බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බාධක ස්ථානය හා බාධක ස්ථානාධිපතියා

    ජ්‍යොතිෂයේ ඇති සෛද්ධාන්තික කොටස් පිලිබඳව සාකච්ඡා කෙරෙන ලිපියකි. විශය ගැන උනන්දු නැති හා පිලි නොගන්නා අයට මෙය කියවීම කාලය කාදැමීමක් විය හැකි බව සලකන්න

    බාධක ග්‍රහයා හතේලු ඒ නිසාලු මේ ළමයට කසාදයක් හරියන්නේ නැත්තේ මේ ලඟදී දවසක මට අහන්න ලැබුන කථාවක්. මමත් ලිපියක් ලියන්න අලුත් මාතෘකාවක් ගැන හිත හිත කල් ඇර ඇර හිටියේ. මේක ඇහුනම මම හිතුවා මේ බාධකස්ථානය හා බාධක ග්‍රහයා ගැන ලිපියක් ලිව්වනම් කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා.
    ඉස්සෙල්ලම අපි බලමුකෝ මේ බාධකස්ථානය කියන්නේ මොකක්ද කියලා. මේෂ, කටක, තුලා, මකර කියන චර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ එකොලොස් වැන්න තමයි භාධක රාශිය වෙන්නේ එකොලොස් වැන්න අධිපති තමයි භාධක ස්ථානාධිපතියා වෙන්නේ ඊලඟට වෘෂභ, සිංහ, වෘෂ්චික, කුම්භ කියන තිර රාශි වලින් උපන් අයට තමන්ගේ හඳහනේ නමවැන්න තමයි භාධකස්ථානය වෙන්නේ නමවැන්න අධිපතියා තමයි භාධක ග්‍රහයා වෙන්නේ. අවසාන වශයෙන් උභය රාශි වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශිවලින් උපන් අයට තමන්ගේ ලග්නයෙන් හත්වැන්න භාධස්තානය වෙන අතර හත්වැන්න අධිපතියා භාධක ග්‍රහයා වෙනවා. මේක තේරුම් ගන්න පහසු වෙන්න මම මෙහෙම දාන්නම්කෝ.

    ss.jpg


    ඉතින් දැන් තම තමන්ගේ ලග්නෙට භාධක ග්‍රහයා හා භාධක රාශිය දන්නවනේ. මේ භාධක ග්‍රහයා පලාපල කියනකොට තරමක් වැදගත් තැනක් උසුලනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා යම් භාවයක ඉන්නවනම් ඒ භාවයට අදාල ශරීර ස්ථානය එම භාධක ග්‍රහයගේ දසාකාලයේදී අසනීප කරවන්න ලොකු සම්භාවිතාවක් තියනවා. එහෙම නැත්තන් ඒ භාධක ග්‍රහයට පෙනෙන රාශි වලට අයත් ශරීර අවයව වලට හරි නිතර ලෙඩ දෙන්න බලනවා..

    මීට අමතරව භාධකස්තානාධිපති ග්‍රහයා යම් තැනක ඉන්නවනම් ඒ රාශියෙන් කියවෙන දේ සම්භන්ධව භාධා කරනවා උදාහරනයක් කියනවනම් භාධක ග්‍රහයා හත්වැන්නේ ඉන්නවනම් විවාහය පමා කරවන්න ඒක බලපෑමක් වෙනවා දහවැන්නේ නම් රැකියාවේ උසස් වීමට සමාජ තත්වයෙන් උසස් වීමට බාධා කරනවා. එකොලොස් වැන්නේ නම් බාධක ස්ථානාධිපතියා තමාගේ දසාව ආවම ආදායම ලැබෙන මාර්ග අවහිර කරනවා (මේකොයි දේත් වෙන්නේ බාධක ග්‍රහයාගේ දසාවේදී හරි බාදක ග්‍රහයට අයත් නැකතක ඉන්න ග්‍රහයෙක්ගේ දසාවකදි හරි තමයි)

    මීට අමතරව යම් ග්‍රහයෙක් භාධක ස්ථානයේ හිටියොත් ඒ ග්‍රහයගේ කාරකත්වයට ඒක බලපානවා. උදාහරනයක් කියනවනම් මේෂ ලග්න හිමියෙක්ගේ හඳහනක සිකුරු ගිහින් එකොලොස් වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් වෙනත් ශුභ ග්‍රහයෙක්ගෙන් සිකුරුට යහපත් සම්භන්ධකමක් ඇති වුනේ නැත්තන් ඒ පුද්ගලයගේ විවාහය පමා වෙන්න ඒක ගැන සැකයක් නම් නෑ.

    හඳහනක් බැලු බැල්මටම යම් අවබෝධයක් ගන්න බාධකග්‍රහයගෙන් ලැබෙන පිටිවහල නම් අප්‍රමානයි. මීට අමතරව රෝග නිර්නයට හා ඒ සම්භන්ධ කාල වකවානු නිර්නයටත් භාධක ග්‍රහයා බොහෝ සෙයින් උපකාරි වෙනවා. නැවත ලිපියකින් හමුවනතුරු ඔබ සැමට ජය හා සතුට.


    පරන ලිපි බ්ලොග් එකෙන් බලන්න පුලුවන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල මචං
    වැඩි විශ්වාශයක් නැහැ
    එත් මේ කරුණු දැනගන්න එක හොදයි
    තැන්කු
    රේප්++
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල එල මචං
    වැඩි විශ්වාශයක් නැහැ
    එත් මේ කරුණු දැනගන්න එක හොදයි
    තැන්කු
    රේප්++

    එල මචන්.. මචන් කිරියේ මොකක් හරි අවුලක්ද පට්ට ස්ලෝ වෙලා ඒ අස්සේ චැට් බාර් එකත් නෑ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩක් වටිනවා සහෝ
    REP+7
    දැන් ඔයා වැඩිය පේන්න නැත්තේ මොකද?

    වැඩ ටිකක් වැඩි වුනා.. නිකමට වගේ ගිය සතියේ සිංහ FM එකේ 7යි7 ප්‍රෝග්‍රේම් එක අහන්න නැතුව ඇති නේද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17396999 said:
    එල මචන්.. මචන් කිරියේ මොකක් හරි අවුලක්ද පට්ට ස්ලෝ වෙලා ඒ අස්සේ චැට් බාර් එකත් නෑ..

    හුටා තමයි ඔයා කිව්වමයි දැක්කේ චැට් බාර් එක නෑ කියලා. මේක පට්ට ස්ලෝ වෙලා තමයි. :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17397006 said:
    වැඩ ටිකක් වැඩි වුනා.. නිකමට වගේ ගිය සතියේ සිංහ FM එකේ 7යි7 ප්‍රෝග්‍රේම් එක අහන්න නැතුව ඇති නේද?

    නෑනෙ සහෝ දන්නෙ නෑනේ. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකක් ගියාද? කලින් කිව්වනම් අහන්න තිබුනා. :sorry: :(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හුටා තමයි ඔයා කිව්වමයි දැක්කේ චැට් බාර් එක නෑ කියලා. මේක පට්ට ස්ලෝ වෙලා තමයි. :dull:

    :yes::yes::dull::dull: ඔව් එපා වෙනවා එකකට රිප්ලයි කරලා සුමානයක් විතර යනවා ආයෙ ලෝඩ් වෙන්න
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑනෙ සහෝ දන්නෙ නෑනේ. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකක් ගියාද? කලින් කිව්වනම් අහන්න තිබුනා. :sorry: :(

    ඔව් එහෙම නම් අපිට කියන එපයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17397038 said:
    ඔවු මම ඒ ප්‍රොග්‍රැම් එකේ කථා කලා..:yes:

    අපරාදෙ අෆ්ෆා අපිට කියන්න තිබුනනේ. :oo:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකැත් රාල;17397038 said:
    ඔවු මම ඒ ප්‍රොග්‍රැම් එකේ කථා කලා..:yes:

    ඉස්සරහට TV වලත් ඉදි එහෙනම් ;)
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    උදාහරනයක් කියනවනම් මේෂ ලග්න හිමියෙක්ගේ හඳහනක සිකුරු ගිහින් එකොලොස් වැන්නේ තැම්පත් වෙලා ඉන්නවනම් වෙනත් ශුභ ග්‍රහයෙක්ගෙන් සිකුරුට යහපත් සම්භන්ධකමක් ඇති වුනේ නැත්තන් ඒ පුද්ගලයගේ විවාහය පමා වෙන්න ඒක ගැන සැකයක් නම් නෑ.

    :shocked::shocked::( මගෙත් මෙහෙමයි.