බස්_මාෆියා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පොදු ප්‍රවාහනයට අලුත් ක්‍රමවේදයක් බස් මාෆියාවත් ඉවරයි

bus.jpg

මාර්ග බලපත්‍ර ලබා දීමේදී පැනනැඟෙන ගැටලු සහ බස් රථ ධාවනයේදී බස් හිමියන්, බස් සේවකයන් හා මඟීන් මුහුණ පාන ගැටලුවලට විසඳුම් දීමටත්, බස් රථවලින් කප්පම් ලබාගැනීම් ඇතුළු බස් රථ සම්බන්ධ සියලු දූෂණ ක්‍රියා වැළැක්වීමටත් බස් ගමනාගමනයේ පූර්ණ ප්‍රතිසංවිධානාත්මක ක්‍රියාදාමයක් සකස් කිරීමට කටයුතු යොදා ඇතැයි මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ මහතා සිළුමිණට හෙළි කළේය.

බස් රථ ධාවනයේදී බස් රථයේ ධාවන කිලෝමීටර් ගණන අනුව ගෙවීමේ ක්‍රමවේදයක් ලබා දීම මඟින් බස් රථ අතර ධාවන තරගයද මේ මඟින් අහෝසි කිරීමට කටයුතු යෙදෙනු ඇතැයිද ඒ මහතා කීය. එමෙන්ම මෙමඟින් රාත්‍රී බස් රථ සේවාවද නිසි පරිදි ක්‍රියාත්මක වන අතර, පසුගිය කාලයේදී මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද 'සහසර' ව්‍යාපෘතියෙන් ලබාගත් ප්‍රතිඵල මත 'සෙමා' ආයතනය හරහා එම යෝජනා ජනාධිපතිතුමා වෙත ලබා දී ඇතැයිද ඒ මහතා කීය.

මෙහිදී බස් රථ විධිමත් කාලසටහනක් අනුව ධාවනය කිරීමත් මාර්ග බලපත්‍ර ලබා දීමේදී ඇති වන ගැටලු සහමුලින්ම නිරාකරණයට මුල් තැනක් දීමත් සිදු වනු ඇත. මාර්ග බලපත්‍ර ක්‍රමයේදී විශාල වංචා දූෂණ සිදුවීමද මේ නව ක්‍රමය සැකසීමේදී සැලකිල්ල‍ට ගැනේ. බස් රථ හිමියන්ද මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රශංසාවක් පළ කර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.‍ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මාර්ග බලපත්‍ර දූෂණ ක්‍රියා නිසා වසරකට රජයට රුපියල් කෝටි 300කට අධික මුදලක් අහිමි වී යන බවයි. එසේම බස් රථවලින් කප්පම් ගැනීමට විවිධ මැර කණ්ඩායම් කටයුතු කිරීම නිසා බස් හිමියන්ට ආදායම අහිමි වීමක් සිදු වන බවත් නව ප්‍රතිසංස්කරණ මඟින් ඒ සියල්ලට වැට බැඳෙනු ඇතැයිද ඒ මහතා කීය.
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලපන් අර කාඩ් එක හදුන්වල දීල කි දවසද ක්‍රියාත්මක උනේ.. බස් කාරයොන්ට රුපියල දෙක ගහගන්න බැරි කමට උන් කාඩ් එක යට ගැහුවා.. මේ රට කවද දියණු වෙයිද :angry:
     
    • Like
    Reactions: BlueBat

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Semi-Luxury kiyala boruwata gaana gannawa witharai. ekanam amuma amu boru wadak ban. gaana witharai wadi unge.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,308
    20,689
    113
    Panadura
    බලපන් අර කාඩ් එක හදුන්වල දීල කි දවසද ක්‍රියාත්මක උනේ.. බස් කාරයොන්ට රුපියල දෙක ගහගන්න බැරි කමට උන් කාඩ් එක යට ගැහුවා.. මේ රට කවද දියණු වෙයිද :angry:

    :yes: :yes: :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බලපන් අර කාඩ් එක හදුන්වල දීල කි දවසද ක්‍රියාත්මක උනේ.. බස් කාරයොන්ට රුපියල දෙක ගහගන්න බැරි කමට උන් කාඩ් එක යට ගැහුවා.. මේ රට කවද දියණු වෙයිද :angry:

    :dull: sirawata
     
    • Like
    Reactions: Silly point

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බලපන් අර කාඩ් එක හදුන්වල දීල කි දවසද ක්‍රියාත්මක උනේ.. බස් කාරයොන්ට රුපියල දෙක ගහගන්න බැරි කමට උන් කාඩ් එක යට ගැහුවා.. මේ රට කවද දියණු වෙයිද :angry:
    :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාවේ තියෙන්නේ මාෆියාමනේ.බස් මාෆියා, විදුලි මාෆියා, තෙල් මාෆියා, දොස්තර මාෆියා. ගුරු මාෆියා විතරද මන්දා නෑත්තේ.

    මේක කලොත් නම් මරු.
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    ලන්කාවේ තියෙන්නේ මාෆියාමනේ.බස් මාෆියා, විදුලි මාෆියා, තෙල් මාෆියා, දොස්තර මාෆියා. ගුරු මාෆියා විතරද මන්දා නෑත්තේ.

    :baffled::rofl::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    බලපන් අර කාඩ් එක හදුන්වල දීල කි දවසද ක්‍රියාත්මක උනේ.. බස් කාරයොන්ට රුපියල දෙක ගහගන්න බැරි කමට උන් කාඩ් එක යට ගැහුවා.. මේ රට කවද දියණු වෙයිද :angry:
    තාම 122 නම් කාර්ඩ් එකෙන් ටිකට් කඩනවා, සමහර කොන්දො තම මැෂින් එක කැඩිලා කියල සල්ලි ඉල්ලන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තාම 122 නම් කාර්ඩ් එකෙන් ටිකට් කඩනවා, සමහර කොන්දො තම මැෂින් එක කැඩිලා කියල සල්ලි ඉල්ලන්නේ.

    ඒ බොරුව බන් මුන්ට දවසේ ආදායමෙන් මැෂින් එකක් ගන්න පුළුවන්.. රුපියල 2ක ගහගන්න බැනේ මැෂින් තිබුනම.. බලධාරියෝ නිදා ගත්ත වගේ මේවා හොයන්නේ නෑ.. බස් වල යන උන් හැමදාම වලේ :angry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ලන්කාවේ තියෙන්නේ මාෆියාමනේ.බස් මාෆියා, විදුලි මාෆියා, තෙල් මාෆියා, දොස්තර මාෆියා. ගුරු මාෆියා විතරද මන්දා නෑත්තේ.

    මේක කලොත් නම් මරු.
    :yes:

    karan nathi ekane awla thiyenne...:(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,022
    3,846
    113
    මොකද්ද ඕකෙ අලුතෙන් තියෙන්නේ? මෙච්චර කල් තිබ්බ නීති ටිකම නේ. ක්‍රියාත්මක නොවෙන එක විතරයි වෙන්නේ.
    පේන විදිහට වෙලාවට දුවන සී ටී බී බස් ටිකත් වලට දාන්න වගෙයි අලුතෙන් හදන්නේ. පහුගිය රජය යටතේ අලුතෙන් බස් ගෙනත් රාජ්‍ය ප්‍රවාහන සේවය දියුණු කරා. දැන් ඒ බස් ටික ඉවර වේගෙන යද්දී ප්‍රයිවෙට් උන්ට ආයෙත් ප්‍රවාහනය ලියල දෙන්න වගෙයි.