බස් රථ පුදුම ඉස්කෝලය

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    බස් රථ පුදුම ඉස්කෝලය



    වැසෙන්නට යද්දී බස් රථයක පවත්වා නිර්මාණශීලී ලෙස දියුණු කළ හරි පුදුම ඉස්කෝලය



    කලකට ඉහත වැසී යාමේ අවදානමට ලක්වූ බව කියැවෙන හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ 'ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය' නිර්මාණශීලී විදුහල්පතිවරයෙකුගේ උපායෙන් මේ වනවිට කීර්තිය දිනාගත් ග්‍රාමීය පාසලක් බවට පත්ව තිබේ. ජනප්‍රිය ප්‍රබන්ධ කතාවක් වූ 'හරි පුදුම ඉස්කෝලේ' සිහියට නගමින්
    මෙම පාසල ගොඩනැගිලි නැතිව වැසෙන්නට යද්දී යළි ගොඩනගා තිබුනේ අත්හරින ලද බස් රථයක පංති පවත්වමිනි.
    අජිත් ප්‍රේමකුමාර විදුහල්පතිවරයෙකු ලෙස


    තම පළමු පත්වීම ලබාගෙන පැමිණෙන 2010 වසරේදී, ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට කිසිදු දරුවෙක් ඇතුළත් වී නොසිටියේය. ඔහු පාසල ගොඩනැගූ ආකාරය මෙසේ කියා තිබේ.

    "මම මේ පාසලට එනකොට ගුරුවරු 9 ක් සහ ළමයි 51 ක් පමණයි සිටියේ, ඒ අවුරුද්දේ පළමු වසරට එක ම ළමයෙක් වත් හිටියේ නැහැ, පහසුකම් ගොඩක් අඩුවෙන් තිබුණේ, මුක්කු ගහපු ගොඩනැගිලි තිබුණේ, ළමයින්ට නියමිත පරිදි පන්ති කාමරවත් තිබුණේ නැහැ, මම මුලින් ම කළේ ගොඩනැගිලි අලුත්වැඩියා කරලා ළමයින්ට ගුරුවරුන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන එක.වෙනත් රටවල දුම්රිය මැදිරි තුළ පන්ති තියෙන බව මම කියවල තිබුණා,"

    'බස් රථයේ පන්ති කාමරය' ආරම්භ වූ ආකාරය ඔහු කියා සිටියේය. නවීන ගොඩනැගිල්ලක් ඉදිකරන තෙක් පාසලේ පන්ති පැවැත්වීමට ධාවනයෙන් ඉවත් කළ බස් රථයක් යොදාගත හැකි බව විදුහල්ති අජිත් ප්‍රේමකුමාරට කල්පනා විය.
    ඉන්පසු එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ කුමාර වෙල්ගම මාර්ගයෙන් හොරණ ඩිපෝවේ අත්හැර දමා තිබූ බස් රථයක් තම පාසලට ලබා ගැනීමට ඔහු කටයුතු කළේය.

    "එහෙම ගෙනාපු බස් රථය අපිට ඕන විදිහට වෙනස් කරලා, පන්ති කාමරයක් බවට පත්කර ගත්තා. පන්තියේ බුද්ධ ධර්මය සහ දෙමළ විෂයන් උගැන්වීම පිණිස ඒ බස් රථය භාවිතා කළා. ළමයි හරි කැමැත්තෙන් බස් පන්ති කාමරයට ආවා,මෙම බස් රථය නවත්වනු ලබන්නේ විශ්ව විද්‍යාල, අධ්‍යාපන විද්‍යා පීඨ, නීති විද්‍යාල, කාර්මික විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන අසල පමණි කියලා බස් රථයේ වීදුරුවේ අලවා තිබුනා. බසයට ගොඩවන කිසි ම කෙනෙකුට අතරමගදී බැස යාමට කිසිදු අවකාශයක් නොමැත.
    උපතේ සිට ජීවිතය ජයගන්නා තුරු සෑම දිනක ම මෙය ධාවනය වේ, යනුවෙන් ද එහි සටහන්ව තිබුණා.ඇත්තට ම ඒ බස් පන්ති කාමරය නිසා මේ පාසලට ගොඩක් අයගේ උදව් ලැබුණා, ඒක නිසා අපිට තවත් ගොඩනැගිලි පහසුකම් හිමි වුණා,"



    වර්තමානයේ ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය නවීන ගොඩනැගිලිවලින් සමන්විත ළමුන් 250 ට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසලක් බවට පත්වී තිබෙන අතර එහි පළමු වසරේ පමණක් ළමුන් 38 දෙනෙකු ඉගෙනුම ලබයි.

    බස් රථ පන්ති කමාරයට අමතරව විදුහල්පති අජිත් ප්‍රේමකුමාර පාසලට හඳුන්වා දුන් රැඟුම් කමත, වැඩ බංකුව, ගුරුගොඩ රූපවාහිනිය, ඔරලෝසුව, සෙල්ලම් මිදුල, ජාතික උරුමයන් වැනි නිර්මාණාත්මක අංග නිසා ද මෙම පාසලට කලාපයේ අනිකුත් පාසල්වලට වඩා වැඩි අවධානයක් යොමුවී තිබේ.

    "පාසලක් කියන්නේ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක්, පන්ති කාමරයෙන් ළමයෙක් එළියට බැස්සොත් පාසල් භූමියේ හැම තැන ම ඉගෙනුම් සිද්ධියක් ඇති කරන්නයි මම බලාපොරොත්තු වුණේ." ඔහු කියා සිටියේය.
    "නෑ - බෑ කියල බැහැ. නගරයේ නැති සමහර පහසුකම් අපේ පාසලේ තියෙනවා, මේ වන විට ලංකාවේ ප්‍රාථමික පන්තිවලට හඳුන්වා දෙමින් තිබෙන අලුත් මාදිලියේ ඩෙස්ක් සහ පුටු අපේ පාසලේ ළමුන්ට ලබා දීලා තියෙනවා. සාම්ප්‍රදායික පන්ති වගේ ම අලුත් ම පන්නයේ පන්තිත් අපේ පාසලේ තිබෙනවා."
    මේ වන ශ්‍රී ලංකාවේ පාසල් 1194 ක නියෝජිතයන් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය නැරඹීම සඳහා පැමිණ තිබෙන බව එම පාසලේ වාර්තාවල සඳහන් වී තිබේ.

    මෙලෙස වසර 8 කට ආසන්න කාලයක් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය දියුණු කිරීම සඳහා කැපවුණු විදුහල්පති අජිත් ප්‍රේමකුමාර දැන් එම පාසලෙන් ස්ථාන මාරුවක් ලබා ප්‍රදේශයේ වෙනත් පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරයි. ඔහු එය දියුනු කිරීමටද දැන් වැඩ අරඹා ඇත.

    තොරතුරු - බීබීසී සිංහල සේවය
    Q1.jpg

    Q2.jpg

    Q3.jpg

    Q4.jpg

    Q5.jpg

    Q6.jpg

    Q7.jpg



     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    bump


    You must spread some Reputation around before giving it to Target Hoona again.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    bump

    මෙහෙම රටක අද්යාපන ඇමතිලා උගේ පොන්න මුණ පොත්වලට දාගන්න කොටි ගණන් නාස්ති කරනවා :angry::dull::no: