බැඳුම්කර News (Updates) ✔️

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර්ජුන් අැලෝසියස් අදත් බැඳුම්කර කොමිසමට

    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ප්රකාශයක් ලබාදීම සඳහා අදත් (11දා) බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය. අඛණ්ඩව පස්වැනි දිනයටත් ඔහු මෙසේ බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය.


    DSC_97851.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕකේ කලින් ප්ලෑන් කරලා තිබුන ලේන් ගානට වඩා අඩු ගානක් දැන් තියෙන්නේ කියලත් කියපන් ගොන්සන්.

    ඇයි ඌට රස්සාව නැති කරන්නද හදන්නේ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    එතකොට මහින්ද හොරෙක් නොවෙයි ද අයුබෝවන්ඩ :lol:

    හොරෙක් නොවෙයි තමා හුත්තෝ ,හොරෙක් නම් පොනිල් තාම උඹේ අම්මට හුකනවද හොර අල්ලන්නේ නැතිව
     
    • Like
    Reactions: Lejayange

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොරෙක් නොවෙයි තමා හුත්තෝ ,හොරෙක් නම් පොනිල් තාම උඹේ අම්මට හුකනවද හොර අල්ලන්නේ නැතිව

    උබත් අනේ මන්ද බන් රනිලට පුලුවන්ද එච්චර දෙයක් කොරන්න.. තැටියේ ආප්ප පුච්චනවා ඇති රනිල සිරිසේනයත් කොහොමත් ආප්පයනේ :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    උබත් අනේ මන්ද බන් රනිලට පුලුවන්ද එච්චර දෙයක් කොරන්න.. තැටියේ ආප්ප පුච්චනවා ඇති රනිල සිරිසේනයත් කොහොමත් ආප්පයනේ :P

    :yes::yes:
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    එතකොට මහින්ද හොරෙක් නොවෙයි ද අයුබෝවන්ඩ :lol:

    ඉතින් යකෝ ඌ හොරා හින්දනේ කට්ටියම එකතු වෙල ඌව ගෙදර යැව්වේ. ඌට හොරා කිය කිය බලයට ආපු එවුන් හොරා කාපුවම හරියනවද?:no::growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් යකෝ ඌ හොරා හින්දනේ කට්ටියම එකතු වෙල ඌව ගෙදර යැව්වේ. ඌට හොරා කිය කිය බලයට ආපු එවුන් හොරා කාපුවම හරියනවද?:no::growl:
    :lol:
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    රනිල් මහාරාජාගේ කණට ගසමින් මධ්‍යම අධිවේගී මාර්ගය ගැන සත්‍ය හෙළිකරයි :lol:

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි. මහරාජාවරුන්ට නෙවෙයි.
    මාධ්‍ය ජාලයට කේන්ති ගොස් තියෙන්නේ වියදම බිලියන 25 කින් අඩු කිරීම නිසයි. මේ මාධ්‍යය අපට අවලාද නගන්නේ බිලියන 25 ක මුදලක් එනම් මිලියන 25,000 ක් රටට ඉතිරි කර දීම නිසයි.


    කොළඹ නුවර අධිවේගී මාර්ගය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක් - අගමැති

    කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (8 වැනිදා) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය

    පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මඟින්, වහල කියන්න ඕනෑ නැහැ සිරස මාධ්‍ය ජාලය මගින් මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේෂ සහගත අවලාද සහ මඩ ප්‍රචාරය සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත්, මෙරටේ ජනතාවටත් සත්‍යය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි.

    මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා කැබිනට් අනුමැතිය ලද සමාගම මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25 ක්, එනම් මිලියන 25,000ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ලබා දීමට අපිට හැකි වුණා.

    ශ්‍රී ලංකා රජයේ සහ ජපන් රජයේ මැදිහත්වීම් නිසා ව්‍යාපෘතිය පිළිබඳව සාධනීය වෙනස්කම් ගණනාවක් සිදු කර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කොට රුපියල් බිලියන25 කින්, එනම් මිලියන 2500 කින් වියදම අඩු කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වුණා.

    දැන් මේ මාධ්‍ය ජාලයට කේන්ති ගොස් තියෙන්නේ වියදම බිලියන 25 කින් අඩු කිරීම නිසයි. මේ මාධ්‍යය අපට අවලාද නගන්නේ බිලියන 25 ක මුදලක් එනම් මිලියන 25,000 ක් රටට ඉතිරි කර දීම නිසයි. ඒ සා විශාල මුදලක් ඉතිරි කර දීම පිළිබඳ අවලාද නැගීමට ඔවුන් තවත් අසත්‍ය කරුණු ගණනාවක් ප්‍රකාශ කරනවා.

    හරියටම සංඛ්‍යා ලේඛන සඳහන් කළොත් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් ජපානයේ ටයිසෙයි ආයතනය මුලින්ම ඉදිරිපත් කළ මිල ගණන රුපියල් බිලියන159 (159,659,226,919.24) ක්. නමුත් ජපාන රජයේ සහ අපේ මහාමාර්ග අමාත්‍යංශයේ මැදිහත් වීම මත ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, එය රුපියල් බිලියන 134 ක් දක්වා (134,905,155,000.00) දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.

    අපේ මැතිවරණ ප්‍රකාශනයේ කොළඹ - නුවර අධිවේගී මාර්ගය පිළිබඳව අපි ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා.

    අද කොළඹ ඉදලා නුවර යන්න පැය හයක් විතර ගත වෙනවා. මෙම වැය වන කාලය, ඉන්ධන හා මහන්සිය සලකා බැලූ විට මෙය ජාතික අපරාධයක්. කොළඹ නුවර අධිවේගී මාර්ගය තනි ව්‍යාපෘතියක් නෙවෙයි. එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්.

    අපේ සැලැස්ම අනුව මහනුවර කේන්ද්‍ර කොට ගෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් ඉදිවනවා. කෘෂි තාක්‍ෂණික සංවර්ධන ව්‍යාපෘති ඇරඹෙනවා. තොරතුරු තාක්‍ෂණ උද්‍යානයක් ඉදිවෙනවා.

    ජපානය යෝජනා කර ඇති කර්මාන්ත පුරය සඳහා ද අප තෝරා ගෙන ඇත්තේ මහනුවරයි. මේ සියළු කාර්යයන් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය අතිශය වැදගත් වනවා.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ආරම්භ වන්නේ පොතුහැරින්. අවසන් වන්නේ ගලගෙදරින්. අඩි 300 ක පමණ උසක සිට අඩි 1200 ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්. වමේ මාර්ගය සඳහා බිංගෙවල් තුනක් ඉදි කළ යුතු වෙනවා. කොන්ක්‍රිට් කණු මතින් ඉහළින් ඉදිවෙන මාර්ග කොටස් තියෙනවා. ඉහළින් ඉදිවන මාර්ගයන්හි සම්පූර්ණ දිග කිලෝ මීටර 5.05 ක්.

    ඒ වගේම ඉහළ උසකින් ඉදිවන දීර්ඝ පාලම් 14 කුත් මේ මාර්ගයට අයත් වනවා. ඒ වගේම පාරිසරික හානි අවම කර ගැනීම සඳහාත්, විශේෂ ක්‍රියා මාර්ග ගණනාවක් මාර්ගය ඉදි කිරීමේදී සිදු කළ යුතු වෙනවා.

    මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදිවුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රිට් කණු මත ඉදි කළ යුතු ස්ථානයන්හි එසේ කළේ නැහැ. පස් පුරවා මාර්ගය ඉදි කළා. ඒ නිසා පාරිසරික ප්‍රශ්න ගණනාවක් ඇති වුණ බව අපි දන්නවා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදිවුණු අනෙක් අධිවේගීමාර්ග වලට වඩා සංකීර්ණයි. මගෙන් ප්‍රශ්න කරල තිබුණ එක කිලෝමීටරයක් සඳහා වැය වන මිල වැඩි ඇයි කියලා. මහා මාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඊට හේතු දක්වා තිබුණා.

    2015 මාර්තු 27 වන දා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබිහිතො හොබො මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ දැනුම සහ අත්දැකීම් බහුල බැවින්, උසස් තාක්‍ෂණය සතු ජපාන සමාගම් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සුදුසු බවයි. එසේ වෙතොත් ජපාන රජය සහය දැක්වීමට සූදානම් බවත් එතුමා දැන්වූවා. ඒ ලිපියේ ජපාන සහය ලබා දිය හැකි ආකාරයන් දෙකක් පිළිබඳව සඳහන් කර තිබුණා.

    රටවල් දෙකක ආණ්ඩු අතර ඍජුවම සිදුවන ව්‍යාපෘති හා ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කොට නිරීක්‍ෂණ හා නිර්දේශ ඉදිරිපත් කළා.

    ජයිකා ණය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් තියෙනවා. ඒ පිළිවෙත් අනුව සම්පූර්ණ ණය මුදල ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව ඔවුන් දන්වා සිටියා. වසර තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට අප බලාපොරොත්තු වන නිසා වඩාත් ප්‍රායෝගික වන්නේ මිට්ෂුබිෂි බැකුව මගින් ණය ආධාර ලබා ගැනීම බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැන්වුවා. ඒ නිසා ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබා ගැනීම පිළිබඳව දැන් ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සාකච්ඡා තවම අවසන් වී නැහැ. ලබා ගන්නා ණය මුදල පිළිබඳවත් තවම අවසන් තීරණයකට එළැඹී නැහැ. එදා මෙයාල කතා කරේ මේ ඔක්කොම අපි අවසන් කරා කියලයි. නමුත් මම ඉදිරිපත් කළේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවයි.

    මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී අදියර ගණනාවක් සදහා මුදල් අවශ්‍ය වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම. වෙනත් ස්ථානවල පදිංචි කිරීම. මාර්ගය ඉදි කිරීම. අප බලාපොරොත්තු වෙන්නේ ඉඩම් අත්පත් කරගැනීම සඳහා දේශීය බැංකු හරහා ණය මුදල් ලබා ගැනීමටයි. ඒ ගැනත් දැන් දේශීය බැංකු සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.

    ජපාන රජයේ අදහස් අනුව 2016.06.22 වැනි දා ජපාන සමාගම් තුනක් වෙත මිල ගණන් කැඳවීමේ ලිපි නිකුත් කළා. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැහැ. එක් සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කළත් එහි තාක්‍ෂණික අඩුපාඩු තිබුණා.

    මේ තත්වය මත මිල ගණන් අලූතින් කැඳවමින් ජපන් සමාගම් වෙත යළිත් ලිපි නිකුත් කිරීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව 2016.10.26වන දා තීරණය කළා. මේ තීරණය සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණා. මිල ගණන් කැඳවීමේ ලිපි 2016.11.03 දා නිකුත් කළා. මේ ඔක්කොම කරන්නෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මතයි. අදාළ කැබිනට් පත්‍රිකා මහාමාර්ග අමාත්‍යාංශයත්, මගේ අමාත්‍යාංශයත් ඉදිරිපත් කළා.

    මේ අවස්ථාවේ ජපානය ඉල්ලා සිටියේ මිල ගණන් කැඳවීම සඳහා ෆුජිටා සමාගමට ද ආරාධනා කරන ලෙසයි.

    එම ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී කෝජි යගී මහතා විසින් 2016.11.23 වන දා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා. ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව එම ඉල්ලීම අනුමත කොට ෆුජිටා සමාගමට ද අවස්ථාව ලබා දී, මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය සතියකින් කල් තැබුවා. මේක ජපාන තානාපති කාර්යාලයෙන් කරපු ඉල්ලීමක්.

    මිල ගණන් ඉදිරිපත් කළේ ජපාන සමාගම් දෙකක් පමණයි. ෆුජිටා සමාගම රුපියල් බිලියන 147 (147,704,000,000) යි. ටයිසෙයි සමාගම බිලියන 159 (159,659,226,919.24) යි.

    මේ මිල ගණන් අනුව, අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆුජිටා සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දීම සුදුසු බව 2016.12.06 වන දා කැබිනට් මණ්ඩලය තීරණය කළා.

    මේ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා කමිටුව එනම්(CANC) දන්වා සිටියේ අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆුජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා නැති බවයි. පසුගිය වසර 10 ක කාලය තුළ ෆුජිටා සමාගම මෙවැනි විශාල මහාමාර්ග ඉදිකිරීමක් සිදු කර නොමැති වීම ඊට හේතුවයි. ඔවුන් මේ තත්වය කැබිනට් මණ්ඩලයට වාර්තා කළා.

    ඒ නිසා ඊළඟට ගත යුතුව තිබුණු පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අනෙක් අයතනය වූ ටයිසෙයි සමාගම සමග සාකච්ඡා කිරීමයි. ඔවුන් සමග සාකච්ඡා කොට මිල ගණන් අඩු කර ගැනීමට උත්සාහ කළ යුතු යැයි ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව 2017.01.04 දින තීරණය කළා. මෙම තීරණයට ද කැබිනට් අනුමැතිය ලැබුණා.

    කැබිනට් මණ්ඩලය විසින් පත්කළ සාකච්ඡා කමිටුව (CANC) 2017.03.17 වන දා කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ කළේ ටයිසෙයි සමාගම සිය මිල ගණන් අඩු කිරීමටත්, දින 365 ක් ඇතුළත ඉදි කිරීම් තම මුදලින් ආරම්භ කිරීමටත් එකඟ වී ඇති නිසා, ඔවුන් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සුදුසු බවයි.

    2017 අප්‍රේල් මාසයේ මම ජපානයේ සංචාරය කළ අවස්ථාවේ දී නැවතත් ඉසුමි මහතා සහ ඔහුගේ කණ්ඩායම හමුවුණා. එහිදී සාකච්ඡා කළේ මෙම ඉදි කිරීම සඳහා ෆුජිටා සමාගම ද එක්කර ගැනීමේ හැකියාවක් තිබේද යන්නයි. ඒ බව ලිඛිතව ඉදිරිපත් කරන ලෙස අප දැන්වූවා.

    ඒ අනුව 2017.04.12 වන දා ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳ තානාපති ෂිගෙරු කියමා මහතා ජපාන රජය වෙනුවෙන් මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.

    එම ලිපියේ මෙහෙම සඳහන් වෙනවා.

    “මේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරිපත් වී ඇති අනෙකුත් ජපන් සමාගම් සමගම ෆුජිටා සමාගම වෙත ද විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් එය ජපන් රජයේ අගැයීමට ලක්වනු ඇත.”

    පසුගිය අවුරුදු 10 තුළ ඔවුන් මේ තරම් විශාල තනි ව්‍යාපෘති සිදු කර නැතත් 1989වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 750 ක මාර්ග ව්‍යාපෘති සිදු කර ඇති බවත්,පසුගිය වසර තුන තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1100 ක ව්‍යාපෘති නිම කර ඇති බවත් ඒ ලිපිය මගින් අපට දැනුම් දුන්නා. ඒ කියන්නේ මේ වගේ විශාල ව්‍යාපෘතියක් වසර 10 කට කලින් ඔවුන් කරල තියෙනව කිව්වා.

    ජපාන රජය එවැනි ඉල්ලීමක් කළ නිසා, කොන්ත්‍රාත්තුව පිළිබඳව යළි සලකා බැලිය හැකි දැයි යන්න ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ අවධානයට ලක් වුණා.

    2017.05.24 වන දා ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව මේ තත්වය ජපාන රජය වෙත දන්වා යැවීමට තීරණය කළා. ජපාන තානාපතිතුමන් වෙත මේ බව දන්වා සිටි අවස්ථාවේ එතුමා පැවසූයේ ශ්‍රී ලංකාවේ පවත්නා නීති රීති මත සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

    එතන දී ශ්‍රී ලංකා නීති රීති අනුව ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් තිබුණා.

    පළමුවැන්න මිල ගණන් කැඳවීම් අවලංගු කොට යළිත් අලූතෙන් මිල ගණන් කැඳවීම. මේ ව්‍යාපෘතිය පිළිබඳ ඉංජිනේරු ඇස්තමේන්තුව බිලියන 123.5 ක් නිසා, ඒ බවද අවධාරණය කරමින් ටයිසෙයි සමාගම සමග සාකච්ඡා කොට,ඔවුන් ඉදිරිපත් කළ ලංසුව අඩු කර ගැනීමට උත්සාහ කිරීමයි. ඇත්ත වශයෙන්ම ඒ අය ලබා දුන් මිල ඇස්තමේන්තු මිලට වඩා වැඩියි.

    පළමු විකල්පයට ගියහොත් එය ව්‍යාපෘතිය ඉදි කිරීම තව තවත් කල් යන්ට හේතුවක් වන නිසා ටයිසෙයි සමාගම සමග සාකච්ඡා කිරීම වඩාත් ප්‍රායෝගික වුණා.(CANC) ඔවුන් සමග සාකච්ඡා කළා.

    අවසානයේ බිලියන 134.9 ක් දක්වා ලංසුව අඩු කිරීමට ඔවුන් එකඟ කරගැනීමට හැකි වුණා. මෙය ෆුජිටා සමාගම කලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා බිලියන 7 ක් එනම් මිලියන 7000 ක් අඩුයි.

    ජපානය සමග කලින් සාකච්ඡා කළ පරිදි සමාගම් දෙකම ඒකාබද්ධව ඉදිකීරීම් සිදු කිරීමේ හැකියාව ගැන සලකා බැලීමටත් අප ඉඩ දුන්නා.

    ඒ අනුව ටයිසෙයි සමාගමට ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමත්, ටයිසෙයි සමාගමට සහ ෆුජිටා සමාගමට එකට එක්ව වැඩ කිරීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමත් සුදුසු බව ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව තීරණය කළා.

    මේ අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ටයිසෙයි සමාගමට රුපියල් 134,905,155,000 කට ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා මූල්‍ය සහයෝගය ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුවෙන් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා රජය එකඟ වන කොන්දේසි මත ටයිසෙයි හා ෆුජිටා සමාගම් ඒකාබද්ධව ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාවක් ලබා දීමටත් 2017.07.11වන දා කැබිනට් අනුමැතිය ලැබුණා.

    2017.08.11 වන දා මම ජපාන අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා හමුවුණා. මෙතෙක් සිදු වූ සියළු සිදුවීම් පිළිබඳව අප සාකච්ඡා කළා.

    2017.08.28 වන දා ටයිසෙයි සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ෆුජිටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විසින් මහාමාර්ග අමාත්‍යතුමන්ට ලිපියක් එව්වා. ඒ ලිපියේ මෙසේ සඳහන් වෙනවා.

    “ජපාන සහ ශ්‍රී ලංකා රජයන්ගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින්, අප සමාගම් දෙක ඒකාබද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇත.” මේ අනුව මට එන ආරංචි හැටියට තුන් වන අදියරේ කොටස් දෙකට බෙදා ගෙන ටයිසෙයි සහ ෆුජිටා සමාගම් වැඩ කරනවා. ඒ නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මීට වඩා කෙටි කාලයකින් ඉවර කරන්න පුලූවන් වෙනවා. ඒ වගේම මෙම අධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර චීනයත්, දෙවන අදියර ලංකාවේ දේශීය සමාගම් සහ තුන් වන අදියර ජපානයත්, හතර වන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාවත් එක් වේවි. බලාගෙන යන කොට මේක ජාත්‍යන්තර පාරක්.

    මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියළු කටයුතු නිසි පරිදි, නිත්‍යානුකූළව සිදු කර තියෙනවා. මේ පිළිබඳ ගත් තීරණ පුද්ගලික තීරණ නෙවෙයි. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනු කමිටුව, සාකච්ඡා කිරීමේ කමිටුව සහ කැබිනට් මණ්ඩලය ගත් තීරණ. මේ පිළිබඳව ජපාන රජයේ උපදෙස් අපට ලැබුණා. තවමත් ලැබෙනවා.

    නමුත් එක්තරා මාධ්‍ය සමාගමකට, එනම් අපේ සිරස සමාගමට ප්‍රශ්නයක් වී තියෙන්නේ ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් බිලියන 25 ක් එනම් මිලියන 25000ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ඉදි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම පිළිබඳවයි. මිලියන 25000 ක් අඩු කර ගත්තු නිසා මට හොරා කියනවා. ඇත්තටම හොරකම් කළා නම් මොකද කියන්නේ...

    මිලියන 25000 ක ලාභයක් රටට ලැබීම ගැන මේ මාධ්‍ය ආයතනයට සිත් වේදනාවක් ඇති වී තියෙන්නේ ඇයි? ඇයි අඩන්නේ? ඇයි අපට දොස් කියන්නේ?

    මධ්‍යම අධිවේගී මාර්ගය හදන්නේ කාටද කියලා මේ මාධ්‍ය ආයතනය ප්‍රශ්න කරනවා. අපි මේ මාර්ග හදන්නේ රටේ මහජනතාවටයි. මහනුවර ජනතාව මේ මාර්ගයේ වාසි ලබා ගැනීමට ඇඟිලි ගනිමින් සිටින බව ආචාර්ය සරත් අමුණුගම මහතා දන්නවා.

    ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා දන්නවා. රවුෆ් හකීම් මහතා දන්නවා. මේ මාර්ගයේ අවශ්‍යතාව ජනතා හදවත් දන්නවා. මේ මාර්ගය ඉදිකිරීම නිසා වාසි ලබන්නේ මහජනතාවයි.

    මහජනතාව ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සාහ කරන මහරාජාවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි. මහරාජාවරුන්ට නෙවෙයි. ඒ නිසා අධිවේගී මාර්ග තැනීම මහරාජාවරුන්ට වැඩක් නැති වැඩක් වෙන්න පුළුවන්. වාසියක් නැති වැඩක් වෙන්න පුළුවන්. ඒත් මහජනතාවට මේ සංවර්ධන ව්‍යාපෘති වාසියක්. මහජනතාවට මේ සංවර්ධන ව්‍යාපෘති වැඩක් ඇති වැඩක්.

    මම මෙහිදී තවත් කරුණක් අවධාරණය කරන්නට කැමතියි.

    විදේශීය සමාගම් කොන්ත්‍රාත් ලබා ගනිද්දී දේශීය ඒජන්තවරුන් ලෙස ලංකාවේ සමාගම් පත් කරනවා. සමහර සමාගම් ප්‍රසිද්ධියේම ඒජන්තවරුන් ලෙස පෙනී සිටිනවා. සමහරු ඒජන්තකම් කරන්නේ තිරය පිටුපස සිටයි. එවැනි ඒජන්තවරුන්ට බිලියන 25 ක් කියන්නේ ඉතා විශාල මුදලක්. ප්‍රසිද්ධ අයට ටැක්ස් වදිනවා, සල්ලි ලැබෙනවා. එයාලට ප්‍රශ්නයක් නැහැ. තිරය පිටුපස ඉන්න අයට තමයි ප්‍රශ්නෙ.

    වැදගත් තැනක මුල් තැනට පත් විය හැක්කේ අවංකව කැපවීමෙන් හා වෙහෙසීමෙන්. බොරුවෙන් හෝ වංචාවෙන් නෙවෙයි. තමන්ගේ ව්‍යාපාර තර කරගැනීමට තමන්ගේම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහිදී සඳහන් කරන්නට කැමතියි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.


    - http://www.lankadeepa.lk/latest_new...නගර-සංවර්ධන-සැලැස්මේ-කොටසක්---අගමැති/1-517501


    උඹලගෙ නළුවෙක් නෙවෙයි මො(අ)ලයක් කියපු ගොන් අගමැතිය රටට ඉතිරි කරපු ලබ්බක් නෑ යකෝ. මේක බලලවත් උඹලගෙ ඔය ගොන් කම නැති කර ගනින්.

    http://newsfirst.lk/sinhala/2017/09/103442/
    :rofl::baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නීතිඥගේ දැඩි විරෝධය මැද ඇලෝෂියස්‌ හෙට සාක්‌ෂියට කැඳවයි

    ඇලෝෂියස්‌ කැඳවන්නේ නැති නම් මේ කොමිසමෙන් කිසිම ඵලක්‌ නෑ

    ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කීය.


    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ (11 දා) දැඩි ලෙස විරෝධය පළ කළ අතර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඒ වන විටත් ඔහුට සිතාසියක්‌ මගින් දැනුම්දී ඇතැයි කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසීය.

    ඒ අනුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා හෙට (13 දා) පෙරවරු 10.00 ට කොමිසම හමුවේ අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බවද සභාපති චිත්‍රසිරි මහතා කීවේය.

    අපි ඒ දැනුම් දීමේ නියෝගය නිකුත් කළේ අද උදේ කොමිසමේ ලේකම්වරයා මගින් නොවේ. ජනාධිපති කොමිසමේ සභාපතිගේ රෙගුලාසිවලට අනුව පිස්‌කල් නිලධාරියකු මගින් නොතිසියක්‌ ඔහුට භාර දුන්නා. ඒ නියෝගයට අනුව ඔහු කොමිසම හමුවේ පෙනී සිටිය යුතුයි. නියෝගයට අවනත නොවී කොමිසමට පැමිණීම පැහැර හැරියහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට ඔහුට සිදුවන බවද කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.

    අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවීම නොකළ යුතු බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා නීති තර්ක මතු කරමින් දීර්ඝ වෙලාවක්‌ කරුණු ඉදිරිපත් කළ අතර කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ඒ සියලු කරුණු සලකා බලා හෙට ඒ පිළිබඳ සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

    අර්ජුන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතායි. මින් ඉදිරියට තමා තවත් නීතිඥවරුන් කීපදෙනකු සමඟ ඇලෝෂියස්‌ වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ ප්‍රථමයෙන්ම කොමිසමට දැනුම් දුන්නේය.

    අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවනවා දැයි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ප්‍රථමයෙන් කොමිසමෙන් විමසීය.

    ඔව් අපි ඔහු සාක්‍ෂියට කැඳවනවා යයි කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

    අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවනවාට විරුද්ධත්වය පළකරන බව කියා සිටි ගාමිණී මාරපන මහතා විරුද්ධවීමට ඇති හේතු ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය.

    කොමිසමෙන් ඔහුට ඒ සඳහා අවසරය ලැබිණි.

    ජනාධිපති නීතිඥවරයා ප්‍රථමයෙන්ම කියා සිටියේ තම සේවා දායකයා වන අර්ජුන් ඇලෝෂියස්‌ කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැමැත්තක්‌ නැති බවයි. නඩුවක සාක්‍ෂියක්‌ දීමට අකමැත්තක්‌ දක්‌වන පුද්ගලයකු බලෙන් සාක්‍ෂියට කැඳවීමට අධිකරණයකට හෝ කොමිසම් සභාවකට නීතියෙන් බලයක්‌ නැති බවත් සාක්‍ෂියක්‌ නොදී නිශ්ශබ්දව සිටීමට චූදිතයකුට පමණක්‌ නොව ඕනෑම පුද්ගලයකුට අයිතියක්‌ ඇති බවත් එය පුද්ගලයකුට හිමි මූලික අයිතියක්‌ බවත් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේය.

    අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ දෙන සාක්‍ෂිය ඉදිරියේදී වෙනත් උසාවියක පැවැත්වෙන නඩු විභාගයකදී ඔහුට එරෙහිව පාවිච්චි කිරීමට හැකිවීමෙන් ඔහුට අගතියක්‌ සිදුවිය හැකි බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා කීය.

    අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේ සිදුවී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාවට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයා හැටියට කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්‍ෂිවලින් ප්‍රකාශ වූ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවීම අනිවාර්යයෙන්ම කළ යුතු බවයි.

    බැඳුම්කර වංචාවට අදාළව වැදගත් කරුණු රාශියක්‌ ඔහුගෙන් හෙළිකර ගත හැකිවනු ඇති බවත් එම වංචාව සිදුකිරීමට හවුල් වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සහ තවත් පුද්ගලයන් ඇත්නම් ඒ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් කොමිසමට සහය වීමට හැකි වෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

    අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවන්නේ නැත්නම් මේ කොමිසමෙන් කිසිදු ඵලක්‌ නැහැ. කොමිසමට පැවරී ඇති කාර්යභාරය නිසියාකාරව ඉටුවනවාද? අර්ජුන් ඇලෝසියස්‌ කොමිසම හමුවේ කියන්නේ මොනවා දැයි දැනගන්න ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔහු පමණක්‌ නොවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාත් සාක්‍ෂියට කැඳවිය යුතුයි. එසේ නොවුණොත් කොමිසමත් හෑල්ලුවට ලක්‌වෙනවා. සාධාරණ යුක්‌තිය කොමිසමෙන් ඉටුනොවන බවට ජනතාව තුළ හැඟීමක්‌ ඇති වෙනවා.

    බැඳුම්කර වංචාව ගැන පරීක්‍ෂණ පවත්වන්න කොමිසම පත් කළේ ජනාධිපති. එසේ කළේ ජනතාවගේ ඉල්ලීමක්‌ සපුරාලීමටයි. බැඳුම්කර වංචාව සිදුවී ඇත්තේ කෙසේද ඊට වගකිවයුත්තන් කවුද, සිදුවී ඇති වැරැදි මොනවා ද වැරැදි කර ඇත්තේ කවුද මෙය කිසිවකුට දඬුවම් කිරීමට පත් කළ කොමිසමක්‌ නොවේ. සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පමණයි යෑයි ද අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කීය.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පර්පෙචුවල් ට්රෙෂරීස් මිලියන 920ක ලාභය
    වෙනත් සමාගම් 3කට මාරු කරලා
    - නි. සොලිසිටර් ජනරාල්
    බැඳුම්කර කොමිසමේදී කියයි

    ශ්යාම් නුවන් ගනේවත්ත සහ සරත් ධර්මසේන

    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක් තම සමාගම් සමූහයේ වෙනත් සමාගම් තුනකට මාරුකර ඇතැයි නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (11 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී කීවේය.

    ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසට් මැනේඡ්මන්ට් සමාගම සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් සමාගම යන සමාගම් තුනට මෙසේ පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ලාභ මාරු කර ඇති බවද නියෝජ්ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කීවේය.

    මෙසේ පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ලාභ බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම හරහා එම සමාගම් සමුහයේම වෙනත් සමාගම්වලට මාරු කර ඇති බව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා ප්රකාශ කළේ පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගෙන් සාක්ෂි විමසමිනි.

    මීට ප්රතිචාර දක්වමින් පලිසේන මහතා කීවේ අදාළ බැඳුම්කර ගනුදෙනු හරහා එම සමාගම් (ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසට් මැනේඡ්මන්ට් සමාගම සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් සමාගම) වෙළෙඳ ලාභයක් ලබා ගෙන ඇති බවත් එසේම පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම ඒ අනුව වෙළෙඳ අලාභයක් ලබාගෙන ඇති බවත්ය.

    කොමිසමේ සාමාජික ශේ්රෂ්ඨාධිකරණ විනිසුරු ප්රසන්න එස්. ජයවර්ධන මහතා අසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් කසුන් පලිසේන මහතා මේ බව කීවේය.
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනු හරහා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට රු. මිලියන 177.4 ක ලාභයක්ද, පර්පෙචුවල් ඇසට් මැනේඡ්මන්ට් සමාගමට රු. මිලියන 354.4 ක ලාභයක් සහ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් සමාගමට රු. මිලියන 388.4 ක ලාභයක්ද වශයෙන් රු. මිලියන 920 කට අධික මුළු ලාභයක් මාරු කර ඇති බව නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කසුන් පලිසේන මහතාට යෝජනා කළේය.

    එම ගනුදෙනුවලින් අදාළ සමාගම් වෙළෙඳ ලාභ උපයා ගැනීමට සමත් වී ඇති බවද එම ගනුදෙනු වෙළෙඳපොළට වාර්තා නොකළ බවද නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයාගේ ප්රශ්නවලට පිළිතුරු දෙමින් කසුන් පලිසේන මහතා පිළිගත්තේය.
    මේ බැඳුම්කර ගනුදෙනු කළේ වෙළෙඳපොළ ඵලදා අනුපාතවලටද එසේත් නැතහොත් විශේෂ අනුපාතයකටද යනුවෙන් ඇසූ ප්රශ්නයට පිළිතුරු දෙමින් පලිසේaaන මහතා කීවේ ඒ සඳහා ඩීල් ටිකට් පරීක්ෂා කළ යුතු බවයි.

    නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම සහ එම සමාගම් සමුහයේ වෙනත් සමාගම් තුනක් අතර එම ගනුදෙනු සිදු වූ ආකාරය උදාහරණ දක්වමින් කසුන් පලිසේන මහතාගෙන් ප්රශ්න කළ අතර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මූලික ව්යාපාර කටයුත්ත බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම නොව මත්පැන් නිෂ්පාදනය කිරීම බවද පලිසේන මහතා කොමිසම හමුවේ පිsළිගත්තේය.
    මේ ගනුදෙනු සිදුකිරීම සඳහා වරින්වර අර්ජුන් ඇලෝෂියස් මහතාගෙන් උපදෙස් ලැබී තිබෙනවා නේදැයි මිලින්ද ගුණතිලක මහතා ඇසූ ප්රශ්නයට පලිසේන මහතා "ඔව්" යනුවෙන් පිළිතුරු දුන්නේය.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැංකු ගිණුම් වාර්තා ඉල්ලා
    සීඅයිඩිය ඇලෝසියස්ගේ නිවසට යයි



    සරත් ධර්මසේන, ශ්යාම් නුවන් ගනේවත්ත

    භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස් පොලිස් කණ්ඩායමක් පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසට ඊයේ (12 වැනිදා) හදිසියේම ගොස් ඔහුගේ බැංකු ගිණුමේ ප්රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස බලකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්රේමරත්න මහතා ඊයේ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටියදී ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්රේමරත්න මහතා මේ බව කොමිසමට කීවේය.
    මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඇලෝසියස් මහතාගේ නිවසේ සිටින බවද ඔවුන් බැංකු වාර්තා ලබාදෙන ලෙස බලකර සිටින බවද නීතිඥ ප්රේමරත්න මහතා කියා සිටියේය.
    පෙරේදා (11 වැනිදා) සවස වන තෙක් කොමිසමේ රහස් පොලිස් නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් ප්රශ්න කර ඇති බවත් ඔහුගේ බැංකු ගිණුම් වාර්තා රැගෙන පසු දින නැවත පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ජනාධිපති නීතිඥ ප්රේමරත්න මහතා පැවසීය.
    රහස් පොලිස් නිලධාරීන් අර්ජුන් ඇලෝසියස් මහතාට එසේ දැනුම් දී ඇතත් බැංකු ගිණුම් වාර්තා බැංකුවෙන් ලබාගැනීම ඉක්මනින් කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
    මේ අවස්ථාවේදී ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා පැවසුවේ අර්ජුන් ඇලෝසියස් මහතා හමුවීමට රහස් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියේ ඔහුට කළ නියෝගය අනුව බැංකු ගිණුම් වාර්තා සමඟ ඊයේ ඔහු කොමිසමට නොපැමිණි නිසා බවයි.
    ඇලෝසියස් මහතාගේ බැංකු වාර්තා ලබාදෙන ලෙස බැංකුවලට දන්වා ඇති බවත් ඒ අනුව එම බැංකු වාර්තා අද (13 දා) සහ හෙට (14 දා) දිනවලදී කොමිසමට ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ ප්රේමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය. ඒ සඳහා කොමිසමේ අවසරය ලැබිණි.
     
    • Like
    Reactions: Lejayange

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස් කැමතිනම් සාක්ෂි දෙන්න පුළුවන් – අපි බලකරන්නේ නැහැ
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට අවශ්යතාවකයත් ඇත්නම් බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට හැකි බවත් ඔහුට ඒ සඳහා බල බල කිරීමේ හැකියාවක් කොමිසමට නැති බවත් බැඳුම්කර වංචාව සඳහා පත් කළ ජනාධිපති කොමිසම අද (13) දැනුම්දී තිබේ.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳ දන්නේදැයි හෙළි කරගැනීමට අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්කි විමසීමට අපේක්ෂිතව සිටි බවද එම කොමිසම ප්රකාශ කර ඇත.

    source
     
    Last edited: