බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී දෙමාපිය&

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී දෙමාපිය&

    බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී
    දෙමාපියන්ගෙන් කප්පම් ගන්න හදලා

    යටදොලවත්තේදී "ලක්‍ෂ 20" පත්තුවෙයි

    හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන

    සිය දෙමාපියන්ගෙන් රුපියල් ලක්‍ෂ 20 ක කප්පම් මුදලක්‌ ලබා ගැනීමට තැත් කළ 17 හැවිරිදි බාලවයස්‌කාර දියණියක හා ඇගේ පෙම්වතා බව කියන 23 හැවිරිදි තරුණයකු මතුගම යටදොලවත්ත ඉන්ධන පිරවුම්හලක්‌ අසලදී ඊයේ (6 වැනිදා) සවස 4.30 ට පමණ අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

    සැකකාර බාලවයස්‌කාරිය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බවත්, සැකකාර තරුණයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අයකු බවත් පොලිසිය කියයි.

    සැකකාර තරුණයා පෙම්වතිය සමග මතුගම, යටදොලවත්ත ඉන්ධන පිරවුම් හල අසල රබර් වත්තට ගොස්‌ සැඟවී සිට ඇත. පසුව එම තරුණයා බාලවයස්‌කාරියගේ ජංගම දුරකථනයෙන් දෙමාපියන්ට සිය දියණිය පැහැරගත් බවත්, දියණිය ලබාදීමට නම් රුපියල් ලක්‍ෂ 20 ක්‌ රැගෙන එන ලෙසත් මේ ගැන පොලිසියට පවසා තිබුණහොත් දියණියගේ ජීවිතයට අනතුරක්‌ විය හැකි බවත් අදාළ මුදල් යටදොලවත්ත ඉන්ධන පිරවුම්හලට රැගෙන එන ලෙසත් පවසා ඇත.

    ඉන් කලබල වූ එම දෙමාපියන් සිද්ධිය ගැන වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් මුදල් බෑගයක්‌ සකසා බාලවයස්‌කාරියගේ මස්‌සිනාට දී පොලිසියේ අණ අනුව ක්‍රියා කරන ලෙසට දැනුම් දී ඇත. ඒ අනුව එම බාලවයස්‌කාරියගේ මස්‌සිනා මෝටර් රථයකින් මතුගම යටදොලවත්ත ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටට ගොස්‌ ඇත. සැකකරුට අදාළ මුදල් බෑගය මස්‌සිනා දීමට සූදානම් වනවාත් සමග පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්‌ථාවේ සැකකරු පලා යන්නට හදා ඇති අතර එහිදී පොලිසිය ඔහු පසුපස පන්නා ගොස්‌ මහත් පරිශ්‍රමයක්‌ දරා වටකර අල්ලාගෙන ඇත.

    අනතුරුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් රබර් කැලයේ සිටි බාලවයස්‌කාරියද අත්අඩංගුවට ගෙන තිබේ.

    දැනට සිදුකළ පරීක්‍ෂණවලට අනුව මෙම කප්පම ගැනීමේ සැලසුම සඳහා සැකකරු හා බාලවයස්‌කාරියද සම්බන්ධ බවට හෙළිවී ඇත.

    බස්‌නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරී රොහාන් සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරිවරුන් වන ජයරත්න, නිශාන්ත සොයිසා, රොහාන් ඩයස්‌ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ වැල්ලවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර වුට්‌ලර් මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න නාගහවත්ත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමසූරිය, පොලිස්‌ සැරයන්වරුන් වන සෝමරත්න (5048), ජයතිලක (4372), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන විඡේසිංහ (7278), කුමාර (61891), සන්දනායක (60262), තිලකරත්න (70963) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

    සැකකරු හා බාලවයස්‌කාරිය පවුල් කෑමට මෙම කප්පම් මුදල ලබා ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ.


    මේ රටේ මේ වගේ කාලකන්නිත් ඉන්නවනේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තුක් විතරක් මේවගේ ළමයි.
    ඔහොම උන්ට කවදාවත් හරි යන්නේ නම් නැහැ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරු අයිඩියා එක.. සල්ලිත් අරන් ඊට පස්සෙ පැනලා යන්න හදන්න ඇත්තෙ.. අයියෝ සංසාරෙ..:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ලස්ස විස්සකින් මොනවා කරන්නද බං උ ඉගෙනගන්න හොරෙක්
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මරු අයිඩියා එක.. සල්ලිත් අරන් ඊට පස්සෙ පැනලා යන්න හදන්න ඇත්තෙ.. අයියෝ සංසාරෙ..:rofl:

    me kella sure ekatama kosthapal puncha soma balala thiyenawa.:P:P:P:rofl:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    munwa hadpu demawpiyanta k0chchara duka adda ban,elakiriyeth lamayi inna ewun athine