බින්දුවේ ඉදන් දියුණු වෙන රටවල් (බොට්ස්වානා)
=================================
1966 බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස් වෙනකොට බොට්ස්වානා කියන්නේ ලෝකේ තුන් වෙනියට දුප්පත්ම රට. අද ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 7000 ක් තියෙන ඉහල මධ්‍යම ආදායම් ලබන රටක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3500 ක් වගේ වෙන්නේ. ශ්‍රේණිගත කිරීම් වල බොට්ස්වානා ඉන්නේ 101 වෙනි ස්ථානයේ. ලංකාව ඉන්නේ 136 වෙනි තැන.
බොට්ස්වානා 1966 න පස්සේ අන්තිම අඩියටම වැටෙනවා. තාර දාපු පාරවල් තිබ්බේ රටේ සැතපුම් 12ක් පමණයි. රටේම ඉන්න ඉස්කෝලේ සමත් පිරිස 100 කටත් වඩා අඩුයි. වසංගත වලින් මිනිස්සු මැරි මැරී යනවා. අවුරුදු දෙකක් එක දිගට නියගයකට අහු වෙනවා. සාගතය පැතිරෙනවා.රටේ වියදම් පියවා ගන්න බ්රිතාන්යෙන් දිගින් දිගටම ණය සහ ආධාර ගන්න වෙනවා.
ඔය අතරේ රටේ නායකයා විදිහට සේරෙට්සේ කාමා පත් වෙනවා. කාමා ට තියෙන අභියෝගය තමයි රට දියුණු කරන එක. කාමා මුලින්ම කරන්නේ රටේ තියෙන සම්පත් වල ලැයිස්තුවක් හදන එක.
1. විශාල හරක් පට්ටි
2. මහා වනාන්තර සහ තෘණ භුමි
3. දියමන්ති සහ වටිනා ඛනිජ
හරක් පට්ටි සහ තෘණ භුමි වලින් ලොකු ප්‍රයෝජනයක් නැහැ කියල තේරුණු කාමා දියමන්ති සහ ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගන්න බලනවා. නමුත් ඒ සදහා ඔවුන්ට තාක්ෂනය නැහැ. කාමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් විශාල ණය ආධාරයක් ලබා ගන්නවා. මේ ණය කළමනාකරණය කරලා ඛනිජ සම්පත් අරගෙන අපනයනය කරනවා. ඒ ලැබෙන මුදල් නිසි පරිදි කළමනාකරණය කරලා අරගත්තු ණය ටිකෙන් ටික ගෙවනවා. ඒත් එක්කම රජයේ වියදම් සීමා කරලා රටේ විදේශ සංචිත වැඩි කරනවා. අනවශ්‍ය වියදම් සීමා කරන්න මේ ඛනිජ සම්පත් කැණීම් රජය සහ පෞද්ගලික හවුල්කාර සමාගම් පිහිටුවනවා. මේ නිසා විශාල විදේශ ආයෝජන රට තුලට එනවා. යුරෝපා සංගමය සමග වෙළද ගිවිසුමකට ගිහින් ආනයන අපනයන පහසුකම් හදාගන්නවා. මේ නිසා රටේ ව්‍යාපාරිකයන් බිහි වෙනවා. මේ වෙනකොට ලෝකේ ආර්ථික වර්ධන වේගය වැඩිම රට බොට්ස්වානා වෙනවා. මේ මුදල් වලින් ගොවියන්ට සහනාධාර, වසංගත සදහා එන්නත්, අධ්‍යාපනය සදහා මුදල් , මහා මාර්ග ගුවන්තොටවල් වගේ දේවල් හදනවා.
ඒත් එක්කම රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හදුනාගෙන අනවශ්‍ය බදු බර අඩු කරනවා. මේකෙන් රටේ දේශපාලන ස්ථායිතාව ඇති වෙනවා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රටේ පාලනය ගෙනියන්න උගත් අධ්‍යාපනයක් සහිත පිරිසක් නැති එක. ඒ නිසා ඔහු බ්රිතාන්යෙන් ඉල්ලීමක් කරනවා රටේ මානව සම්පත දියුණු කරනකම් බ්‍රිතාන්‍ය වැසියන් රටේ ආයතන පාලනය කරදෙන ලෙස. මේ නිසා රටේ රාජ්‍ය පද්ධතිය අකාර්යක්ෂම නොවී දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රටේ මානව හිමිකම්, නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා.
