me project eka hariyata implement karoth oya bus case walata loku wisandumak
~සහසර~ මගතොට තදබදයට රජයෙන් වියදම් නැති ක්ෂණික විසඳුමක්
Written by zgvbhsPublished: 14 Jul 2016
ප්‍රවාහනය අද රටේ තිඛෙන ප්‍රධාන දැවෙන ප්රශ්නයකි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පොදු ප්‍රවාහන සේවාව හොඳ මට්ටමක නොතිබීමයි. එම නිසා පොදු මගී සේවය 2008-65% සිට 2016-40% දක්වා පහල බැස ඇත. මගීන් ගෙන් 25%ක් පොදු මගී සේවාවෙන් බැහැරව කාර්, තී‍්‍රවීල් හා මෝටර් සයිකල් වෙත යොමු වී ඇත. මේ නිසා මාර්ග තදබදය වැඩිවී ඇති අතර මහා මාර්ග පළල් කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන්නට ද රජයට සිදුවී ඇත. මේ පිළිබඳව අවධානය යොමු කළ ගරු ජනාධිපතිතුමා සිට මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් මැතිවරණ ප්රකාශනයේ මෙසේ සඳහන් කර තිබුණි. zමහාමාර්ග වල පොදු ප්‍රවාහන සේවා පද්ධති ශක්තිමත් කිරීමට සහ දුුම්රිය සේවා වැඩි දියුණු කිරීමට කටයුතු කෙරේ. පොදු ප්‍රවාහන සේවය දියුණු රටවල මෙන් ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ඉහළ නැංවීමෙන් අනතුරුව මහාමාර්ග වල පුද්ගලික වාහන භාවිතය අධෛර්ය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් හඳුන්වාදෙනු ලැබේ.- පිටුව 57 සහසර ව්‍යාපෘති රජය විසින් ක්‍රියාවට නංවනු ලබන්නේ මහා මාර්ග වල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම උදෙසාය. පොදු ප්‍රවාහන සේවාව දුර්වල වී ඇත්තේ මහපාරේ ප්‍රමාණවත් තරම් බස් රථ නැති නිසා නොවේ. ඇත්ත වශයෙන්ම මගීන්ට හොඳ සේවාවක් ලබාදීමට අවශ්‍ය බස්රථ ප්‍රමාණයට වඩා වැඩි බස් රථ ප්‍රමාණයක් දැනට ලංකාවේ ඇත. එසේනම් ප්රශ්නය කුමක්ද? බස් රථ අතර තිඛෙන තරඟයයි. මෙම තරඟයට හේතු බස් රථ සේවකයන් නොවේ. ඊට හේතුව පොදු ප්‍රවාහන සේවය සඳහා වැරදි ක්‍රමවේදයක් භාවිතා කර තිබීමයි. ප්‍රධාන වැරැද්ද නම් බස් රථ වලට ආදායම ලැඛෙන්නේ තම බස් රථයට මගීන් ගොඩ වුවොත් පමණක් වීමයි. පසුගිය දශක හතර පුරා මෙම වැරැද්ද සිදු විය. එම නිසා හැම බස් රථයක්ම පාරේ සිටින මඟියා කෙසේ හෝ තම බස්රථයට ගොඩ කරගැනීමට වෑයම් කරයි. එම තරඟය නිසා මගින් හට බරපතල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවී ඇත. රජය මේ ප්‍රශ්නයට ලබා දී ඇති විසඳුම ඉතා සරලය. එක දිනක දී එක් ධාවන මාර්ගයක ගමන් කළ සියළු බස් රථ ලැබූ මුළු ආදායම සාධාරණ සමානව එම බස් රථ අතරම ඛෙදී යන ක්‍රමයක් මෙම ~සහසර~ ව්‍යාපෘතිය යටතේ සකසා ඇත. එම නිසා වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා බස් රථ වලට එකිනෙක හා තරඟ කර තම බසයටම මගීන් නංවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. එම වැරැද්ද නිවැරදි කිරීම සඳහා මෙම රජය පියවර ගෙන ඇත. මගියා බස් ගාස්තුව කොන්දොස්තර මහතාට ගෙවා ටිකට් පතක් ලබාගත හොත් එම මුදල යන්නේ එම බස් රථය වෙතයි. නව ක්‍රමය අනුව ~සහසර~ නමින් පෙර ගෙවුම් කාඩ් පතක් මගියා විසින් මිළ දී ගැනේ. සෑම බසයකටම ඉලෙක්ට්‍රොනික් කාඩ් භාවිතා කරන ටිකට් යන්ත්‍රයක්, ජීපීඑස් යන්ත්‍රයක් සහ සීසීටීවී කැමරා යන්ත්‍රයක් ලබාදෙයි. මගියා ගමන යනවිට සහසර පෙරගෙවුම් පතේ වූ වලංගු මුදල අඩු වී එම දිනයේ එම ධාවන මාර්ගයේ පොදු ගිනුමට මුදල් බැරවේ. දවස අන්තිමට එම දිනයේ ලැබුණු මුළු ආදායම බස් රථ ගමන් කළ වාර ගණන අනුව බස් රථ අතර ඛෙදාදෙනු ලැබේ. මගියාට පසුව තම කාඩ් පත රීලෝඩ් කරගත හැකිය. මගියා අතේ සහසර කාඩ් පතක් නොවූව ද කිසිදු අපහසුවකින් තොරව ගමන යා හැකිය. මගියාට මුදල් ගෙවා බසයේ කොන්දොස්තරවරයා අතේ ඇති සහසර කාඩිපතින් ගාස්තු ගෙවිය හැකිය. කොන්දොස්තරවරයාට දිනය අවසානයේ දී තමන්ට මගීන්ගෙන් ලැබුණ මුදලින් සිය සහසර කාඩ්පත රීලෝඩ් කරගත හැකිය. බස් රථයේ වගකීම වන්නේ මාර්ගයේ වෙනත් ක්‍රම වලින් ගමන් බිමන් යාමට සිටින මගීන් පොදු බස් රථ කරා යොමුකරගැනීමයි. ඒ සඳහා මගියාට හොඳ සේවාවක් ලබා දීම අනිවාර්යයක්. නිසි වේලාවට බස් රථ ධාවනය විය යුතුය. බසයේ ඇති ධාරිතාවට සුදුසු මගීන් ප්‍රමාණයක් ගමන් කළ යුතුය. මගීන් ගේ සුව පහසුව පිළිබඳ සැලකිලිමත් වියයුතුය. බස් කොන්දොස්තර හා රියදුරු විනීත විය යුතුය. අවදානම් සහගත ලෙස මාර්ගයේ ධාවනයේ නොයෙදිය යුතුය. එවිට පමණි පුද්ගලික වාහන වල යන මගීන් පොදු ප්‍රවාහනය සඳහා යොමු වනුයේ. මෙය සැබැවින්ම පොදු මගී ප්‍රවාහන සේවය තුළ සිදු වන විප්ලවයකි. මේ වනවිට වාර්ෂිකව මෝටර් රථ ලක්ෂ 1 ක්, ත්‍රී වීල් 130,000, වෑන් රථ 40,000 ක්, හා මෝටර් සයිකල් 370,000 ක් බැගින් මහාමාර්ගයට එක් වෙමින් තිබේ. ඒ හේතුකොටගෙන මහාමාර්ග වල වාහන තදබදය උග්‍ර විය. දිගින් දිගටම පාරවල් පළල් කරන නමුත් තදබදයේ අඩුවක් නොවන්නේ වැඩිවැඩියෙන් මාර්ගයට වාහන එකතු වන බැවිණි. පාරවල් පළල් කිරීමට හා වාහන ගෙන්වීමට විශාල වියදමක් දැරීමට සිදු වුවද විශාල වශයෙන් විදේශ විනිමය වැයවුවද ප්රශ්නය තව තවත් උග්‍රවනවා මිස කිසිදු සහනයක් ලැබී නැත. එමෙන්ම රටේ සිදුවන මාර්ග අනතුර ප්‍රමාණය ද ඉන් විපතට පත් වන ජන සංඛ්‍යාව ද සිඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. මෙම සහසර වැඩසටහන නිසා පුද්ගලික වාහන පාරට පැමිණිම බොහෝ දුරට අඩුවනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ විප්ලවය ~සහසර~ වැඩසටහනයි. එහි නියමු ව්‍යාපෘතිය මධ්‍යම පලාතේ නුවර දිස්ත්‍රික්කයේ නුවර- කඩුගන්නාව සහ නුවර- දිගන බස්රථ ධාවන මාර්ග වල 2016 ජුලි මස 18 දින ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. මෙම සහසර නියමු ව්‍යාපෘතිය ජනාධිපති කාර්යාලයත් ප්‍රවාහන අමාත්‍යාංශයත් මධ්‍යම පලාත් මගී ප්‍රවාහන අධිකාරියත් ඒකාබද්ධව සිදු කෙරේ. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත සහසර වැඩසටහන මුළු දිවයින පුරා ඇති සියළු බස් මාර්ග වලට ව්‍යාප්ත කරනු ඇත.
http://www.sema.gov.lk/si/සහසර-සහසර-මගතොට-තදබදයට-ර