බැංකොක් නුවරට අවධානමක්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බැංකොක් නුවරට අවධානමක්

    බැංකොක් නුවරට ජල රකුසා කඩා වැදීමේ අවධානමක් පවතිනවා.

    විදෙස් මාධ්‍ය වාර්තාකළේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් කර ඇති බවයි.

    r-THAI-FLOODS-large570.jpg


    උතුරු දිග තායිලන්තයේ ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ජනතාවට උස්බිම් කරා යන ලෙස දන්වා තිබුණා.
    මෙම දශකය පුරා එරට සිදුවූ ජල ගැලීම් හේතුවෙන් මෙතෙක් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 300ක්.
    එරට හමුදා සහ ස්වේච්ඡා සේවකයින් ජනතාවට සහන සැළසීම සඳහා මේවනවිටත් ඉදිරිපත්වී සිටිනවා.


    800_thai_flood_prep_ap_111014.jpg

    නමුත් ජලගැලීම් පාලනය කිරීම සඳහා ඔවුන් ගන්නා උත්සාහය නිෂ්ඵලවේ යැයි බියක් පවතිනවා.
    "සූදානම්වෙන්න" ඒ පසුගිය අගෝස්තුවේ එරට අග්‍රාමාත්‍යධූරයට පත් යිංලක් ෂිනෙවත්‍රා මහත්මියගේ ඉල්ලීමයි.

    bangkokflood12oct.jpg
    thailand-floods-unesco-eating_41928_600x450.jpg


    උද්ගතව ඇති තත්වය පාලනය කිරීම සදහා රජය ගන්නා වෑයම දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
    නමුත් අග්‍රාමාත්‍යවරිය පවසන්නේ රජය පත්වූ දා සිට අර්බුදවලින් අඩුවක් නොවූ බවයි.
     
    • Like
    Reactions: sudumalli2009

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    r-THAILAND-FLOODS-2011-BANGKOK-large570.jpg
    water-2.jpg


    මේ අතර තායි ගුවන් හමුදාව ‍බැංකොක් නුවරින් උතුරේ පිහිටි ඩොන් මුඅංගි ගුවන් තොටුපළේ තිබූ සිය යානා කිහිපයක්ද එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව වාර්තා වුණා.

    thailand_flooding_33.jpg


    ප්‍රධාන පෙළේ ඇල මාර්ගයක් වූ රැංග්සිට් වෙත කියුබික් මීටර බිලියන 1.2ක ජල ධාරාවක් බලාපොරොත්තු වෙනවා.
    උස් ප්‍රදේශකරා ගමන් කරන ලෙස ජනතාවට දැනුම්දී තිබෙන්නේ ඒ අනුවයි.
    අවතැන්වන ජනතාව සඳහා තාවකාලික ස්ථාන සූදානම් කර අවසන්.


    thailand-floods99-460x307.jpg


    ජලගැලීම් පාලනය කිරීම සඳහා වැලිකොට්ටා යොදමින් සිටින අතර බලධාරීන් පවසන්නේ ඒ සඳහා තවත්
    මෙවැනි වැලිකොට්ට මිලියන දෙකක් අවශ්‍ය බවයි.


    thailand-floods-afp.jpg


    මේ අතර කර්මාන්ත ශාලා වසා දැමීම නිසා දහස් ගණනකට තාවකාලිකව රැකියා අහිමිවී තිබෙනවා.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    "Isaan" wala samahara ayage geval masayak withara wage yata wela, water level eka bahinna thawa masayak wage yanavalu :(