බැලූන්වලින්_අන්තර්_ජාලයට_ඇතුළු_වෙන්න_පහස

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
බැලූන්වලින්_අන්තර්_ජාලයට_ඇතුළු_වෙන්න_පහස

දුර පළාත්වල අයට බැලූන්වලින් අන්තර් ජාලයට ඇතුළු වෙන්න පහසු මගක්! '

‘ප්‍රොජෙක්ට් ලූන්"

අන්තර්ජාලයට පිවිසි නොහැකි දුර පළාත්වල සිටින අයට ඒ සඳහා යොදා ගත හැකි ලාබදායී ක‍්‍රමයක් ගූගල් ආයතනය අත්හදා බැලීමක් ලෙස ආරම්භ කර තියෙනවා. චන්ද්‍රිකා වෙනුවට බැලූන් යොදා ගන්නා මේ නව ක‍්‍රමය මුල්වරට ආරම්භ කර ඇත්තේ නවසීලන්තයෙන්.

බැලූන 30ක් ඇතුළත් මේ නව ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත්තේ ‘ප්‍රොජෙක්ට් ලූන්’ (Project Loon) කියායි. මේ සඳහා අන්තර්ජාල දැවැන්තයා විසින් මේ සුපිරි පීඩන බැලූන පෙළ සැතැපුම් 12ක් ඉහළ අහසේ රඳවා තියෙනවා. ඒ අහස් යානා යන උස මෙන් දෙගුණයක් ඉහළ අහසේයි.


4.JPG

හීලියම් පිර වූ මේ එක් බැලූනයක විශ්කම්භය අඩි 49ක්. ඒවායේ අන්තර්ජාල පහසුකම් ලබා දිය හැකි 3-ජී තාක්ෂණයෙන් යුත් උපාංග සවි කර තියෙනවා. මේ එක් බැලූනයකින් වර්ග සැතැපුම් 780ක ප‍්‍රදේශයක් ආවරණය කරන්න පුළුවන්.

ලෝකය පුරා සිටින තවමත් අන්තර්ජාල පහසුකම් ලැබී නැති බිලියන 4.8ක් වන ජනතාවට ඒ සඳහා ඉඩ සැලසීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.


මෙම ගූගල් අන්තර් ජාල බැලූන ‘ලූන් ව්‍යාපෘතිය‘ නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ගූගල් ‘එක්ස් ලැබ්’ කණ්ඩායමටයි. අන්තර්ජාලය ඔබේ ඇස් ඉදිරිපිටට ගෙනා ගූගල් ඇස් කන්නාඩිය සහ රියැදුරා නැතිව දුවන විස්මිත මෝටර් රථය නිර්මාණය කළේත් ඒ අයමයි. ඒ දෙක ගැනම විස්තර කලින් අප ‘මල් කැකුළු’ තුළින් ගෙනාවා ඔබට මතක ඇති.


මේ නව බැලූන ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු අන්තර් ජාල පහසුකම් සඳහා අධි වැය ප‍්‍රකාශ තන්තු රැහැන් එලීමක් අවශ්‍ය නො වන අතර අග්නිදිග ආසියාවේ හා අපි‍්‍රකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව විශාල වශයෙන් අන්තර් ජාලය කෙරෙහි ඇදී එනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.


එසේ ම හදිසි ආපදාවක දී සහන සැලසීම කඩිනම්ව හා විධිමත්ව කිරීමට මෙම ලූන ව්‍යාපෘතිය යොදා ගත හැකියි තියලයි ඔවුන් කියන්නෙ.


ගිය සතියේ දී මේ තුනී පොලිඑතිලීන්වලින් තැනූ බැලූන ගුවන් ගත කළා. ඒ නවසීලන්තයේ ටෙකාපෝ විල අසල ජලය මිදුනු බිමක සිටයි. ඒ බැලූන නවසීලන්තයේ දකුණු ඇල්ප්ස් කඳු වළල්ලට ඉහළින් පා වී ගොස් සැලසුම් කර ඇති පරිදි පහත් වී ස්ථාන ගත වෙනවා ඇති.


”ඇත්තටම ලෝකයේ හුඟක් පළාත්වල අන්තර් ජාල පහසුකම් දීම ඉතාමත් අසීරුයි.” ගූගල් ආයතනයේ රිචඞ් ඩිවොල් කියනවා. ඔහු තමා ගූගල් එක්ස් කණ්ඩායමේ ප‍්‍රධාන තාක්ෂණික සැලසුම්කරුවා.


අද ලෝකයේ කොතැනක සිටියත් චන්ද්‍රිකා මගින් දුරකතනයෙන් ලෝකයේ ඕනෑම තැනකට කතා කළ හැකියි. එසේ වුවත් ඒ ක‍්‍රමයට අන්තර්ජාලය පාවිච්චි කිරීම ලාබදායී එකක් වෙන්නේ නැහැ.


‘ලූන් ව්‍යාපෘතිය පසුපස ඇති අරමුණ වන්නේ වියදම් අඩු ක‍්‍රමයක් සන්නිවේදන සඳහා යොදා ගැනීමයි. ඔවුන් සම්බන්ධ කිරීමට වැය අධික ෆයිබර් රැහැන් යොදනවා වෙනුවට ලෝකයේ හැම තැනකම ඇති, හැමටම පොදු දෙයක් මේ සඳහා යොදා ගැනීමයි. ඒ තමා අප හැමටම ඉහළින් ඇති අහස. ජංගම දුරකතන සඳහා හොඳම හා ලාබ ම දෙය එයයි.’ ඒ ආයතනය පැහැදිලි කරනවා.


දැනටමත් මේ නව ව්‍යාපෘතිය දියත් කර ඇති ප‍්‍රදේශයේ නිවැසියන් පනස් දෙනකු මේ අත්හදා බැලීමට එක් වීමට කැමැත්ත පළ කරලා තියෙනවා. එහෙත් ඔවුන් කිසිවෙකුත් මේ ගැන කිසිවක් දන්නේ නැහැ.


ගූගල් ව්‍යාපෘතියේ තාක්ෂණික ශිල්පීන් ඒ අයගේ ගෙවල්වලට ආවා. ඇවිත් රතු පාට බෝලයක් බඳු සම්පේ‍්‍රෂණ උපකරණයක් වහලයේ සවි කළා. ඒ අවශ්‍ය සංඥා ලබා ගැනීම පිණිසයි.


article-2342127-1A5455EC000005DC-315_964x629.jpg

නවසීලන්තයේ දකුණු දූපතේ දකුණු ඇල්ප්ස් කඳු වළල්ල පසුබිම් කර ගෙන ටෙකාපෝ විල ප‍්‍රදේශයේ ඉහළ අහසට නංවා ඇති ගූගල් බැලූනයක්.

මේ ව්‍යාපෘතියට එක් වූ පළමු වැන්නා චාල්ස් නිම්මෝ, ලීස්ටන් කියන කුඩා නගරයට ආසන්න ගොවි පොළක් හිමි අයෙක්, බැලූන හරහා අන්තර් ජාලයට පිවිසි පළමු වැන්නාත් ඔහුයි. ඔහු මිනිත්තු පහළොවක් විතර අන්තර්ජාලයට එක් වී සිටියා.

ඔහු විපරම් කළේ කාලගුණ තොරතුරුයි. ඒ බැටළුවන්ගේ ලොම් ගෑමට සුදුසු කාලගුණයක් ද යන්න තමයි ඔහුට අන්තර් ජාලයේ වෙබ් අඩවියකින් දැන ගන්නට අවශ්‍ය වුණේ.


ඔහු චන්ද්‍රිකා තාක්ෂණයෙන් බ්‍රෝඞ්බෑන්ඞ් හරහා අන්තර්ජාලයට පිවිස ලැබුණු අධික බිල්පත් ගෙවා ගැනීමට නොහැකිව වසර හතරකට පෙර එය නවතා දමා තියෙනවා.


මේ ව්‍යාපෘතියේ ප‍්‍රධානියා වූ මයික් කැසිඩි කියන්නේ, ”මේක විශාල ඉදිරි පියවරක් වේවි. අන්තර්ජාලය අපේ කාලේ බිහි වූ විශාල පෙරළියක් සමාජය කුළ කළ හැකි මාධ්‍යයක්. ඒ නිසා හැමටම එයින් ප‍්‍රයෝජනය ගන්න ඉඩ සැලසීමෙන් ඒ පෙරළිය කළ හැකි වේවි.” කියායි.


සියවස් ගානක් තිස්සේ මිනිසුන් සන්නිවේදනයට, ගමනාගමනයට හා විනෝදයට බැලූන් යොදා ගත්තා. මෑත වසරවල දී කාලගුණ නිරීක්ෂණයටයි, හමුදා හා අභ්‍යවකාශ කටයුතුවලටයි බැලූන් යොදා ගත්තේ.


ගූගල් යවන මේ බැලූන්, අහස් යානා යන මට්ටමට ඉහළින් පාවෙමින් අවශ්‍ය සේවය ඉටු කරාවි. එහි බලය සැපයෙන්නේ සූර්ය කෝෂවලින්. පැය හතරක් ආරෝපණය වුනාම ඒ බැටරිවලට පැය විසි හතරක් සිය කාර්යය සපුරාලන්න පුළුවන්.


article-2342127-1A54CEC6000005DC-194_964x541.jpg
මෙම ගූගල් අන්තර් ජාල බැලූන ‘ලූන් ව්‍යාපෘතිය‘ නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ගූගල් ඇස් කන්නාඩිය සහ රියැදුරා නැතිව දුවන රිය ඉදිරිපත් කළ ගූගල් එක්ස් ලැබ් කණ්ඩායමටයි.

මේ බැලූන්වලින් සංඥා එවනවා පහළ ඇති කිලෝමීටර 100ක් දුරින් වුනත් පිහිටි ග‍්‍රාහක පොළවලට. එක බැලූනයකින් සංඥා ඊළඟ බැලූනයකට යැවෙනවා. මේ විදියට සංඥා බැලූන් පහක් දක්වා දුවනවා.

නවසීලන්තයට එන්නට කලින් ගූගල් පිරිස මාස ගණනාවක් ම මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු කළා.


රහසිගතව කළ නිසා සමහරු හඳුනා නොගත් සක්වළ යානා කියලයි. හුඟක් ඉහළ අහසේ රඳවන නිසා ඒවා දෙනෙතියකින් හෝ දුර දක්නයකින් තමයි දැක ගත හැක්කේ.


දැන් ගූගල් ඒ රහස එළි කරල තියෙනවා. මේ දශකය අවසන් වන විට ලොව පුරා හැමටම අන්තර් ජාල පහසුකම් සැපයීමයි, ගූගල් ආයතනයේ බලාපොරොත්තුව.


article-2342127-1A5455FC000005DC-175_964x537.jpg
ඇමරිකාවේ කැලිෆෝනියාවේ දී මේ ව්‍යාපෘතිය අත්හදා බලනු ලැබුවා. මේ එහි මොෆෙට් ෆීල්ඞ්හී ගුවන් පථයක පිහිටි ගුවන් යානා රඳවනයක් තුළ තුනී පොලිඑතිලීන්වලින් තැනූ මේ අඩි 49ක් වූ බැලූනය හීලියම් වායුව පුරවමින් පරීක්ෂාවට ලක් කළ මොහොතක්.

‘මේ බැලූන්වල කැමරා සවි කර නැහැ. ඒ නිසා ඒ ගැන සැකයක් ඇති ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ. ඔත්තු බැලීමට මේවා යොදා ගන්නේ නැහැ.’ ඔවුන් කියනවා.

ඊළඟ අදියරේදී නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව, චිලි, උරුගුවේ, පරාගුවේ හා ආජෙන්ටිනාව ආදි රටවල් සම්බන්ධ කරන බැලූන් 300ක ජාලයක් පිහිටු වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.


article-2342127-1A545584000005DC-567_964x633.jpg
නවසීලන්තයේ දී මෙම බැලූනයක් දියත් කිරීමට සූදානම් කළ අවස්ථාවක්. එහි සූර්යකෝෂ හා වෙනත් උපාංග සවි කර තිබෙන අයුරු.

article-2342127-1A57BD09000005DC-93_964x634.jpg
මේ පරීක්ෂණය සඳහා අහසේ ඉතා ඉහළ අභ්‍යවකාශය අද්දර බැලූන් පෙළක් යැවිය යුතු වෙනවා.

article-2342127-1A57BD61000005DC-826_964x638.jpg
ගූගල් කණ්ඩායම ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි එක්ස් ලැබ් පර්යේෂණාගාරයේ සිට ඇවිත් නවසීලන්තයේ කඳවුරු බැන්දා
article-2342127-1A57BD59000005DC-306_964x637.jpg


article-2342127-1A57BD65000005DC-778_964x631.jpg
බැලූන අහසට නංවන්න කලින් ඉංජිනේරුවන් අවසාන වශයෙන් උපකරණ පරීක්ෂා කරන අයුරු.

article-2342127-1A545574000005DC-521_964x635.jpg
ගූගල් කණ්ඩායමේ සාමාජිකයකු වූ ජෝර්ඩන් මිසෙලි පොළොවේ සිට සැතැපුම් 12ක් ඉහළ අහසේ පාවෙමින් තිබෙන්නට සලස්වන බැලූනවල ඉලෙක්ට්‍රොනික උපකරණ පරීක්ෂා කරන අයුරු.

article-2342127-1A54D159000005DC-549_964x619.jpg
සංවර්ධනය වෙමින් පවතින රටවලට හා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ගූගල් ආයතනය අත්හදා බැලීමක් ලෙස යවන බැලූනවලට 3-ජී ශක්තිය ඇති අන්තර්ජාල සංඥා භාවිත කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

article-2342127-1A54CE0E000005DC-261_964x657.jpg
අන්තර් ජාලයට පිවිසෙන්න වැඩි මුදලක් වැය කරන්න නොහැකිව සිටින පෘථිවියේ ජනගහනයෙන් තුනෙන් දෙකකට එනම් බිලියන 4.8කට පමණ මේ ක‍්‍රමයට හැකියාව ලැබෙනවා.

article-2342127-1A545628000005DC-445_964x1168.jpg
ක‍්‍රයිස්චර්ච්හී ටානියා ගිල්කි‍්‍රස්ට් මේ නව අත්හදා බැලීමට එක් වූ තවත් අයෙක්. මේ ඇගේ නිවසේ සවි කර ඇත්තේ රතු ගූගල් අන්තර්ජාල ග‍්‍රාහකයයි.

article-2342127-1A54D161000005DC-88_964x588.jpg
ගූගල් ඉංජිනේරුවන් මේ බැලූන් භාවිත තාක්ෂණය අධ්‍යයනය කළේ නාසා ආයතනයේ දියි.

article-2342127-1A54562C000005DC-422_964x626.jpg
මේ බැලූන් ජාලය ගැන සියලූ කටයුතු කරන ගූගල් මෙහෙයුම් මැදිරියයි.







විස්තර ගත්තේ "මල් කැකුළු" එකෙන්.
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    ONE WORLD GOVERNMENT සාඩම්බර ඉදිරිපත්කිරීමක්..
    ආන්ඩු පෙරලන්නට හොඳ ආයුධ මේවා.. :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    අන්න මිනිස්සු :)
    වැඩි වැඩියෙන් හරියන්නෙ ඒකනෙ

    අපෙ රටෙ trc එක
    අපිට තියෙන සොච්චමටත් කෙලින්න හදන්නෙ :(