[FONT="]පුද්ගලයෝ වර්ග 2 ක් විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ [/FONT]
[FONT="]සක්කාය භිරාත - තමන් ගැන හිතාගෙන සතුටු වෙන පුද්ගලයෝ [/FONT]
[FONT="]නිබ්බාණ භිරාත - නාම රූප ධර්මයන් අවසන් කිරීම අරමුණු කර ගත් පුද්ගලයන් විදියට. [/FONT]
[FONT="]මේ මුලින් කියන්න යෙදුන පෘථග්ජනයා තමන්ගේ ජීවිතය ලස්සන කර ගන්නවා සය ආකාරයකින්. අනික් තැනැත්තා එක්කෝ සේඛ වෙන්න පුළුවන් නැත්නම් ඵල ලබා ගත්ත අසේඛ තැනැත්තෙක් වෙන්න පුළුවන්. ඔහුත් සය ආකාරයකින් තමන්ගේ ජීවිතය ලස්සන කර ගන්නවා.
[/FONT]
[FONT="]ඉතින් මේ සක්කාය භිරාත තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න සය ආකාරය මොනවද කියනවානම් [/FONT]
[FONT="]කම්මාරාම - ලෞකික දේවල් වලට ඇලීම ඇති කර ගෙන ඒ තුලින් යෙදිලා සැනසුම සොයනවා. [/FONT]
[FONT="]භස්සාරාම - සාකච්ඡා කිරීමෙන් සැනසීම හොයනවා. [/FONT]
[FONT="]නිද්ධාරාම - නින්දෙන් සැනසුම හොයනවා. [/FONT]
[FONT="]සංගනිකාරාම - කල්ලි ගැසීමෙන් සැනසීම හොයනවා. [/FONT]
[FONT="]සම්සග්ගාරාම - සාමාජීය කටයුතු වල යෙදිලා ජීවිතයේ සැනසුම හොයනවා. [/FONT]
[FONT="]පපන්චාරාම - සිහියක් නැතිව කල් ගෙවීමෙන් සැනසීම හොයනවා.[/FONT]
[FONT="]ඉතින් මේ දක්වන්න යෙදුන ආකාර වලට නැතිව සිහියෙන් යුක්තව ජීවත්වන තැනැත්තා වාසනාවන්ත ජීවිතයකට උරුමකම් කියනවා. නිර්වාණය ලබාගැනීමත් සමගම ඔහු මහත් සැනසුමට පත්වෙන්නේ නැවත උත්පත්තියක් නොමැති වීම හේතුවෙන් ලෙඩ දුක් මරණය ආදි වන්නාවූ සියළු දුකින් මිදීමට සමත් වීම නිසාවෙනුයි.
[/FONT]
[FONT="]මේ ඉහතදි දක්වන්න යෙදුන සමාජීය කටයුතු - සම්සග්ගාරාම වර්ග පහක් තියෙනවා.[/FONT]
[FONT="]දස්සන සම්සග්ග - මිනිස්සුන්ගේ තත්වය නිල බලය වත් පොහොසත් කම් කුලය ආදිය සලකමින් පවුලේ සාමාජිකයන් සමග හරි බාහිර පුද්ගලයන් සමග හරි තදින් බැඳී සිටීමින් එකතු වීම.[/FONT]
[FONT="]සවන සම්සග්ග - ආශාවෙන් අසා සිටිමින් එකතු වීම. [/FONT]
[FONT="]සමුල්ලාපන සම්සග්ග - සාක්ච්ඡාව හරහා එකතු වීම. [/FONT]
[FONT="]සම්භෝග සම්සග්ග - පුද්ගලික දේවල් මුල් කරගනිමින් එකතු වීම. [/FONT]
[FONT="]කාය සම්සග්ග - කෙනෙකුගේ ශරීරයෙන් සැනසීම සෙවීම.
[/FONT]
[FONT="]මේ[/FONT][FONT="] වගේ ලක්ෂණ ඇති පුද්ගලයෝ සම්සග්ගාරාම පුද්ගලයෝ විදියට හඳුන්වනවා. මාර්ගය දකින්න කැමති කෙනා මේ අයගෙන් නිදහස් වෙන්න ඕනා. සාකච්ඡාව ගත්තම මාර්ගය අත්කරගන්න කැමති කෙනා යෙදෙන්න අවශ්‍ය වන්නේ කථා කිරීමට යුතු සහ අවශ්‍යම දෙයක් කථා කිරීමට විතරයි. බලන්න බුදුහාමුදුරුවෝ හැම දේම කියන්න ගියේ නෑනේ. ඒ වගේද අද? රේඩියෝ ටීවී ගත්තත් ඕනා එකයි එපා එකයි හැම දේම. ඒ වගේම කථාවට සීමාවක් තියා ගැනීමත් (පමාණයුත්ත) මාර්ගය දකින්න කැමති කෙනා විසින් කල යුතු දෙයක්. හුඟක් වෙලාවට ධර්මය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන් හැම අවස්ථාවක්ම යොදා ගන්න බලන්න ඕනා අවස්ථානූකූලව. ඒ වගේම තමයි කථාව විතරක් නෙමෙයි මේ තැනැත්තා අනිත් අයට කරදර නොවන විදියට නින්දට යන්නත් ඕනා. සාකච්ඡාව වැරදියට වෙද්දි දෙවිදියකට හානි ඇති කරනවා ඒ කියන්නේ සිහිය පිහිටුවා ගන්න බාධා වෙනවා වගේම භාවනා කරන්න ඇති කාලය, ශ්‍රමය අපතේ යනවා.
[/FONT]
[FONT="]කාය සම්සග්ග ගත්තම මාර්ගය අපේක්ෂා කරන්නෙක්ට පැය 4ක 5ක නින්දක් තිබ්බම ඇති. ඉතිරි සියළුම කාලය සිහිය පිහිටුවා ගැනීමට (සති පට්ඨානය)යොදා ගන්න පුළුවන්. නින්ද අඩු වුනා කියලා දුක් වෙන්න දෙයක් නෑ. ඇයි ඒ? සිහියෙන් ඉන්න කාල සීමාව තුලදී ක්ලේෂයන්ගේ ඇතිවීමක් නොමැති නිසා ඒ තුලින් නිදහස් වන නිසා. ඉතින් ඊට වඩා තවත් නිදහසක් තියෙනවාද? කල්ලි ගැහීම සම්බන්ධව ගත්තම හුඟක් වෙලාවට කියන්නේ තනියම ඉන්න බෑ පාළුයි කියලා. අඩු තරමේ තව එක්කෙනෙක් වත් ඉන්න ඕනා පාළු මකන්න. ඒත් මාර්ග ඵල අපේක්ෂා කරන්නා හැකි හැම විටම නිදහස සැනසීම අපේක්ෂා කරන නිසා හුදකලාවට කැමතියි. එයා ඉන්නේ බොහෝ වෙලාවට තනියම. එයාට කල්ලි ගැහීම කරදරයක් බව ඉක්මනින්ම වැටහෙන්න ගන්නවා.
[/FONT]
[FONT="]ඉතින් තත්වය මේ වගේ නිසා පුළුවන් හැම වෙලාවෙම නිබ්බාණ භිරාත විදයට ජීවත් වෙන්න බලනවා වගේම සක්කාය භිරාතයන්ව ඇසුරු කිරීමෙන් වැලකීමට උත්සහ කරන්න. [/FONT]