බානුක ගෙ ආගම

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගංගා මෑනිලා , සුමන්දාසලාගේ ඉදන් එකි මෙකී නොකී කේන්දරකාරයන්ට කපුවන්ට මෑණිලාට සහ උන් පස්සෙ යන උන්ව විහිලුවට ගන්න ගමන් ..

    භානුකගේ පාස්ටරයා විහිලුවට ගන්න එපලු.ඒ එයාලගෙ විස්වාසෙලු.ඇදහිල්ලලු. අනෙ නිකන් පලයන්ඩ 😂😂😂😂

    මන්නම් පෞද්ගලිකව කාවවත් විහිලුවට ගන්නෙ නෑ මගෙ පාන් මට හොද නම් උගේ පාන් උට හොදයිනෙ

    උපුටා ගැනීමකි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    FEyoELM.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    බානුකව joke එකට ගත්තොත් පොඩ්ඩක් පොස් මදි නේද?
    ඉංග්‍රීසි හොඳ එකෙක් විහිළුවට ගන්න එක ලංකාවේ හැටියට එච්චර හොඳ වැඩක් නෙවෙයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ඕන එකෙක්ට ඕන ආගමක් ඇදහිල්ලක් කරන්න අයිතිවාසිකමක් තියෙනවා

    ඒ වගේම ඕන එකෙක්ට ඕන පුපේ පක්ෂෙකට කඩේ යන්නත් අයිතිවාසිකමක් තියෙනවා

    මේවා නොදන්නා රැඩිකල් හැත්ත මේවා වටේ අරන් යනවා
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඇයි අර දේව ආශිර්වාදයෙන් පෝන් චාර්ජ් කරන සෙට් එකකුත් ආතල් එකට ගත්ත නේ.. ඒ වගේ අයවත් විහිළුවට ගන්නේ නැතුව එයාලගේ විශ්වාසය වෙනුවෙනුත් පෙනී ඉන්න තිබුන නේ...
     
    • Like
    • Haha
    Reactions: lilman and Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    කන්න ඕන වුණාම කබරගොයත් තලගොයෙක් වෙනවා කියන්නේ ඕකට තමයි. බෝන් අගේන් එකෙන්ද කොහෙද දැන් ක්‍රිකට් ටීම් එක පුහුණු කරන්නෙ. 🥴
     
    • Haha
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මට තේරුන විදිහට ඔය ආගම් සීන් එක පට්ටම විදිහට Establish වෙච්ච Business Model එකක්. ඒ රැස්වීම් වලට එන කට්ටියට ඔය පාස්ටර් කාරයා හෙන Grand Feeling එකක් දෙනවනේ. ඒකට ඔය මිනිස්සු ටික රැවටෙනවා. එතකොට ඒ මිනිස්සුන්ට මිත්‍යාවයි සත්‍යයයි වෙන් කරලා හදුනාගන්න බැරිවෙන තරමටම ඒ අය Brainwash වෙනවා. ඔය වගේ කට්ටියත් එක්ක කතා කරලා වැඩකුත් නෑ බං. ඒ අයට කිසිම දෙයක් පැහැදිලි කරලා තේරුම් කරලා දෙන්න බෑ. ඒ තරමටම උන් Brainwash වෙලා ඉන්නේ. අනිත් එක තමා ඔය ආගම් සීන් එක සල්ලි කෝටි ගානක් හුවමාරු වෙන පට්ටම Thriving Business Model එකක්. ඒ හින්දා අපි කව්රුහරි ඕකට විරුද්ධව Movement එකක් පටන් ගත්තොත් ඔය පාස්ටර් කාරයා නිකන් ඉන්න එකකුත් නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙන්න ඔය පාස්ටරගෙ තවත් කෙනෙක්.






    ශ්‍රී ලංකා ක්‍රිකට් වසා ගත් “බෝර්න් අගේන්” පිල්ලිය ?
    =====================================
    ශ්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක්‍රීඩාව ක්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.

    වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක්‍රිකට් ක්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්තාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.

    අතීතයේ විවිධ යුග වලදී ලෝක ක්‍රිකට් ආධිපත්‍ය දැරූ ශ්‍රී ලංකාව ඕනෑම අවස්තාවක ලෝකයේ හොදම කණ්ඩායමක් විය. එනමුදු කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවක කිසිදු කාලයක නොවූ විරූ ලෙස කඩා වැටී තිබේ. දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමෙන් අඩුවක් නොවන ශ්‍රී ලංකාවට එය දැඩි අස්භාවික කඩා වැටීමකි. මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.

    ඒ කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනා “බෝර්න් අගේන්” ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්තාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.

    “බෝර්න් අගේන්” යනු ක්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක්‍රියාත්මක වේ. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

    මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් කල්ලියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිළධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.

    ඔවුන්ගේ පෞද්ගලික විශ්වාස පිළිබඳව අපිට කිසිඳු ගැටලුවක් නැත. ගැටලුව ඔවුන් සිය ආගමික විශ්වාසයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලට සහ කණ්ඩායමට ගෙනැවිත් සෙස්සන්ට බලපෑම් කිරීමයි.
    මේ වනවිට මෙම පිරිස ක්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළදගත් හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් පල්ලියේ පාදිලියෙකි. රාගම ක්‍රීඩා සාමාජයට සම්බන්ධ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් වන ‘ෆාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ තක්කඩියා ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක්‍රිකට් ක්‍රීඩාව තුල සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප්‍රබලය.
    ජාතික කණ්ඩායමේ සිටිනා ඉවත් කළ නොහැකි තරම් දක්ෂ සිංහල බෞද්ධ ක්‍රීඩකයන් සිය නිකායට බදවා ගැනීම මෙම කල්ලියේ දෙවන සැලසුමයි. එලෙසින් ක්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප්‍රධාන තේරීම් කමිටු සාමාජික අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කළ සැණින් එම ක්‍රීඩකයා එළියේය
    නිරෝෂන් දික්වැල්ල, ‌ කුසල් මෙන්ඩිස් වැනි බෝර්න් අගේන් නිකායේ ක්‍රිස්තියානි ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි. දැනටමත් උපතින් සිංහල බෞද්ධ යොවුන් ක්‍රීඩකයෙකු බෝර්න් අගේන් නිකාය වැළද ගෙන තිබෙන බව පැවසීමට ඇත්තේ කණගාටුවෙනි. එක්තරා ඉල්ලීමක් මත ඔහුගේ අන්‍යයතාවය හෙළිකරන්නට නොයමි. (දැනට).

    පසුගිය දින මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ අණින් ක්‍රිකට් දූෂණ විරෝධි ඒකකයේ ප්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප්‍රධාන කළමණාකරු චරිත් සේනානායක ඉවත් කළේය. මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළද ගැනීම ප්‍රතික්ෂේප කළ නිළධාරීන් ය. චරිත් වෙනුවට පත් කළ කළමණාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ භක්තිකයෙකි.

    සහය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික්‍රම පසුගිය සමයේ ඉවත් කළේය.. ඔහු වෙනුවට එක්වන්නේ රුවන් කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළද ගත්තෙකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ පුද්ගලයෙකි.

    මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පස්දෙනෙකුගෙන් යුතු උපදේශක සභාවක් පත් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක්‍රිස්තියානි භක්තිකයෙකි. එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිළධාරීන් සිටියදී තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

    ඒ ක්‍රිකට් ආයතනයේ නිළධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදයයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්වය වෙනස් නැත.

    කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක්‍රීඩකයන්ට අසන්ත ද මෙල්ගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැදී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළදගැනීමට යැයි කියමින්ය. හෘද සාක්ෂියක් සහිතව අසන්ත ද මෙල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන් එළියේය. උපුල් තරංග පසුගිය සමයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යේෂ්ඨයෙකි.

    සිංහල බෞද්ධ ක්‍රීඩකයන් පළමුපෙල කොතරම් දස්කම් දැක්වූවද බෝර්න් අගේන් තේරීම් කමිටුවේ ඇස නොගැටීම තවත් ගැටලුවකි. තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසින් ය.

    මෙම තත්වය දරුණු වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මානසික සුවතාවයට යැයි කියා ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.


    ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් මාෆියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයෙන්ම දැන් තොරතුරු හෙළිවිමෙන් පවති. ඒ ජාතික කණ්ඩායමේ හිටපු කළමණාකරු චරිත් සේනානායක පියවරක් ඉදිරියට තබා මාෆියාවට එරෙහිව නිර්භීතව මාධ්‍යය ඉදිරියට පැමිණීමත් සමගය. මේ මාෆියාව පිළිබඳව චරිත් ඉරිදා පුවත්පතකට විස්තර කර තිබුනි. එහිදි චරිත් පවසා තිබුනේ
    “හතු පිපෙනවා වගේ රටේ තැනින් තැන පල්ලි හැදෙනවා, ඔය චර්ච් වලට පොඩි උණක් තියෙනවා වටේ කට්ටිය බඳවාගන්න. මම දැකපු දෙයක් තමයි ගොඩක්ම බුද්ධාගමේ ඉදලා ඔය පැත්තට ගියපු අයට තමයි ලොකුම උණ තියෙන්නෙ කට්ටිය බඳව ගන්න. ඔය කල්ලියේ අය මිනිහෙක් අනිත් පැත්තට හරවගන්න නොකරන දෙයක් නෑ. මට ඒක කියන්න පුලුවන්. මොකද මම දෙතුන් පාරක් දැකලා තියෙනවා. මම හිතනවා මාධ්‍යයෙන් මොකක් හරි කරයි කියලා. ඕක හොද දෙයක් නෙවෙයි.” ලෙසය. තත්වය ඒ තරම් බරපතලය.

    දක්ෂතාවය සහ සුදුසුකම ඇත්නම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කුමන පිරිසක් විසින් මෙහෙයවූවද, කුමන පිරිසක් ක්‍රීඩා කළද කම් නැත. සැබැවින්ම සිදුවිය යුත්තේ එයයි.

    වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත්‍රික කල්ලියක් ශ්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක්‍රීඩාව ප්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයිසීස්, අල්කයිඩා තරම්ම දරුණු ආගමික ත්‍රස්තවාදයකි. වහාම මෙම බෝර්න් අගේන් ත්‍රස්තවාද‍ය පාලනය නොකළහොත් අනාගත සනත් ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ශාන්ලාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත. ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති.

    පාලකයන් මෙම ගැටලුව ඉක්මණින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි. එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.
    අවසන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමණාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.

    “තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුනත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.”




    https://m.facebook.com/story.php?st...dSRg94ZitiL3JCpaus7MLqwdhl&id=454708671405735
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    හැබැයි ඉතින් පාස්ටර් කාරයා එපා කිව්වොත් මිනිහා ක්‍රිකට් නවත්තන ලේවල් එකේ ඉන්නේ... ඕක තමයි අවුල... මිනිහගේ කැමැත්ත ඉතින්...

    කාදිනලුත් මේවට මීක් නෑනේ හ්ම්
     
    Last edited: