හරි බං උබ කියන එකක් තමා හරිබිත්තරේ කට්ට ගැන දැනගත්තා කියල අවදානම නැතිවෙන්නෑ බන්. උන් ඉන්නතැන, උන් කන දේවල් අරවා මේවා සාධක ගොඩක් බලපානව ඔය කට්ටෙ සංයුතිය වෙනස් වෙන්න. අනිත් පැත්තෙන් ඕවා මාකට් එකට එන හැටි කවුද දන්නෙ. කිසිම බිත්තරයක් පිරිසිදු නොකර ෆ්‍රිජ් එකක් වගේ සංවෘත තැනක දාන එක අනුමත කරන්න බෑ.
මම වැරදි නම් @imhotep ගෙන් අහල බලමු
ආන් ඒ බය තියාගනිංහරි බං උබ කියන එකක් තමා හරි![]()

කුකුල් ගූ වල සැල්මොනෙල්ලා යකෝ. හෝදපං. අපේ ගෙදර ඉන්න උන්ගෙ බිත්තර වල ගූත් එක්ක පිහාටුත් ඇලවිල එන්නෙ. එහෙම්ම ෆ්‍රිජ් එකට දාන්නද කියන්නෙ??දන්නේ නැත්නම් දැනගන්න බ්‍රෝ
බිත්තරේ කිකිල් දානකොට බිත්තරේ වටේ කර්ටිකල් කියල ලේයර් එකක් තියෙනවා, බ්ලුම් කියලත් කියනවා එකෙන් වෙන්නේ ස්වාභාවිකවම බිත්තරේ ආරක්ෂාව විෂබීජ තොර කිරීමේ හැකියාව.
බිත්තර ශීතකරණයේ හෝදලා දැම්මම බිත්තරේ වටේ තියෙන ආරක්ෂාව නැතිවෙනවා, එතකොට කල් තියාගන්න අමාරුයි
විෂබීජ ඇතුල්වීමේ හැකියාව වැඩි
බිත්තර මහාපරිමාණයෙන් විකුණන අය බිත්තර හෝදලා ජීවානුහරණය කරනවා. හැබැයි එකෙන් අර කල්තබා ගැනීම අවම වෙනවා.
බිත්තර හෝදන්නේ නැතුව ශීතකරණයේ මාස 2කට වඩා තියාගන්න පුළුවන් අවුලක් නැතුව. දොරේ නෙමේ හරිය
රාජපස්ස කෙනෙකුට චන්දෙ දාන්න පුලුවන්මෝඩයා කියලා මොකෝ මරන්න ද නැහැ නේ![]()

බිත්තර විශේෂඤවරු එළකිරි.com. යමක් දැනගත්තා ඇත්තටම.
සින් එක කියන්නේ, මම නම් බිත්ටර ජීවිතේට හෝදලා ෆ්‍රිජ් එකේ දාල ත් නැ, එලියිඑ තියලත් නැ. හෝදන්නේ හදන්න ගන්නකොට විතරයි, එකත් අමතක වෙනවා හිටපු ගමන්. එත් ලෙඩක් නම් හැදිලා නැ.
------ Post added on Aug 26, 2022 at 8:38 PM
සීල් කිව්වෙ ඇස් දෙකට පේන සීල්ද? විසබීජ නවත්තන්න පුලුවන්ද පෙට්ටියකින් වහල. ඕක එයා ටයිට් සීල් වෙන්න ඕනෙ. 100%. හරියට සැමන් ටින් එක වගේ. දවස ගානෙ ඇරල වහල එහෙම සීල් කරන්න පුලුවන් ඒ වගේ භාජන ගන්න තැනක් මටත් කියපන්කො.බිත්තර ටික හොඳට සීල් වෙන භාජනයක දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම හරිනේ බන් , අවශ්‍ය වෙලාවට භාජනය එලියට අරගෙන ඒකෙන් බිත්තරයක් එලියට අරගෙන හෝදලා ආහාරය පිළියෙළ කරගන්නවා.
දොරේ දැම්මම දොර අරින වාහන නිසා සීතල අඩුවෙනවා කියන කතාවේ අත්තක් නෑ.ශීතකරණයේ ෆැරන්හයිට් 40 ට හෝ අඩුවෙන් තිබ්බොත් ගහල තියෙන කල් ඉකුත්වෙන දිනයට වඩා සති 3-4ක් තියාගන්න පුළුවන්.
බිත්තර තියෙන පෙට්ටියේම දාල ශීතකරණයේ තබන්න.
බිත්තර ශීතකරණයේ දොරේ තිබ්බොත් මෙහෙම කල් තියාගන්න බැහැ
මොකද දොරේ ලැබෙන සිසිලස, දොර නිතර අරින වාහන නිසා පාලනයවන සිසිලස වෙනස් වෙනවා නිතරම.
බිත්තර වෙලදාම් කරන අයත් බිත්තර හරියට ගබඩා කරනවානම් මේ වගේ දිගු කාලයක් තියාගන්න පුළුවන්.
බිත්තර ශීතකරණ අගය (35°F to 40°F) අමු බිත්තර (කටුව සමග) සති 4 සහ 5 ක් කල් ඉකුත් දිනයට පසුව වැඩිපුර අමු බිත්තර (කඩා සාමාන්‍ය ගසා ගෙන - slightly beaten) දවස් 2ක් අමු බිත්තර (කහ මදය ) දවස් 2ක් තම්බා ගත් බිත්තර (කටුව සමග ගබඩා කොට) සති 1 ක් තම්බා ගත් බිත්තර (කටුවරහිත ගබඩා කොට) දින 1ක්
![]()
![]()