බැදුම්කරේ වං හුං UPDATING...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බැදුම්කරේ වං හුං UPDATING...

    බැදුම්කරේ වං හුං...

    ranil-e1522248299562.jpg


    රටම අවධානයෙන් බලන් ඉන්න අගමැති රනිල්ට විරුද්ධව විශ්වාස භංගය විවාදයට ගන්නේ අද....
    ලංකාවේ සියලූම ක්‍ෂෙත‍්‍රයන් අකර්මන්‍යවෙලා... දේශපාලන ඉතිහාසයේ අතිශයින්ම ජන අප‍්‍රසාදයට පත් වූ දේශපාලනඥයා රනිල්... රනිල් සෑම අවස්ථාවකම දේශපාලන පිටියේ බල්ටි ගැහුවේ කාට හෝ වාරු වීය... නැත්තං පුංචි ගේමක් ගසා ය.... අද තිබෙන විශ්වාසභංගය සම්බන්ධව ද බොහෝ විට යම් කිසි ගේමක් ගැසීමට රනිල් උත්සහා නොකළහොත් පුදුමය... බැදුම්කර මගඩියෙන් වාසි ලැබුවේ අතලොස්සකි... නමුදු ඊට එරෙහිව එන විශ්වාසභංගයෙන් බොහෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රන්ගේ මල්ල තර වී ඇත... බොහෝ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රට ගැන නොහිතා තමන්ට ලැබෙන ලංසුවට ඉව අල්ලන බව තතු දත් ආරංචි මාර්ග පවසති... විශේෂයෙන් සුඵ පක්ෂ යැයි සම්මත පක්ෂවල මන්තී්‍්‍රවරුන් කෙලින්ම ඞීල් එකට බැස අවසානය... මහ ගල් රැකීමට සක්ක ගල් අවශ්‍ය යැයි ඇති මතය වඩාත් තහවුරු වන්නේ මෙවැනි සිදුවීම්වලින්ය...

    බැදුම්කරේ වං හුං වල වර්තමාන තත්වය...

    පාර්ලිමේන්තුවේ සංයුතිය

    image.jpg


    එජාප කල්ලිය...

    එජාපයේ බහුතර මන්තී‍්‍රවරුන්ගේ මතය රනිල් ඉල්ලා අස්විය යුතු බවය. කෙසේ වෙතත් එජාපයේ බහුතර මන්තී‍්‍රවරුන්ගේ මතයට වඩා මෙතෙක් කි‍්‍රයාත්මක වූයේ රෝයල් කල්ලිය නැමති අතලොස්සකගේ මතය බැවින් බහුතර කැමැත්ත පුස්සක් වී ඇත. කෙසේ වෙතත් රනිල්ට විශ්වාසය පළ කරමින් අත්සන් කර ඇත්තේ 78 ක් බව ආරංචි මාර්ග පවසයි. 28 දෙනෙක් සම්බන්ධව ඇත්තේ විචිකිච්ඡුාවකි. රතන හිමියන් මේ වන විට පැහැදිලිව ඉන්නේ විශ්වාසභංගයට පක්ෂවය.. රංගේ හා සේනානයක ඉන්නේ වැට උඩය... ඉතිරි 25 දෙනා මේ වන විට මුනිවත රකිමින් සිටිති... පොහොට්ටුව ප‍්‍රකාශ කරන්නේ එජාපයේ 10 - 20 ත් අතර ප‍්‍රමාණයක් ඔවුන් සමග සිටින බවකි.... ඊයේ හවස රනිල් කඩිමුඩියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ විශ්වාසභංගයෙන් පසුව එජාපයේ පැහැදිලි වෙනසක් කරන බවකි. එය අපේ‍්‍රල් 30 ට පෙර කරන බවට පොරොන්දුවක් ද දී ඇත... මෙයත් සාමාන්‍යයෙන් රනිල් ගසනා ගැටවලින් තවත් එකක් විය හැකිද...?

    මෛතී‍්‍ර කල්ලිය...

    මෛතී‍්‍ර කල්ලිය ගලේ පැහැරු බළලූන් මෙන් කුජීත වී සිටිති. පසුගිය මැතිවරණයේ දී යූන්ඇන්පිය පතුරු ගැසීමට භාවිතා කළේ බැදුම්කරු හොරු යන වචනයය... මෛතී‍්‍රට එය දැන් පාරා වලල්ලක් වී ඇත... මන්ද යත් විශ්වාස භංගයේ එක් කරුණක් හැර අනෙක් සියලූම කරුණු බැදී ඇත්තේ බැදුම්කරය සම්බන්ධයෙනි... එබැවින් රනිල්ට පක්ෂ වීමට ඔවුන්ට වුවමනාව තිබ්බත් දැන් එය කළ නොහැකි තත්වයකට පත්ව සිටිති... මෛතී‍්‍ර කල්ලිය කියන්නේ රනිල් ඉල්ලා අස්වන්නේ නම් තමන් නිහඩ වන බවකි... ඒ ගැලවිජ්ජාවට තටමන තැටමිල්ලකි... කෙසේ වෙතත් දුමින්ද ඇතුඵ කීප දෙනෙක් මේ සදහා දැඩිව විරුද්ධව සිටින බව නොරහසකි... මන්ද යත් ඉදිරියේ දී ඔවුන්ට යන එන මං නැතිවන තත්වයක් උද්ගතව ඇති බැවිනි... ඇතැම් විට තීරණාත්මක අවස්ථාවක රනිල් වෙනුවෙන් අත එසවීමට ද ඔවුන් සූදානම් වුවහොත් පුදුමයක් නැත....

    මහින්ද කල්ලිය...

    මහින්ද කල්ලියට රනිල් පැරදුණත් දිනුවත් අවුලක් නැත... මන්ද යත් විශ්වාසභංගයෙන් දිනන්නේ ඔවුන්ය... යහපාලන දීගය කඩා ඉහිරවීමට ඔවුන් මේ වන විටත් සමත් වී ඇත.. කෙසේ වෙතත් බැසිල් කියන්නේ විශ්වාසභාංගය ඔවුන්ට අවාසිදායක බවකි... ඊළග මැතිවරණය තෙක් රනිල්ව තියා ගැනීම ඔවුන්ට පහසුවක් බව ඔහුගේ මතයකි... එහි යම් තර්කානුකූල බවක් ඇත. ඊළග මැතිවරණය තෙක් ඔවුන් විපක්ෂයේ ම සිටින බව පවසා සිටින්නේ මේ අවස්ථාවේ දී ආණ්ඩුවක් හැදීමට මුක්කු ගැසීම ඉල්ලං කෑමක් වන බව දන්නා නිසා විය හැකිය...

    රතු සහෝදරවරු...

    පසුගිය කාලය පුරාම අනුර රට වටා බැදුම්කර මගඩිය ගැන ලොකුවට කතා කළේය... සල්ලි මිටි ගඩොල් පෝරණුවලින් මැන පෙන්නුවේය... බැදුම්කර මගඩියට සම්බන්ධව විශ්වාසභංගය පැමිණ ඇති බැවින් ඔවුන්ට ඊට විරුද්ධ විය නොහැකිය... නමුදු බොහෝ අවස්ථාවල දී නොනිල අන්දමින් රනිල්ට යම් සහයක් දෙන බවක් පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි... එබැවින් මේ අවස්ථාවේ දී යම් සහයක් රනිල්ට අත්කර දීමට වලිකන බවක් දැන ගැනිමට ඇත... එනම් විශ්වාසභංග විවාදය ආරම්භයේ දී විශ්වාසභංගයට සංශෝධනයක් ඉදිරිපත් කරමිනි... එවිට පාර්ලිමේන්තුවේ ඇතිවන නොසන්සුන්තාවය නිසා ගුටිකෙලියකින් විශ්වාසභංගය ලත් තැනම ලොප් කල හැකි බැවිනි... එවිට ජාම බේරා ගැනීම පහසුය... මන්ද අනුරට මහින්දලා ඔසවා තැබීමට අවශ්‍යතාවයක් නැත... ඔවුන්ට අවශ්‍ය ඔවුන් දේශපාලනයෙන් අතුගා දැමීමටය...

    මුස්ලිම් කොංග‍්‍රසය...

    ඊයේ රාති‍්‍රය වන විට මුස්ලිම් කොංග‍්‍රසය රනිල්ට පක්ෂව තමන් පෙනී සිටින බව ප‍්‍රකාශ කර ඇත. පුදුමයට කරුණ මහනුවර සිද්ධියේ දී මුස්ලිම් ජාතිය රැුක ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ද වගන්තියක් තිබිය දී මුස්ලිම් කොංග‍්‍රසය මෙලෙස තීරණයක් ගත්තේ රට ගැන හිතා නොව තමන්ට ලැබෙන වරප‍්‍රසාදයක් මත බව ඇතැමුන් ප‍්‍රකාශ කරති.

    දෙමළ සන්ධානය

    දෙමළ සන්ධානය මේ වන විටත් නිහඩය... ඔහු විටෙක මෛතී‍්‍ර හමුවෙයි.. තවත් අවස්ථාවක අප‍්‍රසිද්ධියේ එජාප ප‍්‍රබලයින් හමුවේ... උඹ මොනව ද දෙන්නේ කියා තමන්ගේ අගය ලංසුවට තබා ඇත්තේ දෙමළ සන්ධානයේ මතය විශ්වාසභංගයේ තීරණාත්මක සාධකය වන බැවිනි... සම්බන්ධන්ගෙන් වචනයෙන්ම කියනවා නම් සුලූ ජාතින්ගේ රෙස්පෙක්ට් එක පෙන්නීමේ අවස්ථාව උදා වී ඇත... බොහෝ විට තමන්ට වැඩිම වාසියක් අත්කර දෙන පැත්තට අත එසවීමට ඔවුන් කටයුතු කරනු ඇත... ඔවුන් ඒ සදහා ලිඛිත පොරොන්දු පත‍්‍රයකට අත්සන් ගැනීමට උත්සහා කරන බවක් ද වාර්තාවේ. තත්වය මෙසේ තිබිය දී ඇතැම් දෙමළ සන්ධාන මන්තී‍්‍රවරුන් එජාප ප‍්‍රබලයින් හමුවී තමන්ට දෙන වරදාන මොනවා දැයි අසමින් දගලන බවක් ද අසන්නට ඇත... කෙසේ වෙතත් රටට හෙණ ගැහුවත් තමන්ගේ කුට්ටිය අනුව විපක්ෂ නායකයා කටයුතු කරනු ඇත....

    රිෂාඞ් නිහඩයි....

    රිෂාඞ් නිහඩ වී ඇත... එය ඔහුගේ පුරුද්දය.. ඔහුට අවශ්‍ය පැත්ත නොව තනතුරුය... සෑම විටම වාසි සහගතම පැත්තට පැනීමට ඔහු දෙපාරක් සිතන්නේ නැත.... එබැවින් කට වහගෙන සිටීම යෙහෙකැයි කියා සිතනු ඇත....

    පාඨලීට ඕන වෙනම සන්ධානයක්...

    මේ හව් අස්සේ පාඨලී අමුතුම පොටකට අර අදින බවක් ආරංචි වේ... එනම් ඊළග ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නව සන්ධානයක් ගොඩ නැගීමට උත්සහා කරමිනි... ඔහුගේ මතය ඊළග ජනාධිපතිවරණයට ද පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවය... ඒ සදහා එජාපය ගැන කළකිරි සිටින එම පක්ෂයේ මන්තී‍්‍රවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද ආරංචි මාර්ග පවසයි.. එය යම් සාර්ථකත්වයක් ද පෙන්වා ඇති බව ද දැක්වේ... ඊළග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වීමේ පාඨලී සිහිනය ද කරළියට පැමිණ ඇත...

    විශ්වාසභංගයට මොනව වෙයිද...?

    බොහෝ විට ඉතා උණුසුම් වාග් ප‍්‍රහාර ඇතැම් විට ගුටිබැට දක්වා කතාව දිග්ගැස්සීමට ඉඩ ඇත... බොහෝ විට විශ්වාසභංගය කල් දැමීමක් දක්වා මෙය උත්සන්න කිරීමට ද උත්සහා කරනු ඇත... විශ්වාසභංගය දිනන්නේ කවුද පරදින්නේ කවුද කියන තීරණාත්මක සාධකය දෙමළ සන්ධානයයි... කෙසේ වෙතත් පොහොට්ටුව කියන්නේ තමන් වැඩි ඡන්ද 5 - 6 කින් හෝ මෙය දිනන බවකි... රනිල්ට රට කරන්න බැරි වුණාට තමන්ට රැකෙන්න සූත්තර ගැසීමට දක්ෂය... හෙට උදෑසන වන විටත් රටේ අගමැති රනිල් වුවහොත් පුදුම නැත....

    එන්න අද දවසෙ අලූත් තොරතුරු අපි කතා කරමු....

     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    සමස්ත ලංකා මහජන කොංග්‍රසයත් විශ්වාස්‍යංගට යෝජනාවට එරෙහි වෙයි



    සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස්‍යංග යෝජනාවට විරුද්ධවීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා පවසයි.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය විරුද්ධ වෙන උන් කරන්නේ deal එක දාගන්න එක සාකච්ඡා තියලා,විශේෂයෙන් සුළු ජාතික පක්ෂ කියන්නේ කප්පම් කාරයෝ වගේ,එක පැත්තකින් ngo වලින් ගරනවා.අනික් පැත්තෙන් රජයෙන් කුට්ටියක් කඩා ගන්නවා.මුන්ග‍ෙ පැවැත්ම තනිකරම ජාති වාදය අවුස්සලා මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා.සල්ලි ගරන එක.
    උඹලාටත් පුළුවන් නම් මාළු කාරයෝ එකතු කරගෙන හරි පක්ෂයක් හදාගෙන 4 දෙනෙක් වත් පාර්ලිමේන්තු යවන්න මරු business එක :cool:
     

    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    දෙමළ ප‍්‍රගතිශීලි පෙරමුණ මනෝගනේෂන් ද විශ්වාස භංගයට එරෙහි වෙයි.

    ලස්සනට ලියල තියෙනවා. එතකොට අලුත්ම තත්වය අනුව මොකක් වෙයිද? අර ගම්මන්පිල නරකම අවස්ථාවට ගණන් හදනකොට සුළු පක්ෂ කොහොමත් ගත්තේ නැහැ නේද?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලස්සනට ලියල තියෙනවා. එතකොට අලුත්ම තත්වය අනුව මොකක් වෙයිද? අර ගම්මන්පිල නරකම අවස්ථාවට ගණන් හදනකොට සුළු පක්ෂ කොහොමත් ගත්තේ නැහැ නේද?

    තීරණාත්මක සාධකය දෙමළ සන්ධානය....
    ඒ හින්දම තමයි උන් ගණන් උස්සන්නේ....
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Its just a drama.... Another show to us! Ranils not going...even mahinda knows it
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Ranil oya dan yanna pls ...kujitha lollo set central community dagena UNP nathi kara
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    kohen giyath antimata kelawenne ratata

    මට නම් දැන් පේන්නේ මුලූ පාර්ලිමේන්තුවම හොරු...
    හොරුන් හොරු රකිමින් අපිට බොරු සෝබනයක් දානවා...:oo:
    මම නම් කියන්නේ උන් ඔක්කොම ඊළග මැතිවරණවල දී පක්ෂ පාට අමතක කරල ගෙදර යවන්න ඕන....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තීරණාත්මක සාධකය දෙමළ සන්ධානය....
    ඒ හින්දම තමයි උන් ගණන් උස්සන්නේ....

    ඒ කියන්නෙ බැංකු අවදානම තවදුරටත් ක්‍රියාත්මක වෙනව කියන එකද...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහ ගල් රැකීමට සක්ක ගල් අවශ්‍ය යැයි ඇති මතය වඩාත් තහවුරු වන්නේ මෙවැනි සිදුවීම්වලින්ය...

    26.gif


    හික්... හිකිස්...