බ්ලැක්බර්ඩ් යානය කෞතුකාගාරයට ...

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බ්ලැක්බර්ඩ් යානය කෞතුකාගාරයට ...

    hq6APEg.jpg

    මාච් 3.2ක වාර්තාගත වේගයකින් පියාසර කල හැකි air-breathing එන්ජිමක් සහිතව මිනිසුන් රැගෙන පියාසර කල වේගවත්ම යානය ලෙස වාර්තාවක්ද පිහිටවූ ලොක් හීඩ් මාර්ටීන් සමාගමේ එස් ආර්-71 බ්ලැක්බර්ඩ් යානය සීතල යුද්ධය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී විශ්‍රාම ගන්වන ලදි.එම තීරණය ගන්නා ලද්දේ ඊට අභියෝග කල හැකි වෙනත් යානයක් සෝවියට් දේශය සතුව නොපැවති සමයේදී වීම විශේෂත්වයකි.කෙසේ වෙතත් කොංග්‍රසයේ බලකිරීම මත එස් ආර්-71 යානා 3ක් යළි සේවයේ පිහිටුවන ලද්දේ 1995-1998 සමයේය.ඒ අතරතුර නාසා ආයතනය සිය පර්යේෂණ මෙහෙයුම් සඳහා එක් යානයක් 1999 වසර තෙක් භාවිතා කර තිබේ.අවසානයේදී අනුප්‍රාප්ත්‍රිකයෙක් නොමැතිව බ්ලැක්බර්ඩ් යානය විශ්‍රාම ගන්වන ලදි.




    ඊට හේතුව කුමක්ද?

    එස් ආර් -71 බ්ලැක් බර්ඩ් යානය හැකියාව අතින් අද්විතීයයි.නමුත් එය කෙටි කාලයකදී විශ්‍රාම යැවීමට බලපෑ ප්‍රමුඛතම හේතුව ලෙස ඇමෙරිකාව ඉදිරිපත් කරන්නේ යානයේ අධික මෙහෙයුම් වියදමයි.තවදුරටත් ඇමෙරිකානු ගුවන් හමුදාව කියා සිටින්නේ නව පරම්පරාවේ සෝවියට්-රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධති සහ අතුරුවාරක ජෙට් ප්‍රහාරක යානාද බ්ලැක්බර්ඩ් යානයේ පැවැත්මට අභියෝගයක් වූ බවයි.එස් ආර්-71 යානයට කැපීපෙනෙන තර්ජනයක් එල්ල කලේ එස් ඒ-10 ග්‍රැම්බල්(සහ අනෙකුත් දියුණු එස්-300 ව්‍යුත්පන්නයි )සහ මිග්-31 ෆොක්ස් හවුන්ඩ්ස් යානය ආදියයි.

    lMKThUY.jpg
    රුසියානු S-300 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතියක්​

    Yu6vZ9G.jpg
    රුසියානු MiG -31 යානයක්​


    1990 දශකයේදී බ්ලැක්බර්ඩ් යානා වැඩසටහන යළි ඇරඹීමට කොංග්‍රසය ගත් උත්සාහයන්ට ගුවන් හමුදාව විරුද්ධත්වය ප්‍රකාශ කලේද මෙම හේතු නිසාය.

    1989 වසරේදී ඒ සම්බන්ධව ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත පළ කර තිබූ වාර්තාවක මෙසේ සඳහන් කර තිබිණි.

    "බ්ලැක්බර්ඩ් යානය 1990දී විශ්‍රාම යැවීමට ගුවන් හමුදාව තීරණය කර තිබුණේ කරුණු කිහිපයක් මත පදනම්වය.ජෙනරල් ලැරි ඩී.වෙල්ච් අනුව ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවල හැකියාව ඉහල යෑම,කල්පැවැත්ම ඉහළ යෑම සහ එස් ආර්-71 යානා සෝවියට් සෑම්-5 මිසයිල හමුවේ තර්ජනයට ලක්වීම මෙන්ම බ්ලැක්බර්ඩ් ඇණියක් නඩත්තු කිරීමේ වියදම ආදිය ඊට හේතුවිය.සුවිශේෂී කරුණ වන්නේ වියදමයි.ඒ හරහා ගුවන් හමුදාවට අනෙකුත් ක්ෂේත්‍ර මත යොදවන බරපැන සීමා කිරීමට සිදුව තිබේ.රොනල්ඩ් රේගන් පාලන තන්ත්‍රයේ ගුවන් හමුදා ලේකම් එඩ්වඩ් සී.ඇල්ඩ්‍රිඩ්ජ් අනුව එක් බ්ලැක්බර්ඩ් ඇණියක් සේවයේ යොදවීමට සහ නඩත්තු කිරීමට වැය කරන මුදලින් උපායමාර්ගික ප්‍රහාරක යානා ඒකක 2ක් පවත්වාගෙන යා හැකිය."

    K7JfIbL.jpg
    බ්ලැක්බර්ඩ් යානයක්​

    සමහර වාර්තාවලට අනුව එස් ආර්-71 යානයක පැයක මෙහෙයුම් වියදම ඇ.ඩො.200,000ක් ලෙස සඳහන් විය.බ්ලැක්බර්ඩ් යානා 32ක් පමණක් නිපදවා තිබූ අතර එහි නිර්මාණ සැලැස්මද අද්විතීය එකකි.එය නඩත්තු කිරීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.ඒ සඳහා විශේෂඥ පුහුණුවක් සහිත කණ්ඩායම් යොදාගැනිනි.බ්ලැක්බර්ඩ් යානය භාවිතා කලේ විශේෂිත ඉන්ධන වර්ගයකි.1989 වර්ෂයේදී එක් පියාසර පැයක් සඳහා ඉන්ධන වෙනුවෙන් ඇ.ඩො. 18,000ක් වැය වූ බව සඳහන් වේ.

    puMmMOx.jpg
    SR-71 යානයක එන්ජිමක්​

    එස් ආර්-71 යානය සඳහා යොදාගත් ජේපී-7 නම් ඉන්ධනය ගුවනේදි බ්ලැක්බර්ඩ් යානාවලට සැපයීමට විශේෂයෙන් සැකසූ කේසී-135කිව් තෙල් ප්‍රවාහන ගුවන් යානා භාවිතා කලේය.මෙම ඉන්ධනය ඉහළ ජ්වලනාංකයක් සහිත වාෂ්පශීලීත්වයෙන් තොර හෝ අධික උෂ්ණත්වය සහ පීඩනය හමුවේ ගිනි නොගන්නා ලෙස නිපදවන ලද්දකි.නමුත් මෙම ඉන්ධනය දහනය කිරීම සාම්ප්‍රදායික පද්ධති යොදාගෙන සිදුකිරීම අපහසු විය.එම නිසා ලොක්හීඩ් සමාගම, triethylborane මූලික කරගත් ජ්වලන පද්ධතියක් එස් ආර්-71 යානයේ එන්ජිම සඳහා නිර්මාණය කලේය.මෙම කරුණු නිසා ජෙට් යානයේ සංකීර්ණත්වය සහ නඩත්තු වියදමද වැඩි විය.

    hHMb56M.jpg
    බ්ලැක් බර්ඩ් යානයකට ගුවනේදී ඉන්ධන ලබාදෙන අයුරු​

    සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව ගුවන් හමුදාවේ අයවැයද ක්‍රමයෙන් කප්පාදුවට ලක්විය.නව තර්ජන මතුවීමත් සීතල යුද්ධය අවසන් වීමත් මත එස් ආර්-71 යානය තවදුරටත් සේවයේ යොදවා ගැනීමට සාධාරණ හේතුවක් නොමැතිවිය.බ්ලැක්බර්ඩ් යානය ලබාදුන් සේවය චන්ද්‍රිකා සහ අනෙකුත් යානා ඔස්සේ සපුරාගැනීම අපේක්ෂා කෙරිණි.

    7rwUhpi.jpg
    SR-71 යානයක් සහ එහි නියමුවෙක්​

    එවැනි එක් පද්ධතියක් වූයේ ඔත්තු බලන ස්ටෙල්ත් ඩ්‍රෝන් යානයක් වූ ලොක් හීඩ් මාර්ටීන් සමාගමේ ආර් කිව්-3 ඩාර්ක් ස්ටාර් ය.නමුත් එම වැඩසටහන 1999 වර්ෂයේදී අත්හිටුවන ලදි.ඩාර්ක්ස්ටාර් යානය අධි-තර්ජිත වාතාවරණ යටතේ මෙහෙයුම් සිදුකල හැකි දුරස්ථව පාලනය වන ස්ටෙල්ත් ගුවන් යානයකි.නමුත් එය නිෂ්පාදන අධියරයට ප්‍රවේශ නොවීය.මෙම යානය සතු විශේෂත්වය වන්නේ පුර්ණ ස්වාධීන වීමයි.එනම් ගුවන් ගත වීම,ඉලක්කගත ප්‍රදේශයට පියාසර කිරීම,එහි සංවේදක උපාංග මෙහෙයවීම,සංවේදක ඔස්සේ ලබාගන්න තොරතුරු සම්ප්‍රේෂණය,යළිත් මව් කදවුරට ලගාවීම සහ ගොඩබෑම ආදිය මිනිස් අතපෙවීමකින් තොරව ස්වාධීනව සිදුකිරීමේ හැකියාව ඊට තිබේ.චන්ද්‍රිකා ඔස්සේ යානය සමග පවත්වාගන්නා සුරක්ෂිත ඩේටා ලින්ක් එකක් ඔස්සේ ලෝකයේ ඕනෑම තැනක සිට යානය එකතු කරගන්න දත්ත ලබාගත හැකිය.අවශ්‍ය නම් ඕනෑම තැනකට යානය හැසිරවීමේ හැකියාවද ඒ හරහා ලැබී තිබේ.1996 වර්ෂයේ පළමු පියාසැරිය සිදුකල එය දෙවන ගමනේදී කඩා වැටිණි.1999 වර්ෂයේදී ආරක්ෂක දෙපාර්තුමේන්තුව මෙම වැඩසටහනට තිත තැබුවේ වියදම සහ වායුගතික ස්ථායිතාවයේ ප්‍රශ්න නිසාය.

    3mJm1tl.gif
    RQ-3 DarkStar යානයක්​

    බ්ලැක්බර්ඩ් යානය විශ්‍රාම යැවීමෙන් පසුව එහි අඩුව පුරවන්නට පැමිණි අනෙක් යානා වන්නේ ස්ටෙල්ත් තාක්ෂණයෙන් හෙබි ලොක් හීඩ් මාර්ටීන් ආර් කිව්-170 සෙන්ටිනෙල් සහ නෝර්ත් රූප් ගෘම්මන් ආර් කිව්-180 යන ඩ්‍රෝන් යානා දෙකයි.ලොක් හීඩ් මාර්ටීන් සමාගම 2007 වර්ෂයේදී හඳුන්වා දුන් ආර් කිව්-170 සෙන්ටිනෙල් යානය ඔත්තු බැලීමේ කටයුතු සඳහා යොදාගනියි.ඇෆ්ගනිස්ථානය,පාකිස්ථානය සහ ඉරානය යන රටවල් ඉලක්ක කරගෙන මෙම ඩ්‍රෝන් යානා මෙහෙයුම් කටයුතු සිදුකර තිබේ.2011 දෙසැම්බර් මාසයේදී ඉරාන හමුදා නිවේදනය කලේ ඉරාන ගුවන් සීමාව උල්ලංඝනය කල ආර් කිව්-170 යානයක් තමන් සතුව තිබෙන බවයි.මෙම සිද්ධියක් සත්‍යයක් බව ඔප්පු කරමින් ඇමෙරිකානු රජය විසින් ඉරානයෙන් සිය ඩ්‍රෝන් යානය නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.නමුත් ඉරානය ඇමෙරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.පසුව ඉරානය ආර් කිව්-170 යානය අනුකරණය කරමින් එහි ඉරාන පිටපතක්ද නිර්මාණය කරන ලද බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

    qBF2cqm.jpg
    RQ-170 Sentinel යානයක්​

    3ADMF13.jpg
    ඉරානය විසින් බිම හෙළුවා යැ‍යි සැලකෙන RQ-170 Sentinel ඩ්‍රෝන් යානයක්​


    ඇමෙරිකානු RQ-170 Sentinel යානයේ ඉරාන අනුකරණ මොඩලයක් පියාසර කරන අයුරු



    ආර් කිව්-180 යානය සැබෑ ලෙසම නිර්මාණය කර මෙහෙයුම් සඳහා උචිත තත්ත්වයක පවතියි නම් වසර ගණනාවකට පෙර විශ්‍රාම යැවූ එස් ආර්-71 බ්ලැක්බර්ඩ් යානය නිසා ඇතිවූ හිඩැස ඵලදායි ලෙස පිරවෙනු ඇත.






    Source:warisboring.com

    -HarshaLulzSec-
     
    Last edited: