බාබකියු ටිප්ස්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    513
    113
    37
    Dehiwala
    බාබකියු ටිප්ස්

    බාබක්‍යු කියන්නේ ඕනම මස් මාලු කන මනුස්සයෙක් ප්‍රිය කරන දෙයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔය සමහරු කියනවා මස් පළහාගෙන කාපු දඩයක්කාරයින්ගෙන් පැවත එන පුරුද්ද තමයි තාම තියෙන්නේ කියලා. තව අය තව තව ඒවා කියනවා. මේ කොහොම වුනත් නිර්මාංශික නොවන ලොකු කුඩා බොහෝ දෙනෙක් හොඳ බාබකියු ආහාර වේලක් රහ බලන්න කැමතියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම මේ බාබකියු සාත්තරේ දන්නෙ නැති එක තමයි. අමාරු දෙයක් නෙවෙයි, කීයවලා බලන්න පහළට.

    1. බඩු ටික ලෑස්ති කරගන්න ඕන මුලින්ම

    BBQing-01-768x403.jpg


    බාබකියු එකක් දාන්න නම් අනිවා තියෙන්න ඕන බඩු ටිකක් තියෙනවා. මේකේ මුලින්ම තියෙන්නේ ඉතින් ග්‍රිල් එක නැත්නම් බාබකියු මැෂින් එකනේ. සෑහෙන ගණන් වලට විකිණෙන බාබකියු මැෂින් තියෙනවා එක්කෝ ගෑස් වලින් වැඩ කරන, එහෙම නැතිනම් අඟුරු වලින් ක්‍රියාත්මක වෙන. මේකෙන් තමන්ට වුවමනා විදියේ එකක් ‍තෝරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, දැන් ඔය ජංගම බාබකියු මැෂින් වුනත් හරිම ජනප්‍රියයි. ඒත් නැතිනම් දැන් තියෙනවා බේසික් ලෙවල් එකේ බාබකියු ග්‍රිල් එකක්. වැඩි ගාණකුත් නෑ.
    ඊට පස්සේ ලඟින් තියාගන්න ඕන ග්‍රිල් කරන්න හොඳ දිග මිටක් තියෙන ටොන්ග් එකක්. එතකොට ස්පැටියුලා එකක් මස් එහේ මෙහේ හරවන්න වගේ වැඩවලට. එතකොට මස් වල සෝස් තවරන්න බ්‍රෂ් එකකුත් ඕන වෙනවා. හොඳම දේ තමයි කඩෙන් කෙලින්ම බාබකියු ටූල් කිට් එකක්ම ගන්න එක.
    ඇලුමිනියම් ෆොයිල් රෝලකුත් ලඟින් තියාගන්න වෙනවා කෙලින්ම බාබකියු කරන්න බැරි දේවල් සඳහා පාවිච්චි කරන්න. ඊට පස්සේ ඉතින් බාබකියු සෝස්, වෙන ඕන කරන සෝස් ජාති, ලුණු ගම්මිරිස් වගේ දේවල් ලඟ තියෙන්න ඕන කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ

    2. ඕනම දෙයක් බාබකියු කරන්න පුලුවන්ද?

    BBQing-02-768x403.jpg


    ඕන දෙයක් බාබකියු කරන්න පුලුවන්. හැබැයි කන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ එනවා. මස් ජාති ගත්තොත් චිකන් පාට්ස් අවුලක් නෑ බාබකියු කරන්න. හරක් මස්, ඌරු මස් ‍තෝරගන්න කොට බාබකියු කරන්න වඩාත් සුදුසු කොටස් ‍තෝරගන්න ඕන.
    බාබකියු වලට හරියන මස් ‍තෝරගන්න කොට හිතන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක්, හොඳට තෙල් තියෙන, ඒ කියන්නේ ෆැට් එක තියෙන මස් කොටස් ‍තෝරගන්න එක. තෙල් සහිත මස් සෞඛ්‍යයට අවුල් කියලා තමයි උගන්නලා තියෙන්නේ. හැබැයි බාබකියු එකකදී මස් වල හරිම රස මතුවෙන්නේ මේ තෙල් සහිත කොටස් එක්ක.
    ගොඩක් දෙනා හරක් ඉළ සහ ඌරු ඉළ වුනත් කන අය ගොඩක් වෙලාවට බාබකියු වලට ගන්නවා. මේකට සරලම හේතුව මස් වල මේ කොටස් වඩාත් රසවත් වීම තමයි. ඒ වගේම තමයි ඝණකම හොඳට තියෙන මස් ‍තෝරගන්න එක වටිනවා. නැත්නම් බාබකියු ග්‍රිල් එකට දාපු ගමන් මස් ටික වේලිලා යන එක තමයි වෙන්නේ.
    ගන්න මස් ෆ්‍රෙෂ් පිට තියෙන්න ඕන කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

    3. මස් කන්නෙ නැති අපිට බාබකියු අකැපද?

    BBQing-03-768x403.jpg


    ඔබ නිර්මාංශිකද? තවදුරටත් බාබකියු එකකදී කොන් වෙන්න දෙයක් නෑ. එළවළු ජාති වුනත් කරදරයක් නැතුව බාබකියු කරන්න පුලුවන්. කොහොමත් ලපටි බඩ ඉරිඟු, තක්කාලි වගේ දේවල් බාබකියු කරලා ගත්තහම මස් එක්ක වුනත් ගැලපෙනවනේ. හැබැයි ඇස්පරගස්, වම්බ‍ටු වගේ දේවල් විතරක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම වෙව්ජිටේරියන් කෙනෙක්ට ගැලපෙන ඔබ හිතන්නෙවත් නැති බාබකියු රෙසිපි ඕන තරම් තියෙනවා.

    4. පත්තු කරගන්න එක තමයි ගේම

    BBQing-04-768x403.jpg


    ග්‍රිල් එක හොඳට සුද්ධ කරලා එහෙම වැඩේ පටන් ගන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉන් පස්සේ වුවමනා වෙනවා බාබකියු ග්‍රිල් එකට ඉන්ධන. ඒ කියන්නේ අපි කියමු අඟුරු නං අඟුරු, ගෑස් නං ගෑස් කියලා. හැබැයි අඟුරු වලින් නම් වැඩේ පටන් ගන්නේ ස්ටාටර් එකක් ඕන. ස්ටාටර් එකක් කොහොමත් අඟුරු පැකට් එකත් එක්ක ලැබෙනවා. ඒ නැතිනම් පොල් ක‍ටු වුනත් හොඳයි ගින්න මොලවා ගන්න. හැබැයි දිගටම පොල්ක‍ටු පාවිච්චියෙන් නියම බාබකියු රස වෙනස් වෙන්න පුලුවන් නිසා අපි කියන්නේ ගින්න මොලවා ගන්න විතරක් පොල් ක‍ටු පාවිච්චි කරන්න කියලා තමයි. මේක බොහොම පරිස්සමෙන් සහ ඉවසිල්ලෙන් කරන්න ඕන දෙයක්.
    ගොඩක් දෙනෙක්ට ඇත්තටම බාබකියු එකට ගින්නක් මොලවා ගන්න එක ගේමක්. ගෑස් පාවිච්චි කරනකොට ඔය අවුල නෑ තමයි. හැබැයි අඟුරු පාවිච්චි කරනකොට ගින්දර පත්තු කරගන්න එක සෙල්ලමක් නෙවෙයි. මේකට හොඳම විසඳුමක් තමයි චිමිනි ස්ටාටර් එකක් නැතිනම් ලයිටර් ඉන්ධන පාවිච්චි කරන එක. මේවත් කඩේ ගන්න තියෙනවා. ඔය මොනවත් නැතිනම් අඟුරු පිරමිඩයක හැඩේට ගොඩ ගහන්න ඕන ස්ටාටර් එක වටේ. ඒ කියන්නේ හොඳට ඔක්සිජන් ලැබෙන්න ඉඩ තියලා. දැන් ස්ටාටර් එක පත්තු කරලා ක්‍රමයෙන් ගින්න අවුලුවා ගන්න ඕන.
    ගොඩක් දෙනෙක් කරන වැ‍රැද්දක් තමයි බාබකියු කරන්න මොහොතකට කලින් ගින්න අවුලවන එක. හැබැයි එහෙමම බෑ. බාබකියු මස්, මාළු හරි වෙනත් දේවල් ග්‍රිල් එක උඩින් තියන්න කලින් ග්‍රිල් එක හොඳ හැටි රත්වෙලා තියෙන්න ඕන. ඒ හින්දා හොඳම දේ තමයි ගිනි පත්තු කරලා ග්‍රිල් එක රත්වෙන්න වෙලාවක් දෙන එක.

    5. කොහොමද මස් සූදානම් කරගන්නේ

    BBQing-05-768x403.jpg


    ගොඩක් දෙනෙක් කරන්නේ කඩෙන් ගෙනාපු මස් කෑල්ලේ බාබකියු සෝස් ටිකක් ගාලා ග්‍රිල් එකට අත අරින එක. එහෙම කරන්න බෑ. මුලින්ම මස් හොඳට කූල් බැහැලා තියෙන්න ඕන. අපි මුලිනුත් කිව්වනේ හොඳට ඝනකම තියෙන මස් කොටස් තමයි ගන්න ඕන කියලා. දැන් මේ මස් කොටස් තව මෘදු කරගන්න ඕන. ඒකට සමහර බාබකියු කිට් එක්ක තියෙනවා Tenderizing hammer කියලා එකක්. එහෙම එකක් හොයාගන්න නැතිනම් මොකක් හරි බර කුස්සියේ මෙවලමකින් ගහලා මස් කැබැලි ටික මෘදු කරගන්න ඕන.
    දැන් සීසන් කරගන්න වැඩේ. ඔබ බාබකියු රෙසිපි එකකට හදනවා නම් ඒ විදියට සීසන් කරගන්න ඕන. එහෙම නැතිනම් හොඳම ක්‍රමය තමයි ලුණු සහ ගම්මිරිස් අතගාගෙන ඉන් පස්සේ ඔලිව් ඔයිල් හරි වෙනත් තෙල් තට්‍ටුවක් හරි ආලේප කරගන්න එක. මතක තියාගන්න, ඕනෑවට වඩා තෙල් ගාන්න එපා. මස් ටික කරවෙලා තමයි නවතින්නේ.
    මස් ටික ග්‍රිල් එකට ගන්න කලින් ග්‍රිල් එකේත් ටිකක් තෙල් ආලේප කරගෙන ඉන්න.

    6. කොහොමද මස් ටික හරියට ග්‍රිල් කරගන්නේ?

    BBQing-06.gif


    මූලිකවම ග්‍රිල් එකේ ටොන්ග් එක තියන්නවත් ඉඩ නැති වෙන විදියට මස් අහුරන්න යන්න එපා. හොඳට ඉඩ තියන්න. ඊලඟට මස් කෑල්ලක් ඕනෑවට වඩා වෙලාවක් එක පැත්තකට ග්‍රිල් එකේ තියලා තියන්න එපා වගේම හිතෙන හිතෙන වෙලාවට ඒ පැත්තටයි මේ පැත්තටයි හරවන්නත් යන්න එපා. මස් කැබැල්ලේ සම්පූර්ණ මතුපිටම දුඹුරු පාට වෙනකොට තමයි අනෙක් පැත්ත හරවන්න ඕන.
    මස් කෑල්ල එහා මෙහා හරවන්න ස්පැටියුලා එකක් මිසක් ගෑරුප්පු වගේ දේවල් පාවිච්චි කරන්න යන්න එපා. මස් කෑල්ල හිල් කරන්න එපා. පුලුවන් තරම් එහා මෙහා හරවන වාර ගණන අවම කරන්න බලන්න. අනිත් එක සමහරු ඉක්මනට පැළහෙන්න කියලා මස් කෑල්ල ටොන්ග් එකෙන් ග්‍රිල් එකට තද කරගෙන ඉන්නවා. ඒ වගේ ඕන්නැති වැඩ කරන්න යන්න එපා. මස් කෑල්ලේ තියෙන යුෂ ගතිය, තෙල් ගතිය බේරිලා ගියාට පස්සේ බාබකියු මස් කෑල්ලක් වැඩක් නැති වෙනවා. කොහොමත් බාබකියු කරනවා කියන්නේ ඉවසිල්ලෙන් කරන්න ඕන වැඩක් කියලා තේරුම් ගන්න ඕන.
    අනෙක් කාරණය විවිධ මස් හෝ මාළු වර්ග බාබකියු වෙන වෙලාව වෙනස්. මේ හරි උෂ්ණත්වයන් සහ කාල පරාසයන් වගේ ටෙක්නිකල් දේවල් දැනගෙන ඉන්න එක වටිනවා වුනාට, ඒක විශ්වාස කරලා බාබකියු එක දිහා ඇහැ ගහගෙන නොහිටියොත් වැඩේ හබක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා චිකන් පලුව දුඹුරු පාට වෙන්න යන වෙලාවම ඌරු මස් පලුවකටත් යනවා කියලා වෙලාව හරියනකල් වෙන වැඩ කරන්න යන්න එපා. උදාහරණයක් විදියට කියනවා නම් සාමාන්‍යයෙන් චිකන් වලට ටිකක් වෙලාව ගියාට ඉස්සෝ නැතිනම් ඌරුමස් වගේ දෙයක් වඩා ඉක්මනට පැළහෙනවා.

    7. මැරිනේඩ්, රබ්, මොප් සෝස්, බාබකියු සෝස්

    BBQing-07.gif


    මේ හැම ජාතියක්ම සුපර් මාකට් එකකින් ගන්න පුලුවන් තමයි. හැබැයි මේ එක එකක කාර්යය වෙනස්. මැරිනේඩ් ගත්තොත් එහෙම චිකන් බ්‍රෙස්ට්, පෝක් චොප්ස් සහ එළවළු එක්ක හරියනවා. හැබැයි බාබකියු එක පටන් ගන්න පැය දෙකකට කලින් වත් මැරිනේඩ් එකක මස්, එළවළු දාලා සීසන් වෙන්න තියන්න ඕන. එතකොට රබ් එකක් ගොඩක් වෙලාවට එක්කෝ පව්ඩර් වගේ නැතිනම් පේස්ට් එකක් වගේ තියෙන්නේ. ඒකත් බාබකියු එකට විනාඩි විස්සකට විතර කලින් තවරලා තියන්න ඕන. මේක හරියන්නේ පෝක් රිබ්ස්, සැමන් සහ හම සහිත චිකන් කොටස් එක්ක එහෙම තමයි. මොප් සෝස් හරියන්නේ සෑහෙන්න වෙලා බාබකියු කරන්න වෙන තද මස් කෑලි වලට. පෝක් බට්, පෝක් බ්‍රිස්කට්, පෝක් රිබ්ස් වලට හොඳයි. මේක නම් බාබකියු කරන අතරේදී සම්පූර්ණයෙන්ම මස් කෑල්ල ආවරණය වෙන විදියට තමයි තවරගන්න ඕන. Baste කරනවා කියන්නේ මේකට. ඒ ඇරෙන්න බාබකියු සෝස් පාවිච්චි කරනවා නම් මස් කෑල්ල ග්‍රිල් එකෙන් බාගන්න කලින් අන්තිම විනාඩි පහළොව විස්ස ඇතුලතදී බ්‍රෂ් එකකින් ආලේප කරගත්තහම ඇති. මේක බාබකියු කරන්න ගන්න ඕනම දේකට ගැලපෙනවා.

    8. බාබකියු එක ඕන රසට ගන්න පුලුවන් ට්‍රික්ස්

    BBQing-08-768x403.jpg


    සාමාන්‍යයෙන් නිකම්ම අඟුරු උඩ බාබකියු කරනවාට වඩා පොඩි පොඩි වෙනස් කම් කරලා බාබකියු කරපු මස් වල රස වෙනස්කරගන්න පුලුවන් කියලා දන්න අය දන්නවා. උදාහරණයක් විදියට ගත්තොත් අර වැඩිපුර එක මස් වලට එකතු කරගන්න නියම විදියක් තමයි අමු ලී පතුරු ටිකක් ටික වෙලාවක් වතුරේ පෙ‍ඟෙන්න තියලා ඉන් පස්සේ ඇවිලෙන අඟුරු උඩට දාන එක. හැබැයි මේවා ලී මෝලෙන් ගන්න අනන් මනන් රසායනික ද්‍රව්‍ය එකතු කරපු ලී නෙවෙයි. ඕක් වගේ ලොකු ගස්වල අමු ලී පතුරු. කියන්නේ, අන්න ඒවා. ඒ වගේම තමයි ඔය සැල්දිරි, මිංචි, කරපිංචා කොළ, බේසිල් වගේ කොළ වර්ග තියෙනවනේ කෑම රස වෙන්න දාන. අන්න එහෙම කොළ ටිකක් ඇවිලෙන අඟුරු උඩට කෙලින්ම දැම්මහමත් බාබකියු මස් වල නැත්තම් එළවළු වල රස වෙනස් වෙනවා.

    9. ආරක්ෂාව ගැන සම්පූර්ණ අවධානය, ඊට පස්සෙ කෑම

    BBQing-09-768x403.jpg


    බාබකියු කරනකොට අනතුරුත් වෙනවා කියන එක අනිවා කියන්න ඕන දෙයක්. හැබැයි මේ අනතුරු ගොඩක් වෙන්නේ නොසැලකිල්ල නිසා තමයි. සමහරු බාබකියු ග්‍රිල් එක උඩට මස් ටික දාලා ඔහේ යන්න යනවා කයියක් ගහන්න. අන්තිමට බාබකියු ග්‍රිල් එක ගිනි ගන්නකල් දන්නෙ නෑ. අනික තමයි බාබකියු ග්‍රිල් එකක් සෑහෙන්න සැරට රත් වෙනවා කියන එක මතක තියාගන්න ඕන. ඒ නිසා ඔය හැඳි ගෑරුප්පු වගේ ඒවා පාවිච්චි කරන්න යන්න එපා මස් පෙරළන්න වගේ දේවලට. බාබකියු ටූල් සෙට් එකක්ම පාවිච්චි කරන්න. ඒවල සාමාන්‍යයෙන් සෑහෙන්න දිග මිටවල් තියෙනවා. අනික් කාරණාව ගිනි ඇවිලෙන සුළු දේවල් එහෙම ලඟ පාත තියලා නොතිබ්බට කමක් නෑ.
    ඒ වගේම බාගෙට පැළහිලා තියෙන මස් කෑමට ගන්න එපා. ආහාර විෂ වෙලා තමයි නවතින්නේ.
    බාබකියු කරන්නේ එළිමහනේ කියන එක නම් අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ. කවදාවත් වැඩේ ඉවර වුනාට පස්සෙවත් බාබකියු මැෂින් එක හරි ග්‍රිල් එක හරි සම්පූර්ණයෙන් නිවෙන කල් ගේ ඇතුළට ගන්න යන්න එපා. බාබකියු මැෂින් එකෙන් ආපු විෂ වායු නිසා ඕන තරම් මිනිස්සු මැරිලා තියෙනවා.

    http://www.aniwa.lk/2016/11/11/1611115-how-to-do-a-perfect-bbq/
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    1,990
    312
    83
    ad9 ara marichchi un denna puduma pwak krla tyne ese mese akak newei nathnm yko me wage dyk weida sira post eka mchn godk danuwath una ubata thanks dmmata
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ මස් කඩ වලින් මස් අරන් නම් BBQ දාන්න බැහැ. එක්කෝ වැල් වගේ කපල දෙන්නේ එහෙමත් නැත්තන් කුඩු කරලා දෙන්නේ. කොච්ච්ච්ර වැඩියෙන් සල්ලි දෙන්නම් කිව්වත් අපිට ඕන තැනකින් කපා ගන්න බැහැ. supermarket වල තියෙන මස් ice වල මාස ගණන් තියෙන එව්වා හින්ද BBQ නෙමෙයි මොනවා කෙරුවත් රහක් නැහැ.