බ්‍රිතාන්‍ය අගමැති

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බ්‍රිතාන්‍ය අගමැති

    cama2.jpg
    camara1.jpg


    (මෙය කලින් සූදානම් කර ගත් පින්තූරයක්‌ නොව මහ පාරේ ගමන් කළ මගියකු විසින් ගන්නා ලද ඡායාරූපයකි.)

    රාජ්‍ය නායකයකුගේ උර මත කෙතරම් බරක්‌ පැටවී ඇතත් තම දරුවාගේ බර ඔහුට නම් කිසිම "බරක්‌" නොවන බව පෙන්වන පින්තූරයකි මේ. එංගලන්තය වැනි ලෝකයේ බලවත් රාජ්‍යයක අගමැතිවරයකුට ඇති වගකීම කොතරම් දැයි කියා පුන පුනා කීම අනවශ්‍යයි.

    ඒ බව සනාථ කරමින් පසුගිය දිනෙක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය තුන් හැවිරිදි ආදර දියණිය ෆ්ලොරන්ස්‌ නිවසට රැගෙන ඒමට ඇයගේ පෙර පාසල වෙත ගියේය. ඔහු තම දියණිය තමාගේ වම් උරයට තද කරගෙන දකුණු අතින් ඇයගේ පුංචි රෝද තුනේ ස්‌කූටරය ද රැගෙන ගිය අන්දම ඔහු පසුපසින ගිය ඡායාරූප ශිල්පියකු දුටුවේ මෙසේය.

    කොතරම් වැඩ රාජකාරි තිබුණද අගමැතිවරයා එදින සිය සිඟිති දියණිය ගැනීමට පෙර පාසල නිමා වන මොහොත වන විටම එහි ගොස්‌ ඇත. තමා ගෙන යැමට සිය පියා පැමිණ සිටිනු දුටු ඔහුගේ ආදර දියණිය ප්‍රීතියෙන් ඉපිල යන්නට ඇතිවාට සැකයක්‌ නැත.

    එසේ යන අතරතුර පුංචි දියණිය අගමැති පියාගේ ඇස්‌ කුඩා අත්පොඩ්ඩෙන් වැසුවාය. හිස පිරිමැද්දාය. ඒ සියලු ආදරය ලබමින් පිය සෙනෙහස ද නොඅඩුව දෙමින් ඉතා නිදහස්‌ පුද්ගලයකු සේ අගමැතිවරයා නිවෙස කරා ගියේය.

    එදින ඒ මොහොත වන විට එංගලන්ත කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වී තිබිණි. වහ වහා තම දියණිය නිවෙස තුළට ඇතුළු කළ කැමරන් ඊට සහභාගි වීමට පියමනින්නට ඇත්තේ සැහැල්ලු සිතකින් විය යුතුය.



    :දිවයින
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අපේ උන්ට නම් චෝගම් එකට ගෙනාපු benz තියෙනවා..ඉතින් ඔහොම යන්න ඕන නැහැ..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Owwa Monada Bn, Ape Maraa Podi Ekata Sellam Karanna Rocket Hadala Denawa...Anikata Race Padinna Aduwata Car Genath Denawa........ :rofl::rofl:
    Pora Oka Balala "Bitch Please" Kiyala Hitanawa Athi..