බැති සිතින් ඔබ සැමට කෙරෙන ආරාධනයයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room



    වන්දනීය නෙලුම් මාතා 🙏








    පූජණීය නෙළුම් කුළුණ වන්දනා චාරිකාව.. 🙏



    කුරුණෑගලින් පිටත් වීම පෙ .ව 6.00 ට අතිගරු මහින්ද රජතුමා විසින් ඉදිකල කුරුනෑගල - මීරිගම අධීවේගී මාර්ගය වන්දනා
    🙏
    කරමින් ගමන් කරනු ලැබේ..


    පෙ.ව 9.00 ට පූජණීය නෙළුම් කුළුණ අසලට ලඟා වෙන අතර උදෑසන ආහාරය සඳහා පූජණීය නෙළුම් කුළුන පාදම ආසන්නයේදී කිරිබත් ලෑස්ති කර ඇත..

    උදෑසන කිරිබත් අනුභවයෙන් පසු පූජණීය නෙළුම් කුළුණ වන්දනා
    🙏
    කිරීම සඳහා අවස්ථාව සැළසේ...

    එක් වතාවක් පූජණීය නෙළුම් කුළුණ වන්දනා කිරීමට කැමති බැතිමතුන්ට රු. 500/- ක් ගෙවා වන්දනා මාන කල හැක..

    දැඩි භක්තියෙන් යුතුව අසීමිත වාර ගණනක් පූජණීය නෙළුම් කුළුණ වන්දනා කිරීමට සැදී පැහැදී සිටින බයි බැතිමතුන්ට රු. 2000/- ක මුදලක් ගෙවා සාදු කාර දෙමින් වන්දනාභිමාන කළ හැක... ඔවුන් සදහා නෙළුම් පොහොට්ටු මල් වට්ටියක් ද නොමිලේ සූදානම් කර ඇත..

    අසීමිත වාර ගණනක් පූජණීය නෙළුම් කුළුණ වන්දනාමාන කරගෙන පැමිණෙන බැතිමතුන් එන තෙක් එක්වරක් වන්දනා කර සිටින බැතිමතුන්ට ඒ අසල ඇති බේරේ වැවේ බෝට්ටු සවාරියක් යා හැකි අතර අවශ්‍යනම් ජළ ක්‍රීඩා කල හැක ඒ සඳහා රු.100/- පමණක් අය කෙරේ..

    නැවත සවස 3.30 ට පූජණීය නෙළුම් කුළුණ අසලින් බස් රථය කුරුනෑගල දක්වා පිටත්වන අතර ...

    බස් රථයට වේලාවට නොපැමින බේරේ වැවේ ජළක්‍රීඩා කරමින් සිටින බැතිමතුන් එනතුරු බස් රථය රැදී නොසිටින බව කරුණාවෙන් දැනුම් දෙමි. ( ඔවුන්ට එදා ... මෙන් කුමන වාහනයක හෝ එල්ලී නිවසට ලගාවීමට සිදුවේ )

    උදෑසන හා දිවා ආහාරය සමඟ එක් බැතිමතෙකු සඳහා බස් රථයට අය කිරීම රු. 2500/- කි .

    කුරුනෑගලින් පිටත්වීම සැප්තැම්බර් 15 දින උදැසන 6.00 ට







    pxpDKvn.jpg