බස් කේස් යථාර්ථය

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අද බස් කාරයෙක් හම්බ වුණා. බස් කාරයෙක් කියන්නෙ බස් අයිතිකාරයෙක්. එයැයි මගේ හිතවතෙක්. නත්තල් පප්ප වගේ කොක්පිට් එකේ සෙල්ලම් බඩු පුරෝගෙන යන්තං අඩි භාගෙ හිදැසකින් පාර බලාගෙන සුපර් සොනික් වේගයෙන් ආපු වව්නියාව- අනුරාධපුර බස් රියදුරු උන්නැහේ ගැන ලියාපු හෑල්ල එයා කියවලා තිබ්බා.

    "මෙහෙමයි මහත්තයො. අපට රඹෑව-කොළඹ දුවල විතරක් මේ බිස්නස් එක කරන්න බැහැ. හයර් ගියොත් තමා ගොඩ. ඔය විනෝද ගමන් යන්න බස් එක හයර් කරන්න එන මිනිස්සු ඇවිත් බස් එක පරීක්ෂා කරල තමා අහවල් දිනේට වැඩේ දාගෙන ඇඩ්වාන්ස් ගෙවල යන්නෙ."

    "උන් ඇවිත් ඉස්සරෝම බලන්නෙ ඇතුළෙ ලයිට් සෙට් එක. ඒව DJ Music එකට ඇස් නිලංකාර වෙන්න නිවි නිවි පත්තු වෙන්න ඕන. එළියෙනුත් තොටලඟ තොරණ වගේ තියෙන්නත් ඕන. ඊට පස්සෙ බලනවා Sound set එක. ඒකත් මෙගා බ්ලාස්ට් වගේ සද්දෙට ඕනෑ. තඩි බෆර් නැත්නම් එතැනින්ම චැප්ටර් ක්ලෝස්."

    "ඊ ළඟට යට වතුර ටැංකිය. WiFi. තව තොරණ වගේ බස් එක වටේ තඩි ස්ටිකර් ගහල තියෙන්න ඕන. දම් රැජිණි, හුළං කිරිල්ලී වගේ නමක් ගැහුවොත් මාකට් වැඩියි. "

    "පාර ආණ්ඩුවේ උනාට ඒකෙ රඟන්නෙ අපි" වගේ ලොරි ටෝක් එකක් පස්සෙ ගැහුවොත් කට්ටිය උඩින්ම.

    "තව සමහරු හෝන් එකත් ගහල බලනවා. ඒකත් ප්‍රේම දඩයම වගේ වැදුණොත් කස්ටමර්ස්ලට මල් හතයි."

    "ඉතින් මොකටද ඩ්‍රයිවින් සීට් එක වටේ මල්වත්ත පාරෙ වගේ ගැජට් එල්ලන්නේ.? මං ඇහුවා

    "ඒක ඉතින් මෙහෙමයි. ට්‍රිප් එකක් ගියාම ඒ යන අය අපේ ඩ්‍රයිවර්ට මොකක් හරි සුකුරුත්තමක් අරන් දෙන්න ඕන. ඒක මිනිහ එතැනම එල්ලනවා. පැන්ඩො, පූසො, වට්ටි පෙට්ටි මොනා දුන්නත් මිනිහ ඒක බස් එකේ එල්ලනවා. ඉතින් ඩ්‍රයිවර්ට පාර පේන්නැති තරම් බඩු එල්ලලනම් ඌ පොරක්. බස් එකත් ඩිමාන්ඩ්. ගැජට් වැඩියි කියන්නෙ ඩ්‍රයිවර්ගෙ Flying hours වැඩි වගේ තමා."

    "ඉතින් ඔය එන කස්ටමස්ලා බලන්නෙ නැද්ද වාහනේ ටයර් එහෙම ගෙවිලද කියල. ඩ්‍රයිවර් ටිකක් තලත්තෑනි තැන්පත් මිනිහෙක්ද කියල." මං ඇහුවා

    "මොන පිස්සුද උන්ට ඒව වැඩක් නෑ. අපේ ගෝලයත් කරාඹු දාල ඉන්නෙ. බස් එකේ විච්චූරණ වැඩියි කිව්වම ඌ දැන් කියන්නෙත් මහත්තයා පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවෙ කියල."

    ඉතින් මට දැන් අර කලින් දාපු පෝස්ට් එක අයින් කරන්නත් හිතෙනවා. ඒක තමයි මේක 👇

    උපුටා ගැනීම - FB post by Shanaka Madushan Liyanagama
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    "උන් ඇවිත් ඉස්සරෝම බලන්නෙ ඇතුළෙ ලයිට් සෙට් එක. ඒව DJ Music එකට ඇස් නිලංකාර වෙන්න නිවි නිවි පත්තු වෙන්න ඕන. එළියෙනුත් තොටලඟ තොරණ වගේ තියෙන්නත් ඕන. ඊට පස්සෙ බලනවා Sound set එක. ඒකත් මෙගා බ්ලාස්ට් වගේ සද්දෙට ඕනෑ. තඩි බෆර් නැත්නම් එතැනින්ම චැප්ටර් ක්ලෝස්."

    ade me trip yanne lankawe un neweda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මේවා දැක්කම රටෙන් කෑල්ලක් කඩලා හරි අඩු කුලේ පකයලටම තියාගන්න කියලා දුන්නත් පාඩු නෑ කියලා හිතෙනවා. මුන් එක්ක අපිට එකට වසලා ඉන්න බෑ.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අම්මෝ ලංකාවේ මෙච්චර අඩු කුලේ සංස්කෘතියක්‌ තියෙනවා කියලා අදයි දැනගත්තේ
    මේක තමා බන් දූපතේ ඇත්ත තත්වෙ.දූපතෙන් පැන ගන්න එක තමා හොදම විසදුම.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අම්මෝ ලංකාවේ මෙච්චර අඩු කුලේ සංස්කෘතියක්‌ තියෙනවා කියලා අදයි දැනගත්තේ
    ඔහොම තමා නඩ එක්ක ට්‍රිප් යද්දි. ගොඩක් උන්ට ට්‍රිප් එකේ ආතල් එක ගන්නවය වඩා බස් එකේ ආතල් එක ගන්න. පොශ් විදිහට ට්‍රිප් එක්ක් යන්න නම් ටුවරිස්ම් කරන කෝචර් එකක් ගන්න ඕන. 80,000 ට්‍රිප් එකට ලක්ශ දෙකක්වත් ඉල්ලයි එහෙම ගියොත්. ඉතින් සින්හලුන්ට අඩු ගානට අඩු කුලේ විදිහට ට්‍රිප් යම්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ඔහොම තමා නඩ එක්ක ට්‍රිප් යද්දි. ගොඩක් උන්ට ට්‍රිප් එකේ ආතල් එක ගන්නවය වඩා බස් එකේ ආතල් එක ගන්න. පොශ් විදිහට ට්‍රිප් එක්ක් යන්න නම් ටුවරිස්ම් කරන කෝචර් එකක් ගන්න ඕන. 80,000 ට්‍රිප් එකට ලක්ශ දෙකක්වත් ඉල්ලයි එහෙම ගියොත්. ඉතින් සින්හලුන්ට අඩු ගානට අඩු කුලේ විදිහට ට්‍රිප් යම්න.
    උඹලගේ සමිතියෙන් ට්‍රිප් යන්නෙත් ඔවැනි තොරොම්බල් කරත්ත වලද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕව දැන් හෙන නෝමල් වෙලා. ඉස්කෝලවල ටිචර්ලත් ට්‍රිප් යද්දී ඕව තමයි හොයන්නේ.
    ඩිජේ සෙටප් එක ලයිට් සිස්ටම් එක නැතිනම් උන් කියනවා වෙන බස් එකක් බලන්න කියලා.
    ග්‍රෙගරි වැව ලග ඩීජේ දාල නටල ෆේස් බුක් අප්ලෝඩ් කලේ නැත්නම් හරියට ට්‍රිප් එකක් ගියේ නැහැ වගේ.
    හැබැයි ඔය රැල්ල ඇති කලෙත් බස් කාරයෝමයි.
    දැන් උන්ටම එකෙන් ගැලවෙන්න බැරි වෙලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    school trip yaddith owa balanwa athi, dekka neda ara pata pata light walata dilisena bada buriya eliye dagena dance karana teachers lage tiktok ehema
     
    • Like
    Reactions: todd2231048

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    ඔහොම තමා නඩ එක්ක ට්‍රිප් යද්දි. ගොඩක් උන්ට ට්‍රිප් එකේ ආතල් එක ගන්නවය වඩා බස් එකේ ආතල් එක ගන්න. පොශ් විදිහට ට්‍රිප් එක්ක් යන්න නම් ටුවරිස්ම් කරන කෝචර් එකක් ගන්න ඕන. 80,000 ට්‍රිප් එකට ලක්ශ දෙකක්වත් ඉල්ලයි එහෙම ගියොත්. ඉතින් සින්හලුන්ට අඩු ගානට අඩු කුලේ විදිහට ට්‍රිප් යම්න.
    Wade kiyanne oya wage besikayo.. yanne nathi thanak naa.. Iskola nivadu kaleta puduma karumayak thiyenne.. mun awilla oya Wel karaththa nawaththala Sindu dala eliyata wela natanawa..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    මේවා දැක්කම රටෙන් කෑල්ලක් කඩලා හරි අඩු කුලේ පකයලටම තියාගන්න කියලා දුන්නත් පාඩු නෑ කියලා හිතෙනවා. මුන් එක්ක අපිට එකට වසලා ඉන්න බෑ.

    අම්මෝ ලංකාවේ මෙච්චර අඩු කුලේ සංස්කෘතියක්‌ තියෙනවා කියලා අදයි දැනගත්තේ

    මේක තමා බන් දූපතේ ඇත්ත තත්වෙ.දූපතෙන් පැන ගන්න එක තමා හොදම විසදුම.

    ඕව දැන් හෙන නෝමල් වෙලා. ඉස්කෝලවල ටිචර්ලත් ට්‍රිප් යද්දී ඕව තමයි හොයන්නේ.
    ඩිජේ සෙටප් එක ලයිට් සිස්ටම් එක නැතිනම් උන් කියනවා වෙන බස් එකක් බලන්න කියලා.
    ග්‍රෙගරි වැව ලග ඩීජේ දාල නටල ෆේස් බුක් අප්ලෝඩ් කලේ නැත්නම් හරියට ට්‍රිප් එකක් ගියේ නැහැ වගේ.
    හැබැයි ඔය රැල්ල ඇති කලෙත් බස් කාරයෝමයි.
    දැන් උන්ටම එකෙන් ගැලවෙන්න බැරි වෙලා

    school trip yaddith owa balanwa athi, dekka neda ara pata pata light walata dilisena bada buriya eliye dagena dance karana teachers lage tiktok ehema

    ඒ විතරක් නෙමෙයි ඉස්කෝලේ ළමයි ට්‍රිප් යන්නත් ඉල්ලන්නේ ඔයවගේ බස් ,

    ගුරුවරුන්ට කරන්න දෙයක් නෑ දැන්, ළමයි ගුරුවරුන්ට කෙලින්ම ටෝක් කරනවා ඔයජතියේ බස් එකක ට්‍රිප් එක යන්නේ නැත්නම් අපි එන්නේ නෑ කියලා ,

    ඉස්කෝලෙන් ඒකට කැමති නැති උනොත්

    ඊට පස්සේ උන් උන්ගේ මහා එවුන් එක්ක කලාප කාර්යාලයට ගිහින් කියනවා ළමයින්ගේ ට්‍රිප් එක සංවිධානය කරන්නේ නැතිව කඩාකප්පල් කරන්න ගුරුවරු වැඩකරනවා කියලා

    ඊටපස්සේ කලාපෙන් කියනවා (නොනිල ලෙස) නිකන් ප්‍රශ්න ඇතිකරගන්නේ නැතිව ළමයි කැමති එකක යන්න එයාලගේ සල්ලි නේ කියලා

    ඔය අතර ඕවට උල්පන්දම් දෙන මෝඩ ගුරු වේ*ගේ පුතාලා දෙතුන් දෙනෙක් ඉන්නවා

    දැන් හෙන අමුතු ප්‍රශ්න බන් තියෙන්නේ ඉස්කෝලවල
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,464
    3,024
    113
    අනිත් උන්ගේ ආතල් කඩන්න තියෙනවා නම් අපේ උන්ට ඉන් එහා දෙයක් නෑ… වීල් කාරයන්ගේ මිදි වල්ල ගැලෙව්වා කියලා සමහර උන්ට අවුරැදු වගේ… 😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "උන් ඇවිත් ඉස්සරෝම බලන්නෙ ඇතුළෙ ලයිට් සෙට් එක. ඒව DJ Music එකට ඇස් නිලංකාර වෙන්න නිවි නිවි පත්තු වෙන්න ඕන. එළියෙනුත් තොටලඟ තොරණ වගේ තියෙන්නත් ඕන. ඊට පස්සෙ බලනවා Sound set එක. ඒකත් මෙගා බ්ලාස්ට් වගේ සද්දෙට ඕනෑ. තඩි බෆර් නැත්නම් එතැනින්ම චැප්ටර් ක්ලෝස්."
    හැමෝටම නීතිය ක්‍රියාත්මක වෙනවා නම් කිසිම බස් එකක් හොයාගන්න බැරිවෙනවා ඔය කියන ට්‍රිප් යන එවුන්ට. එතකොට හයර් ප්‍රශ්න විසඳෙයි