මොකක්ද බ්‍රෝල මේ අලුත් බිට්කොයින් ට්‍රේඩින් සීන් එක. මට අද අවුරුදු ගානකින් කතාකරපු නැති කොල්ලෙක් කතාකරල කියනව මෙහෙම සීන් එකක් තියෙනව ඉන්වෙස්ට් කරපන් 30$ වල ඉඳල 50000$ වෙනකන් පැකේජස් තියෙනව මාර ප්‍රොෆිට් තියෙනව කියල මොකක් හරි DCSC හරි මොකඛරි කියල සයිට් එකක් මට ඒකෙ නම හරියට මතක නෑ ඒකෙ රෙජිස්ටර් වෙයන් කියල. මම දන්නව උට අනිවා රෙෆරල් කමිෂන් එකක් තියෙනව කියල මාව රිෆර් කරන එකෙන්. ඒක තමයි උට මම ගැන මේ එක පාරටම හරි සත්ව කරුනාවක් පහල වෙලා තියෙන්නෙ කියල. මේ කියන ගනන් විස්වාස කරන්නත් බැරි තරමට වැඩියි. අපිට මේ කියන ගනන් දෙන්න උන් මොනවද මචන්ල කරන්නෙ?? මේව ඇවිල්ල ඔන්ලයින් පිරමිඩ් සීන් නේද??

