අපෙත් වයින්ස් ටෝර්ස් කරන නෑදා අය ඉන්නවා. එයාලට ගන්න බැලුව ඔය ජනාධිපතිවරණය කාලේ දුන්නු ඒවා. එයා බලලා කිව්වා ඒක කෝටි දෙකක් දෙකහමාරක් දීලා ගත්තට ආයේ එයාගේ නමට හරවා ගන්න තවත් කෝටියක් වගේ යනවා කියලා. ඒ පාර වැඩේ අතඇරියා.ලොකු ගානක් කියන්නේ දල වශයෙන් කීයක් වගේද මචන් ?
පර්මිට් එක කෝටියකට එක හමාරකට වගේ දෙනවා නං කමක් නැහැලු.
අනික දැන් සේල් අඩුයි සැහෙන්න. ඒ මදිවට සේවක පඩිත් වැඩියි. උදේ අටේ ඉදන් රෑ 10 වෙනකන් නිසා තව අමතර පැය දෙකක්.
ලීකෙජ් තියෙනවා. බාර් වල නං ස්ටාෆ් එකටත් හවසට ලිකර් ටිකක් වෙන් කරන්න ඕනා. වයින් ස්ටෝර්ස් වල නං දෙනවද දන්නේ නැහැ.
අර මුල ඉදන්ම බිස්නස් එක කරපු අයට දැන් මුදල් යට කරලා, බිල්ඩින් හදල, ස්ටොක් එකක් තියන් ඉන්න නිසා අල්ලන් ගියහැකි. අලුතෙන් ආවම අමාරුයි ඇදන් යන්න.
