribly designed seats of buses. It's called manspreading and it gives all of us a bad name. Be a considerate adult and try to keep your knees together. IF you have a physical condition that may get in the way of that, seek medical help because your testes may have cancer or something.

    BE THE CHANGE YOU WANT TO SEE IN THIS WORLD.
     
    :yes::yes: agreed machan

    this manspreading thing is a another issue.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    මම නම් හිතුවේ ගෑණු අයගෙත් අවුලක් තියෙනවා මේ සමාජ ව්‍යසනයට එහෙම නැත්නම් අසහනකාරී සමාජයක් බිහිවෙන්න...ලිංගිකත්වයේ හා ලිංගික දැනුමේ අඩුපාඩුවකට වඩා සංස්කෘතිකමය වශයෙන් ඒ ගැන විවෘතව කථා නොකිරීමේ හුරුව නිසා ඉතා ප්‍රභල ගති සිරිත් ඇති රටක මෙවන් අසහනකාරී දේවල් වලට යොමුවෙලා තියෙනවා කියලයි මම හිතන්නේ... බොහෝ අයගේ අදහස් අනූව මේක ගැහැණු අයගේත් අනුදැනුම මත (කැමැත්ත )සිදු වීමෙන් මෙම අසහනකාරී කම ගැහැණු පිරිමි බේදයකින් තොරව මුල් බැසගෙන ඇති බව පැහැදිලිය...

    ප්‍රශ්නය තීව්‍ර වී ඇත්තේ මෙම අසහනය කිසිත් නොදන්නා ළමයින්ටත්, ලැජ්ජාව නිසාම හෝ විරුද්ධවීමට ඇති බිය නිසාම නිශ්ෂබ්දව සිටින අය වෙතත් යොමු වීමය...

    ලිංගිකත්වය ගැන එළිපිට කතා නොකලද , අඩ නිරුවත් ප්‍රදර්ශන භාන්ඩ මාර්ගයේ දැකීම තුල පිරිමියාගේ අසහනය තීව්‍ර කරන්නක් නිසා සිදුවන්නක් විය හැකිය. සංස්කෘතිය කඩගෙන ගියේ ඇන්දුමින් පැළැන්දුමෙනි... අධ්‍යපනයෙන් නොවේ...

    :rofl::rofl::rofl:
    සිංහල බෞද්ධ අයිසිස් මතවාදය!

    මුං වගේ තුට්ටු දෙකේ මජරයෝ තමයි මේ බලු වැඩ සාධාරණීකරනය කරන්න දඟලන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහරු පිසිකල් එක්ස්පීරියන්ස්වලින් කියන්න පුලුවන් මගේ මතය වැරදිය් කියලා. :nerd: මම කිව්වේ රටෙ ලෝකෙ මිනිස්සු කියනදේවල් වලින් හැඟුන දේ... :)සින්හලද බෞද්ධද කියලා මිනිස්සු ආශ්‍රය කරන පුරුද්දක් නෑ... :no:

    අන්තවාදීන් එක්ක ගණුදෙනු නොකරමි :dull: