බ්‍රේක් සහ අපගේ ජීවිතය

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    බ්‍රේක් සහ අපගේ ජීවිතය

    13177426_232593437113220_5501901507384413052_n.jpg
    බ්‍රේක් සහ අපගේ ජීවිතය අතර ඇත්තේ ඉතාම කිට්ටු සම්බන්ධයකි.
    අපි වාහනය පදින්න පටන්ගත්ත හැම වෙලාවකම විශ්වාස කරන්නේ ඔහුය. අපි වාහනේ වේගය වැඩි කරන්නේද, වාහනය හරවන්නේද ඕනෑම පාරක යන්නේද ඔහු ගැන විශ්වාසය තබාය. ඉතිං වාහනයක බ්‍රේක් system එකක මූලිකම කොටසක් තමයි බ්‍රේක්පෑඩ් කියන්නෙ. අපි අද කතා කරන්නෙ ඒ ගැන.

    ඔව් ඔව් අපි දන්නවා බ්‍රේක් ලයිනර් තියන වාහන පදින අයත් මෙතන ඉන්නවා. ඒ අයට ලිපියක් අපි ඉදිරියේදී දාන්නම්.

    අද ඩිස්ක් බ්‍රේක් ගැන.

    කොහොමද බ්‍රේක්පෑඩ් වැඩ කරන්නෙ?

    බ්‍රේක් පෑඩ් වලින් වෙන්නෙ වාහනයක චාලක ශක්තිය ඝර්ශණය මඟින් තාප ශක්තියට පරිවර්තනය කරන එක. තේරුණාද මන්දා….. හරි සරලව බැලුවොත් බ්‍රේක් පෑඩ් 2 තියෙන්නෙ බ්‍රේක් කැලිපර් එක ඇතුලෙ. මේ කැලිපර් සම්බන්ධ වෙලා තියෙන්නෙ බ්‍රේක් ඩිස්ක් එකට. ඉතිං අපි උඩින් බ්‍රේක් ගහනකොට හයිඩ්‍රොලික් ප්‍රෙශර් එකට කෙලින්ම එනවා කැලිපර් වලට එතකොට කැලිපර් තදවෙනවා. ඒත් එක්කම කැලිපර් ඇතුලෙ තියන බ්‍රේක් පෑඩ් ගිහින් කැරකෙන රොටර් එකෙ එහෙමත් නැත්නම් ඩිස්ක් එකේ හේත්තු වෙනවා. වාහනේ වේගය අඩුවෙන්නෙ හෝ නවතින්නෙ අන්න ඒ විදිහට.

    මොනවද බ්‍රේක් පෑඩ් වර්ග?
    ඔය බ්‍රේක් පෑඩ් වල අපි ගරාජ් භාශාවෙන් කියන මස් ගතිය, එහෙමත් නැත්නම් පැතලි ලෝහමය කැබැල්ල උඩින් තියන බ්‍රේක් ඩිස්ක් එක ස්පර්ශ වන කොටස අනුව බ්‍රේක්පෑඩ් වර්ග 3යි.

    Semi-Metallic
    Organic
    Ceramic


    Semi-Metallic
    වැඩිපුරම භාවිතා වෙන්නෙ මේ බ්‍රේක් පෑඩ් එක. මේකෙ අඩංගු වෙනවා තඹ, පිත්තල, වානේ මිශ්‍රණයක්. මේ බ්‍රේක් පෑඩ් එක මිළෙන් අඩුයි කල්පැවැත්ම වැඩියි.

    Organic
    මුල්ම බ්‍රේක් පෑඩ් එක තමයි මේක. මේක ඉස්සර හදලා තියෙන්නෙ ඇස්බැස්ටෝස් වලින්. හැබැයි බ්‍රේක් ගහනකොට ඇස්බැස්ටෝස් කුඩු හැලෙන නිසා හා ඒවා ස්වසනයට අහිතකර නිසා දැන් මේ බ්‍රේක් පෑඩ් වර්ගය හදන්නෙ වීදුරු, රබර් සහ high-heat ගම් වර්ගයක් මිශ්‍ර කරලා. මේ බ්‍රේක් පෑඩ් අනිත් එවාට වඩා හරි soft හැබැයි ඉක්මනට ගෙවෙනවා. නමුත් පරිසරයට හිතකරයි.

    Ceramic
    මේ මාර්කට් එකේ මිළෙන් අධික බ්‍රේක් පෑඩ් වර්ගයක්. මේකෙ තියෙන්නෙ සෙරමික් ෆයිබර් හා තඹ මිශ්‍රණයක්. මේ බ්‍රේක් පෑඩ් වලට අධික උෂ්ණත්වය දරාගන්න පුලුවන්. මේක බරින් අඩුයි, කල්පැවැත්ම වැඩී. රේසින් වලට තමයි ඉතිං ගොඩක් වෙලාවට ගන්නෙ.

    හරි අපි දැන් බලමු වාහනේ බ්‍රේක් පෑඩ් චෙක් කරන්නෙ කොහොමද කියලා.
    බ්‍රේක් හඬට සවන් දෙන්න
    බ්‍රේක් ගහනකොට ලෝහ ඇතිල්ලෙනවා වගේ සද්දයක් ඇහෙනවා නම් බ්‍රේක් පෑඩ් මාරු කරන්න කාලෙ හරි. සමහර බ්‍රේක් පෑඩ් වලට එනවා පොඩි කට්ටක්. ඒක indicator එකක්. ඒකෙන් වෙන්නෙත් බ්‍රේක් පෑඩ් ගෙවිලා මාරු කරන්න කාලෙ හරි වෙනකොට ඒ කට්ට ඩිස්ක් එකේ ඇතිල්ලෙනවා. ඒකෙන් දැනගන්න පුලුවන් එතකොට.

    වීල් පරීක්ෂා කරන්න
    වීල් වල හරි ඇලෝයිවීල් වල බ්‍රේක් පෑඩ් ගෙවිච්ච කුඩු වැටිලා තියෙන්න පුලුවන්. ඒක නිතර පිරිසිදු කරමින් ඉන්නකොට එක් වෙලාවකදි ඒ වැටෙන කුඩු ප්‍රමාණය අඩු වෙන්න පුලුවන් ඊට පස්සෙ එක වෙලාවකදි කුඩු වැටෙන එක සම්පූර්ණයෙන්ම නවතින්න පුලුවන්. ඒ කියන්නෙ බ්‍රේක් පෑඩ් සම්පූර්ණයෙන් ගෙවිලා ඉවරයි කියන එක. ඉතිං බලබල ඉන්නෙ මොක්කද ගිහින් මාරු කරගන්න… බ්‍රේක් පෑඩ් !

    බ්‍රේක් පෑඩ්ම චෙක් කරන්න
    ඔයාට වාහනේ ගලවලා හොඳ පලපුරුද්දක් තියනවා නම් කෙලින්ම වාහනේ ටයර් ගලවපු හෝ සර්විස් කරන වෙලාවක පෑඩ්ස් චෙක් කරන්න. හොඳට බලන්න බ්‍රේක් පෑඩ්වල ඝනකම අඟල් 1/4ට වඩා අඩු නම් බ්‍රේක්පෑඩ් මාරු කරන්න වෙනවා. සමහර බ්‍රේක් පෑඩ් වල මැද කට්ටයක් තියනවා ඒ කට්ටය මැකිලා නම් ඒත් බ්‍රේක්පෑඩ් මාරුකරන්න වෙනවා.

    බ්‍රේක් පැඩල් එක හෝ ස්ටීරියන් වීල් එක දැනෙන හැටි නිරීක්ෂණය කරන්න
    බ්‍රේක් පෑඩ් ගෙවිලා නම් බ්‍රේක් ගහනකොට දෙදරුමක් කකුලට දැනෙනවා. ඒ වගේම තමයි බ්‍රේක් ගහනකොට ස්ටීරියන් වීල් එකට දෙදරනවා නම් ඒත් බ්‍රේක් පෑඩ් ගෙවී තිබීම එක හේතුවක්.

    ඇයි අපි බ්‍රේක් පෑඩ් චෙක් කරන්න ඕන?
    අපෝ නැත්නම් බ්‍රේක් නැති නිසා නේ. ඔව් ඒක එක හේතුවක් විතරයි, තව හේතු තියනවා. බ්‍රේක් පෑඩ් ගෙවුනාම ඊළඟට ඇතිල්ලෙන්නේ නිකම්ම ලෝහ කැබැල්ල. ඒකෙන් හානි වෙන්නෙ ඩිස්ක් එක. බ්‍රේක් ඩිස්ක් මාරු කරනවා කියන්නෙ පට්ට ගණන් වැඩක්.

    අමතර කරුණු
    ටිකක් අලුත් වාහන වලට එනකොට බ්‍රේක් පෑඩ් මාරුකරන්න ඕන වෙනකොට warning light එකක් dashboard එකේ පත්තු වෙනවා.
    අලුත් බ්‍රේක් පෑඩ් දාලා කිලෝමීටර් 15,000/20,000 අතර දුවනකොට බ්‍රේක් පෑඩ් ගැන සැලකිලිමත් වෙන්න.
    ඒ වගේම වෙනදාට වඩා පහලට බ්‍රේක් පැඩල් එක යනවා නම් ඒකත් අමතර හේතුවක් වෙන්න පුලුවන්.

    කොහොම වුනත් බ්‍රේක් පෑඩ් ගෙවෙන එක නවත්තන්න බෑනේ. ඒ නිසා හරියට බ්‍රේක් පෑඩ් ගැන අවධානෙන් ඉමු.
    උපුටාගැනීම:- turboholics
     
    Last edited: