බැන්දට පස්සෙ

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    Husband ge legs arms nethi unoth balagannawada divorce karanawada
    @Emios 💍 @Geshi95

    wedding photobooth GIF by Tom Foolery Photo Booth
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:

    ඔයාගේ හස්බන්ඩ්ට ඕනේ විදියට හිටය නම් පොරගේ පෙර්ෆෙක්ට් වයිෆ් වෙන්න පුළුවන්.

    අපෙන් අහල ඒ විදියට ඉන්නවා නම් අපේ පෙර්ෆෙක්ට් වයිෆ් වෙන්න පුළුවන්.

    සරලයි!
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,519
    113
    අවංක බව සහ කැපවීම තමයි වැදගත්ම දේ. තැපෑලෙන් ලව් කරලා නම් මිනිස්සු අඳුරගන්න බෑ ගැලපෙන කෙනෙක් හඳුනාගැනීම හා ඔහුට ආදරය දැක්වීම තමයි සාර්ථකම ක්‍රමය.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    ඔයා perfect wife කෙනෙක් වෙන්න හැදුවට බෑ රිලේශන්ෂිප් එක හොදටම තියන් යන්නනං එයත් perfect husband කෙනෙක් වෙන්න ට්‍රයි කරන්න ඕන ඔයා වගේම.( මෙතනට ගැලපෙන වචනෙ perfect නෙවෙයි හැබැයි. මොකද perfect husbandla wifela ඉන්නෙ චිත්‍රපටිවලයි සුරංගනාකතා වලයි විතරයි) ඒ වගේම බැන්දා කියලා ඊටපස්සෙ ලොවෙත් happily ever after වෙන්නෙ නෑ. දෙන්නම එක්කෙනෙක් වෙනවා වගේ කතා අමු බයිලා. පොඩිකාලෙ ඉදන් වෙනම පවුල් පරිසර දෙකක හැදුන වෙනම උන් දෙන්නෙක් එකට ඉන්න වෙන රියල් ගේම පටන් ගන්නෙ බැන්දට පස්සෙ. එතකොට දෙන්නම අනෙකා වෙනුවෙන් පුලුවන් උපරිම ෆ්ලෙක්සිබල් වෙලා වෙනස්වෙන එක තමා සාර්ථක විවාහා ජීවිතයක් කියන්නෙ. දෙන්නම දෙන්නා වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන එකෙක් විතරක් කරලා මදි. ආය බැදලා අවුරුදු දෙකක්වත් යනකං ලමයිනං හදන්න එපා. ජොබක උනත් මාස 6ක් ප්‍රොබේශන් පීරියඩ් එකක් දීලානෙ බලන්නෙ ඉන්ටවිව් එකේ මොන සෙල්ලං දැම්මත් ඇත්තම සතා කවුද කියලා බලාගෙන ශේප් නං පර්මනන්ට් කරන්න. ඉතිං මේ අවුරුද්දක් දෙකක් ඉන්න ජොබ් එකකත් එහෙමනං ජීවිත කාලයක් මූ/ මේකි එක්ක එකට ඉන්න පුලුවන්ද? ලමයෙක් හදන ලමයට හොද අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන් qualities පාට්නර්ගෙ තියනවද කියලා බලලා ලමයෙක් හදන්න තීරණය කරන්න හරි සතා අදුනගන්නත් අවුරුදු 1.5ක් 2ක් වත් යනවා. එහෙම නැතුව කරුම ගෙවන්නනං ලමයි හදන්න එපා පව් උන්. එක්කෝ එහෙම බැදලා මාස 6න් 7න් ලමයෙක් බඩට සෙට් කරගත්තම ඊටපස්සෙ දෙන්නගෙ මොන නොගල්පීම් තිබ්බත්, එකට ඉදලා ඩිප්‍රෙශන් හැදුනත් , ජීවිතේ අපායක් උනත් ලමයි වෙනුවෙන් එකට ඉන්න හදන උනුත් ඉන්නවා. ඒ ලමයි වෙනුවෙන් උන් කරුම ගෙවන උන්. ඒ හැමදේටම හොදයි බැදලා අවුරුදු 2ක්වත් එකට ඉදලා ලමයෙක් හදනවද නැද්ද කියලා තීරණය කරන එක.

    අනිත් වැදගත්ම දේ perfect wife කෙනෙක් වෙනවා != මිනිහා කියන කියන පදේට නටන මිනිහගෙ වහලියක් වීම. මේක විශේෂයෙන්ම කිව්වෙ ඔයා SE degree එකක් තියාගෙනත් දැන් SE සයිඩ් එකට මෙච්චර ඩිමාන්ඩ් එකක් සැලරි එකක් තිබිලත් මිනිහා කිව්වා කියලා ජොබ් එකකට නොයා ගෙදර ඉන්නවා කියලා මේකෙම මොකෙක් හරි කියලා තිබ්බා කියලා මතක නිසා. අනුන්ගෙ මගුල් අපිට වැඩක් නැති උනත් එලකිරියෙ බොක්කක් නිසා කියන්නෙ කොල්ලෙක් නර්ස්, air hostess, hotel side වගේ ජොබ් එකක් කෙල්ල කරනවට අකමැති වෙන්න සාධාරණ හේතු තිබුනත් කෙල්ලෙක් SE වගේ කිසි කරදරයක් නැති ජොබක් කරනවාට අවුලක් ගන්න හේතුවක් නෑ. ඔහොම බැදපු මනුස්සයා අකමැති නිසා ඒකාලෙ ඒ පොර ගත්තටත් වඩා හොද සැලරි එකක් ගත්ත කර කර හිටපු හොද සෙමි ගවර්මන්ට් ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර හිටියා අපේ පුංචි කෙනෙක්. මනුස්සයාට ජොබ් එකට අමතරව ඉඩ කඩම් එහෙමත් තිබ්බා. ඒවගෙනුත් ආදායම් ආවා ඒ නිසා අවුලක් නෑනෙ කියලා හැමෝම හිතලා. මිනිහා මුලින් හොදට ඉදලා අන්තිමට බීලා පිස්සු කෙලින්න ගත්තා. ලමයින්ට උගන්නන බැරුව දහ දුකක් වින්දෙ අන්තිමට. සල්ලි බීලා නාස්ති කරන්නෙ නැතුව ලමයින්ට වියදම්වලට ඕනෙ කියලා පුංචි රණ්ඩුකරනකොට අරූ කියනවලු ඔව් ඉල්ලන්න උබ දෑවැද්දට අරං ආපුවද මේවා කියලා? මිනිහා වෙනුවෙන් හැමදේම කරලා සනීපයිනෙ එහෙම අහගත්තම. පස්සෙ සිය දහස්වාරයක් පසුතැවුනා අපරාදෙ ජොබ් එකෙන් අයින් උනේ කියලා. ඔය සීන් එකම වෙච්ච තව ගෑනු ඕනතරං ඉන්නවා මේ රටේ ඒ හින්දා ඒකත් ඔලුවෙ තියාගන්න

    දැන් හෑල්ල නවත්තනවා. හෙට තියන සිංහල ක්ලාස් එකේ ගෙදරවැඩ කරන්න තියනවා. ඕලෙවලුත් ලග නිසා මහන්සිවෙලා වැඩ කරන්න ඕන. Bye
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    බැන්දට පස්සෙ තමන්ගේ සහකාරියගෙන් ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ.. ? බැදපු ගොඩක් අය කියන්නෙ බදින්න එපා කියලා.. සමහරු කියනවා නියමයි බදින්න කියලා. දැන් ඔලුවත් විකාරයි වගේ. මට ඕනෙ ඉස්සරහට perfect wife කෙනෙක් වෙන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.. පුළුවන් නම් උදව් කරන්න . තෑන්ක්ස්.. :love:
    බඳිනවා නම්, relationship එකක ඉන්නවා නම් එක ලස්සන පොදු උපදෙසක් තියෙනවා. කවදාවත් තමන්ගෙ කෙනාට තව කෙනෙක් දිහා බලලා අනේ මගෙ wife/husband/girlfriend/boyfriend ත් මෙහෙම වුණා නම් කියල හිතෙන්න දෙන්න එපා. එයාට එහෙම හිතුණා කියන්නෙ තමන් fail. ඕක අ‍ාදරේද, caring ද, sex ද, අනික් බලාපොරොත්තුද හැම දේටම අදාළයි
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    බඳිනවා නම්, relationship එකක ඉන්නවා නම් එක ලස්සන පොදු උපදෙසක් තියෙනවා. කවදාවත් තමන්ගෙ කෙනාට තව කෙනෙක් දිහා බලලා අනේ මගෙ wife/husband/girlfriend/boyfriend ත් මෙහෙම වුණා නම් කියල හිතෙන්න දෙන්න එපා. එයාට එහෙම හිතුණා කියන්නෙ තමන් fail. ඕක අ‍ාදරේද, caring ද, sex ද, අනික් බලාපොරොත්තුද හැම දේටම අදාළයි
    amor amor paiiananda
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    1.විශ්වාසය.දෙපැත්තටම හොඳේ.එයාට ඔයා විශ්වාස කරන්න පුලුවන් වෙන්නත් ඕන ඔයාට එයා විශ්වාස කරන්න පුලුවන් වෙන්නත් ඕන.
    2.Caring
    3.Sex
    ඔය තුන හරියට තියෙනව නම් වෙන මොනවත් ඕන නෑ කොල්ලෙක්ට.

    ඊට අමතරව බැඳලා කොල්ලගෙ අම්මල එක්ක ඉන්න යන්න එපා.හවුලෙ කැඳත් ඕන නෑ කියනවනේ.ඒ වගේම ඔයාගෙ කොල්ලා "අම්මා තමයි මගෙ ජීවිතේ එක.ඔයා දෙක" "අම්මා මොනවා කිව්වත් කරත් ඔයා ඒවා ඉවසන්න ඕන" වගේ කතා කියනව නම් සම්බන්දෙට අවුරුදු අටක් නෙවෙයි දහයක් පහලවක් උනත් වහාම නවත්තන්න.ඔයා යන්න හදන්නෙ මිහිපිට අපායකට.(මේක කිව්වේ උඩ එකෙක් මෙහෙම ඉන්න කියලා, කියල තිබුන නිසා)

    තව දෙයක්.
    ළමයි හදන්න එපා.

    Good Luck✌️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara

    කෙල්ල කොල්ලගේ ගෙදර මිනිස්සු එක්ක ඉන්න හොඳත් නෑ කොල්ලා කෙල්ලගේ ගෙදර මිනිස්සු එක්ක ඉන්න හොඳත් නෑ. දෙන්නා ඉන්න ඕන තනියම.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෙල්ල කොල්ලගේ ගෙදර මිනිස්සු එක්ක ඉන්න හොඳත් නෑ කොල්ලා කෙල්ලගේ ගෙදර මිනිස්සු එක්ක ඉන්න හොඳත් නෑ. දෙන්නා ඉන්න ඕන තනියම.
    ඔව් බන්.ඒක කිව්වෙ නැත්තෙ ඉතින් සාමාන්‍යයෙන් වැඩිපුර වෙන්නෙ මේක නිසා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට එහෙම නෑනෙ. මම කියන්නෙ හැමදේම ගැන නෙමෙයි. යාළුවොන්ට ගෙදර අයට එහෙම ගානක් නෑ මම ඕනෙ දෙයක් කියලා දානවා. අනේ මන්දා. යාළුවො එක්ක පාටි වලට එහෙම ගියාම මම පිස්සෙක් වගේ ඩාන්ස් කරනවා එක විකාරයයි. ඒ උනාට එයා එක්ක ඉන්නකොට එහෙම නෑ. හිතලම කරන්න හැදුවත් එහෙම වෙන්නෙ නෑ.. ලැජ්ජාවද බයද මොකක්ද මන්දා. මට පිස්සු කියලා හිතෙයි ඒත් ඇත්තටම එහෙම තමයි. :(

    මේක ටිකක් අවුල් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? ගෙදර අය ඉස්සරහ යාළුවො ඉස්සරහ ඔයා ඉන්න සැහැල්ලුව තමන් බදින්න ඉන්න කෙනා ඉස්සරහ නෑ කියන්නේ ඒක ලොකු අවුලක්.ඔයා කියන විදිහට ඒක ලැජ්ජාවක්‌ හරි බයක් හරි නම් ඒක සේරටම වඩා අවුල් දරුවෝ..මොකද සල්ලි දේපළ උගත්කම මොනවා තිබුණත් වැඩක්නැහැ තමන් බදින මිනිහා හෝ ගෑණි ඉස්සරහ තමන්ට තමන් හැටියට ඉන්න බැරිකමක් දැනෙනවා නම්. ඔයාව බයකරන්නවත් හිත කඩන්නවත් නෙවෙයි මේක කියන්නේ මටත් ඉන්නවා අවුරුදු විසි දෙකක දුවෙක්.affair එකට අවුරුදු කීයක් උනත් කමක්නැහැ බදින්න කලින් දවසේ හරි හිතෙනවා නම් මේක හරියන්නේ නෑ කියලා බදින්න එපා.රස්සාවට රස්සාව ගලපගෙන, පවුල් වලට පවුල් ගලපගෙන, රුපෙට රූපේ ගලපගෙන degree එකට degree එක ගලපගෙන කේන්දරේට කේන්දරේ ගලපගෙන බැන්දට වැඩක් නෑ දෙන්නට දෙන්නා ළග ඒ දෙන්නව නිදහස් කරන්න බැරි නම්. මේ කියපු දේවල් වල කොතැනක හරි තැනක ඔයාට හිතන්න දෙයක් තියෙනවා නම් ආයෙත් හිතන්න එහෙම නැත්නම් අමතක කරන්න. අරයා මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද කියලා බයේ තමන්ගේ ජිවිතේ ගැන තීරණ ගන්න එපා ඒ කාටවත් අපි ගැන හිතන්න වෙලාවක් නෑ. Good luck
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    මේක ටිකක් අවුල් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? ගෙදර අය ඉස්සරහ යාළුවො ඉස්සරහ ඔයා ඉන්න සැහැල්ලුව තමන් බදින්න ඉන්න කෙනා ඉස්සරහ නෑ කියන්නේ ඒක ලොකු අවුලක්.

    ඒකනෙ මම කිව්වෙ යාළුවො එක්ක තියෙන කන්ෆිඩන්ස් වෙන්න හස්බන්ඩ් එක්ක නෑ වෙන්න හස්බන්ඩ් ඉස්සරහ තියෙන ලැජ්ජ බය යාළුවො ඉස්සරහ නෑ කියන්නෙ ලොකුම අවුලක් තියෙනව :geek:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මට එහෙම නෑනෙ. මම කියන්නෙ හැමදේම ගැන නෙමෙයි. යාළුවොන්ට ගෙදර අයට එහෙම ගානක් නෑ මම ඕනෙ දෙයක් කියලා දානවා. අනේ මන්දා. යාළුවො එක්ක පාටි වලට එහෙම ගියාම මම පිස්සෙක් වගේ ඩාන්ස් කරනවා එක විකාරයයි. ඒ උනාට එයා එක්ක ඉන්නකොට එහෙම නෑ. හිතලම කරන්න හැදුවත් එහෙම වෙන්නෙ නෑ.. ලැජ්ජාවද බයද මොකක්ද මන්දා. මට පිස්සු කියලා හිතෙයි ඒත් ඇත්තටම එහෙම තමයි. :(
    Judge කරයි කියලා බයක් තියෙන්නේ .සීන් එකටත් පොඩ්ඩක් සෙට් වෙනවද කියලා බලන්න. නැත්නම් මල මගුලයි.