බැඳුම්කර මගඩිය තහවුරුයි..!
අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට..!
මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටේරසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබේ. අර්ජුන් ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා කෙනෙකු වේ.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කෝප් කමිටු රැස්වීමක් ඊයේ (24) පැවැත්වුණා. ඊට සහභාගිවූ කෝප් කමිටු සාමාජිකයෙකු මේ බව මාධ්‍යයට තහවුරැ කොට ඇත.
කෙසේ වෙතත් ඊයේ පැවති මෙම විශේෂ රැස්වීමේදී කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඉවත්ව ගියා. එ් විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනස් කිරීමට එජාප කණ්ඩායම උත්සහ දැරූ බව පවසමින්.
මේ අතර මෙම බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන ගණක මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වා ලිඛිත සාක්‍ෂිය ඉදිරිපත් කර ඇති විගණකාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවේ දී (කෝප්) එජාප නියෝජිතයෙක් ඉතාම පහත් අන්දමින් බැණ වැදී ඇතැයිද වාර්තාවේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගම මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට විවිධ පාර්ශ්ව ඉකුත්දා චෝදනා එල්ල කළා.