ඔය කතාවෙන් අපි ගන්න ඕනේ ආදර්ශය තමා අපි හැම තිස්සෙම සම්ප්‍රදායික රාමුවෙන් පිට හිතන්න ඕනේ. එහෙම හිතපු මිනිස්සු තමා ඉදිරියට ගියේ . දැන් බලපන් අපේ අද්‍යාපන ක්‍රමයේ එහෙම දෙයක් ඇත්තෙම නෑනේ . කියන්නෙම කොහොමහරි විබාගේ ගොඩ දාගනින් ජීවිතේ ගොඩ කියලා . එහෙම විබාගේ ගොඩ දාලා ජොබක් ගන්න එවුන් අවුරුදු 30-40 එකම තැන පුටු රත් කරලා එදා වේල කාලා බීලා ඉන්නවා . ඊට පස්සේ ජීවිතේ අන්තිම කාලේ ඔහේ ගෙවල් වලට වෙලා TV දිහා බලාගෙන ඉන්නවා . බලපන් ඕකද ජීවිතේ .
ඒ කාලේ ඉගෙන ගන්න බැරි ළමයින්ට ගුරුවරු කොච්චර අපහාස කරනවද ? හැබැයි සමහර ළමයි අද වෙද්දී සුපිරියට ගොඩ ගිහිල්ලා තියෙනවා . සමහර අය කාර්මික අංශවලින් , චායාරූපකරණය , වෙළඳ ව්‍යාපාර වගේ දේවල් කරලා අර සම්ප්‍රදායික විබාගේ පාස් කරපු එකාට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා .
අපේ ඉස්කෝලවල ගුරුවරු කවදාවත් තමුන් වැරදියි කියලා පිළිගත්තේ නෑ . අනික් එක ඒගොල්ලන්ගේ උත්තරේ හරි කියලා කියන්නේ .
හැම එකාම දොස්තර , ඉංජිනේරු වෙන්න ඕනේ නැත්තම් ගෑණු දෙන්නෙත් නෑ . මේ හිතනපතන විදිය අද්‍යාපන ක්‍රම වෙනස් වෙච්ච දවසට අපේ රට දියුණු වෙයි . අර කවුද කිව්වේ අලුත් දේ නොතනන ජාතිය නොනගී කියලා .