බැඳුම්කර News (Updates) ✔️

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම
    අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබලා

    නි. සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක


    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අර්ථ සාධක අරමුදලත් සමග කළ බැඳුම්කර ගනුදෙනුවලින් අධික ලාභ ලබා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

    ගුණතිලක මහතා මේ බව කීවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැඳුම්කර ගනුදෙනු උදාහරණ සහිතව ඉදිරිපත් කරමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගේ සාක්‍ෂි විභාගයේදීය. එහෙත් පලිසේන මහතා කීවේ වෙනත් බැඳුම්කර ගනුදෙනුවලින්ද සමාගම ලාභ උපයා ඇති බවයි.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් අඩු පලදා අනුපාත යටතේ සේවක අර්ථ සාධක අරමුදලට විකුණා විශාල වශයෙන් ලාභ උපයා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කසුන් පලිසේන මහතාට යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්‌වමින් පලිසේන මහතා ඒ බව ප්‍රතික්‍ෂේප කළේය.

    ඔහු කීවේ වෙළෙඳ පොළ අනුපාත යටතේ එම බැඳුම්කර ගනුදෙනු අර්ථ සාධක අරමුදල සමග කළ බවත් ඒවා අඩු හෝ වැඩි අනුපාත ලෙස හැඳින්විය නොහැකි බවත්ය.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාගේ ජංගම දුරකථනයෙන් ඉවත් කරගත් තොරතුරු තමාට ලබා දෙන්නැයි කොමිසමෙන් ඉල්ලීමක්‌ කළේය.

    එහෙත් සම්පූර්ණ දත්ත ඉවත් කර ගන්නා තෙක්‌ එම තොරතුරු ලබාදීමට හැකියාවක්‌ නැතැයි ඊට පිළිතුරු වශයෙන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය.

    ඇලෝෂියස්‌ මහතාගේ දුරකථනයෙන් පිටු 8600 ක දත්ත ඉවත් කරගෙන ඇති බවත් තම සේවාදායකයා අද දින කොමිසම හමුවේ සාක්‍ෂි දීමට නියමිත බැවින් ඒවා ගැන ප්‍රශ්න කිරීමට පැය 24 කටවත් කලින් ඒවා තමාට ලබාදෙන්නැයි කොමිසමෙන් ඉල්ලා සිටියේය.

    එම දුරකථනයෙන් ඉවත් කරගත් දත්ත ඇසුරින් සාක්‍ෂිකරුගෙන් (අර්ජුන් ඇලෝෂියස්‌) මහතාගෙන් ප්‍රශ්න කිරීමට පෙර ඒවා ලබාදෙන බව දප්පුල ද ලිවේරා මහතා කීවේය.

    අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ජනාධිපති නීතිඥවරයකු ලෙස ඊයේ (12 දා) දිවුරුම් දීමත් සමග බැඳුම්කර කොමිසමේ නීතිඥ මණ්‌ඩලය ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගෙන් සමන්විත වන බවද ලිවේරා මහතා කොමිසමට කීවේය.


    source
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇලෝසියස් කැමතිනම් සාක්ෂි දෙන්න පුළුවන් – අපි බලකරන්නේ නැහැ
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට අවශ්යතාවකයත් ඇත්නම් බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට හැකි බවත් ඔහුට ඒ සඳහා බල බල කිරීමේ හැකියාවක් කොමිසමට නැති බවත් බැඳුම්කර වංචාව සඳහා පත් කළ ජනාධිපති කොමිසම අද (13) දැනුම්දී තිබේ.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳ දන්නේදැයි හෙළි කරගැනීමට අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්කි විමසීමට අපේක්ෂිතව සිටි බවද එම කොමිසම ප්රකාශ කර ඇත.

    ඒකනම් මාරයි ඈ.... කුදලන් ගිහින් සාක්ෂි ගන්නේ පොඩි උන්ගෙන් විතරද?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර්ජුන මහේන්ද්‍රන්ට සිතාසි





    හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 19 වැනිදා බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටින මෙන් සිතාසි බාරදී ඇත.

    පිස්කල්වරයෙක් මාර්ගයෙන් මෙම සිතාසි යවා ඇති බව අද දෙරන වාර්ථාකරු පැවැසීය.

    අර්ජුන මහෙන්ද්‍රන් පර්පෙර්චුවල් ට්‍රෙෂරීස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ මාමණ්ඩියයි.
     
    ඒකනම් මාරයි ඈ.... කුදලන් ගිහින් සාක්ෂි ගන්නේ පොඩි උන්ගෙන් විතරද?
    21741617_10207931600766744_185865889_n.png
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස් සාක්ෂි නොදෙයි
    සාක්ෂි දෙන්න ඇලෝසියස්ට බලකිරීම් නෑ

    බැඳුම්කර කොමිසම තීරණය කරයි

    සාක්ෂි නොදුන්නොත් වාචික සාක්ෂි හා
    ලියවිලි සලකා බලා අවසානයේ තීරණයක් ගන්නවා

    - සභාපති විනිසුරු කියයි

    සරත් ධර්මසේන, ශ්යාම් නුවන් ගනේවත්ත

    පර්පෙචුවල් ට්රෙෂරීස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට අකැමැති නම් හෝ සාක්ෂි දීම ප්රතික්ෂේප කරන්නේ නම් සාක්ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු (චූදිතයකු) සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි දීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා ඔහුට බල නොකළ යුතුයි යන පිළිගත් නීතිමය සිද්ධාන්තය මත පිහිටා කොමිසම එම තීරණය ගත් බව කොමිසමේ සභාපති ශේ්රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා සඳහන් කළේය.

    අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවට අවශ්යයෙන්ම කැඳවිය යුතු සාක්ෂිකරුවෙකි.

    ඔහුගේ සාක්ෂිය කොමිසම හමුවේ දැනට පැවැත්වෙන පරීක්ෂණයට ඉතා වැදගත් කොට සලකනවා. ඔහු සාක්ෂියට කැඳවීමට කොමිසම තීරණය කළේ ඒ නිසාය.

    එමෙන්ම මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම්වලට සහ කොමිසම හමුවේ සඳහන් වූ තවත් සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඔහුට අවස්ථාවක් ලබාදීම ඔහු සාක්ෂියට කැඳවීමට හේතු වන තවත් කාරණාවක් බවද විනිසුරු චිත්රසිරි මහතා කීය.

    ඒ අවස්ථාව ප්රයෝජනයට ගෙන ඔහු කොමිසම හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් නොවන්නේ නම් එම සිද්ධීන්ට අදාළව කොමිසමට ලැබී ඇති වාචික සාක්ෂි සහ ඉතා විශාල සංඛ්යාවක් වූ ලියවිලි සලකා බලා අවසානයේදී තීරණයක් ගැනීමට කොමිසමට සිදුවන බවද විනිසුරු චිත්රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂියට කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙරේදා (12 දා) දැඩි විරෝධය පළ කළ අතර කොමිසමේ සභාපතිවරයා ඊයේ ඉහත ප්රකාශ කළේ එකී විරෝධය පිළිබඳ කොමිසමේ නියෝගය ප්රකාශයට පත් කරමිනි.
    සභාපති විනිසුරු චිත්රසිරි මහතා කොමිසමේ නියෝගය ප්රකාශයට පත් කිරීමට පෙර අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට පැමිණ සිටිනවාදැයි විමසූවිට ඔහු වහා සිය අසුනෙන් නැඟීS සිටියේය.

    විනිසුරු චිත්රසිරි මහතා - හොඳයි. වාඩිවෙන්න. සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මම සම්පූර්ණ නියෝගයම කියවන්නම්.
    පිටු 09 කින් යුත් නියෝගය කියෑවීමෙන් අනතුරුව නැඟී සිටි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සිය සේවාදායකයා සාක්ෂියට කැඳවීමට ඔහු දැක්වූ විරෝධය පිළිගැනීම ගැන කොමිසමට සිය කෘතඥතාව පළ කළේය.

    විනිසුරු චිත්රසිරි මහතා - අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂියට කැඳවීම ගැන කොමිසමේ තීරණය අපි දැන් ප්රකාශයට පත් කළා. මේ නියෝගය හොඳට කියවා බලා අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂියට කැඳවීමට කැමතිද? නැද්ද යන්න ගැන තීරණයක් අරගෙන අපට කියන්න. අවශ්ය නම් ඒ සඳහා කාලයක් දෙන්නම්
    .
    ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - අපට ලබන සඳුදා තෙක් කල් දෙන්න.

    සභාපති විනිසුරු - ඒ තරම් කල් දෙන්න බැහැ. හෙට කියන්න.
    ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා - සාක්ෂි දීමට මගේ සේවාදායකයාගේ නම් කැමැත්තක් නැහැ.

    කොමිසමේ සාමාජික විනිසුරු ජයවර්ධන මහතා - ඉක්මන් වන්නේ නැතිව කොමිසම දුන් නියෝගය හොඳට කියවලා තීරණයක් ගන්න.

    ජනාධිපති නීතිඥ - ගාමිණී මාරපන මහතා - හොඳමයි ස්වාමිනි.

    අර්ජුන ඇලෝසියස් සාක්ෂි දීම ප්රතික්ෂේප කරනවා නම් ඔහුට සාක්ෂිs දෙන්නැයි බල කිරීමෙන් වැළකීමට කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා දරණ ස්ථාවරය ඔහු සමග සාකච්ඡා කිරීමෙන් පසුව අද (14 දා) කොමිසමට දැනුම් දෙන බව ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.

    http://www.divaina.com/2017/09/14/news01.html
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහේන්ද්රන් 19 දා බැඳුම්කර කොමිසම හමුවට කැඳවයි


    ශ්යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන



    ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතාට සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට ලබන 19 වැනිදා පැමිණෙන ලෙස කොමිසම විසින් සිතාසියක් මඟින් දන්වනු ලැබ ඇත. කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා විසින් නිකුත් කළ එම සිතාසිය පිස්කල් හරහා මහේන්ද්රන් මහතාට ලබාදීමට කොමිසම පියවර ගෙන ඇත. කොමිසම මඟින් විභාග කරන කාලය තුළ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ අර්ජුන මහේන්ද්රන් මහතාය..


    http://www.divaina.com/2017/09/14/news02.html
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අර්ජුන් ඇලෝසියස් මගහැරිය බැඳුම්කර කොමිසමේ ප්රශ්න 13 මෙන්න..!


    පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීහට අත්යාවශ්ය පුද්ගලයෙකු බවත් ඔහුට අවශ්යනම් කොමිසම හමුවේ සාක්ෂි ලබා දිය හැකි බවත් ඒ සඳහා බල නොකරන බවත් පැවසූ බැඳුම්කර කොමිසම ඊයේ (13) දින ඔහුගේ මූලික කරුණු 13ක් ඔස්සේ කරුණු හෙළිකරගැනීම සඳහා සාක්ෂි විමසීමට නියමිතව තිබූ බවද ප්රකාශ කර ඇත.
    අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි දීමට හැකියාවක් නැතැයි ප්රකාශ කර තිබේ.
    ඔහු මෙම කොමිසම හමුවේ සාක්කි දීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් දිනෙක තම සේවාදායකයාට අපරාධ අධිකරණයක් හමුවේ අධිචෝදනා මත නඩු පවරණු ලැබුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන්නේ යැයි කී ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා මේ තත්වය මත තම සේවාදායකයා මෙම කොමිසම හමුවේ සාක්කි ලබාදීමට අකමැති යැයිද ප්රකාශ කර ඇත.
    මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ විනිසුරු ප්රසන්න ජයවර්ධන මහතා කොමිසමේ මෙම තීන්දුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සළකා බලන ලෙස දැනුම් දුන් අතර ඇලෝසියස් මහතා කොමිසමේ සාක්කි ලබාදීමට අකමැති නම් ඒ බව දැනුම් දෙමින් අද (14) කොමිසමට අයැදුම් පතක් ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබේ.

    පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙසට බලකිරීමට හැකියාවක් නැති බවට තීරණය කිරීමට පාදක වු කරුණු සහ ඒවාට පදනම් වු පසුබිම හා නීතී තත්වයන් පිළිබඳව වු විග්රහයන් ඇතුළත් කරමින් පිටු 09කින් යුත් තීන්දුවක්ද ප්රකාශයට පත් කර ඇත.
    බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් සාක්ෂි විමසීමට පාදක වූ මූලික කරුණු 13 මේ වනවිට මාධ්ය වෙත මුදා හැර තිබේ. ඒ අනුව,


    1.පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ අයිතිය සහ ව්යුහය.

    2.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ බලපත්රය ලබාගත් ආකාරය.

    3.අර්ජුන් ඇලෝසියස් මහතා ශ්රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්යාපාර සැළැස්ම.

    4.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක හා කළමණාකාර අධ්යකෂ ධුරවලින් ඉවත් වීමට හේතු.

    5.පර්පචුවල් ට්රෙෂරීස් සමාගම ප්රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.

    6.පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ වර්ථමාන ප්රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.

    7.ශ්රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්රෙෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.

    8.ශ්රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.

    9..ශ්රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

    10.සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

    11.පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.

    12.පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.

    13.මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.


    යන කරුණු ඔස්සේ සාක්ෂි විමසීමට නියමිතව තිබී ඇත.

    source:Colombo today
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස් හා ඔබ මහේන්ද්රන්ගේ කාලේ සිදු කළේ මහ බැංකුව සමඟ හවුල් වී කූට ජාවාරමක් නේද?

    අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපතිව සිටි කාලය තුළ ඔබත් අර්ජුන් ඇලෝසියසුත් යන දෙදෙනා එකතු වී පර්පචුවල් ට්රෙෂරීස් සමාගම මෙහෙයවා ඇත්තේ මහ බැංකුවේ ප්රාථමික ගනුදෙනුකරුවකු ලෙස නොව මහ බැංකුවද හවුල් කරගනිමින් ජනතාවගේම මුදල් යොදවා කූට අන්දමින් සල්ලි ගරා ගැනීමේ ජරා ජාවාරම්කරුවකු ලෙස නොවේ දැයි පෙරේදා (13දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටි පර්පචුවල් සමාගමේ ප්රධාන විධායක කසුන් පලිසේනගෙන් ජේයෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විමසා සිටියේය.
    එය ඔහු ප්රතික්ෂේප කළේය. එහෙත් ඊළඟ ප්රශ්නයට ඔහුගේ ප්රතිචාරය මෙය විය.


    එලෙස කූට ලෙස මුදල් ඉපැයීමට ඇලෝසියස්ට හවුල් වූ නිසා වාර්ෂික පාරිතෝෂිත (බෝනස්) ගෙවීමේදී ඇලෝසියස්ට ලැබුණු මුදල මෙන් සිවු ගුණයක මුදල් ඔබට ලැබුණා නොවේද යනුවෙන් නැඟූ ප්රශ්නයට පිළිතුරු දෙමින් එය සැබෑ බව ඔහු පිළිගත්තේය.
    තමාට ලැබුණු පාරිතෝෂිත මුදල සමස්ත සේවක මණ්ඩලයට ලැබුණු පාරිතෝෂිත මුදලෙන් හරි අඩක් එනම් සියයට 50ක් (50%) තරම් විශාල බෝනස් එකක් නොවේ දැයි යන ප්රශ්නයටද ඔහුගේ පිළිතුරු වූයේ එයද සැබෑ බවය.
    තමාට ලැබුණු බෝනස් මුදල් ආයතනයේ දෙවැනියාට වැඩිපුරම විශාල බෝනස් එක ලැබූ තැනැත්තාගේ මුදල මෙන් 8 ගුණයක් බව පිළිගන්නවාද යන ප්රශ්නයට ඔහු කියා සිටියේද 'ඔව්' යන්නය.

    කොමිසම එහි සභාපති ජේයෂ්ඨ ශේර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්රසිරි මහතාගේ ප්රධානත්වයෙන් හා සෙසු කොමසාරිස්වරුන් වන ජේයෂ්ඨ ශේ්රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්රසන්න එස්. ජයවර්ධන, විශ්රාමික නියෝජ්ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය.

    කොමිසමේ ලේකම්වරයා වනුයේ සුමතිපාල උඩුගම්සූරිය මහතාය.
    නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාත් ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන, ජේයෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ප්රමුඛ රාජ්ය නීතිඥ මණ්ඩලයක් කොමිසමේ පරීක්ෂණ කටයුතු හා සාක්ෂි විභාග පැවැත්වීමේ කටයුතු මෙහෙයවමින් කොමිසමට සහාය වෙති.

    විටින් විට සී.ඩී. පටිවල අන්තර්ගත බැඳුම්කර ගනුදෙනු හා සම්බන්ධත තොරතුරු පරිගණක යන්ත්රය හරහා තිරයේ ප්රදර්ශනය වීමට සලස්වමින් සාක්ෂිකරුගෙන් ප්රශ්න ඇසීම මඟින් නියෝජ්ය සොලිසිටර් ජනරාල් ගුණතිලක මහතා කොමිසම හමුවේ වාර්තා වී ඇති තොරතුරු සාක්ෂිකරු ලවා තහවුරු කරගනු ලැබීය.

    සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්රී ලංකා රක්ෂණ සංස්ථා, සේවක භාරකාර අරමුදල යනාදී ආයතනයන්ගේ අරමුදල් මෙහෙය වන කවීන් කරුණාමූර්ති, නවීන් අනුරාධ, සමන් කුමාර, ධනුක යනාදී පුද්ගලයන් සමඟ ඉතා සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටිමින් ඔවුන් හරහා එකී අරමුදල්වලට 'අලාභත්' පර්පචුවල් සමාගමට 'ලාභත්' ලැබෙන ආකාරයෙන් ගනුදෙනු සිදු කිරීම මඟින් අසීමිත ලාභ ඉපැයීමට පර්පචුවල් ට්රෙෂරීස් සමාගම ක්රියාකොට ඇති ආකාරය තහවුරු කරලීම සඳහා ගුණතිලක මහතා දිගින් දිගටම විවිධ ලේඛනද ඉදිරිපත් කරමින් අදාළ කරුණු තහවුරු කළේය.
    එකී ගනුදෙනු මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ආයතනවල අරමුදල්වලට සිදුකොට ඇති පාඩුව හා අලාභය අසීමිත බවද ගුණතිලක මහතා මෙහිදී කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.

    කොමිසම අද උදේ 10.00ට යළි රැස්වේ.
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සාක්ෂි නොදී ඉන්න ඇලෝසියස්ට ඉඩදීමේ
    කොමිසමේ තීන්දුවට නීතිපති එකඟ නෑ
    -ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා

    සරත් ධර්මසේන, ශ්යාම් නුවන් ගනේවත්ත

    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට බලකිරීමෙන් වැළකීමට කොමිසම ගත් තීරණය පිළිගන්නේ නැතැයි කොමිසම හමුවේ සාක්ෂි මෙහෙයවන නීතිපතිගේ නීතිඥ කණ්ඩායමේ ප්රධානියා වන ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ කොමිසම හමුවේ දැඩිව කියා සිටියේය.

    කොමිසම ගත් තීන්දුවට අප එකඟ වන්නේ නැහැ. අර්ජුන් ඇලෝසියස්ගේ සාක්ෂිය විමසිය යුතු බවට මා ප්රබල කරුණු රැසක් ඉදිරිපත් කළා. ඒවා ගැන නොසලකා ගත් වැරදි දඩබ්බර තීන්දුවක් " යෑයි ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

    අර්ජුන ඇලෝසියස් සාක්ෂියට කැඳවිය යුතුය යන ස්ථාවරයේ තමා දැඩිව සිටින බවත් තමා දැන් ප්රකාශ කරන්නේ කොමිසම ගත් එකී තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා දරන මතය බවද ඔහු කීවේය.

    දැනට තමා මේ ගැන වැඩි යමක් ප්රකාශ නොකරන බවත් ඉදිරියේදී ගත යුතු ක්රියා මාර්ගය නීතිපතිවරයා සමග සාකච්ඡා කර කොමිසම හමුවේ ප්රකාශ කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    ජ්යෙෂ්Aඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එසේ සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසම හමුවේ ප්රකාශයක් කිරීමෙන් අනතුරුවය.

    අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙනවා ද නැද්ද ඒ පිළිබඳව ඔබේ තීරණය කුමක්දැයි කොමිසමේ සභාපති ශේ්රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා ඊයේ කොමිසම රැස් වූ අවස්ථාවේදී ප්රථමයෙන්ම ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගෙන් ඇසුවේය.

    මාරපන මහතා- ස්වාමිනි, අපි ගත් තීරණයේ වෙනසක් නැහැ. අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ නැහැ. සාක්ෂි දෙන්න ඔහුගේ කැමැත්තක් නැහැ.

    තම සේවාදායකයා වන අර්ජුන ඇලෝසියස් සාක්ෂියට කැඳවීමට කොමිසම ගත් තීරණය හා ඒ පිළිබඳ කොමිසම දැක්වූ අදහස් වලට තමා සැලකිල්ල යොමු කළ බව ජනාධිපති නීතිඥ මාරපන මහතා කීය.

    කොමිසම හමුවේ සඳහන්වූ ඇතැම් සිද්ධීන් ගැන කරුණු පැහැදිළි කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඔහු කොමිසම හමුවේ සාක්ෂියට කැඳවූ බව කොමිසම ප්රකාශ කළ නමුත් තමා දුන් උපදෙස් පිළිගෙන ඔහු සාක්ෂි නොදීමට තීරණය කළ බවද ඔහු කීවේය.

    කොමිසම ප්රකාශයට පත් කළ තීන්දුව තමා ඉතා අගය කරන බවද ඔහු කීය. එය ආදර්ශමත් නඩු තීන්දුවක් බවත් විනිසුරුවරුන්ට හා නීතිඥවරුන්ට අනාගතයේ දී එය ප්රයෝජනයට ගත හැකි බවත් මාරපන මහතා කීය.

    http://www.divaina.com/2017/09/15/news01.html
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැඳුම්කර කොමිසමේ වාර්තාව භාර දුන් වහාම නඩු පවරනවා
    - ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

    රනිල් ධර්මසේන

    ඇතැමුන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි නොදෙන්නේ තමන්ට සාක්ෂි දීමට බැරි තත්ත්වයක් උදාවී ඇති නිසා බවත් කොමිසමේ වාර්තාව භාර දුන් වහාම ඒ අනුව නීතිපති නඩු පවරන බවත් ව්යවසාය සංවර්ධන රාජ්ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    බැඳුම්කරය මගින් මහා වංචාවක් සිදුව ඇති බව කිසිම ගැටලුවක් නැතිව මුළු රටම පිළිගෙන අවසන් බවද ඊයේ (14 දා) ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්ය හමුවකදී මාධ්යවේදිනියකු නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.
    බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි නොදෙන හැමෝටම අධිකරණය හමුවේ අනිවාර්යයෙන්ම සාක්ෂි දීමට සිදුවන බවද එහිදී සාක්ෂි දීමට නොහැකි බව කාටත් කිව නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

    සාක්ෂි දීමට බැහැ කීමෙන් පැමිණිල්ල තවත් ශක්තිමත් වන බව කී ඇමැතිවරයා මෙහිදී කොමිසමෙන් ගත් පියවර ඉතා නිවැරැදි බවද සඳහන් කළේය. කොමිසමේ කටයුතු අවසන් වීමෙන් පසුව නඩු පැවරීමද කඩිනමින් සිදු කරන බවත් ඒ වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටින බවත් ඇමැතිවරයා පැවසීය.

    සිල් රෙදි බෙදීමේ සිද්ධියේදී සිල් රෙදි මහජනතාව අතට ලැබී ඇති බවද බැඳුම්කර වංචාවේදී අති විශාල මුදලක් තනි පුද්ගලයකුට ගොස් ඇති බවට ද පෙනී යෑයි යන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සිල්රෙදි බෙදීමේ සිද්ධිය හා බැඳුම්කර වංචාව සමාන කළ නොහැකි යෑයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ

    http://www.divaina.com/2017/09/15/news05.html
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස් කෝප් එකට කිව්වේ බොරු
    පර්පෙචුවල් ට්රෙෂරීස් ප්රධාන විධායක කසුන් පලිසේන
    බැඳුම්කර කොමිසමේදී පිළිගනී

    kas1.jpg


    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා පාර්ලිමේන්තු පොදු ව්යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය.
    කොමිසමේ සාමාජික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්රසන්න එස්. ජයවර්ධන මහතා විසින් දිගින් දිගටම අසන ලද ප්රශ්න හමුවේ අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට පවසා ඇති දේ නිවැරදි නොවන බව පලිසේන මහතා පිළිගත්තේ එම ප්රශ්නයට පිළිතුරක් නොදී යම් වේලාවක් නිහඬව සිටීමෙන් පසුවය.

    ඒ ප්රශ්නයට පිළිතුරු දීමට විනාඩි දෙකක පමණ කාලයක් ගතවූ බව කොමිසමේ සභාපති ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා සාක්ෂිකරු එම පිළිතුර ලබාදීමෙන් පසු ප්රකාශ කළේය.

    අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කෝප් කමිටුවට ලබාදී ඇති පිළිතුරු කසුන් පලිසේන මහතාට ඉදිරිපත් කරමින් ඔහුගෙන් ප්රශ්න කිරීම නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් සිදුකරන ලදී.

    ඒ අනුව ඇලෝසියස් මහතා කෝප් කමිටුවට ප්රකාශ කර තිබුණේ ඔහුගේ මාමණ්ඩිය (බිරිඳගේ පියා) මහ බැංකු අධිපති තනතුරට පත්වූ නිසා පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධවීම නුසුදුසු නිසාත් එය අරමුණු අතර ගැටුමක් ඇති වීමට හේතුවක් වන නිසාත් තමා පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරි තනතුරින් ඉල්ලා අස් වූ බවය.

    ඇලෝසියස් මහතා කෝප් කමිටුවට ලබා දී තිබූ එම පිළිතුර කසුන් පලිසේන මහතාට කොමිසම හමුවේ කියවන ලෙස මිලින්ද ගුණතිලක මහතා විසින් දැනුම් දුන් අතර ඉන් පසු මේ ප්රකාශය සත්යයක්දැයි විමසූ අවස්ථාවේදී ඇලෝසියස් මහතා ප්රධාන විධායක නිලධාරී තනතුරින් ඉවත් වූ පසුවත් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට ඇතැම් අවස්ථාවලදී සම්බන්ධ වූ බවට පලිසේන මහතා පිළිගත්තේය.

    මෙහිදී නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කීවේ ඇලෝසියස් මහතා ඇතැම් අවස්ථාවල පමණක් නොව පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට මුළුමනින්ම සම්බන්ධ වී ඇති බවයි.
    මේ අනුව අර්ජුන් ඇලෝසියස් මහතා පාර්ලිමේන්තු පොදු ව්යාපාර කාරක සභාවට බොරු කර ඇති බව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා ප්රකාශ කළ අතර ඒ ගැන සාක්ෂිකරුගෙන් විමසූ විට පලිසේන මහතා මුලින්ම ඊට දුන් පිළිතුර වූයේ ඒ ගැන තමාට හරියටම කිව නොහැකි බවයි.

    මුලින් අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට බොරු කර ඇති බව එක්වරම නොපිළිගත් පලිසේන මහතා ඇලෝසියස් මහතා පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ මෙහෙයුම් කටයුතුවලට ඇතැම් අවස්ථාවලදී සම්බන්ධ වූ බව පිළිගත්තේය.
    මෙහිදී කොමිසමේ සභාපතිවරයා සාක්ෂිකරු අමතමින් කීවේ අර්ජුන් ඇලෝසියස් මහතාගේ උපදෙස් අනුව කටයුතු කර පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම බිලියන ගණන් ලාබ ඉපයූ බවයි. ඒ අනුව ඇලෝසියස් මහතා කෝප් කමිටුවට පවසා ඇත්තේ සත්ය නොවන බව පලිසේන මහතා පිළිගත් අතර අවසානයේ විනිසුරු ජයවර්ධන කළ ප්රශ්න කිරීම් හමුවේ අර්ජුන් ඇලෝසියස් මහතා කෝප් කමිටුවට බොරු කර ඇති බව කසුන් පලිසේන මහතා පිළිගැනීම සිදු කළේය..

    http://www.divaina.com/2017/09/16/news01.html
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇලෝසියස්ගේ රෙදි පලිසේන අතින්ම ගැලවෙයි
    17-9-2017%20mawnm%20(4).jpg


    අර්ජුන් ඇලෝසියස් පාර්ලිමේන්තු 'කෝප්' කමිටුව හමුවේ ප්රකාශ කොට ඇත්තේ පට්ටපල් බොරු බව ඇලෝසියස්ගේ පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේම ප්රධාන විධායක කසුන් පලිසේන පෙරේදා (15දා) බැඳුම්කර කොමිසම හමුවේදී පිළිගත්තේය.

    තම මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති ලෙස පත් වූ දින සිට තමා පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ නිලතලවලින් ඉවත් වූ බවත් එතැන් සිට සමාගමේ කිසිදු කටයුත්තකට තමා සම්බන්ධ නොවූ බවත් 'කෝප්' කමිටුව හමුවේදී අර්ජුන් ඇලෝසියස් විසින් කරනු ලැබූ ප්රකාශය සම්පූර්ණයෙන්ම සාවද්ය ප්රකාශයක් බවත්,
    ඇත්ත වශයෙන්ම සිදුවූයේ ප්රධාන විධායක නිලධාරි වශයෙන් ඔහු විසින් එතෙක් සිදුකළ කටයුතු හා කාර්යභාරය ප්රායෝගිකව ඔහු විසින්ම දිගටම සිදුකළ අතර, නිල වශයෙන් එම කටයුතු එකී තනතුරට පත් වූ තමා මඟින් සිදුවීම පමණක් බවත් පලිසේන, කොමිසමේ කොමසාරිස්වරයකු වන ජේයෂ්ඨ ශේර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්රසන්න එස්. ජයවර්ධන මහතා විසින් නඟන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් ප්රකාශ කළේය.

    භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී තමා විසින් සමාගම වෙනුවෙන් මිල ගණන්පත් (ඕඪඤඵ) ඉදිරිපත් කළ නමුත් එම මිල ගණන්පත් සඳහා අවශ්ය සියලු තොරතුරු ලබාදීම දිගටම සිදුකළේ අර්ජුන් ඇලෝසියස් විසින්ම බවද පලිසේන තවදුරටත් කොමිසම හමුවේ පිළිගත්තේය.

    2015 සිටම දිගින් දිගටම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි ඇතුළු සියලු ව්යාපාරික කටයුතු මෙහෙයවන ලද්දේ අර්ජුන් ඇලෝසියස් විසින්ම බවද ජේයෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා නඟන ලද හරස් ප්රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

    පිළිතුරු දීමේදී මතුවූ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ කොමිසමේ සභාපති ජේයෂ්ඨ ශේ්රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්රසිරි මහතා සාක්ෂිකරුට දැඩිව අවවාද කරමින් "තමාද සත්යයම පවසන බවට කොමිසම හමුවේ දිවුරුම් දී සිටිමින්ම පට්ටපල් බොරු ප්රකාශ කරන බව මේ වන විටත් නිරීක්ෂණය වී තිබෙන බව අමතක කරන්න එපා" යැයි පැවැසීය..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පහකොට රවි දෝශ හා මංගල................................මුද්ද
    යහනේ සැතපිලා බිඳ පතිදම්....................................සුද්ද
    යහපාලන කුමරි දාගෙන සිල්.................................රෙද්ද
    වහ ගන්නට හදයි ඇතුලේ යම.................................යුද්ද