බිත්තර_කටේ_තියාගෙන_රකින_තාත්තලා!
මහා මුහුදේ අරුමයක්..සති ගණන් නොකා නොබී බිත්තර කටේ තියාගෙන රකින තාත්තලා
මේ මිහිමත බැලූ බැලූ තැන්වල විස්මිත දේ හමුවෙනවා. සප්ත මහා සාගරය තමයි, මේ අරුමයන් රැසක් සඟවා ගෙන ඉන්නේ! මේ එවැනි එක් විස්මයක්! පහසුවෙන් දැක ගන්න බැරි අති දුලබ දසුනක්!
මේ තමා කාඩිනල් මාළුවා. එයා අද ලෝකයේ ජීවත්වන හරිම නවීන අදහස් ඇති පිරිමි සතෙක්. බිත්තර රැකීම ගැහනු සතාට, ඒ කියන්නෙ ‘බිරිඳ’ට, බාර දීලා නිකං අහක බලාගෙන ඉන්නෙ නෑ. ඒ වගකීම තමන්ම බාර ගන්නවා.
‘බිරිඳ’ බිත්තර දැම්මාම ඒ සියල්ල සංසේචනය කොට රැකීම සඳහා ඌ ඒවා කට ඇතුළට ගන්නවා. බිත්තර රැකලා පැටවුන් මෙලොව එළිය දකිනතුරු සති ගණනක් කෑමක් බීමක් ගන්නෙවත් නෑ. බඩගින්නේම බිත්තර රකිනවා.
මේ වගේ අවස්ථාවක් අප අහලා තිබුනත් පින්තූරවලින් දැකල තිබුණේ නෑ. ඒ දුර්ලභ වාසනාව පසුගියදා අපට උදා වුණා. මේ වාසනාව උදා කර දුන්නේ එක්සත් රාජධානියේ පරණ පොලිස්නිලධාරියෙක්. නමින් නිකලස් ටෙරී. ඔහු දැන් දිය යට දර්ශන කැමරාවට නඟන ඡායාරූප ශිල්පියෙක්.
සති ගණනක් තිස්සේ කටේ තියාගෙන බිත්තර රකින මේ මාළුවා සෑම මිනිත්තු කීපයකට සැරයක් බිත්තරවලින් කීපයක් කටින් එළියට දානවා රැකීමේ පියවරක් හැටියට. ඒ වරින් වර චලනය කිරීම අවශය නිසා. එසේ එළියට දමන බිත්තර ඊළඟ තත්පරයේදී යළිත් කට ඇතුළට ගන්නවා, රකින්නට.
මේ දර්ශන පවා ටෙරීගෙන් බේරී ගියේ නෑ. ඒවාත් අපූරුවට ඡායාරූපයට නඟන්න ටෙරී සමත් වුණා. එක් අතකින් ඔහු හරිම වාසනාවන්ත ඡායාරූප ශිල්පියෙක්! අනික් අතින් අපත් වාසනාවන්තයි! ඒවාගේ දුර්ලභ ඡායාරූප දැක ගන්න.
මේ ඡායාරූප සියල්ල ඔහුට හසු කර ගන්න හැකි වුණේ ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස්වල මහ මුහුදේ රාති‍්‍ර කිමිදුම් සංචාරයකදියි.
දැනට 51 වැනි වියේ පසු වන ටෙරී කලින් පොලිස් නිලධාරියෙක්. ඔහු පොලිස් සේවයෙන් විශ‍්‍රාම අරන් දැන් ඡායාරූප ශිල්පියෙකු වෙලා! ඔහු ඕස්ටේ‍්‍රලියාවේ යෙදුණු සංචාරයකදියි මේ පින්තූර කැමරාවට නඟන්න සමත් වෙලා තියෙන්නෙ. නිව් සවුත් වේල්සයේ මොස්මන්වල මුහුදේ කිමිදෙද්දි තමයි, මේ අරුම පුදුම ‘ආඩම්බරකාර තාත්තා’ ඔහුට හමු වුණේ.
‘එහි වෙරළාසන්න මුහුදේ ගල්පර අතර හැංගිලා ඉඳිද්දියි, මට මේ කාඩිනල් මාළුවා දැක ගන්න ලැබුණේ’ ඔහු කියනවා.
‘මම එම ස්ථානයේ දිය යට පින්තූර ගත්තා දවල් රෑ දෙකේදිම. මේ පළමුවන වතාවටයි, කාඩිනල් මාළුවකු බිත්තර රකින අවස්ථාවක් දකින්න ලැබුණේ. මම මට ම කියා ගත්තා ”ලොකුම වාසනාවක් පෑදුණේ” කියලා. එහෙම නිසොල්මනේ ඉඳන් පින්තූර ගන්න පටන් ගත්තා ඒ පුංචි මාළුවාගේ.’ ඔහු සිය අත්දැකීම විස්තර කළා.
‘මං දැක්කා ඌ වරින් වර බිත්තර කටින් එළියට දානවා. ඒ එක්කම ඒවා ආපසු කටට ගන්නවා. ඔවුන් අතර බිත්තරවලින් එළියට ආ ඉහි ගෙඩියන් වැනි පැටවුන් දැක ගන්න ලැබුණා. මට හුඟාක් සන්තෝෂ හිතුනා, ඒ ලැබුණු වාසනාව ගැන. මං දිගට ම පින්තූර ගත්තා.’
සාමාන්‍යයෙන් ගැහැනු සතා කරන්නේ තමන් තෝරා ගත් පිරිමි සතකු ඉදිරියේ බිත්තර පොකුරක් මුදා හැරීමයි. එවිට ඒ පිරිමි සතා ඒ බිත්තර මුව තුළට ගෙන සංසේචනය කර රැකීමට බාර ගන්නවා. ඌ ඒ බිත්තර පොකුර මුළු බීජෞෂණ සමය පුරා ම මුව තුළ රඳවා ගන්නවා, ඒවායින් පැටවුන් එළියට එනතුරු.
මෙසේ බිත්තර රකිද්දී කාඩිනල් මාළුවා වරින් වර මුව විවර කර ඒවා මුහුද ජලයට මුදා හරිනවා. ඒ එක්කම නැවත ඒවා මුව ඇතුළට ගන්නවා. එසේ කරන්නේ ඒ බිත්තර පිරිසිදුව හා සංවාතනය කර තියා ගන්නයි.
මේ විදියට වරින් වර බිත්තර කටින් එළියට දාන, නැවත ඇතුළට ගන්නා මේ කි‍්‍රයාවලියේ දී ඒ බිත්තරවලින් සියයට 30ක් පමණ වැරදීමෙන් ඌටම ගිලෙන බව සඳහන් වෙනවා.
වසර මිලියන 50ක තරම් කාලයක් මේ ක‍්‍රමය තමයි, කාඩිනල් මාළුන් සිය වර්ගයා බෝ කිරීමට යොදා ගත්තේ. දැන් ගෝලීය උණුසුම් වීමත් සමග ඔවුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් උදා වෙලා!
ගෝලීය උණුසුම වැඩි වීම හේතුවෙන් සාගර ජලයේ උණුසුම වැඩි වීමත් සිදු වෙනවා. ඒ නිසා මේ මසුන් ජීවත් වන පරිසරය වූ කොරල් පර විනාශ වෙනවා. මෙසේ උණුසුම වැඩි වීම නිසා මසුන්ටත් වැඩිපුර හුස්ම ගන්නට සිදු වෙනවා. ඒත් බිත්තර මුව තුළ ඇති නිසා වැඩිපුර හුස්ම ගැනීමත් කළ නොහැකි වෙනවා.
විස්තර ගත්තේ "මල් කැකුළු" එකෙන්
http://www.malkakulu.com/ මේ තවත් බිත්තර රකින තාත්තලා ටිකක් ...

මේ තමයි, කාඩිනල් මාළුවා (Cardinal Fish) කටේ තියා ගෙනයි, බිත්තර රකින්නෙ. සති ගණනක් මේ ඉරියව්වෙන් ඉන්නවා බිත්තර රැකලා පැටවුන් එළියට එනතුරු.

අතිදුලබ දසුනක්! මිනිත්තු කීපයකට වතාවක් බිත්තර කීපයක් එළියට දානවා නැවත ඇතුළට ගන්නවා. කැමරාශිල්පී නිකලස් ටෙරී ඒ මොහොත කැමරාවට නඟන්න සමත් වුණා.
මේ විදියට වරින් වර බිත්තර කටින් එළියට දාන, නැවත ඇතුළට ගන්නා මේ කි‍්‍රයාවලියේ දී ඒ බිත්තරවලින් සියයට 30ක් පමණ වැරදීමෙන් ඌටම ගිලෙන බව සඳහන් වෙනවා.
වසර මිලියන 50ක තරම් කාලයක් මේ ක‍්‍රමය තමයි, කාඩිනල් මාළුන් සිය වර්ගයා බෝ කිරීමට යොදා ගත්තේ. දැන් ගෝලීය උණුසුම් වීමත් සමග ඔවුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් උදා වෙලා!
ගෝලීය උණුසුම වැඩි වීම හේතුවෙන් සාගර ජලයේ උණුසුම වැඩි වීමත් සිදු වෙනවා. ඒ නිසා මේ මසුන් ජීවත් වන පරිසරය වූ කොරල් පර විනාශ වෙනවා. මෙසේ උණුසුම වැඩි වීම නිසා මසුන්ටත් වැඩිපුර හුස්ම ගන්නට සිදු වෙනවා. ඒත් බිත්තර මුව තුළ ඇති නිසා වැඩිපුර හුස්ම ගැනීමත් කළ නොහැකි වෙනවා.
බිත්තර රැකලා පැටුවන් එළියට එන්න ලෑස්තියි! ඕස්ටේ‍්‍රලියාවේ මුහුදේ කොරල් පර අතර කිමිදෙමින් මේ දුලබ දිය යට ඡායාරූප ගන්නට වාසනාව පෑදුණේ එක්සත් රාජධානියෙන් ගිය නිකලස් ටෙරීටයි.
ගැහැනු සතා බිත්තර පොකුරක් දැම්මාම ඒක මුව තුළ තියාගෙන රැකීම බාර ගන්නෙ පිරිමි සතායි. මේ කාඩිනල් මාළුවාගේ හොඳ පුරුද්දක්. ඒ පුරුද්ද තමයි, උගේ පරපුර ගෙනියන්න උදවු වෙන්නෙ.
ගෝලීය උණුසුම වැඩි වීම නිසා මේ කාඩිනල් මාළුවාත් දැන් වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා!

Last edited: