බ්‍රිරිතාන්‍යයට තවත් ආර්ථික පරාජයක්
පැණි වරකා ගහටත් හෙණ වදී. බ්‍රිතාන්‍යය ආර්ථිකය තවත් පරාජයක් වාර්තා කර ඇත. එනම් ලෝකයේ හයවන ආර්ථිකය ලෙසින් වැජඹුණු කලක් හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින්ද සැලකුණු බ්‍රිතාන්‍යය බ්‍රසීලය හමුවේ හත්වන තැනට ඇද වැටී තිබීමයි.
මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ බ්‍රසීල ආර්ථිකය ලෝකයේ හයවන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙන බවයි.පසුගිය වසරේ බ්‍රිතාන්‍යය ආර්ථිකය සියයට 0.8 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකින් වර්ධනය වෙද්දී ලතින් ඇමරිකානු රටක් වන බ්‍රසීල ආර්ථිකය සියයට 2.7 ක් වැනි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව සඳහන්ය.
මේ වනවිට, බ්‍රසීල ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.5 ක් පමණ වන අතර ඛනිජ තෙල් මිල හා ආහාර මිල ගණන් වැඩිවීම නිසා බ්‍රසීලයට වැඩි වාසියක් සිදුවී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්තයන්ට අනුව බ්‍රිතාන්‍යය ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.48 කි. පසුගිය කාලයේදී ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය ලෙසින් වැජඹුණු ජපානය චීනය හමුවේ පරාජයට පත්වූ අතර මේ වනවිට ලොව දෙවැනියට විශාලතම ආර්ථිකය චීනයයි.
ලොව විශාලතම ආර්ථිකය ලෙස තවමත් ඇමරිකාව සිටී.

meya vimasuma web adawiyen uputagath lipiyaki