ඔය කුහක මානසිකත්වය නිසා තමයි බන් සිංහලු දියුණු වෙන්නේ නැත්තේ. ඉස්සර නිදහස් අධ්‍යාපන ක්‍රමය ඇති කරනකොට මිනිස්සු කිව්වේ දැන් අපිට වත්තේ පොල් ගෙඩියක් කඩාගන්න එකෙක්වත් නැති වෙයි කියලයි. ඊරිෂීයාව බන් තියෙන්නේ, ඊරිෂීයාව තියෙන්නේ අපේ උන්ගේ, වෙන මොකක් වත් නෙවෙයි. උපාධියක අරමුණ ජොබ් එකක් කරන එකම නෙවෙයි, අළුත් දෙයක් ඉගෙන ගන්න එකයි, බුද්ධිය වර්ධනය කරගන්න එකයි, නව නිර්මාණ බිහිකරන එකයි, තියෙන දැනුම වර්ධනය කරගන්න එකයි. රටේ උගත්තු වැඩි වෙනකොට, ඒ සමගම බුද්ධිමතුන් වැඩි වෙනවා මොකද මොනවා හරි ඉගෙන ගන්න කොට ඒකෙන් බුද්ධිය වර්ධනය වෙන නිසා. උගත්තු/බුද්ධිමතුන් වැඩි වෙනකොට, මිනිස්සු බුද්ධිමතුන් පාලකයෝ විදියට පත්කරගන්නවා, ඊට පස්සේ මේ බුද්ධිමතුන් රට සංවර්ධනය කරනවා. මේක තමයි අපේ රටෙයි, බටහිරයි වෙනස. අපේ රටේ බුද්ධිමතුන්/උගත්තු අඩුයි, මොකද මිනිස්සුන්ට ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරලා තියෙන්නේ. අපේ රටේ නූගතුන් වැඩියි ඒක නිසා පත්වෙන පාලකයෝ රට මෝඩයා කරගෙන කරගෙන යනවා, ඒක නිසා තමයි ලංකාවේ දූෂණයත් වැඩියි. මම කරන්නෙත් ප්‍රයිවට් ඩිග්‍රි එකක් , මම ඒක කරන කොට දැක්ක දෙයක් තමයි, A/L වලින් අඩු රිසාල්ට් අරගෙන මේක කරන්න එන ගොඩක් උන් අදක්ෂයෝ නෙවෙයි, ගොඩක් උන්ට වැඩ පුලුවන්, නමුත් A/L විෂය නිර්දේශය යල් පැන ගිය ක්‍රමයක් නිසා, විශ්ව විද්‍යායලට ගන්න කොට අධික පෙරීමක් කරන නිසා ඒකෙන් ගොඩක් දක්ෂ උන්ට ගොඩ එන්න අමාරුයි.