අපි ජම්පින් සීට් වල දෙන්නෙක් දාන්නෙ හයි වේ පොලිසියෙන් බේරෙන්න විතරයි. ඊට පස්සෙ එයාලව නැගිට්ටවනවා.
හ්ම්ම්ම්ම්... ඇත්ත ඇත්ත..

සෙනග පිරුණේ නැත්තං බස් එක මගින් හරවලා මිනිස්සුන්ව බස්සනවා මේ වගේ..

පාරේ මනුස්සයෙක් තියා අලියෙක් හිටියත් ගාණක් නෑ අපේ ගමන අපිට ඕනෙ විදිහට අපි යනවා...

සෙල්ලමට වගේ යට කරගෙනත් යනවා..

ඉඩ දෙන්න විදිහක් තිබුණේ නැති වෙලාවට අයින් කළේ නැත්තං හප්පගෙන හරි යනවා මේ වගේ..

අනාරක්ෂිතද නැද්ද? ඉස්සරහෙන් එන වාහනේ අයගේ ජීවිත අවධානම බස් ඩ්රයිවර්ට අදාල නෑ..වංගුවකදී ඉස්සරහෙන් වාහනයක් ආවත් එකයි නැතත් එකයි ඉස්සරහෙන් එන වාහනේ දැන ගන්න ඕනේ අනතුර වලක්ව ගන්න..

රේස් යන වෙලාවට බස් වල මිනිස්සු ඉන්නවද නැද්ද කියන එකත් අදාළ නෑ.. මේ වගේ වැඩ කරලා තමන්ගේ ගමන ඔහේ යනවා..

ඉඩ තියෙන බස් එකකට මගීන් ගොඩ උනොත් ඉඩ තිබුණ බස් එකේ ඩ්රයිවර්ට ගහලා හරි මගීන් නග්ග ගන්න එපා කියල තර්ජනය කරනවා..

