බැඳිම් කෙතරම් චමත්කාරද?

Thara85

Member
Aug 24, 2012
717
166
0
41
Athurugiriya
බැඳිම් කෙතරම් චමත්කාරද?


මේක මට ලැබුන E -Mail එකක්

ගොඩක් සංවේදී නිසා මට හිතුන එළකිරි එකේ යාළුවොත් එක්ක මේ පණිවිඩය බෙදා ගන්න.
ජීවිතයේ අපි නොහිතන වෙලාවට අපිට මුණගැහැණ
අපුරු මිනිසුන් ඉන්නවා.
:):)
මේ කතාවෙත් ඉන්නේ එහෙම අපුරු චරිත 2ක්.

කතාව කියවල comment එකක් දාලා යන්නකෝ....:D


download
download


ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.

"
පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"

තොරතුරු සේවය
,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල්
ගොඩක් දැන ගන්න ආකාරය ඊලග දින කිහිපයේදි මම දුටුවා.

සති කිහිපයක් ගත වුනා
. එදින නිවසේ කිසිවෙකුත් සිටියේ නෑ. මම සුපුරුදු පරිදි බිම් මහලේ වූ මගේ පියාගේ ගරාජයේ ආයුධ පෙට්ටිය රැගෙන තනිවම සෙල්ලම් කිරීමට පටන් ගත්තා.ගත වුනේ සුළු මොහොතයි, අඩුවකට හසු වූ මගේ වමතේ සුලැගිල්ල තුවාල උනා.

දැනුනු වේදනාවට දෑසින් කදුළු වැටුනු නමුත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා හැඩීමෙන් පලක් නොමැති බව ඊළග මොහොතේ මගේ ළමා මනසට වැටහුනා
.පිහිටක් පතා වටපිට බැලූ මම දුරකතනය දුටු අතර ක්‍ෂනිකව මගේ මනසට පැමිනියේ "තොරතුරු සේවයයි". දුරකතනය වෙත ලගා වූ මා තරු සලකුන එබුවා.

"
තොරතුරු සේවය" අනෙක් පසින් ආදරණීය කට හඩක් ඇසුනා.

"
මගේ ඇගිල්ල තුවාල උනා..." මම ඉකිබිදිමින් පැවසුවා.

මද වේලාවක් යනතුරු අනෙක් පසින් හඩක් පැමිනියේ නෑ
.දරා ගත නොහැකි වේදනාවෙන් මගේ සිත හඩා වැටුනු අතර දෙනෙතින් කදුලු වැගිරුනා.

"
මගේ ඇගිල්ල තුවාල උනා..." මම යලිත් පැවසුවා.

මද වේලාවකින් අනෙක් පසින් ශබ්දයක් ඇසුනා,ඒ පෙර කතා කල ආදරණීය කටහඩමයි
"ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර නැද්ද පැටියෝ?"

"
අම්මයි තාත්තයි ලොකු අම්මලගේ ගෙදර ගියා...මම විතරයි ගෙදර ඉන්නේ" ඉකිබිදින අතර මම පැවසුවා.

"
හා...ඔයාගේ අතින් ලේ එනවද බබෝ?" ඇය ආදරෙන් ඇසුවා.

"
ඔවු...මට ගොඩක් රිදෙනවා"

"
පැටියෝ කලබල වෙන්න එපා,ඔයාලගේ ගෙදර ශීතකරනයක් තියනවද?"

"
ඔව්"

"
එහෙනම් ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියා ගන්න,එතකොට ලේ ගලන එක නතර වෙයි,බය වෙන්න එපා පැටියෝ එතකොට ඔක්කොම හරි යාවි"
ඇය ඉතා ඉවසිලිමත් ලෙසත් ආදරණීය ලෙසත් මට පැහැදිලි කර දුන්නා
.

එදා පටන් මගේ සියලුම ප්
‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයට.

"ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?"

"
ඇයි කුරුල්ලෝ පලතුරු විතරක් කන්නේ?"

"
අපිට පියාඹන්න බැරි ඇයි?"

"
මට මගේ පුංචි බලු පැටියා එක්ක කතා කරන්න බැරිද?"

ආදී මගේ සිතට නැගෙන දහසකුත් එකක් වූ ප්
‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයේ මගේ ආදරණීය මිතුරියට. ඒ සෑම පැනයකටම ඉතා ඉවසිලිවන්තවත් ආදරණීයවත් ඇගේ සුමිහිරි කට හඩින් ඇය මට පිලිතුරු ලබා දුන්නා.

දිනක් අපේ නිවසේ සුරතලයට ඇති කල කැනරි කුරුල්ලා මිය ගියා
. මම කතා කලේ තොරතුරු සේවයේ මගේ මිතුරියටයි.මගේ පැනය අසා සිටි ඇය කැනරි කුරුල්ලා මිය ගොස් ඇති බව මට වටහා දුන්නා.

"ඉතින් එයා කොහොමද ආයෙත් සින්දු කියන්නේ? එයාට ආයේ ඉගිල්ලෙන්ත් බැරිද?" මම ඇගෙන් ඇසුවේ ශෝකයෙන්.

මගේ පැනය සාවධානව අසා සිටි ඇයට මගේ සිතේ වූ ගැඹුරු ශෝකය දැනෙන්න ඇති
.
"පෝල්...මතක තියා ගන්න...අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් තියනවා...දැන් ඔයාගේ කැනරි කුරුල්ලා ඉන්නේ ඒ ලෝකෙක ...එයා ඒ ලෝකෙට වෙලා ආයෙමත් ලස්සනට සින්දු කියාවි"

තවත් දවසක මම තොරතුරු සේවයට ඇමතුමක් ලබා ගත්තා

"ෆික්ස් කියන වචනේ අකුරු මොනවද කියන්නකෝ"

මගේ අධ්
‍යාපනය ගැන ඉහල බලාපොරොත්තු තබා සිටි මගේ දෙමව්පියන් මාව නගරයේ පාසලකට ඇතුල් කලා,අප නගරයේ පදිංචියට පැමිනියා,මට මගේ මිතුරියව අහිමි උනා.

වසරින් වසර ගෙවී ගියා මගේ අධ්
‍යාපන කටයුතු අවසන් වූ අතර අප නැවතත් අපේ පැරණි නිවසට පැමිනියා.එවිට මම නව යොවුන් වියේ වූ තරුණයෙකු වූ නමුත් මගේ පැරණි මිතුරිය පිලිබද වූ මතකය මගේ සිතින් ඈත් වුනේ නෑ.ඇය තුල වූ ආදරය කරුණාව ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව තවමත් මා විශ්මයට පත් කලා.

අප නිවසට අලුත් දුරකතනයක් මිලදී ගත් අතර මම පලමු ඇමතුම ගත්තේ මගේ ළමා කාලයේ සුපුරුදු අංකයටයි.

"
තොරතුරු සේවය " වියපත් වූ නමුත් ආදරණීය සුපුරුදු කටහඩක් මට ඇසුනා.මම විශ්මයට පත් වුනා,ඇය තවමත් සේවය කරනවා.මගේ ගොරෝසු පිරිමි කටහඩ අවදි වුනා,

"
මගේ ඇගිල්ල තුවාල උනා..."

ඇය බොහෝ වේලාවක් යන තුරු කතා කලේ නෑ
,නමුත් ඇය දුරකතනයේ රැදී සිටින බව මම දැන සිටියා.අවසානයේ ඇය කතා කලා,

"
ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියාගත්තොත් ලේ ගලන එක නැවතෙයි පෝල්"

මම මහ හඩින් සිනා සුනා
.

"
ඕහ් දෙවියනේ... මම හිතුවා ඔයාට දැන් අමතකයි කියලා"

"
මට ගොඩක් පුදුමයි පෝල්" ඇය සෙමින් පිලිතුරු දුන්නා.

අප දෙදෙනා බොහෝ වේලාවක් කතා කලා
. ටික දිනකට මම සොයුරිය හමු වීමට වෙනත් නගරයකට යන බව පැවසූ මම යලිත් ආ විගස ඇයට අමතන්නට පොරොන්දු වුනා.

"නොවරදවාම කතා කරන්න පෝල්...මගේ නම සැලී" ඇය පැවසුවා.

සොයුරියගේ නිවසේ මාස තුනක් පමන මා ගත කල අතර නැවත පැමිනි විගස මා ඇමතුවේ තොරතුරු සේවයටයි
.

"
තොරතුරු සේවය " අනෙක් පසින් ඇසුනේ නුපුරුදු තරුණ කට හඩක්.

"
මට සැලීට කතා කරන්න පුලුවන් ද?" මම විමසුවා.

"
ඔබ ඇයව දන්නවද?" ඒ කට හඩින් පැනයක්.

"
ඔව් ඇය මගේ යෙහෙලියක්...ගොඩක් පරණ යෙහෙලියක්" මම පිලිතුරු දුන්නා.

"මට ගොඩක් කණගාටුයි මේ දේ ඔබට පැවසීමට සිදුවීම ගැන... ඇය සති දෙකකට පෙර මිය ගියා"

මගේ සිත ශෝකයෙන් පිරී ගියා
,උගුරේ යමක් සිර වූ ආකාරයක් දැනුනු අතර මගේ මුවින් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.මම රිසීවරය යලි තැබීමට පෙර ඇය යලි කතා කලා

"
මහත්මයා ඔබේ නම පෝල්ද?"

"
ඔව්" මම සෙමින් පැවසුවා.

"ඇය අසනීප වී සිටි සමයේ ඇය ඔබට ලබා දෙන්න ලිපියක් මට ලබා දුන්නා,මට ඔබේ නිවසේ ලිපිනය කියනවද,මම එය තැපැල් කරන්නම්"

නිවසේ ලිපිනය ලබා දුන් මා රිසීවරය තැබූ අතර දිගින් දිගටම මගේ සිහියට නැගුනේ ළමා කාලයේ මගේ අනේක විධ පැන වලට පිලිතුරු ලබා දුන් ඇගේ කරුණාබර ආදරණීය කට හඩයි
.

දින කිහිපයක් ගත වූ අතර දිනක් මගේ නමට ලිපියක් පැමිනියා
,ඒ මගේ මිතුරිය සැලී මිය යාමට ප්‍රථමයෙන් මට ලියූ ලිපියයි. එහි මෙසේ සටහන් වුනා

"
පෝල්...ඔබ යලි පැමිනීමට පෙර මා මිය යාවි යැයි ඇති සැකය නිසයි මම මේ ලිපිය ලියන්නේ.
වසර ගණනාවකට පසු ඔබෙන් ලැබුනු ඇමතුමෙන් මම ගොඩක් පුදුම වුනා
,ඊටත් වඩා ගොඩාක් සතුටු වුනා. පෝල් ඔබ දන්නේ නෑ ඔබෙන් ලැබුනු ඇමතුම් වලින් දරුවන් නොමැති මම කොතරම් සතුටට පත් වුනාද කියලා,ඔබ මගේ පාලු ජීවිතයට ආශිර්වාදයක් වුනා පෝල්.කෙසේ නමුත් දැන් අපිට සමුගැනීමට කාලය ඇවිල්ලා.මතකයි නේද, අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් පවතිනවා,මම ඒ ලෝකෙකට ගිහින් ඔයාගේ කැනරි කුරුල්ලා කියන ලස්සන සිංදු අහගෙන ඉන්නම්.ඔයාට නැවතත් ස්තූතියි.
ඔබේ මිතුරිය සැලී
.

ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අයුරින් විවිධ පුද්ගලයන් සමග ඇති වන බැදීම් කෙතරම් චමත්කාරදැයි සිතෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසුවයි
. පරක් තෙරක් නොපෙනෙන ජීවන ගමන තුලදී අප ඇති කර ගන්නා බැදීම් කෙතරම් අපූරුද?
 

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
ඒක ඇත්ත අපි හිතන්නේවත් නැති වෙලාවක ජීවිතයට ලන්වෙන සමහර අය කවදාවත්ම අමතක කරන්න බෑ...:( ඒත් බැදීම් වැඩිවෙන කොට දුක වැඩියි...
 

nidarsha91

Well-known member
  • man podi kale mata wedika nattyayak balanna yanna unaa . mama ithin bus 1 yanwa dannawa chilaw kiyala eth thana hariyatama danne na . bus 1 mama kenekgen ahuwa . a maama mata tikakata kalin bassa , habai kondaiyata mawa pennala qwa me puthawa sudasuna lagin bassanna kiyala . mata eyata thank karanna mathak eyage addrs 1 illanna mathak weddi eyaa gihin . soduru minisun ! gwitheta loku padamak !
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මිනිහෙක්ට තවත් මිනිහෙක්ගේ වටිනා කමක් තේරෙනවනං ඒක ලොකු දෙයක්.........
    දැං දැං ගොඩක් නැතිවීගෙන යන්නෙත් ඒකමයි.............
    මේ කතාවනං හිතට වැදුනා ගොඩක්............
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට............
    මම සාමාන්‍යයෙන් රෙප් දෙන්න බැරි වුනොත් ඒක කියන්නේ නැහැ........
    ඒත් අද රෙප් ඉවරයිළු..............
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    සියලු දේ අනිත්‍යයි බැදීම් දුකට හේතු වේ ආදරය ප්‍රාථමික හැගීමකි.