අපේ කාලයේ පොඩි එවුන් මෙන් නොව දැන් ඉන්න පොඩි එවුන් හෙන වෙනස්ය.අපි ඒ වෙනසට ගරු නොකල යුතු අතර අත දිගහැර කන පැලෙන්න පහරක් ගැසිය යුතුය.දැන් ඉන්න පොඩි එවුන් බොහෝමයක් පට්ට මැරයන්ය.ඔවුන් මිනී මරා ඇති අතර සමහර එවුන් ඉස්කෝලෙ ගියාට පාතාල සාමාජියිකයින් ය.ඒ අතරින් පතර කුලියට කනත්තේ මිනී වලවල් කපන එවුන්ද සිටී.හතරයි හතරෙ මිම්මට වලවල් කපනවා යැයි කියමින් බුකියේ පෝස්ට් දමන්නේ එහෙම උන්ය.මේවා ඒ දෙමාපියන්ගේ වැරදිය.තමන්ගේ සුරතල් දරු පැටවුන් වලවල් කැපීම වැනි කුලී වැඩවලට යැවීම හෙලාදැකිය යුතුය.එවැනි අහිංසක දරු පැටවුන් බේරාගැනීමට ළමා හා කාන්තා කාර්යංශයට දැනුම් දීම අප කාගේත් වගකීමකි.
කෙසේ වුවත් මෙම පාසැල් දාමරික පරපුරේ බිහිවීමට ආසන්නතම හේතුව ලෙස දැක්විය හැක්කේ කුණුහරුප මිශ්‍රිත සිංහල රැප්, සංගීත ශෛලියක් ලෙස කලඑලි බැසීමයි.ඇතැම් සිංහල රැප් ගායකයින් සිය ගායනය ආරම්භ කිරීමට ප්‍රථම ' පොඩි ළමයි අයින් කරල ලොකු එවුන් විතරක් අහන්න ' යනුවෙන් කියන්නේ මේවා ඇසූ විට පොඩි දරුවන් මැරයන් බවට පත්වන බව ඔවුන් දන්නා නිසාය.සිංහල රැප් කලාවෙන් සමාජයට දැනෙන යමක් කරන අය සිටින බව අප දනිමු.ඒත් මෙවැනි මැර සමාජයක් බිහිකිරීමට සිංහල රැප් හේතු වීම ශෝචනීය තත්ත්වයකි.බොහෝමයක් රැප් කරන අයියලා භාවිතා කරන්නේ සමාන උපකරණ කට්ටලයකි.ඒ අතර ඉදිරියෙන් අර්ධ වක්‍රාකාරව පැතලිව පලලට තැනූ කැප් එක සහිත හිස් වැස්ම සහ ඇන්ද විට දනිහෙන් පහලට වැටෙන ටී ෂර්ට් එක ප්‍රධාන තැනක් ගනී.යථෝක්ත හිස් වැස්ම ඇලේට දමාගන්නා අතර විශාල ටී ෂර්ට් එක බොහෝවිට තාත්තාගෙන් ඉල්ලා ගත් එකකි.ඊට අමතරව ගෙදර බල්ලා ගැට ගැසූ දම්වැල,නංගීගේ පාසැල් පාසැල් විවිධ ප්‍රසංගයට ගෙන ආ ඇට මාලය.බැඩ්මින්ටන් ගහන වෙලාවට අතට දමන puma මාර්ක් එක ගැසූ බූල් මෙව්වා එක එහෙම පැලඳගත් විට ප්රමාණවත්ය.ඇතැම්විට සිගරැට් එකකුත් පත්තු කරගත්තාම ඔවුන් හෙන මැර රැපර්ස්ලා ය.ඊට පස්සේ කියවන්නට පටන් ගනී.වැඩිපුරම කියන්නේ කුණුහරුප වන අතර අතරින් පතර නිග්ග,බෙයිබේ,යේ යේ,ඕ යේ වැනි ඒවාද කියයි.සමහරක් මල්ලිලා අහින්සක අපිට නිකං බැනවදී ' වැඩිය කියවන්න ආවොත් මරනවා,අපි පාතාලේ - ඔබනවා උඹලව ඇලේ' කියා බැනවදී.අනේ ඉතිං අහිංසක අපි ඕවාට බය විය යුතුය.නැත්නම් උන්ගේ පාතාල සෙට් එක අතින් මැරුම් කෑ යුතුය.මෙම නිග්ග යෝයෝවාදී සංකල්ප දරන කුඩා මැර දරුවන් විසින් රටපුරා පතුරවන මෙම භීතිකාව බාලාංශ භීෂණය වන අතර නිග්ග යෝයෝවාදය පැසිස්ට්වාදය,නාසිවාදයටත් වඩා අතිශය දරුණු සංකල්පයක් බව පෙනී යයි.
සංකල්පය දරුණු වුවද මෙම පාසැල් දාමරිකයන් හෙන අහිංසක පාටය.බොහෝමයකගේ මූණේ කිරි මයිලක්,දැලි රැවුල් කොටයක් බෙහෙතකටවත් සොයාගත නොහැක.මූණ දැක්කම සත පනහේ ලොසින්ජරයක් අරන් දී වඩාගෙන තොත්තුවක් දෙන්නට සිතේ.හරිම හුරතල්ය.නමුත් ඔවුන් හෙන මැරයන්ය.තුන්මුල්ලේ පද්මෙලා,බැද්දෙගාන සංජීවලා,චින්තක අමරසිංහලා මෙන් නොව මොවුන් මිනි මැරූ බව ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කර අපිට තර්ජනයද කරයි.පොලීසියට පොඩ්ඩක්වත් බය නැත.පොලීසියද මොවුන්ට කිසි හානියක් නොකරන්නේ ඔවුන්ගේ සුරතල් සිඟිති මූණු දුටුවිට පොලිස් නිළධාරීන්ට අනුකම්පා සිතෙන නිසා ය.නමුත් එම සුරතල් මූණ පොලීසියෙන් ගැලවීමට ඔවුන් යොදාගන්නා ලොකුම ප්‍රෝඩාව බව පොලීසියේ උදවිය නොදැන සිටීම කණගාටුවට කරුණකි.මෙම දරුණු මැරයන් අප යන එන මග තොටේදී වුවද අපට හමුවිය හැක.ඔවුන් හඳුනාගතහැකි ලක්ෂණ රැසක් උපුටා දැක්විය හැක.එනම්, ඔවුන් බොහෝවිට බස් එකේ යන්නේ බාගෙ ටිකට් එකටය.බහින තැන ආවම උස අයියා කෙනෙකුට හෝ අක්කා කෙනෙකුට කියා බෙල් එක ගසා ගනී.මොවුන් කොමඩ් එකේ වාඩිවූ විට කකුල් දෙක බිම ගෑවෙන්නේ නැත.කොන්ඩය කැපීමට සැලූන් එකට ගිය විට පුටුව උඩ තැබූ ලෑල්ල මත වාඩි වේ.මූණ හෙනම ළපටි පාටක් ගන්නා අතර රේසරයක් මූනෙ ගෑවිලාවත් නැත.ජම්බු ගහක් හීනෙන්වත් දැක නැත.කටහඬ සුරතල් ය.එහෙත් පට්ට මැරයන් ය.
අපේ කාලයේ පොඩි උන් බොහෝවිට සිංදු ලෙස කීවේ උත්තම මුණි දළදා,අයන්න කියන්න ලොවටම ඇහෙන්න,හෙළ ජාතික අභිමානේ,මගේ පුංචි බලු රාලේ,කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන,මුනි සිරිපා වැනි ගීත බව අපට මතකය.නමුත් දැන් ඉන්නා මැර ළමා පරපුර සිංදු ලෙස කියන්නේ ' අහසෙ දෙවියො නෑ හු*තෝ,අපි පොළවෙ කැ*යෝ,අරින්න හදන්නෙපා හු*තො අපෙන්ම කාලා,අපි පාතාලේ මැරයෝ,තොපි කපල මරනෝ,එකෙක්වත් ලොකු නෑ හු*තෝ.ටොක්කට ටොක්ක පko.වැනි තර්ජනාත්ම ප්‍රකාශයන් ය.අතීතයේ වලියක් ආරම්භ වීමට ප්‍රථම හුවමාරු වන මෙවැනි වදන් වර්තමානයේ ගීත ලෙස ගැයීමෙන්ම මොවුන් කෙතරම් භීෂණකාරී දාමරිකයන්ද යන්න පසක් වේ.
මෙම පාසැල් මැරයන් බොහෝවිට සෙල්ෆි ගසා බුකියට දමයි.ඒවායේ රැප් ඩෑල් වගේ පොඩි කිටක් මරා කාගෙහරි සන්ග්ලාස් එකක් ඉල්ලාගෙන කට උල් කරගෙන ගැසූ අතිශය සුකොමාල ස්වරූපයක් දැකගත හැකිය.නමුත් ඒවා අප්ලෝඩ් කරද්දී ෆොටෝ එක සමග දමන ඔවුන්ගේ උදාන වාක්‍යය අපව භීතියෙන් ඇලලීමට සමත් අතිශය දරුණු ප්රකාශයන්ය.බොහෝවිට තර්ජනාත්මක වදන් පවතී.ඇතැම් මැරයන් පාසල් යන අතරතුර ලබාගත් ඡායාරූප බුකියට දමා අපව බිය වැද්දීමට තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරයි.'අපි පාතාලෙ ඩෝ එන්න එපා මරනෝ තොපි.හතරයි හතර මිම්මට වල කපන්නෙ තොගෙ' වැනි ඒවා කියා නිකරුණේ භීෂණය පතුරවයි.ඇතැම් මැරයන් ජොකා අස්සෙ ෆෝන් එක දමාගෙන ඉස්කෝලෙට ගෙනයන අතර ඔවුන් පාසල් වේලාව තුලද බුකියේ භීෂණය පතුරවයි.කෙසේ වුවත් සවස 1.30න් පසුව බුකිය තුලට සියළුම මැරයින් කඩාවදින බැවින් අප අපගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුය.අධික ලෙස පාසැල් මැරයන් බුකියට පැමිණිමත් ඔවුන් අතිශය දරුණු වීමත් නිසා ප.ව. 1.30න් පසු බුකියේ ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකා පොලීසියට සහයෝගය දැක්වීමට රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් ද තීරණය කර ඇත.ඒ සඳහා රුසියානු ග්රාමාරක්ෂක නිළධාරීන් 3 දෙනෙකුගේ බළඇණියක් බුකිගත කල බව පුටින් මහතා ඊයෙ රෑ පොලිස්පතිට දැනුම් දී ඇත.
සාමාන්‍යයෙන් පාසැල් මැරයන්ට කෙල්ලන් පෙන්නන්නට බැරිය.ඔවුන් කෙල්ලන්ව සත 5කට ගනන් නොගනී.ඒ බව සනාථ වන්නේ 'උඹේ ඔය 64 මගේ ළඟ පදිරි' වැනි ඔවුන්ගේ ප්රකාශයන්ගෙනි.ඔවුන් හැමවිටම කෙල්ලන් පජාත කරමින් ටෝක්ස් දමන අතර වැරදීමකින් හෝ කෙල්ලෙක් ෆීලිංග් සෑඩ් කියා status එකක් දැම්මොත් අතිශය සදාදරණීය ලෙස 'මොකද උනේ නංගියෝ' ඇයි නංගියෝ ඔයා දුකින් ආදී වශයෙන් කෙල්ලන්ව සැනසවීමට යන්නේ ඔවුන්ගේ හද්ද පැණි ගතිය නිසා නොව කෙල්ලන් පව් යැයි සිතීමෙන් ඔවුන්ගේ සිත්වල ඇතිවන අනුකම්පාව නිසාය.
ඉස්සර පොඩ් එකෙක්ගෙන් අනාගතේ කවුරු වෙන්න ආසදැයි ඇසූ විට උන් කියන්නේ ඩොක්ටර් කෙනෙක්,ඉන්ජිනේරුවෙක් හෝ රටට වැඩදායී පුද්ගලයෙක් වැනි දේවල් වුවත් දැන් ඉන්න එවුන් කියන්නේ රියල් ගැස්ටෙක් වෙනෝ බ්‍රෝ.අපි ඉතිං සදා පාතාලෙ තමයි බ්‍රෝ වැනි දේවල් ය.අපි ඒ වෙනසට ගරු කල යුතුය.නැත්නම් මේ මැරයන් අපිට හිංසා කරනු ඇත.අම්මාගෙන් සල්ලි ඉල්ලාගෙන ෆේස්බුක් ඇවිත් පොරටොක් දෙන,අම්ම උදේට ඔතල දෙන බත් එකත් අරන් ඉස්කොලෙ යන ගමන් කුණුහරුප කියා මැරයන් වන 1999න් පසු උපන් චූටි පුතාලට අපි සෑහෙන්න බිය වී සිටිමු.මුන්ගේ ඇඟවල් පේන්නේ ටී ෂර්ට් එක hanger එකේ එල්ලුවාක් මෙනි.අතපය බෝංචි කරල් වැනිය.උන් කවදා හෝ ලොකු එවුන් වන බව සත්‍යකි.එහෙත් කුඩා කාලයේ පොඩි එවුන් විදියට සිටිය යුතුය.කඩුවක් තුවක්කුවක් උස්සාගැනිමට පණක් නැති,ප්‍රින්සිපල් දැක්කම කලිසමේ ගූ යන හුජ්ජ කොල්ලන් පාතාල ටෝක්ස් දෙද්දී අපට පුKනුත් හිනා යන බව පැවසීය යුතුය.
මෙවැනි පෝස්ටුවක් මා පළකලේද මෙම මැරයන්ට අධික භීතියෙන් බව සඳහන් කල යුතුය.හෙට සිට පිටුවෙහි පෝස්ට් නොවැටුනහොත් මා පාසැල් දාමරිකයෙකුගේ ම්ලෙච්ඡ වෙඩි පහරකින් මියගොස් ඇති බව සලකන්න.
(සිංහල රැප් කලාව මගින් සමාජයට දැනෙන යමක් කරන, සමාජයේ වැරදි පෙන්වා කලාවට අර්ථයක් එක් කරන අයට නොව කුණුහරුප ටිකක් සමග ඕ යේ යේ ගාන 8-9 පන්තිවල මහා දාමරිකයන් පමණක් උපහාසයට ලක් කල බව කිව යුතුය.කාටවත් රිදෙන්නට නොව කාටත් හැදෙන්නට දැමූ පෝස්ටුවකි.)






