බැංකුවට-යන්න-කලින්
බැංකුවට යන්න කලින් මේ ගැන දැනගෙන යන්න
බැංකුවල ගනුදෙනුකරුවන් ලෙස ඔබ ඔබගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්ද? ඔබ බලාපොරොත්තු වන ආකාරයේ සාධාරණ බැංකු සේවාවක් ඔබට හිමි වෙනවාද? ඔබ සතු පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්වීම ගනුදෙනුකරුවකු වශයෙන් ඔබ සතු වගකීමකි.බැංකු ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම, ගනුදෙනුකරුවන් හා බැංකුව අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම හා බැංකු පද්ධතිය පිළිබඳ විශ්වසනීය බව වැඩි දියුණු කිරීම හරහා බැංකු පද්ධතියේ වර්ධනය හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප්රඥප්තිය පහත දැක්වෙන කරුණුවලින් සමන්විතව 2011 වසරේදී නිකුත් කෙරිණි.
* බැංකුවක් විසින් සපයනු ලබන සේවා පිළිබඳ නිවැරැදි තොරතුරු ලබා ගැනීමට සහ ඒවායින් උපරිම ප්රතිලාභ ලැබීමට ගනුදෙනුකරුවන්ට අයිතියක් ඇත. ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බලපත්‍රලාභී බැංකු සැමවිටම වගබලා ගත යුතු අතර බැංකුවේ සියලුම සේවකයන්ගෙන් ඒ සඳහා කටයුතු කරන බවට ලිඛිත තහවුරුවක් බැංකු විසින් ලබාගත යුතුය. ඒ අනුව පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බැංකු විසින් පහත ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබිය යුතුය.
*බැංකු විසින් සපයනු ලබන සේවා පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සපයමින් සහ මූල්‍යමය ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් ඒවා තේරුම් ගැනීමට බැංකු පාරිභෝගිකයන්ට සහාය විය යුතුය.
*බැංකු සේවාවල ප්‍රධාන ලක්ෂණ පිළිබඳ සරල බසින් ලියන ලද විස්තර පත්‍රිකා ගනුදෙනුකරුවන්ට ලබාදිය යුතුය.
* ගනුදෙනුකරුවන්ට එම විස්තර පත්‍රිකා සිංහල, දෙමළ සහ ඉංගී්රසි යන මාධ්‍යයන් 3 අතරෙන් තමන් කැමැති මාධ්‍යයකින් ලබාගත හැකි විය යුතුය.
*මෙම පත්‍රිකාවල අවම වශයෙන් බැංකු සේවාව පිළිබඳ විස්තරයක්, ගනුදෙනුකරුවන්ට ලැබෙන මූල්‍ය සහ අනෙකුත් ප්රතිලාභ, අයකරනු ලබන ගාස්තු සහ කොමිස්, පොලිය, ප්‍රධාන නියමයන් සහ කොන්දේසි, ගනුදෙනුකරු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි සහ ගනුදෙනුකරුවන්ට පැමිණිලි සිදුකළ හැකි පොදු ක්‍රියාපටිපාටිය පිළිබඳ විස්තර ඇතුළත් විය යුතුය.
*බැංකු ගනුදෙනුකරුවන් නොමඟ යවන සුලු ප්‍රචාර සිදු නොකළ යුතුය.
*වැඩිහිටි, ආබාධිත හෝ මූල්‍ය කටයුතු පිළිබඳ අඩු අවබෝධයක් ඇති ගනුදෙනුකරුවන්ට බැංකු පහසුකම් ලබා ගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කළ යුතුය.
*බැංකු ගනුදෙනු කරන වේලාවන් සහ දිනයන් සියලුම ණය යෝජනා ක්‍රම හා විදේශ විනිමය මිලට ගැනීමේ හා විකිණීමේ දැනට පවතින අනුපාත, බැංකුවේ ණය ශේ්‍රණිය සහ එයට පාදක වූ නිර්ණායකයන් යනාදී තොරතුරු සියලුම බැංකුවල ප්‍රධාන කර්යාල සහ ශාඛාවල පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතුය.
*බැංකු සේවා සැපයීමේදී තොරතුරු වසන් කිරීමකින් තොරව සාධාරණ හා යුක්ති සහගත ලෙස කටයුතු කරන බවටද, තම කාර්ය මණ්ඩලය ආචාර ධර්ම සංග්‍රහයට අනුව කටයුතු කරන බවටද බැංකු වගබලා ගත යුතුය.
*අක්‍රිය ගණයට පත්වූ ණය ගිණුම් හෝ අනෙකුත් සේවාවන්හි ගනුදෙනු හා ශේෂයන් පිළිබඳ ප්රකාශනයක් සෑම කාලච්ඡේදයකටම වරක් ගනුදෙනුකරු වෙත කැමැති මාධ්‍යයකින් යැවිය යුතු අතර, ණය කාඩ්පත් සම්බන්ධයෙන් තොරතුරු ණය කාඩ්පත් ප්රකාශනයේ සඳහන් විය යුතුය.
*දැනට ගිවිසුම්ගත තැන්පතු ක්‍රමයක් වැනි සේවාවක් අත්හිටුවීමට හෝ ඉන් ඉවත් වීමට යම් බැංකුවක් අදහස් කරන්නේ නම් කල් ඇතිව හෙළිදරවු කරන ලද වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් ද සමඟ ගනුදෙනුකරුට සාධාරණ කාලයක් ලබාදිය යුතුය.
බැංකු සේවා ලබා ගැනීමේදී ඔබට දැනගැනීමට අයිතියක් ඇති තොරතුරු
*පොලිය ගණනය කිරීමේ ආකාරයද ඇතුළත්ව ගනුදෙනුකරුවන් ගෙවිය යුතු පොලී අනුපාත ගාස්තු හා කොමිස් ආදී සාමාන්‍ය බැංකු අයකිරීම් පිළිබඳ විස්තර.
*පැමිණිලි භාර ගැනීම සහ නිරාකරණය කිරීම සඳහා බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රමවේදය.
* ගනුදෙනුකරුවන්ට තම ගෙවීම් සිදුකළ නොහැකි වන අවස්ථාවලදී බැංකුව විසින් අයකරනු ලබන ගාස්තු පිළිබඳ තොරතුරු.
*බැංකුව විසින් සපයන ලද සේවාවකින් කල්පිරීමට ප්‍රථම ඉවත් වන්නේ, කරන්නේ හෝ අවසන් කරන්නේ නම් ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු ගාස්තු හා අයකිරීම් පිළිබඳ විස්තර.
* ගිණුමක් විවෘත කිරීමේදී, වසා දැමීමේදී, පවත්වා ගැනීමේදී (උදා - අවම ශේෂයන් පටන් ගැනීම). අරමුදල් මාරු කිරීමේදී අදාළ කොන්දේසි හා අත්හැර දැමූ දේපොළ හා අක්‍රිය ගිණුම් පිළිබඳ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි.
*අවශ්‍ය අවස්ථාවලදී නීත්‍යනුකූලව අවසරලත් පාර්ශ්වයකට ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනාවරණය කෙරෙන ආකාරය.
* ගනුදෙනුකරුවකුගේ මූල්‍ය උපකරණ/කාඩ්පත් සොරකම් කරනු ලැබූ විට හෝ අස්ථානගත වූ විට එය දැනුම් දීමේදී ගනුදෙනුකරු විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත.
*ණයක් සඳහා සුරැකුමක් ලෙස රඳවාගත් දේපොළක් අත්පත් කර ගැනීමට බැංකුව ගන්නා ක්‍රියාමාර්ග, එමඟින් ගනුදෙනුකරුට ඇති වන අහිතකර තත්ත්වයන් සහ ඔහුට/ඇයට එය වළක්වා ගැනීම සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග.
*බලපත්‍රලාභී බැංකු විසින් පාරිභෝගික සේවා සඳහා පත්කරන ලද නියෝජිතයන්ගේ විස්තර සහ බැංකු විසින් ඔවුන්ට පනවනු ලැබ ඇති ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ විස්තරය.
පාරිභෝගික පැමිණිලි සහ සහන ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය
විනිවිද භාවයකින් යුතුව සහ ඵලදායී අයුරින් තම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට ගනුදෙනුකරුවන් හට අයිතියක් ඇත. ඒ අනුව බැංකු ගනුදෙනුකරුවන් සහ බැංකු අතර ආරවුල් ඉක්මනින් සහ ඵලදායී ලෙස නිරාකරණය කිරීමේ ක්‍රමවේදයක් පහත මූලිකාංග ද ඇතුළත්ව බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතුය.
*පැමිණිලි භාර ගැනීම හා ඒවා විසඳීමට ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලිඛිත ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය.
*ලිඛිතව මෙන්ම වාචිකව පැමිණිලි කිරීමට පහසුකම් සැපයිය යුතු අතර ලිඛිතවම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට බල නොකළ යුතුය.
*පැමිණිල්ල ලැබුණු බවට සාධාරණ කෙටි කාලයකදී ගනුදෙනුකරුට ලිඛිතව දැනුම්දිය යුතු අතර එය නිරාකරණය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග සහ බැංකුව විසින් ගැටලු විසඳීමට පත්කරන ලද නිලධාරීන්ගේ ඇමතුම් විස්තර ලබාදිය යුතුය.
*සෑම ශාඛාවකම හෝ කාර්යාලයකම පැමිණිලි විසඳීම සහ කළමනාකරණ තොරතුරු සැපයීම සඳහා නිලධාරියකු පත්කළ යුතුය.
*තමන්ට සෑහීමකට පත්විය හැකි ලෙස පැමිණිල්ල නිරාකරණය නොවූයේ නම් මූල්‍ය කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරයා මාර්ගයෙන් හෝ අධිකරණය මාර්ගයෙන් හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ගනුදෙනුකරුට උපදෙස් ලබාදිය යුතුය.
ගනුදෙනුකරුවන්ගේ වගකීම්
ගනුදෙනුකරුවකු වශයෙන් ඔබ පහත සඳහන් වගකීම් නිසි පරිදි ඉටු කරමින් බැංකු සමඟ මනා සම්බන්ධතාව වර්ධනය කරගත යුතුය.
* ගනුදෙනුකරුවන් තමන්ට දැරිය හැකි ණය ආපසු ගෙවීමේ සීමාව ඉක්මවා ණය ලබානොගත යුතුය.
* ගනුදෙනුකරුවන් සිය ගෙවීම් හා වාරික හිඟ හිටි තත්ත්වයට පත් වීමට ඉඩ නොතැබිය යුතු අතර, අප්‍රමාදව ගෙවීම් සිදුකිරීම මඟින් බැංකු සමඟ යහපත් සම්බන්ධතාවන් පවත්වාගත යුතුය.
* ගනුදෙනුකරුවකුට ඔහුගේ/ඇයගේ ණය මුදල, ණය කාලසීමාව අවසන් වීමට පෙර ගෙවා නිම කිරීමට අවශ්‍ය වන්නේ නම් ණය මුදල ලබාගන්නා අවස්ථාවේදී එකඟ වූ පරිදි ණය මුදල මත ගණනය කරනු ලබන ගෙවීමකට යටත්ව එය සිදුකළ යුතුය.
* ගනුදෙනුකරුවකුට ඔහුගේ/ඇයගේ හිඟ ණය මුදල් පොරොන්දු වූ පරිදි ආපසු ගෙවීමට නොහැකි නම බැංකුවේ නියමයන් සහ කොන්දේසිවල සඳහන් පරිදි බැංකුවේ වියදම් ද ඇතුළුව ලැබිය යුතු මුදල අයකර ගැනීමට බැංකුවට අයිතියක් ඇත.
* ගනුදෙනුකරුවකුට යම්කිසි හෝ මූල්‍ය අපහසුතාවක් පැන නැඟුණු විටකදී හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් බැංකුව දැනුවත් කළ යුතුය.
* ගනුදෙනුකරුවන් ගෙවීම් පැහැර හරින ලද අවස්ථාවකදී බැංකුව විසින් ගනු ලබන පළමු ක්‍රියාමාර්ගය වන්නේ පාරිභෝගිකයා ඇමතීමයි. මේ අනුව ගනුදෙනුකරු ඔහුගේ/ඇයගේ ලිපිනයේ හෝ අනෙකුත් සම්බන්ධ කරගත හැකි තොරතුරුවල වෙනසක් සිදුවුවහොත් ඒ පිළිබඳ බැංකුව දැනුවත් කළ යුතුය.
* ගිවිසුමට එළැඹීමට පෙර බැංකුව විසින් සපයනු ලබන සියලු සේවා පිළිබඳ පූර්ණ දැනුමක් හා අවබෝධයක් ගනුදෙනුකරු සතු විය යුතුය.
* ගනුදෙනුකරුවන් අදාළ අයැදුම්පත් සහ අනෙකුත් අවශ්‍ය ලියකියවිලි නිසි පරිදි සම්පූර්ණ කොට අප්‍රමාදව ඉදිරිපත් කළ යුතුය.
* ගනුදෙනුකරුවන් බැංකු සමඟ සිදුකරන සියලු ගනුදෙනුවලදී සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතුය.
*ඕනෑම වංචනික ගනුදෙනුවක් හෝ එවැනි වෑයමක් දැනගත් අවස්ථාවකදී, ගනුදෙනුකරුවන් ඒ පිළිබඳ වහාම බැංකුව දැනුවත් කළ යුතුය.
* ගනුදෙනුකරුවන්, බැංකු විසින් නිකුත් කරනු ලබන විද්‍යුත් කාඩ්පත් භාවිතයේදී සහ ළඟ තබා ගැනීමේදී ඒවායේ රහස්‍ය අංක සහ ආරක්ෂිත මිනුම් දඬු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
බැංකු පද්ධතියේ නියාමකයන් වශයෙන් පාරිභෝගික ප්රඥප්තිය නිවැරැදිව ක්‍රියාවට නැංවීම පිළිබඳ අපගේ නිරන්තර අවධානය යොමු වන අතර, බැංකු සහ බැංකු ගනුදෙනුකරුවන් ඔවුනොවුන් සතු වගකීම් පිළිබඳ දැනුවත් එම වගකීම් මනාව ඉටු කිරීම තුළින් වඩා ඵලදායී බැංකු සේවාවක් බිහි කිරීමට දායක වනු ඇති බව අපගේ අපේක්ෂාවයි.