මේ වෙනකොට දකුණු අප්‍රිකාව වර්ගබේදවාදයෙන් ඇවිලිලා තියෙන්නේ. නමුත් බොට්ස්වානා වලට මේ ගැටලුව එන්නේ නැහැ . මොකද කාමා විවාහ වෙලා ඉන්නේ සුදු ජාතිකයෙක් සමග. ඒ නිසා ඔහු වර්ගබේදවාදය වෙනුවට සහජීවනය ප්‍රචලිත කරනවා. අධ්‍යාපනය සහ කලාව මගින් මිනිස්සුන්ව වඩාත් විවුර්තව හිතන්න පුරුදු කරනවා. මේ චින්තනය නිසා 2019 සමලිංගික සම්බන්ධතා නීති විරෝධී කියල තිබ්බ නිතිය ඉවත් කරපු පළමු අප්‍රිකානු රට බවට පත් වෙනවා. නමුත් මේ කාලයේ රොඩේශියාව සහ දකුණු අප්‍රිකාව වර්ගවාදය වෙනුවෙන් බොට්ස්වානා වල ත්‍රස්තවාදී කණ්ඩායම් හසුරවනවා. මෙයට විරුද්ධව සටන් කරන්න බොට්ස්වානා ආරක්ෂක බලකාය පටන් ගන්නවා 1977 දී. මේ කරදර වලින් බේරෙන්න කාමා දකුණු අප්‍රිකානු සංවර්ධන කමිටුව හදනවා අනෙකුත් අප්‍රිකානු රටවල් සමග එකතුවී. 1979 දී කාමා පිට පිට හතරවෙනි වතාවටත් බලයට පත් වෙනවා. නමුත් කෙටි කාලයකින් ඔහු මිය යනවා. ඔහුගේ උප ජනාධිපතිත් කාමා වගේම ජනතා ප්‍රසාදය දිනාගෙන තිබුන නිසා ඔවුන්ගේ පක්ෂ බලය දිගටම අද වෙනකම් පවත්වාගෙන යනවා.
මේ වෙනකොට අප්‍රිකාවේ වඩාත්ම වේගෙන් සංවර්ධනය වෙන රටවල් දෙක තමයි බොට්ස්වානා සහ රුවන්ඩා. අද වෙනකොට බොට්ස්වානා වල විදේශ සංචිත ඩොලර් බිලියන 7ක් තියෙනවා. අවුරුදු 13 ක් ඇතුලත රටේ ධනය 10000% කින් වැඩි වෙලා තියෙනවා. වසංගත රෝග, සමාජ රෝග පාලනය කරගෙන යනවා. අවුරුදු 13 ට අඩු දරුවන් 90% අධ්‍යාපනය ලබනවා. අප්‍රිකාවේ දුෂණය සහ දේශපාලන අස්ථායිතාව අඩුම රට බොට්ස්වානා.
රටවල් කණපිට හරවන්න අවශ්‍ය වෙන්නේ පපුවට හයියෙන් ගහන නායකයෝ නෙමේ. තමන්ගේ අඩු පාඩු හදුනාගෙන ඒ සදහා අනෙකුත් රටවල් වලින් උදව් ගන්න ගමන් තමන්ගේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කරලා සතෙන් සතේ ඉතුරු කරලා අවශ්‍ය දේවල් වලට අධ්‍යාපනයට සෞඛ්‍යයට වියදම් කරලා , මානව සම්පත දියුණු කරලා, දුෂණයට වැට බැදලා, සත පහක වැඩක් නැති ලස්සන ව්‍යපෘති වලට වඩා රටට ප්‍රයෝජනයක් වෙන ව්‍යපෘති සදහා ආයෝජන ගෙනල්ල, ජාතිවාදය ආගම්වාදය වෙනුවට සහජීවනය ප්‍රචලිත කරලා , මිනිස්සුන්ගේ පටු අදහස් අයින් කරලා විවෘත්ත විදිහට හිතන්න පුළුවන් පුළුල් චින්තනයක් තියෙන සමාජයක් බිහි කරන්න පුළුවන් නායකයන්ට තමයි රටවල් වෙනස් කරන්න පුළුවන්.
බොට්ස්වානා අපිට කියල දෙන පාඩම තමයි ඒක.
අපි අප්‍රිකාවෙන් ඉගෙන ගනිමු. ඊළගට රුවන්ඩාව ගැන කතා කරමු.
copied from : Chamod Hettiarachchi (FB)