දැන් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් සහ FD වලට 2.5% tax එකක් ගහනව වගේ අදාල කාලය අනුව..
සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වල පොලිය මාස් පතා ලැබෙන නිසා හැම මාසෙම ඒකෙන් 2.5% tax කපා ගන්නව FD වලින් මාස 3,6,12 + විදියට කල් පිරෙනකොට ඔය බද්ද කපාගන්නව ඇති..

මේ මගේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමෙන් කැපිච්ච හැටි FD එක ගැන තාම දන්නෙ නෑ

ඉස්සර FD + Normal Savings වලට අවුරුද්දකට ලැබෙන පොලිය ලක්ෂ 5 කට අඩුනම් (මාසෙකට 41666 කට අඩුනම්) Tax 0% කිසිම ගානක් කපාගත්තෙ නෑ දන්න විදියට අපි බැංකුවට Tax Declaration එකක් දුන්නොත්..
දැන් ඒ කියන්නෙ ලංකාවේ කවුරු හරි බැංකු ගිණුමක් පටන් ගත්තොත් ඒ හැම කෙනාගෙන්ම මාසෙකට කීයක් හරි කපාගන්නව

කෑම බීම හැම දෙයකටම බදු ගහන එකේ අමාරුවෙන් ඉතුරු කරන සල්ලි වලිනුත් කීයක් හරි මාස් පතා කපාගත්තට කමක් නෑ කියල සමහරු හිතනවද මන්ද?

ටොයි බයි රතු අයියල හෑමෝටම වැදගත් වෙයි කියල හිතලයි දැම්මෙ



