බැසිල්ගේ කෝටි 10 රිවර් සයිඩ් විලා

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    බැසිල්ගේ කෝටි 10 රිවර් සයිඩ් විලා

    DSC_1313.jpg


    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් මල්වාන, මාපිටිගම, ගඟබඩ පාරේ අධි සුඛෝපභෝගී නිවසක ඉදිකිරීම් ගාස්තු නිසි පරිදි නොගෙවීම නිසා එය ඉදිකළ සියඹලාපේ ඕලු ඇසෝසියේට් නම් සමාගම එහි ඉදිකිරීම් භාරව සිටි වරලත් ඉංජිනේරු සමාගමෙන් රුපියල් මිලියන 20 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

    'රිවර් සයිඩ් විලා' නම් භූගත මහලක් සහිත මෙම අති සුඛෝපභෝගී නිවස ඉදිකළ සියඹලාපේ ඕලු ඇසෝසියේට් සමාගම එකී ඉදිකිරීම් වෙනුවෙන් තමන්ට ලැබිය යුතු මුදල වන රුපියල් කෝටි දහයයි ලක්ෂ තිස් හතරකට වැඩි මුදල (103,496,140.82) නිසි ලෙස නොගෙවා එම වටිනාකමට අඩු මුදලක් ගෙවා නියමිත මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිකිරීම් භාරව සිටි සමාගම වෙත සිය නීතිවේදිනිය මාර්ගයෙන් මෙසේ එන්තරවාසිය යවා ඇත.

    ගම්පහ දිසා අධිකරණයේ නීතිඥ සුලානි ඉන්දිකා වන්නිආරච්චි මහත්මිය මාර්ගයෙන් යවා ඇති මෙම එන්තරවාසිය මගින් සියඹලාපේ ඕලු ඇසෝසියේටි සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතා සඳහන් කර ඇති පරිදි අදාළ ඉදිකිරීම භාරදෙන විටත් එම වරලත් ඉදිකිරීම් ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා මෙම ඉඩම අයි.සී.සී. වත්ත ලෙසින් පමණක් හඳුන්වාදුන් බවත්, මෙම නිවසේ හිමිකරු බැසිල් රාජපක්ෂ මහතා බව නොපැවසූ බවත් සඳහන් කර ඇත.

    තවදුරටත් එහි සඳහන් වන පරිදි නිවසේ මුල්ගල් තැබීමේ අවස්ථාවට එවකට අමාත්‍යවරයෙකුව සිටි බැසිල් රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය පැමිණීමෙන් පසුව සැබෑ අයිතිකරු අමාත්‍යවරයා යැයි උපුල් කුමාර රාමවික්‍රම තේරුම් ගත් බව ද එන්තරවාසියේ සඳහන්ව තිබේ.
    පසුව ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබියදී එහි පැමිණි බැසිල් රාජපක්ෂ මහතා, පුෂ්පා රාජපක්ෂ මහත්මිය සහ එම දියණියගේ රුචිකත්වයට අනුව මෙහි ඉදිකිරීම්වල වෙනස්කම්ද සිදුකර ඇතැයිද එහි සඳහන් වේ.

    එසේ නිම කළ මෙම නිවස සඳහා රුපියල් 103,496,140.82 ක මුදලක් වැය වුවද,එම මුදල අවසානයේ දී රුපියල් හත්කෝටි දහඅට ලක්ෂ තිස් එක්දහස් පන්සිය පනස් එකයි සත විසිපහක් (71,831,551.25) දක්වා අඩු කොට තර්ජනය කිරීමෙන් පසු ඒ සඳහා අත්සන ලබාගත් බවත් එම එන්තරවාසියේ දක්වා ඇත.
    කරුණු එසේ හෙයින් සියඹලාපේ ඕලු ඇසෝසියේට් සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම මහතාට තවදුරටත් ලැබිය යුතු රුපියල් තුන්කෝටි දහසය ලක්ෂ හැටහතර දහස් පන්සිය අසූ නවයයි ශත 57 ක (31,664,589.57) මුදල සහ එකී බිල්පතේ දින සිට ඊට ලැබිය යුතු නෛතික පොළියද ලිපියේ දින සිට දින 21 ක් තුළ ගෙවා දමන ලෙස එන්තරවාසිය මගින් දන්වා තිබේ.
    එසේම ඉහත සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිය සේවාදායකයාට සිදුව ඇති හානිය, පාඩුව හා අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක මුදලක්ද ගෙවීමට කටයුතු කරන ලෙස එම එන්තරවාසිය මගින් තවදුරටත් දන්වා තිබේ.

    DSC_0194.jpg

    DSC_0137.jpg


    - http://www.ada.lk/article/80369/බැසිල්ගේ-රිවර්-සයිඩ්-විලා
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මෙක මම දැකල තියනවා. සෑහෙන කාලයක ඉදන් හදන්න‍ෙ
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ""ratata adambarayak"
    nadda ban. thawa thawa loku gewal hadathwa!
    ape badu salli madinam sammadan kota ho ema naya gewanna api
    lasthi.
    thawa madinam amuda lensuwa unath ukas thiyanna api
    lasthi.
    bada wageda ban rata. rata perata api walata!
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අම්මට සිරි ගේ ඉස්සරහා ලැම්බොගිනියකුයි ඇස්ටන් මාර්ටින් එකකුත් පාක් කොරල බැසිල්ගෙයි නෝනගෙයි වෙන්න ඇති
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    pol waththen ena adayama tamai

    පැටියා;18607661 said:
    මැදමුලනෙ පොල් පට්ට සයිස් තොස් ගෙඩි වගේ :cool:

    ආන්න බලපං.
    පොල් සල්ලි දාලා, ඇමති පඩිය දාලා සල්ලි එකතු කරලා හදපු ගේ!
    මෙවා හෑමොටම ආදර්ශ බං.
    අගය කරන්න ඕන! :yes:
     

    Similar threads