බැඳුම්කර News (Updates) ✔️

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1003_01.jpg


    1003_02.jpg
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අර්ජුන් මහේන්ද්‍රන් කියන කැරි පොන්නය මහ බැංකු මුල් පුටුවට දාල මේක ප්ලෑන් කරේ ලොලු පොනිල බන්. ආයෙ කොමිෂන් දාල හොයන්න දෙයක් නෑ. නලුවෙක් නෙවෙයි පොන්නයෙක් කිව්වට කොහොමද පොන්නයගෙ වැඩ :angry::angry:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මහ බැංකු ලොක්කන්ට ඇලෝසියස් කෝටි ගණන් පගා දුන්නා..
    -නුවන් සල්ගාදු

    22384043_450567512011058_6838772777192006514_o.jpg

    -------------------------------------------------------------
    පර්පචුවල් ට්රෙෂරීස් සමාගමට බැඳුම්කර වෙන්දේසිවලදී රුපියල් කෝටි දහස් ගණන් ලාබ ලබාගන්නට මහ බැංකුව ඇතුළතින්ම ලබාදුන් රහස්ය තොරතුරු ඉවහල් වූ බවත් ඒ සඳහා උදවු කළ නිලධාරීන්ටද රුපියල් කෝටි ගණන් අල්ලස් ලබා දීමට වැඩ පිළිවෙළක් ඇලෝසියස් ක්රියාත්මක කළ බවත් ඊයේ ජනාධිපති කොමිසම හමුවේදී සාක්ෂි දුන් එම සමාගමේ ප්රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු
    කියා සිටියේය.

    එලෙස රහස්ය තොරතුරු ලබාදෙන කිහිපදෙනා හට සිදු කරනු අල්ලස් ගෙවීම් පිළිබඳව සටහන් තබනුයේ ඔවුන්ගේ නියම සැබෑ නම්වලින් නොවන බවද ඒ වෙනුවට "ලිට්ල් ජොනී", "චාර්ලී" "ඛාන්" "ටැන්ගෝ" යනාදී වශයෙන් සුවිශේෂී රහස් පද ඒ සඳහා භාවිත කරන ලද බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

    කොතරම් වූ විශාල "අල්ලස්" ප්රමාණ ඔවුන්ට ගෙවනු ලැබුවා දැයි නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ 2015 වසරේදී පමණක් "චාලී" නමින් හැඳින්වූ අර්ථසාධක අරමුදලේ (ETF) භාණ්ඩාගාර අංශයේ ප්රධානියාට පමණක් රුපියල් කෝටි 10කට ආසන්න (මිලියන 97ක්) මුදලක් අල්ලස් වශයෙන් ගෙවන ලද බවද ඔහු හෙළි කළේය.

    2015 මාර්තු මස 02 වැනි දින පමණක් ඔහුට රුපියල් ලක්ෂ 32ක (මිලියන 3.2ක) අල්ලස් මුදලක් ගෙවනු ලැබූ බවද ඔහු කියා සිටියේය.

    තවද එලෙස අල්ලස් ලැබූවන් අතර "ලිට්ල් ජොනී" යන නමින් හැඳින්වූයේ සේවක භාරකාර අරමුදලේ (EPF) කවීන් කරුණා මූර්ති නම් අයද සිටි බවත් ඔහු වැඩිදුරටත් හෙළි කළේය.
    උදයසීලන් හා සමන් කුමාර යන දෙදෙනාද ඒ අතර වූ බවද ඔහු තවදුරටත් හෙළි කළේය.
     
    • Like
    Reactions: Lejayange

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    2014 දීත් පර්පෙචුවල් තොරතුරු දුන් අයට මිලියන 94 ක් ගෙවලා

    2014 වසරේ ජුලි සිට දෙසැම්බර් කාලය තුළ පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමට අභ්යන්තර රහස් තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් මිලියන 94 ක් වැනි විශාල මුදල් ගෙවීමක් එම සමාගම විසින් ගෙවා ඇති බව පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ දී හෙළි කළේය.

    වරින් වර අවස්ථා 18 කදී මේ ගෙවීම් සිදුකර ඇති බවද සල්ගාදු මහතා කීවේය.

    ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්රසන්න එස්. ජයවර්ධන මහතා අසන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා මේ බැව් කීවේය.

    මේ ගෙවීම් 2014 වර්ෂයේ සිදුවී ඇත්තේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි කාලයේ දීයි. එම මුදල් ගෙවීම් ඒ ආකාරයටම 2015 වර්ෂයේදීද ඉදිරියට සිදුවූවා දැයි විනිසුරු ජයවර්ධන ඇසූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේ දිගටම එම ගෙවීම් සිදුවූ බවද චාලි නමින් හඳුන්වන තැනැත්තාට විශාල ගෙවීම් සිදුකර ඇති බවද සල්ගාදු මහතා කීවේය.

    source: http://divaina.com/daily/index.php/puwath-2/978-2017-10-12-12-39-86
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමේදී 'චාලි' ලෙස හැඳින්වූයේ අර්ථසාධක අරමුදලේ උදයසීලන් සහ සමන් කුමාර පමණයි
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන ගැනුම්කරු නුවන් තිළිණ සල්ගාදු කියයි
    cheapdeler1.jpg

    ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්ෂි දීම සඳහා ඊයේ (13 දා) පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන ගනුදෙනුකරු (චීප් ඩීලර්) බැඳුම්කර කොමිසම වෙත පැමිණි අයුරු. ඡායා - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම සිය බැඳුම්කර ගනුදෙනුවලදී 'චාලි' ලෙස හැඳින්වූයේ මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ උදයසීලන් සහ සමන් කුමාර යන දෙදෙනා පමණක් බවත් තම සමාගම දන්නා වෙනත් 'චාලි' කෙනෙක් නොසිටි බවත් ඊයේ (13 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන ගැනුම්කරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා පිළිගත්තේය.
    ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් අසන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා ඒ බව පිළිගත්තේය.

    ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා - මේ කොමිසමට අනුයුක්ත රහස් පොලිස් නිලධාරීන්ට ඔබ ප්රකාශයන් දෙකක් ලබාදුන්නා. එම ප්රකාශ ලබා දුන්නේ 2017 ඔක්තෝබර් 03 දා සහ 2017 ඔක්තෝබර් 09 දිනවලයි.

    සාක්ෂිකරු - ඔව්.

    ජ්යෙ.අ.සො. ජනරාල් - මුල් ප්රකාශය සිංහලෙන් සහ දෙවන ප්රකාශය ඉංග්රීසියෙනුත් කළා.

    සාක්ෂිකරු - ඔව්
    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ කළ ගනුදෙනු ගැන රහස් පොලිස් නිලධාරීන් ඔබගෙන් ප්රශ්න කළා?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ සත්ය කරුණු හෙළිදරව්වක් රහස් පොලිස් නිලධාරීන්ට කළා ඒක හරිද?

    සාක්ෂිකරු - ඒක හරි

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඉන්පසු මේ කොමිසමට සහාය වන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ඔබ සමඟ සාකච්ඡා කළා.

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ රහස් පොලිස් නිලධාරීන්ට කළ ප්රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කර ගැනීමට සාකච්ඡා කළා.

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබගේ දිවුරුම් ප්රකාශ සකස් කළේ ඉන් පසුවයි?
    සාක්ෂිකරු - ඔව් ඒක හරි
    ජ්යෙ.අ.සො. ජනරාල් - එය අත්සන් කිරීමට එය සම්පූර්ණයෙන්ම පියවීමට අවස්ථාව දුන්නා?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - දිවුරුම් ප්රකාශයේ කෙටුම්පතට ඔබ ඇතැම් සංශෝධනත් යෝජනා කළා නේද?
    සාක්ෂිකරු - ඔව්
    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ එය කියවල එහි අන්තර්ගතය අවබෝධ කරගෙන එය සත්ය බව වටහාගෙන තමයි එය අත්සන් කළේ?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ මේ හෙළිදරව්ව ඔබේ නිදහස් කැමැත්තට අනුවයි. එය හරිද?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - මෙයට අත්සන් ගැනීමේදී ඔබට කිසියම් තීරණයක් හෝ පොරොන්දුවක් දුන්නාද?

    සාක්ෂිකරු - නෑ.

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබට අවශ්ය වූවා නම් නීතිඥයකුගේ සහාය ලබාගැනීමේ හැකියාව තිබුණා ඔබේ කැමැත්තට අනුව?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ මේ කොමිසම ඉදිරිපත් කළ සී 328 සහ සී 329 යන දිවුරුම් ප්රකාශයේ අන්තර්ගතය වෙනුවෙන් පෙනී සිටිනවාද?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබේ දිවුරුම් ප්රකාශය සමඟ 'ඒ' වශයෙන් සලකුණු කළ ලේඛනය පවත්වාගෙන ගියේ ඔබ විසිනුයි.

    සාක්ෂිකරු - එය පවත්වාගෙන ගියේ මා විසින්.

    ජ්යෙ.අ.සො. ජනරාල් - එය කළේ ඔබගේම පරිගණකයේ?

    සාක්ෂිකරු - ඔව් පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ මගේ මේසය මත තිබෙන පරිගණකයෙන්.

    ජ්යෙ.අ.සො. ජනරාල් - මේ ලේඛනය හදන්න කවුරුත් සහාය දුන්නද?

    සාක්ෂිකරු - නෑ

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ විසින් එය කළේ?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - මේ ලේඛනය මූලික වශයෙන් ඔබ සකස් කළේ 2014 වසරේදී. එය ස්ථිරද?

    සාක්ෂිකරු - ඔව්
    ජ්යෙ.අ.සො. ජනරාල් - ඉන්පසු 2015 දක්වා ඔබ එය යාවත්කාලීන කරමින් පවත්වාගෙන ගියා?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ ලේඛනය සකසා එය පවත්වාගෙන ගියේ කසුන් පලිසේනගේ උපදෙස් මත බව ඔබ කිව්වා?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - 2014 සහ 2015 යන වසර දෙකේ ඔහු (කසුන් පලිසේන මහතා) ඔබගේ ඊළඟ ඉහළ නිලධාරියා වුණා?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔහුගෙන් ඔබ උපදෙස් ලබාගත්තා?

    සාක්ෂිකරු - ඔව්

    ජ්යෙ.අ.සො. ජනරාල් - මේ ලේඛනයේ තිබෙන තොරතුරු ඔබට සැපයුවේ කවුරු විසින්ද?

    සාක්ෂිකරු - කසුන් පලිසේන විසින්
    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔහු එම තොරතුරු ඔබට ලබාදුන්නේ කොහොමද?

    සාක්ෂිකරු - වාචිකව ලබාදුන්නේ.

    ජ්යෙ.අ.සො. ජනරාල් - ඔබ දෙදෙනාම ඉන්නේ එකම කාර්යාලයේ

    සාක්ෂිකරු - ඔව්

    ඡේ. අ. සො. ජනරාල් - මේ ලේඛනයට ඇතුළත් කිරීමට සහ එය යාවත්කාලීන කර පවත්වා ගෙන යැමට අවශ්ය තොරතුරු ඔහු ඔබට වාචිකව ලබා දුන්නා.

    සාක්ෂිකරු - ඔව්.

    ඡේ. අ. සො. ජනරාල් -
    කසුන් පලිසේන දන්නවා මේ ලේඛනය ඔබේ පරිගණකයේ තිබෙන බව?

    සාක්ෂිකරු - ඒක හරි. ඇතැම් අවස්ථාවල ඔහු පැමිණ මගේ පරිගණකයේ ඇති එම ලේඛනය බලල තියෙනවා.

    ඡේ. අ. සො. ජනරාල් -
    එම ලේඛනයේ ප්රින්ට් අවුට් ඔහු (කසුන් පලිසේන මහතා

    Source: http://divaina.com/daily/index.php/pradeshiya-puwath/1061-2017-10-13-13-58-77
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පලිසේනට සල්ලි මිටි ගණන් දුන්නා

    koshitha134.jpg



    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනු හරහා උපයාගත් මුදල් තම සමාගමට අනුබද්ධ සමාගම් තුනකට යවා පසුව එම සමාගම්වලින් ලැබුණු චෙක්පත් මාරු කර ලැබුණු මිලියන ගණන් මුදල් මිටි පිටින් තමා පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ කාමරයේ පුටුවක් මත දැමූ බව එම සමාගමේ ජ්යෙෂ්ඨ ගනුදෙනුකරු කෞෂිත රත්නවීර මහතා ඊයේ (13 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.

    විටින් විට අවස්ථා ගණනාවකදී තමා මෙසේ චෙක්පත් මාරු කර එම මුදල් පලිසේන මහතාගේ කාමරයේ ඔහුගේ පුටුව මතට දැමූ බව ද රත්නවීර මහතා කොමිසම හමුවේ අසන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.
    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමට අනුබද්ධ පර්පෙචුවල් ඇසට් මැනේඡ්මන්ට්, පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග් සහ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් යන සමාගම්වලින් මෙසේ චෙක්පත් ලැබුණු බවත් ඒවා කසුන් පලිසේන මහතාගේ උපදෙස් පරිදි මුදල් කළ බවත් රත්නවීර මහතා කීවේය.

    මිලියන ගණන් චෙක්පත් මාරු කර ලැබෙන මුදල් කසුන් පලිසේන මහතාට දුන්නත් තම මුදල්වලින් කරන ගෙවීම් මොනවාද යන්න තමා නොදන්නා බවත් ඒ ගැන තමා විමසන්නට ගියේ නැති බවත් රත්නවීර මහතා කීවේය.
    එය තමාට අයත් කාර්ය භාරයක් හැටියට සැලකුවේ නැති බවත් ඔහු කීවේය.

    එලෙස චෙක්පත් මාරු කිරීමේ කටයුතු තමාට අමතරව පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ තවත් නිලධාරීන් දෙදෙනෙක් වන චතුරංග උදය කුමාර සහ නිමේෂ් සංජීව විසින් සිදුකළ බව ද ඔහු කීය.

    විනිසුරු ජයවර්ධන මහතා - ඔබ ගෙනා මුදල් තොගය කසුන් පලිසේන මහතාගේ කාමරයේ පුටුවක් මත තැබුවේ ඇයි? කාමරයේ අල්මාරියක් නැද්ද? මුදල්වල ආරක්ෂාවටත් හොඳයි නේ අල්මාරියක දමල යතුරු දමා වැහුqව නම්?

    සාක්ෂිකරු - ස්වාමීනි ඇතැම් දිනවල මුදල් ඔහුගේ අතටත් දුන්නා පුටුව මත තැබුවේ ඔහුගෙන් එදිනෙදා ලැබුණු උපදෙස්වලට අනුවයි.
    Source:http://divaina.com/daily/index.php/pradeshiya-puwath/1059-2017-10-13-13-58-75
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කසුන් පලිසේනට චෙක්පත් මාරු කර ලබාදුන් මිලියන ගණන් මුදල් වැය කළ හැටි මම දන්නෙ නෑ

    dealer1.jpg

    පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ජ්යෙෂ්ඨ ගැනුම්කරු කෞෂිත රත්නවීර

    කසුන් පලිසේනට මා චෙක්පත් මාරු කර ලබාදුන් මිලියන ගණන් මුදල් වැය කළ හැටි තමා දන්නේ නැතැයි පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ජ්යෙෂ්ඨ ගැනුම්කරු කෞෂිත රත්නවීර මහතා ඊයේ (13 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් කීවේය.

    එය විමසීම තමාට අයත් කාර්යයක් නොවන බව සැලකූ නිසා ඒ ගැන තමා පලිසේන මහතාගෙන් විමසීමක් නොකළ බව ද රත්නවීර මහතා කොමිසම හමුමේ ඇසූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

    නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් රත්නවීර මහතා මෙසේ ද කීය.

    පර්පෙචුවල් ට්රෙෂරිස් සමාගමේ සේවයට සම්බන්ධ වී මේ වන විට වසර 03 යි.

    පර්පෙචුවල් ට්රෙෂරිස් සමාගමට සම්බන්ධ තවත් සමාගම් තුනක් තියෙනවා. පර්පෙචුවල් කැපිටල්, පරපෙචුවල් ඇසට්ස් සහ ඩබ්ලිව්. එම්. මැන්ඩිස් වශයෙනි.

    ජ්යෙෂ්ඨ රජයේ අධිනීතිඥ - (මේ අවස්ථාවේදී චෙක්පත් 02 ක් සාක්ෂිකරුට පෙන්වයි.)

    ප්රශ්නය - මේ චෙක්පත් දෙක මාරු කරල තියෙන්නෙ ඔබ. ඔබේ අත්සන චෙක්පත්වල තියෙනවා. ඒක පිළිගන්නවා.

    සාක්ෂිකරු - ඔව්

    ප්රශ්නය - මේ චෙක්පත් දෙකම ගිණුමකට දමන්නේ නැතිව මුදල් කළ හැකි (කෑෂ්) චෙක්පත්

    සාක්ෂිකරු - ඔව්.

    ප්රශ්නය - මේ චෙක්පත් දෙක ඔබට ලැබිලා තියෙන්නෙ ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමට අයත් බැංකු ගිණුමෙන්.

    සාක්ෂිකරු - ඔව්

    ප්රශ්නය - ඒ සමාගමට කළ දැනුම්දීමකට අනුවයි චෙක්පත් ලියාගෙන තිබුණෙ?

    සාක්ෂිකරු - ඔව්

    ප්රශ්නය - ඔබ ගිහින් චෙක්පත් දෙක ලබාගෙන ඒවා මුදල් කරගෙන ආවා.

    සාක්ෂිකරු - ඔව්

    ප්රශ්නය - ඒ චෙක්පත් දෙකම අත්සන් කරල තියෙන්නෙ අර්ජුන් ඇලෝසියස් සහ සුරේන් මුතුරාජා යන දෙදෙනා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන්.

    සාක්ෂිකරු - ඔව්

    ප්රශ්නය - ඔබට අමතරව පර්පෙචුවල් සමාගමේ තවත් නිලධාරීන් දෙදෙනෙක් ද චෙක්පත් මාරු කිරීමේ කටයුතුවලට යොදවා තියෙනවා?

    සාක්ෂිකරු - ඔව්. ඔවුන් දෙන්නත් චෙක්පත් මාරු කරලා මුදල් ගෙනත් දුන්නා. මම ඒවා අරන් ගිහින් කසුන් පලිසේන මහතාගේ කාමරයේ පුටුවක් මත තියෙනවා.

    විනිසුරු ජයවර්ධන මහතා - ඇයි මුදල් ඔහුගේ අතට දෙන්නෙ නැත්තේ?

    සාක්ෂිකරු - ඇතැම් අවස්ථාවලදී අතටත් දෙනවා. අවස්ථාවේ හැටියට ගනුදෙනු උපදෙස් අනුවයි එය සිදුවන්නේ.
    විනිසුරු ජයවර්ධන මහතා - කසුන් පලිසේන මහතාගේ කාමරයේ අල්මාරියක් නැද්ද? මේ පරිහරණය වෙන්නෙ විශාල මුදල් කන්දරාවක් ආරක්ෂාවටත් හොඳයි නේද අල්මාරියක මුදල් දමල වැසුවා නම්?

    සාක්ෂිකරු - ස්වාමීනි, දුන් උපදෙස් අනුව එසේ කළා.

    විනිසුරු ජයවර්ධන මහතා - චෙක්පත් මගින් ආපසු ලැබුණේ පර්පෙචුවල් ට්රෙෂරිස් සමාගම විසින් එම අනුබද්ධ සමාගම්වලට ගෙවා තිබූ මුදල්ම නේද?

    සාක්ෂිකරු - ඔව්

    විනිසුරු ජයවර්ධන මහතා - ඔබ දන්නා හැටියට සෑහෙන කාලයක් තිස්සේ මේ ගනුදෙනු ඒ ආකාරයටම සිදුවුණා. විශාල මුදලක් එලෙස සංසරණය වුණා. ඔය වැඩේ හැමදාම සිදුවුණාද?

    සාක්ෂිකරු - විටින් විට සිදුවුණා.

    විනිසුරු ජයවර්ධන - චෙක්පත් මාරු කරල කසුන් පලිසේනට ගෙනත් දුන් මිලියන ගණන් මුදල් ළඟ තියාගෙන මොනවද කරන්නේ?

    සාක්ෂිකරු - ඊට පසුව ඒ මුදල්වලින් ඔහු කරන ගනුදෙනු ගැන මම දන්නේ නැහැ.

    විනිසුරු ජයවර්ධන - ඒ ගැන දැනගැනීමට ඔබ විමසිලිමත් වූයේ නැද්ද? ඔහුගෙන් ඇසුවෙවත් නැද්ද? කාට හෝ ගෙවීම් කරන්න ඒ මුදල් යොදාගන්නවා ඇතැයි ඔබට අදහසක්වත් ඇතිවුණේ නැද්ද?

    සාක්ෂිකරු - ස්වාමීනි ඒ ගැන සොයා බැලුවේ නැහැ. එය මට අයිති රාජකාරියක් හැටියට සැලකුවේ නැහැ.

    විනිසුරු ජයවර්ධන මහතා - ඒ සල්ලි ඔබ දන්න කාටවත් දුන්නද?

    සාක්ෂිකරු - මම දන්නෙ නැහැ.
    ජ්යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරිය - චෙත්පතක් පෙන්වමින් මේ චෙක්පත් වම් පැත්තෙ අත්සන් කරල තියෙන්නෙ අර්ජුන් ඇලෝසියස්. දකුණු පැත්තේ ඔහුගේ පියා ජෙµaරි ඇලෝසියස්.

    සාක්ෂිකරු - ඔව්

    ප්රශ්නය - (තවත් චෙක්පතක් පෙන්වමින්) මෙහි අත්සන් කරල තියෙන්නේ අර්ජුන් ඇලෝසියස් සහ මූතුරාජා. ඒ. ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරු දෙන්නා.

    සාක්ෂිකරු - ඔව්

    ප්රශ්නය - මේ චෙක්පත බලන්න. මෙහි පර්පෙචුවල් ට්රෙෂරිස් සමාගමේ චෙක්පතක්. මේකට අත්සන් කරලා තියෙන්නේ අර්ජුන් ඇලෝසියස් මහතා පමණයි. පර්පෙචුවල් ට්රෙෂරිස් සමාගම සම්පූර්ණයෙන්ම පාලනය කළේ අර්ජුන් ඇලෝසියස් මහතායි.

    සාක්ෂිකරු - ඔව්.

    අනතුරුව පර්පෙචුවල් ට්රෙෂරිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ අරුල්ප්රගාශම් මහතාගේ ප්රශ්න කීපයකට පිළිතුරු දුන්නේය. තමා කොමිසම හමුවේ ඉදිරිපත් කළේ පර්පෙචුවල් ට්රෙෂරිස් සමාගම හා ඊට අනුබද්ධ සමාගම් අතර සිදු වූ ගනුදෙනුවලට අදාළ චෙක්පත් බවත් ඒ ගනුදෙනු සිදු කළේ සමාගමේ උසස් නිලධාරීන් වන නුවන් සල්ගාදු සහ කසුන් පලිසේන යන මහත්වරු බවත් තමා ඒ ගැන වැඩි විස්තර දන්නේ නැති බවත් සාක්ෂිකරු කීය.

    ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්රතිස්ස මහතා සහ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම සහ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතා ද පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතාගෙන් ප්රශ්න කළේය.

    සඳුදා (16 වැනිදා) ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික නිහාල් ෙµdන්සේකා මහතා සාක්ෂි දීම සඳහා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇති බව කොමිසමේ සභාපති ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා කොමිසම හමුවේ කීවේය.

    Source:http://divaina.com/daily/index.php/pradeshiya-puwath/1060-2017-10-13-13-58-76
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රාජ්ය බැංකු පාඩු ලබන්න මුදල් ඇමැති ලංසු තියයි

    බැඳුම්කර කොමිසමේ මේ සතියේ හෙළිදරව්ව



    පසුගිය සතියේදී ද බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය උණුසුම් මුහුණුවරක් ගත්තේය. අර්ජුන මහේන්ද්රන් මහතාගේ සාක්ෂි විභාග කිරීමත් ඉන් පසු හදිසියේම රටේ ප්රධාන රාජ්ය බැංකු තුනේ සභාපතිවරු ඇතුළු එම බැංකුවල ජ්යෙෂ්ඨ නිලධාරීන් කොමිසමට පැමිණ කළ හෙළිදරව්වත් නිසා කාගේත් විශේෂ අවධානය කොමිසම වෙත යොමු විය. රාජ්ය බැංකු සභාපතිවරු කොමිසමට පැමිණ දිවුරුම් පිට සාක්ෂි දෙමින් කීවේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා 2016 වසරේ මාර්තු මාසයේ අවස්ථා දෙකකදී බැඳුම්කර වෙන්දේසි වලදී අඩු පොලියට ලංසු තබන ලෙස මුදල් අමාත්යාංශයට කැඳවා රාජ්ය බැංකුවලට උපදෙස් දුන් බවයි. මේ නිසා රාජ්ය බැංකු වලට අවාසිදායක තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවූ බවද ඔවුහූ කීහ.


    මේ කාරණය මෙන්ම වෙන්දේසි ක්රමයට ගමන් කිරීම සඳහා උපදෙස් දුන්නේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා බව ද හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා කොමිසමේ ප්රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය. මේ සියල්ලම සමාජයේ ප්රබල කතාබහට ලක්ව තිබේ.
    මේ අනුව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කොමිසම හමුවට කැඳවනු ඇති ද යන්නත් සමහරු විමසන කරුණකි. එහෙත් කොමිසම තුළ තවම එවැන්නක් නිල වශයෙන් ප්රකාශයට පත්ව නැත. මේ පසුබිම තුළ ලබන සතියේ සාක්ෂි විභාගයේදී කුමක් සිදුවනු ඇති ද? අර්ජුන මහේන්ද්රන් මහතාගෙන් පසු කොමිසමේ සාක්ෂියට කව්රු කැඳවනු ඇතිද? අර්ජුන් ඇලෝසියස් ගෙන් සාක්ෂි නොගැනීම කොමිසමේ අරමුණු ඉටුකර ගැනීමට කවර ලෙස බලපානු ඇතිද? ඒ සඳහා කොමිසමට ඇත්තේ කවර විසඳුමක් ද? මේ සිද්ධියට සම්බන්ධ හාල්මැස්සන් කොටු වී මහා මෝරුන් බේරෙන තත්ත්වයක් උදාවෙයිද? මේ සියල්ල අද මහජන අවදානයට දැඩිව ලක්ව ඇති කරුණුය. මේ සියල්ල විමසා බලා කොමිසමේ වාර්තාව ගැන පමණක් නොව කොමිසමේ ක්රියාකලාපය ගැන ද අවසානයේ මහජනයා විනිශ්චය කරනු ඇත.


    මේ පසුබිම තුළ කොමිසමේ පසුගිය සතියේ විශේෂ සිදුවීම් කිහිපයක් ගැන අපි අවධානය යොමු කරමු.

    ඔක්තෝබර් 03 වැනි දා ආර්කේ (RK) සහ ඒඑම් (AM) යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන් දෙදෙනකු වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුකරගත යුතු දේවල් (Things to do) සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්රෂෙරීස් සමාගම විසින් ලිපිගොනු දෙකක් පවත්වාගෙන ගොස් ඇතැයි ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා අමතමින් ජනාධිපති බැඳුම්කර කොමිසමේදී ප්රකාශ කළේය.

    අර්ජුන ඇලෝසියස් මහතා සහ ඔහුගේ පුද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් අතර හුවමාරු වී ඇති දුරකථන කෙටි පණිවුඩ මඟින් එය තහවුරු වන බව ද ලිවේරා මහතා කොමිසමට කියා සිටියේය. අදාළ ජංගම දුරකථනවලින් එම දුරකථන කෙටි පණිවුඩ කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති බව ද එම දුරකථන කෙටි පණිවුඩ තහවුරු කෙරෙන ලේඛන ද දප්පුල ද ලිවේරා මහතා විසින් එදින කොමිසමට ඉදිරිපත් කර කොමිසම හමුවේ සලකුණු කළේය.
    මෙම දුරකථන කෙටි පණිවුඩ වලින් කියෑවෙන දේවල් වලින් අර්ජුන මහේන්ද්රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පර්පෙචුවල් ට්රෂෙරීස් සමාගමේ කිසිදු කටයුත්තකට සම්බන්ධව නොවූ බවට කොමිසමට මුලින් දුන් සාක්ෂිවල විශ්වාසනීයභාවය අභියෝගයට ලක්වන බව ද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේය. එහෙත් ඒඑම් (AM) හෝ ආර්කේ (RK) යනුවෙන් හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නේ යැයි අර්ජුන මහේන්ද්රන් මහතා විසින් එම දුරකථන කෙටි පණිවුඩ සම්බන්ධයෙන් ඇසූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් කොමිසමට කීවේය.


    ස්ටීව් සැමුවෙල් සහ අර්ජුන ඇලෝසියස් අතර හුවමාරු වී ඇති තවත් දුරකථන කෙටි පණිවුඩයක ඒ මහේන්ද්රන් නම් පුද්ගලයකුගෙන් ඉටුකර ගත යුතු (Things to do) දේවල් සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්රෂෙරීස් සමාගමේ ලිපිගොනුවක් පවත්වාගෙන ගිය බව තහවුරු වන බව දප්පුල ද ලිවේරා මහතා අර්ජුන මහේන්ද්රන් මහතා අමතමින් විමසුවත් මෙහි ඒ. මහේන්ද්රන්' ලෙස හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නා බව අර්ජුන මහේන්ද්රන් මහතා ඊට පිළිතුරු ලෙස කීවේය. මෙහි ඒ. මහේන්ද්රන් ලෙස සඳහන් වන්නේ ඔබ (අර්ජුන මහේන්ද්රන් මහතා) යැයි දප්පුල ද ලිවේරා මහතා විසින් අර්ජුන මහේන්ද්රන් මහතා අමතමින් කී අතර මහේන්ද්රන් මහතා එය ප්රතික්ෂේප කරමින් කීවේ තමා එසේ නොසිතන බවය. තවත් එවැනි දුරකථන කෙටි පණිවුඩයක අර්ජුන එම් (Arjuna M) ලෙස හැඳින්වුණත් ඒ නමින් හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නා බව ද සාක්ෂිකරු කීවේය.

    එම පණිවුඩයේ ආර්කේ (RK) යනුවෙන් හැඳින්වෙන්නේ රවි කරුණානායක නේදැයි ලිවේරා මහතා ඇසූ ප්රශ්නයට පිළිතුරු දෙමින් මහේන්ද්රන් මහතා කීවේ රවි කරුණානායක මහතාව ආර්කේ (RK) යනුවෙන් කිසිවකු හඳුන්වන බව තමා නොදන්නා බවයි. තමා ඔහු (රවි කරුණානායක මහතා) ගැන සඳහන් කරන්නේ රවි කේ (Ravi K ) යනුවෙන් බව ද මහේන්ද්රන් මහතා කීවේය. මහේන්ද්රන් මහතා දුන් එම පිළිතුරට සවන් දුන් දප්පුල ද ලිවේරා මහතා සිනහමුසුව කීවේ රවි කරුණානායක මහතාගේ සාක්ෂි විභාගයේදී රවි කේ (Ravi K) යනුවෙන් ඔහුව (රවි කරුණානායක මහතාව) හඳුන්වන බව කරුණානායක මහතා විසින් ප්රතික්ෂේප කළ බවයි. එසේම අර්ජුන මහේන්ද්රන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් කොමිසම හමුවේ ලේඛන සලකුණු කරන්නේ ඒඑම් (AM) නමින් බව දප්පුල ලිවේරා මහතා අර්ජුන මහේන්ද්රන් මහතා අමතමින් කී විට ඒ බව මහේන්ද්රන් මහතා පිළිගත්තේය. එහෙත් මුලින්ම අර්ජුන මහේන්ද්රන් කොමිසමට කියා සිටියේ ඒඑම් (AM) නමින් තමාව කිසිවකු හඳුන්වන්නේ නැතැයි කියා ය. ස්ටීව් සැමුවෙල් නමැත්තා ගැන තමා කිසිවක් නොදන්නා බව ද අර්ජුන මහේන්ද්රන් මහතා කොමිසමට කීවේය.

    හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ගිය වසරේ (2016) මාර්තු මාසයේ අවස්ථා දෙකකදී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත (අඩු ඵලදා අනුපාත) යටතේ ලංසු තබන ලෙස රාජ්ය බැංකු වලට උපදෙස් දුන් බවත් ඒ අනුව ලංසු තැබීමෙන් රටේ ප්රධාන බැංකු තුනටම ඉහළ ලාභ ලැබීමට තිබූ අවස්ථාව අහිමිවී අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවත් පසුගිය සැප්තැම්බර් 04 දා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රටේ ප්රධාන රාජ්ය බැංකු තුනේ සභාපතිවරුන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීහු හෙළිකර සිටියහ. එසේ (හිටපු) මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ උපදෙස් මත අඩු පොලී අනුපාතවලට ලංසු ඉදිරිපත් නොකළානම් රාජ්ය බැංකුවලට ඉහළ ලාභ ලැබීමට ඉඩ ලැබෙන බවද ඒ අවස්ථාව අහිමිවීමෙන් රාජ්ය බැංකු තුනටම ආවස්ථික අලාභ (Opportunity lost) විඳීමට සිදුවූ බවද එම නිලධාරීහු කොමිසමට කියා සිටියහ.

    මේ අනුව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්රනාන්දු, ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු එම බැංකුවල ජ්යෙෂ්ඨ නිලධාරීහු ඊයේ ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට පැමිණ හිටපු මුදල් ඇමැතිවරයා රාජ්ය බැංකු සඳහා උපදෙස් දීමට කැඳවා තිබූ රැස්වීම ගැන සාක්ෂි ලබාදීම මුළු රටේම අවධානයට ලක්වූ විශේෂ කරුණක් විය. එය මෙතෙක් හෙළිදරුව් නොවූ අලුත් කරුණකි.

    කොමිසම හමුවේ සාක්ෂි දුන් රාජ්ය බැංකු තුනේම නිලධාරීන් කොමිසමට කීවේ අඩුපොලී අනුපාත යටතේ ලංසු තැබීමට මුදල් ඇමැතිවරයා දෙන ලද උපදෙස් අනුව රාජ්ය බැංකු ක්රියාකළත් ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා රාජ්ය බැංකුවලට ලබාදුන් පොරොන්දු කඩකළ බවයි. එනම් ඇමැතිවරයා පොරොන්දු වූ ඵලදා අනුපාත වලට වඩා වැඩි අනුපාත වලට ද මහ බැංකුව විසින් බැඳුම්කර ලංසු පිළිගෙන තිබූ බව එම රාජ්ය බැංකු නිලධාරියකු කොමිසමට කියා සිටි කාරණයයි. එසේ වූවා නම් මීට වැඩි ලාභ ලැබීමේ අවස්ථාවක් තම බැංකුවට තිබූ බව ද ඔවුහු පෙන්වා දුන් කරුණයි.

    කොමිසම හමුවේ එදින (04 දා) සාක්ෂි දුන් මහජන බැංකුවේ සාමාන්යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා කීවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා විශේෂිත පොලී අනුපාත (ඵලදා අනුපාත) ලබාදෙමින් ලංසු ඉදිරිපත් කරන ලෙස රටේ මුදල් ඇමැතිවරයකු විසින් උපදෙස් දුන් ප්රථම අවස්ථාව මෙය බවයි. 2016 මාර්තු 28 සහ 2016 මාර්තු 30 යන දින දෙකේ මුදල් ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් රාජ්ය බැංකු සඳහා කැඳවා තිබූ මේ රැස්වීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ජ්යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා ද සහභාගිවී සිටි බව මහජන බැංකුවේ සාමාන්යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා හෙළි කළේය.

    ප්රධාන රාජ්ය බැංකු තුනේම සභාපතිවරුන් තිදෙනා සහ මහජන බැංකුවේ සාමාන්යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ භාණ්ඩාගාර අංශයේ උපදේශක සහ එම බැංකුවේ හිටපු නියෝජ්ය සාමාන්යාධිකාරිවරයකු වන පී. ඒ. ලයනල්, ලංකා බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (භාණ්ඩාගාර අංශය) ශාන්ත කුමාර වික්රමාරච්චි, ලංකා බැංකුවේ මහා කළමනාකාර ඩී. එම්. ගුණසේකර සහ ලංකා බැංකුවේ විශ්රාමික නියෝජ්ය සාමාන්යාධිකාරී සරත්චන්ද්ර ජයසූරිය යන ජ්යෙෂ්ඨ රාජ්ය බැංකු නිලධාරීහු ද එදින (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් හිටපු මුදල් ඇමැතිවරයා විසින් රාජ්ය බැංකු සඳහා කැඳවා තිබූ රැස්වීම, එහිදී ඔහු විසින් ලබාදෙන ලද උපදෙස් සහ එම රැස්වීමට සහභාගි වූ නිලධාරීන් පිළිබඳව කොමිසමට කීයා සිටියහ.

    මේ අනුව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සහ අග්රාමාත්ය ජ්යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් යන මහත්වරුන්ට අමතරව 2016.03.28 දින රැස්වීම සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපතිවරයකු වූ පී. සමරසිරි මහතා ද සහභාගි වී සිටි බව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්රනාන්දු මහතා කොමිසමේදී අසන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය. මෙම රැස්වීමට පී. සමරසිරි මහතා පැමිණ සිටි බව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ද සිල්වා මහතා රජයේ ජ්යෙෂ්ඨ අධි නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් අසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් තවදුරටත් තහවුරු කළේය. මේ සාකච්ඡාවට මුදල් අමාත්යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ද එක්ව සිටි බව අශ්වින්ද සිල්වා මහතා කීවේය. ඒ අනුව රාජ්ය බැංකු වලට මේ උපදෙස් ලබාදී ඇත්තේ මේ සියලු දෙනාම දැනුවත්ව බව කොමිසමට ලද සාක්ෂි වලින් කියෑවුණු කරුණුයි.

    Source:http://divaina.com/sunday/index.php/deshapalana2/284-2017-10-07-05-15-65
     

    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    සමනල් අගමැටි මොළ රජානෝ වැඩ තමයි මෙවා ..62 ලක්ශෙට පුපෙනුත් සතුටු ඇති මෙකාගෙ වැඩ වලට
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මූල්ය මණ්ඩල සාමාජිකයා මහ බැංකු ලොක්කන්ගේ

    මූල්ය මණ්ඩල සාමාජිකයා මහ බැංකු ලොක්කන්ගේ රෙදි ගලවයි
    22492008_1927380987584899_2102334405186328598_n.png.jpg

    අර්ථසාධක අරමුදල (ETF) භාර නිලධාරීන් හරහා පර්පචුවල් ට්රෙෂරීස් සමාගම සිදුකර ඇති භාණ්ඩාගාර බැඳුම්කර මගඩිවලින් මහ බැංකුවට සිදුවූ පාඩුව රුපියල් කෝටි දහස් ගණනක් බවත්, මහ බැංකුවේ යම් ඉහළම නිලධාරියකු නොදැනුවත්ව දිගින් දිගටම එවැනි මගඩියක් සිදුකළ නොහැකි බවත්, බැංකුකරණය පිළිබඳ විශේෂඥයකු වන මහ බැංකුවේ මූල්ය මණ්ඩල සාමාජිකයකුද වූ නිහාල් ෆොන්සේකා මහතා ඊයේ (16දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ කියා සිටියේය.

    දිගින් දිගටම මහ බැංකුවටත් අර්ථසාධක අරමුදලටත් පාඩු ගෙන දෙන ආකාරයෙන් සංවිධානාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ගෙන යෑමට තනි නිලධාරියකුට පමණක් හැකි වන්නේදැයි කොමිසමේ සාමාජික ශේ්රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්රසන්න එස්. ජයවර්ධන මහතා නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා එසේ කීවේය.

    මහ බැංකුවෙන් පඩි ලබන මහ බැංකුවේම නිලධාරීන් වන ඉන්දික සමන් කුමාර හා උදයසීලන් යන දෙදෙනා සම්බන්ධ වෙමින් සැලසුම්සහගතව හා කුමන්ත්රණකාරී ලෙස ක්රියා කරමින් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවිධිමත් ලෙසත් පාඩු ගෙන දෙන ලෙසත් භාවිත කිරීම මඟින් අර්ථ සාධක අරමුදලටත්, ශ්රී ලංකා මහ බැංකුවටත් සිදුකොට ඇති අලාභය රුපියල් කෝටි දහස් ගණනක් වන බව ප්රකාශ කළ ඒ මහතා එක් බැඳුම්කර ගනුදෙනුවක් තුළින් සිදුව ඇති අලාභය පමණක් රුපියල් පනස් පන් කෝටියකට (රු. 55000000ක්) බව පෙන්වා දුන්නේය.

    ජේයෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් නිහාල් ෆොන්සේකා මහතා කොමිසම හමුවේ සාක්ෂි දුනි.
    ඒ මහතා කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත්තේ මහ බැංකුවේ මූල්ය මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් හා පරිණත බැංකුකරණය පිළිබඳ විශේෂඥයකු වශයෙන් ඔහුගේ විශේෂඥ දැනුම තුළින් කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති යම් යම් බැංකු ක්රියාකාරකම් පිළිබඳ අවශ්ය කරුණු පැහැදිලි කර ගැනීම සඳහා බව සාක්ෂි විභාගය ආරම්භයේදීම කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ප්රකාශ කර සිටියේය.
    .
    Source: http://www.mawbima.lk/print20170621MB20171230.php?id=5939
     
    Last edited:

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අනිකාට මරණ තර්ජන
    ------------------------------------------------------

    22519381_452609735140169_7739114556337082513_n.jpg

    රවි කරුණානායක බිරිය සමඟ පැමිණි අර්ජුන් ඇලෝසියස් තමා සතුව තිබූ අති සුඛෝපභෝගී මහල් නිවාස ඒකකයක් (රුපියල් ලක්ෂ 116ක කුලියක් ගෙවමින්) ඔහුගේ මුදලින් රවි කරුණානායක පවුලේ පදිංචිය සඳහා දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ ප්රකාශ කළ අනිකා විජේසූරියට මරණ තර්ජන එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් ආරක්ෂාව පතා ඇයට රටින් බැහැරව යෑමට සිදුවී ඇති බවත්, ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ (17දා) කොමිසමට පැමිණිලි කර සිටියාය.
    ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්ය ක්රියා මාර්ග ගැනීම සඳහා කොමිසම යොමුවන බව ඊට ප්රතිචාර දක්වමින් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්රකාශ කර සිටියේය.

    කොමිසමේ කැඳවීම පරිදි සාක්කි ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි අනිකා විජේසූරිය දින වකවානු පමණක් නොව ඔප්පු තිරප්පුද කොමිසමට ඉදිරිපත් කරමින් කරුණානායක බිරිය සමඟ අර්ජුන් ඇලෝසියස් තමා හමුවීමට දිනෙක පැමිණි බව කියා සිටියාය.

    පළමුව කරුණානායක මහතාගේ බිරිය පැමිණි බවත්, ඇය විසින් දෙන ලද දුරකතන පණිවුඩය අනුව ඇලෝසියස් එසැණින්ම පැමිණි බවත්, පාසල් සමයේ තමාගේ මිතුරකු වූ ඔහු කරුණානායක පවුලට පදිංචිය සදහා තමා සතු සුඛෝපභෝගී මහල් නිවාස ඒකකයක් රැගෙන දීමට පැමිණි බව ප්රකාශ කළ බවත් ඇය හෙළිකර සිටියේය.

    පළමු පියවරේදී බදු ඔප්පුවක් යටතේ ලබාගත් එම මහල් නිවාස ඒකකය අනතුරුව ඇලෝසියස් විසින් මිලදී රැගෙන දුන් බවද ඇය හෙළි කර සිටියාය.

    එම කරුණු අනාවරණය වීමත් සමඟම රවි කරුණානායක ඇමැතිවරයාද කොමිසම හමුවට කැඳවන ලද අතර ඔහු හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි හා ඔප්පු තිරප්පු ආදිය හමුවේ අන්තිමේදී ඔහු කියා සිටියේ මේ ගනුදෙනුව ගැන කිසිවක් තමා දැන නොසිටි බවය.

    බොහෝ ප්රශ්නවලට ඔහු දුන් පිළිතුර වූයේ "මට මතක නෑ", "මා දන්නේ නෑ" යන ප්රතිචාරයන්ය.

    Source:http://www.mawbima.lk/print20170621MB20171230.php?id=6003
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුං මේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකේ කොහොමද බං මෙච්චර ාබ හොයල තියෙන්නේ....
    මාමණ්ඩිට මතක නෑ......
    බෑණන්ඩිට මතක නෑ.........
    බෑණ ගේ සෙකට්‍රියට/ පර්සනල් ඇස්සිටටත් මතක නෑ.......

    මුංට මොනව ද යකෝ මතක.....
    තමන් ගේ ගෑණිවත් මතක නැතුව වෙන ඒවට මෝල දාන්න යනව ද දන්නෙ නෑ මුං......:angry: