බස් ඇතුළේ

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    බස්‍ රථ තුළ ජංගම දුරකතන භාවිතා කරමින් සිදු කරන අසභ්‍යය වීඩියෝ දර්ශන වීඩියෝගත කරන්නන්, බස් රථ තුළ කාන්තාවන්ට හිරිහැර කරන්නන්, අසභ්‍යය ලෙස හැසිරෙන පෙම්වතුන්ට සහ ගැට කපන්නන් හට මෙමඟින් වැට බැඳෙනු ඇත.

    me hai karana cameras walinut video karala ratatama pennaida dannaa :lol::lol::lol: :shocked:
     

    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    F7112.png


    මේ වගේ දැන්වීම් පුවරුවක් දාලයි ගොඩක් තැන් වල ඒ වැඩේ කරන්නේ :)

    its a law...

    im afraid ..what is bus owners/others miss used the video...any chance to that ?
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1115_sex_tips_couple_on_bus_sm.jpg

    බස් ඇතුළේ මාර්තුවෙන් පසු සෙල්ලම් දැමුවොත් ලෙල්ලම්

    බස් රථවල අභ්‍යන්තර කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මාර්තු මස 31 වනදාට ප‍්‍රථම අවසන් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි. බස් රථ තුළදී කාන්තාවන් විවිධ අපහසුතාවන්ට ලක්වීම සහ වෙනත් ජාවාරම් මැඩලීම සඳහා මෙම පියවර ගෙන ඇත. ජී.පී.එස්. තාක්ෂණය සහිත එම කැමරා මගින් බස් රථවල සිදුවන විවිධ අකටයුතුකම් හඳුනා ගනිමින් ඊට එරෙහිව කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

    බස්‍ රථ තුළ ජංගම දුරකතන භාවිතා කරමින් සිදු කරන අසභ්‍යය වීඩියෝ දර්ශන වීඩියෝගත කරන්නන්, බස් රථ තුළ කාන්තාවන්ට හිරිහැර කරන්නන්, අසභ්‍යය ලෙස හැසිරෙන පෙම්වතුන්ට සහ ගැට කපන්නන් හට මෙමඟින් වැට බැඳෙනු ඇත.

    mqdefault.jpg
    ඇත්තටම කරයිද ? :eek::eek::eek::eek:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    heee mara wade :P

    mee patawana senage hatiyata cam eken kohomada ban jack gahanawa balanne :D :D ee asse video karana ewa kohomada penne mokada uu atha ussalada video karanne :D :D

    moda wada :D :D ee asse love karannath ba lu :( :(
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔයසල්ලි වලින් buස් වලට හොද සීට් ටිකක් හයිකලානම් මොකෝ ... :(:nerd:
    එහෙම කියන්න එපා බන්, අද කෙල්ලෙක්ට තියා අම්ම කෙනෙක්ටවත් බස් එකේ යන්න බැරි තත්වෙක සත්තු බස් වල යන්නේ, මේක හොද වැඩක්. ඉස්සරහට රත්තරන් වාහිනියේ ජැක ගහන විදියොත් දායි...


    මේක නම් වෙන්නේ මිනිස්සුන්ගේ අසහනය වැඩි නිසා... ඒ අසහනය පිරිමහගන්න ක්‍රමවත් තැන් ඇති කළා නම් බස් වල යන ගෑනුන්ට විතරක් නෙමේ මුළු ගෑනු සංහතියටම පාරේ බැහැල නිදහසේ යන්න තිබ්බා..

    පිස්සුද බන් බස් එකේ අසබ්ය ලෙස හැසිරෙන එක හොදයි කියන්න, බස් එකක් කියන්නේ කබරයක් නෙවෙයි නේ ඔන්න පාර්ක් එකක්නම් කමක් නෑ. ලංකාවේ තියා පිටරටවලත් බස් වල sex කරන්න බෑ

    කැමරා දානවත් එක්කම බස් වල ප්‍රමිතියත් වැඩි කරොත් හොඳයි. අද ලංකාවේ දුවන්නේ ටකරන් කෑලි වගේ තියෙන බස් රථ. ලොරි එන්ජිමක් තියෙන සෙල්ලම් බඩුවක් වගේ තියෙන හතරැස් යකඩ කෑල්ලකට රෝද හතරක් හයි කරාම ඒක බස් එකක් වෙනවද ? අද ලංකාවේ අපි බස් එකකට නගින්න ඕනේ පිටගැස්මට එන්නත් විදගෙන. පිටරට ඉඳන් ලංකාවට එන touristලා ලංකාවේ බස් දිහා බලලා හිනා වෙන විදිහ මම ඕන තරම් දැකල තියෙනවා. ලාංකිකයෙක් විදිහට මට ඒක ලැජ්ජාවක්.

    ඕකට වගකියන්න ඕන පර්මිට් දෙන උන්
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    owa wena wada neme ban. idaganna seat ekak hariya nathikota ape ekela bus walata camera set krari :dull:
    ටිකට් මැචින් එක එද්දිත් ඔහොම තමයි එත් දැන් එකත් එනවනේ
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    bus.jpg


    176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක්

    මේ පිලිබදව දැනුවත්වී සිටීම ගොසිප් පාඨකයන්ගේ ආරක්ෂාවට රුකුල් විය හැක. මෙවන් අවස්ථාවක කලයුතු නිවැරදි ක්‍රියායාමාර්ගය කුමක්ද යයි පැවසීමට හැකිනම් තවත් වටී.

    මා හට පෙරේදා සිදු වූ මෙය නැවත සිදු නොවිය යුතුය. මම පෙරේදා (10) සවස 4ට පමණ රාජගිරියෙන් 176 බස් රථයට නැගුනේ මරදානට යන අටියෙනි. මා ජනේලය අසලින් අසුන් ගත් පසු කොළ පැහැති ඇදුමක් හැද සිටි තරුණයකු මා අසලින් වාඩි විය.

    ඔහු මගෙන් වෙලාව විමසමින් කථාව අරඹන ලදී. ඔහු මා විශ්වවිද්‍යාල සිසුවෙකු යයි විමසු විට මා කියා සිටියේ "නැහැ ජොබ් එකක් කරනවා " ලෙසිනි. පසුව ඔහු මගේ රැකියාව, ගම වැනි තොරතුරු විමසා සිටියහ.

    මා ඔහුට අසත්‍ය තොරතුරු සැපවුයේ මා හට ඉවෙන් මෙන් අනතුරක සේයාවක් දැනුන හෙයිනි. ටික මොහොතකින් එම පුද්ගලයා මාගෙන් විමසුවේ ඔහුව දන්නවද, ඔහු බස් රථයට නැග්ග හේතුව දන්නවද කියයි. මම නැහැයි කී විට ඔහු පැවසුවේ "ඔයාට අපේ කොල්ලෝ කතා කරාම ඇහුනේ නැහැ වගේ ආවා. එකයි මන් ඔයාගේ පස්සේ බස් එකට නැග්ගේ. ඔයා ට ඇහුනේ නැද්ද?? නැත්නම් ඇහුනේ නැහැ වගේ අවද?? " ලෙසය.

    එවිට මා සිත් ගියේ මොවුන් පොලිසියේ හෝ හමුදාවේ අයෙක් විය හැකි.යම් හෙයක් නිසා මා පරික්ෂා කිරීමට උත්සුක වන ලෙසය. මාගේ පිළිතුර වූයේ "නැහැ මට ඇහුනේ නැහැ. කොහෙදිද කතා කරේ " ලෙසය.

    යම් යම් පෙදෙස් වල සිටින පුද්ගලයින්ගේ නම් කියමින් හදුනන්නේ දැයි අසු ඔහු පසුව ඔහු මට ඔහුගේ ඉන තිබු පිස්තෝලයක් පෙන්නා "අපි ඉතින් වැඩ කාරයෝ තමයි. නැත්තම් මෙහෙම එන්නේ නැහැ.අපි රාජගිරිය රෝහණ අයියගේ සෙට් එක" ලෙස පැවසිය.

    එවිට මා එයට බිය නොවූ ලෙස ඔහුත් සම සිනහවක් මුව රදවා කතා කලෙමි. ඔහු පැවසුවේ ඕනෑම ගේමකට ඔහු ඇතුළු කණ්ඩායමට අමතන ලෙසය (මා හට දුරකථන අංකය ඉල්ලා ගැනීමට අමතක විය). පසුව ඔහු මාගෙන් මුදල් මංකොල්ල කැමට උත්සහයක් දැරිය.

    මා අත වූ මුදල් පසුම්බියෙහි වූ මුදල් බලෙන් ඔහු ලබා ගැනීමට ඔහු ගත් උත්සාහය මා හට ව්‍යාර්ථ කිරීමට හැකි වුයේ මගේ ස්ථානෝචිතව කටයුතු කිරීම මගින් ඔහුව ශේප් කිරීමට හැකි වූ බැවිනි . නැතිනම් ඔහු මගේ මුදල් මංකොල්ලකනු ඇත. මේ වන විට බස් රථයේ සිටගෙනද විශාල මගින් පිරිසක් සිටියහ. එවන් ස්ථානයක ඔහු මෙලෙස බිය සැක නැතුව හැසිරීම හේතුවෙන් මා හට හැගෙනුයේ ඔහු සමග සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවය. ඔහු බස් රථයෙන් බස ගියේය.

    මා නිහඩව සිටියේ මා හට ඔහුගෙන් අපහසුවක් නොවුණු නිසාත්, අනවශ්‍ය ප්‍රශ්න මගෙන් මා හට සිදුවිය හැකි ජිවිත හා දේපල හානි නොවිමටත්ය. වෙනකෙකු වෙත පිස්තෝලයක් දික්කල විට බොහෝ විට ඔහු සතු සියලු මිල මුදල් සියල්ල මංකොල්ල කරුට දෙනු නිසැකය. යම් හෙයකින් මා බස් රථය තුල කලබලයක් ඇති කල නම් බොහෝ විට මංකොල්ල කරු එතනින් පැනගොස් ඔහුගේ කණ්ඩායම සමග එක්ව පසුවට මා හට අනතුරක් කිරීමට හැකියාවක් තිබිණි.

    මෙම සිදුවීමට පාදක විය හැක්කේ පෙරේදා දිනය (10) බොහෝ ආයතන වල පඩි ලබා දෙන බැවින් ඒවා මංකොල්ල කැමේ අටියෙන් විය යුතුය. අහිංසක මිනිසුන් දුක් මහන්සියෙන් හම්බකරන මිල මුදල් මෙලෙස මංකොල්ල කෑම ඉතා ඛේදනිය තත්ත්වයකි. එසේම තමන්ගේ මුදල් මංකොල්ල කැමකට ලක් වුවද බොහෝ අය ඒ පිළිබද නිහඩව සිටින්නේ තම ජිවිතයට ඇති බිය හේතුවෙනි. එබැවින් මෙවැනි මංකොල්ල කෑම නැවත්වීම ආරක්ෂක අංශවල යුතුකමකි.

    මට හැගී ගිය දෙය නම් මොවුන් සංවිධානාත්මක ලෙස මිනිසුන් බිය වද්දා රාජගිරිය ප්‍රදේශය තුල මෙවැනි මංකොල්ල කෑම සිදුකරන බවත් ඔවුන්ට ඇති බිය නිසා මිනිසුන් නිහඩව පාඩුව විද දරා ගන්නා බවත්ය.

    -රටෙන් එකෙක්-


    :frown::frown::frown::frown: