මේ සුපිරිම honda xr baja බයික් එක අපි හැමෝම දැකල තියන සුපිරි ට්‍රේල් බයික් එකක්.. ඉස්සර හරි ආසයි මේක පදින්න. ගන්න හෙන ගේමක් දුන්න ඉස්සර ගෙදරින් පට්ට ලෙඩේ නිසා අරන් දුන්නේ නැ.
ප්‍රස්නේ තමයි මේ බයික් එකේ නම හරියට උච්චාරණය කරන්නේ "හොන්ඩ බහා" ද නැත්නම් "හොන්ඩා බාජා" ද?
මමත් ඉස්සර වැරදියට තමයි කියල තියෙන්නේ..පස්සේ හරියට නම කියන විදිය දැන ගත්තේ ඉන්ටර්නෙට් එකට පින් සිද්ද වෙන්න. වැරදියට නම කියපු එක අපේ වරදකුත් නෙවෙයි ඉතින්.
![]()
ඕනෙම වැරද්දක් අවුරුදු බොහෝ ගානක් නිවරදි වෙන්නේ නැතුව ඉස්සරහට යනකොට ඒක ඉතින් එහෙම්මම වෙනවා. හරියට caff racer කියන එක cafe racer උනා වගේ. මේවා ඔක්කොම ඉතින් ඇහෙන විදිහට උච්චාරණය කරන ඒවානේ. ෆොක්ස්වැගන් volkswagen වගේ. අද ලංකාවේ ගොඩක් ගම් වල නමුත් භාවිත වෙන විදිහ අනුව වෙනස්වෙලානේ. බොරැල්ල කනත්තත් එහෙමලුනේ. අහල තියෙන විදිහට බොරැල්ල සුසානභුමියේ නම තමයි බොරැල්ල කනත්ත. එක බිදිලා ආවයි කියන්නේ කනත්තවත්තගේ කියන එකෙන්. ඒ ඉඩම මුලින් අයිතිකරුගේ නමලු (වැරදි නම් නිවැරදි කරන්න). ඊට පස්සේ ලංකාවේ ඔක්කොම සුසනභුමි කනත්ත උනාලු. බාජා බහා ආයේ මොක උනත් සුපිරි බයික් එක. බයික් නම් බයික් ඕo. කොල්ලා කාලේ xr එක තමයි. හැබැයි දැන් මම ඕකට වඩා xl250s එකට මනාපයි.

