බාගෙට ඇඳන් යාම හා ස්ත්‍රී දූෂණ..

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ කතා කරන්නෙ ඔය කතාවෙ එක අන්තෙකට ගිහින්. අර FB එකේ තිබ්බ එකේ තිබිල තියෙන්නෙ කතාවෙ අනිත් අන්තෙට ගිහින්. ඔය දෙකම සම සමව බලපානවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kalawa pennala kollo awussanne nathuwa islamic vidihata andumak andanam wade harine :yes::yes::yes:

    ඒත් බෑ බන් නාකි කුපාඩි කියපු පාරේ යන තව සක්කිලියෝ ඉන්නවනේ.. උන්ට පොඩි කෙල්ලොවත් පේන්න බෑ
    moh1-2.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    isthri dushanaya kara eunge araka kapala sambola hadanna one.

    සිරාවටම , බාල අපචාර කරපු, ලිංගික වහල්ලු තියන් හිටපු, මිනිහා මරලා ගෑනිව අයිති කරගත්තු උනුත් එහෙමයි.. උන්ගේ නමටත් කෙල ගහන්න ඔනේ

    child-aisha-Muhammad.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ප්‍රථමයෙන්ම මගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ මෙම දාහකින්වත් සොයා ගැනීමට නොහැකි අගනා අදහස ඔලුවට ආ "පිරිමියාගේ" හත් මුතු පරම්පරාවේ කිසිම කාන්තාවකට වර්තමානයේදී සිදු වන,සිදු වෙමින් පවතින කාම අපරාධයකට මුහුණ දීමට සිදු නොවේවා යන්නයි.වැරදිලා හෝ එවන් දෙයක් සිදුවුවහොත් මොහු කරනු ඇත්තේ අර සුපිරිසිදු පිරිමියා ලඟට ගොස් "ඔව් මචං,උඹ කලේ හරියටම හරි දේ.බාගෙට ඇඳන් ගියාට මේකිට හොඳ වැඩේ" කියලා ඔහුගේ පිටට තට්ටුවක් ද දමා නැවත පැමිණෙනු ඇත.


    Hats%20off%20to%20you.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    kalawa pennala kollo awussanne nathuwa islamic vidihata andumak andanam wade harine :yes::yes::yes:
    අනේ මාර වැඩේනේ :frown: . සංවරව යන එක සාධාරණයි හැබැයි ඉතින් තමන්ගේ ආගමෙ කියලා තියෙන විදිහට අනික් මිනිස්සුන්ව හදන්න යන එක නම් හොඳ නෑ :no::no:
    අන්තවාදී නොවී විසඳුමක් හොයන්න එහෙම නැතුව ලෝකේ හැම ප්‍රශ්ණයකටම තමන්ගේ මනසට තේරෙන විදිහට තමන්ට පටවපු මතවාද අනුව මේ ලෝකේ අනික් අයට හැසිරෙන්න යෝජනා කරන එක මෝඩකමක්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නිත්‍යානුකුල බඩු පොට් ඇති විය යුතුද ?

    මේක නම් ලොකු විවාදයකට ගන්න වෙන මාතෘකාවක්. එක අතකින් සංස්කෘතික ගැටලු, අනිත් අතෙන් කාම අපරාධ වැඩිවීමේ ගැටලුව. හැබැයි මගේ මතය නම් ඉතින් මේවා අවශ්‍ය නෑ කියලා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නිත්‍යානුකුල බඩු පොට් ඇති විය යුතුද ?

    නීතිගත උනේ නෑ කියල බඩු පොට් නැති වෙලා නෑනෙ. අමාරුව තියෙන එකෙකුට ලංකාවෙ ඕනෑම නගරෙකින් බඩුවක් හොයාගන්න පැයබාගයක් යන්නෙ නෑ :P
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    නීතිගත උනේ නෑ කියල බඩු පොට් නැති වෙලා නෑනෙ. අමාරුව තියෙන එකෙකුට ලංකාවෙ ඕනෑම නගරෙකින් බඩුවක් හොයාගන්න පැයබාගයක් යන්නෙ නෑ :P
    නැචුව ;);)
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    kalawa pennala kollo awussanne nathuwa islamic vidihata andumak andanam wade harine :yes::yes::yes:

    ස්ලාමීක් විදියට ඇදුම් අදින්න? ඒ මොකටද ඒ? දැන් මුස්ලිම් අය අදිනවද එතකොට බටහිර විදියට නෑ නේ? Sports කරන්න ගියත්, Olympic ගියත්,ඉස්කෝලෙකට ගියත් මුස්ලිම් ගෑණු යන්නේ හයිජාබ් එක දාගෙනයි.
    එහෙම එකේ තමන්ගේ විදියට අදින්න කියන එක කොච්චර කුහක කමක්ද?
    ඇදුමේ නෙවෙයි ප්‍රශ්ණේ තියෙන්නේ තමන්ගේ හැදියාවේ සහා අධ්‍යාත්මික දියුණුවෙයි. තමන්ට කකුලක් දැක්කම තමන්ව පාලනය කරගන්න බැරි නම් ඒක තමන්ගේ වැරද්ද අනුන්ට බැනලා හරියන්නේ නෑ. පුලුවන් නම් එහෙනම් ගිහින් අර පාරේ ඉන්න බැල්ලියන්ටත් බුර්කා එකක් අන්දන්න හෙළුව දැක්කම තමන්ව පාලනය කරගන්න බෑ කියලා.
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    kalawa pennala kollo awussanne nathuwa islamic vidihata andumak andanam wade harine :yes::yes::yes:

    ස්ලාමීක් විදියට ඇදුම් අදින්න? ඒ මොකටද ඒ? දැන් මුස්ලිම් අය අදිනවද එතකොට බටහිර විදියට නෑ නේ? Sports කරන්න ගියත්, Olympic ගියත්,ඉස්කෝලෙකට ගියත් මුස්ලිම් ගෑණු යන්නේ හයිජාබ් එක දාගෙනයි.
    එහෙම එකේ තමන්ගේ විදියට අදින්න කියන කොච්චර කුහක කමක්ද?
    ඇදුමේ නෙවෙයි ප්‍රශ්ණේ තියෙන්නේ තමන්ගේ හැදියාවේ සහා අධ්‍යාත්මික දියුණුවෙයි. තමන්ට කකුලක් දැක්කම තමන්ව පාලනය කරගන්න බැරි නම් ඒක තමන්ගේ වැරද්ද අනුන්ට බැනලා හරියන්නේ නෑ. පුලුවන් නම් එහෙනම් ගිහින් අර පාරේ ඉන්න බැලියන්ටත් බුර්කා එකක් අන්දන්න හෙළුව දැක්කම තමන්ව පාලනය කරගන්න බෑ කියලා.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    කෙසේ හෝ බිකිනි ඇඳ සිටින යුවතියන් දෙදෙනෙකු පින්තූරයේ දක්වා ඉහත අදහස පල කල පුද්ගලයාද පවසන ආකාරයට කාන්තාවක් දූෂණයට ලක් වුවහොත් වැරදි කරුවා වන්නේ ඇය දූෂණයට ලක්කළ "සුපිරිසිදු" මිනිසා නොව එකී "අවජාතක" කාන්තාව බවයි.ප්‍රථමයෙන්ම මගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ මෙම දාහකින්වත් සොයා ගැනීමට නොහැකි අගනා අදහස ඔලුවට ආ "පිරිමියාගේ" හත් මුතු පරම්පරාවේ කිසිම කාන්තාවකට වර්තමානයේදී සිදු වන,සිදු වෙමින් පවතින කාම අපරාධයකට මුහුණ දීමට සිදු නොවේවා යන්නයි.

    මෙහිදී මේ පුද්ගලයා අදහස් කරන්නේ කාම අපරාධ (කරුණාකර ස්ත්‍රී දූෂණ යන වචනය අනවශ්‍ය ලෙස යොදා නොගන්න. ස්ත්‍රී දූෂණය යනු නෛතික යෙදුමක් වන අතර කාම අපරාධ වලින් කොටසක් පමණි ) වැඩි වීමට හේතුව කාන්තා ශරීරය මුදලට විකිණෙන භාණ්ඩයක් බවට කාන්තාවන් විසින්ම පත් කරගෙන තිබීම නම් ඔහුගේ මතයේ සත්‍යතාවයක් ඇත. :rolleyes:

    මොහුට අනුව පසුගිය කාලයේ දූෂණයට,අතවරයට ගොදුරු වූ යුවතියන් හා දැරියන් සියල්ලන්ම එසේ බාගෙට ඇඳගෙන පාරේ ගිය වුන් වන්නට ඇත.දේශපාලනඥයන් අතින්,තමන්ගේම පියා,සහෝදරයා අතින්,තමන්ගේම ඥාතීන් අතින් එකී මෙකී නොකී සියලුම දෙනා අතින් දූෂණයට ලක්වන්නේ වෙන කිසිවක් නිසා නොව ඇගේ වැරැද්ද නිසාය.පුතා විසින් මව දූෂණය කරනු ලබන්නේ මව නිවාස තුලදී බාගෙට ඇඳන් සිටින නිසා විය යුතුය.අවුරුදු දෙකේ තුනේ පොඩි දැරිවියන් දූෂණයට ලක්වන්නේ ඔවුන් සමහර වෙලාවට නිරුවතින් සිටින නිසා විය යුතුය.

    කාන්තාවන් අඳින ආකාරය හා කාම අපරාධ සිදුවීමේ සම්භාවිතාවයේ සම්බන්ධයක් ඇති බව කාම අපරාධකරුවන් සම්බන්ධයෙන් කළ සමීක්ෂණ ගණනාවකින් පෙන්වා දී ඇත.

    නමුත් මෙම ප්‍රතිඵල වලංගු වන්නේ යම් ආකාර වල කාම අපරාධ සම්බන්ධයෙන් පමණි. ළඟම නෑදෑයන් අතින් අතවර වලට ලක්වීම්, කුඩා දරුවන් ආදී අවස්ථා සඳහා මේවා අදාළ නැත.
    :D
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එහෙනම් ඔය බෞද්ධ avatar එක අයින් කරලා ස්ලාම් වලට convert වෙන්න ඊට පස්සේ තමන්ගේ අම්මා ඉදලා කෙල්ල වෙනකම් බුර්කා එකකින් වහලා ගෙදර අරන් තියලා පරිස්සම් කරගන්න. ලොල්
    මොකද ඉතින් පොඩ්ඩක් කකුල්/අත පය දැක්කත් තමන්ව පාලනය කරගන්න බැරි අය බෞද්ධ ලේබල් ගහගෙන ඉන්න එක බෞද්ධ කමටත් අගෞරවයක්.




    කාන්තාවන් අඳින ආකාරය හා කාම අපරාධ සිදුවීමේ සම්භාවිතාවයේ සම්බන්ධයක් ඇති බව කාම අපරාධකරුවන් සම්බන්ධයෙන් කළ සමීක්ෂණ ගණනාවකින් පෙන්වා දී ඇත.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එහෙනම් ඔය බෞද්ධ avatar එක අයින් කරලා ස්ලාම් වලට convert වෙන්න ඊට පස්සේ තමන්ගේ අම්මා ඉදලා කෙල්ල වෙනකම් බුර්කා එකකින් වහලා ගෙදර අරන් තියලා පරිස්සම් කරගන්න. ලොල්
    මොකද ඉතින් පොඩ්ඩක් කකුල්/අත පය දැක්කත් තමන්ව පාලනය කරගන්න බැරි අය බෞද්ධ ලේබල් ගහගෙන ඉන්න එක බෞද්ධ කමටත් අගෞරවයක්.


    Daniel__s_Facepalm_by_xAikaNoKurayami.jpg



    දැන් ඔබ කළින් සඳහන් කළ සමීක්ෂණ කළ අයට දෙන්නෙත් ඔය පිළිතුරද?

    කෙනෙක් යම් මතයක් පළ කළ විට එයට කරුණු සහිතව විරුද්ධ වීමත් හැඟීම්බරව කෑ ගැසීමත් එකක් නොව දෙකකි.

    කාම අපරාධ හා ඇඳුම් වල සම්බන්ධයක් දකින හැම කෙනාටම කෑ ගැසීම ස්ත්‍රීවාදීන්ගේ විලාසිතාවක් වී ඇත. ඔවුන් සිතන්නේ කාන්තාවන්ගේ ඇඳුම් ගැන කථා කිරීම "Victim blaming" යන්නට සමාන බවයි.

    වරක් පොලිස්පති තුමා කාන්තාවන්ට සංවර ලෙස ඇඳුම් අඳින ලෙස ඉල්ලා සිටි විට ඔහුටද කාන්තා සංවිධාන වලින් ගල් වරුසාවක් එල්ල විය.

    නමුත් බටහිර රටවල් ගණනාවකින් කාම අපරාධකරුවන් විශාල සංඛ්‍යාවක් සමීක්ෂණයට ලක් කිරීමෙන් හා කාම අපරාධ අධ්‍යනය කිරීමෙන් පෙන්වා දී ඇත්තේ කාම අපරාධ සඳහා කාන්තාවන් ඉලක්ක කර ගැනීමේදී ඇඳුම ප්‍රධාන සාධකයක් වන බවයි. නමුත් මෙම ප්‍රතිඵල වලංගු වන්නේ යම් ආකාර වල කාම අපරාධ සඳහා පමණක් වන බව මා පැහැදිළිව සඳහන් කර ඇත.

    ළඟ ඥාතීන්/මිතුරන් අතින් සිදුවන, කාලයක් සැලසුම් කර සිදු කරන, කුඩා දරුවන්ට සිදු වන කාම අපරාධ සම්බන්ධයෙන් මෙම ප්‍රතිඵල වලංගු නොවේ.

    අනික් අතට කාමුක ලෙස ඇඳුම් ඇඳීමට වඩා අනාරක්ෂිත ලෙස ඇඳුම් ඇඳීම මෙයට වැඩි දායකත්වයක සපයන බව පෙන්වා දී ඇත. උදා - ඇඟට හිරවන ලෙස කළිසම් ඇඳීම 'කාමුක' ලෙස පෙනී ගියද එවැනි ඇඳුම් ඉවත් කිරීම අපහසු නිසා කොට සායක් වැන්නකට වඩා ශරීරයට ආරක්ෂාවක් ලැබේ. (ඉවත් කිරීම අපහසු ඇඳුම් ඇඳ සිටින කාන්තාවන් කාම අපරාධ වලට ඉලක්ක වීම අඩු බව පෙන්වා දී ඇත.)

    අප මේවා කියන්නේ
    Victim blaming සඳහා නොව කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහාය. අපගේ රටේ කාම අපරාධ සම්බන්ධව සමීක්ෂණ අල්ප නිසා දැනට කර ඇති සමීක්ෂණ ප්‍රතිඵල අපගේ රටවල් සඳහාද වලංගු බව උපකල්පනය කිරීමේ වරදක් නැත. :rolleyes:

    මුස්ලිම් කාන්තාවන් කාම අපරාධ වලට ඉලක්ක වීම අඩු වීමට හේතුව ඒවා වාර්තා වීම අඩු නිසාද, ඇඳුම නිසාද නැතහොත් පිළිකුල හෝ අධික දුර්ගන්ධය නිසාද යන්න වෙනම සොයා ගත යුතුය.:rolleyes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම මුලින්ම කියන්න ඕනේ මේ සිදුවන අපරාද සම්බන්දව තිබෙන නීති නම් ඉතාම ලිහිල් බව. අනිවාර්යෙන්ම මෙමෙ නීති මීට වැඩ දැඩි විය යුතුයි.
    දෙවන කරණය, කිසිම අයෙකුට තවත් කෙනෙකුට හිංසා කිරීමට අයිතියක් නැත. කට්ටියගේ අදහස් අනුව හැසිරීම, ඇදුම් පැළදුම්, වැනි තව තවත් කරුණු කරන නිසා මෙවැනි අපරාද සිදුවෙනවා යයි පැවසුවත්
    මට නම් ඊට එකග විය නොහැක. (තමන් පාලනය කර ගැනීමට නොහැකි, පුද්ගල සංවර්ධනයේ අඩු පාඩු ඇති, මානසික රෝගීන් හැර.)

    මිනිසුන්ගේ මානසික සංවර්ධනය ඇතිකරන ගමන්, මෙම අපරාධ සිදුවීමට එරෙහිව නීතිමය කටයුතු දැඩි නොකලොත් තමන්ගේ සහෝදරියට,බිරිදට, දුවට මෙම අපරාද සිදුවන දිනය වැඩි අතක නොවනු ඇත.
    rep++