බින්දුවේ ඉඳන් දියුණු උන හැටි..!!

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    බින්දුවේ ඉදන් දියුණු වෙන රටවල් (බොට්ස්වානා)
    =================================

    1966 බ්‍රිතාන්යන්ගෙන් නිදහස් වෙනකොට බොට්ස්වානා කියන්නේ ලෝකේ තුන් වෙනියට දුප්පත්ම රට. අද ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 7000 ක් තියෙන ඉහල මධ්‍යම ආදායම් ලබන රටක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3500 ක් වගේ වෙන්නේ. ශ්‍රේණිගත කිරීම් වල බොට්ස්වානා ඉන්නේ 101 වෙනි ස්ථානයේ. ලංකාව ඉන්නේ 136 වෙනි තැන.

    බොට්ස්වානා 1966 න පස්සේ අන්තිම අඩියටම වැටෙනවා. තාර දාපු පාරවල් තිබ්බේ රටේ සැතපුම් 12ක් පමණයි. රටේම ඉන්න ඉස්කෝලේ සමත් පිරිස 100 කටත් වඩා අඩුයි. වසංගත වලින් මිනිස්සු මැරි මැරී යනවා. අවුරුදු දෙකක් එක දිගට නියගයකට අහු වෙනවා. සාගතය පැතිරෙනවා.රටේ වියදම් පියවා ගන්න බ්‍රිතාන්යෙන් දිගින් දිගටම ණය සහ ආධාර ගන්න වෙනවා.

    ඔය අතරේ රටේ නායකයා විදිහට සේරෙට්සේ කාමා පත් වෙනවා. කාමා ට තියෙන අභියෝගය තමයි රට දියුණු කරන එක. කාමා මුලින්ම කරන්නේ රටේ තියෙන සම්පත් වල ලැයිස්තුවක් හදන එක.

    1. විශාල හරක් පට්ටි
    2. මහා වනාන්තර සහ තෘණ භුමි
    3. දියමන්ති සහ වටිනා ඛනිජ

    හරක් පට්ටි සහ තෘණ භුමි වලින් ලොකු ප්‍රයෝජනයක් නැහැ කියල තේරුණු කාමා දියමන්ති සහ ඛනිජ සම්පත් ප්‍රයෝජනයට ගන්න බලනවා. නමුත් ඒ සදහා ඔවුන්ට තාක්ෂනය නැහැ. කාමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් විශාල ණය ආධාරයක් ලබා ගන්නවා. මේ ණය කළමනාකරණය කරලා ඛනිජ සම්පත් අරගෙන අපනයනය කරනවා. ඒ ලැබෙන මුදල් නිසි පරිදි කළමනාකරණය කරලා අරගත්තු ණය ටිකෙන් ටික ගෙවනවා. ඒත් එක්කම රජයේ වියදම් සීමා කරලා රටේ විදේශ සංචිත වැඩි කරනවා. අනවශ්‍ය වියදම් සීමා කරන්න මේ ඛනිජ සම්පත් කැණීම් රජය සහ පෞද්ගලික හවුල්කාර සමාගම් පිහිටුවනවා. මේ නිසා විශාල විදේශ ආයෝජන රට තුලට එනවා. යුරෝපා සංගමය සමග වෙළද ගිවිසුමකට ගිහින් ආනයන අපනයන පහසුකම් හදාගන්නවා. මේ නිසා රටේ ව්‍යාපාරිකයන් බිහි වෙනවා. මේ වෙනකොට ලෝකේ ආර්ථික වර්ධන වේගය වැඩිම රට බොට්ස්වානා වෙනවා. මේ මුදල් වලින් ගොවියන්ට සහනාධාර, වසංගත සදහා එන්නත්, අධ්‍යාපනය සදහා මුදල් , මහා මාර්ග ගුවන්තොටවල් වගේ දේවල් හදනවා.

    ඒත් එක්කම රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හදුනාගෙන අනවශ්‍ය බදු බර අඩු කරනවා. මේකෙන් රටේ දේශපාලන ස්ථායිතාව ඇති වෙනවා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රටේ පාලනය ගෙනියන්න උගත් අධ්‍යාපනයක් සහිත පිරිසක් නැති එක. ඒ නිසා ඔහු බ්‍රිතාන්යෙන් ඉල්ලීමක් කරනවා රටේ මානව සම්පත දියුණු කරනකම් බ්‍රිතාන්‍ය වැසියන් රටේ ආයතන පාලනය කරදෙන ලෙස. මේ නිසා රටේ රාජ්‍ය පද්ධතිය අකාර්යක්ෂම නොවී දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම රටේ මානව හිමිකම්, නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා.

    මේ වෙනකොට දකුණු අප්‍රිකාව වර්ගබේදවාදයෙන් ඇවිලිලා තියෙන්නේ. නමුත් බොට්ස්වානා වලට මේ ගැටලුව එන්නේ නැහැ . මොකද කාමා විවාහ වෙලා ඉන්නේ සුදු ජාතිකයෙක් සමග. ඒ නිසා ඔහු වර්ගබේදවාදය වෙනුවට සහජීවනය ප්‍රචලිත කරනවා. අධ්‍යාපනය සහ කලාව මගින් මිනිස්සුන්ව වඩාත් විවුර්තව හිතන්න පුරුදු කරනවා. මේ චින්තනය නිසා 2019 සමලිංගික සම්බන්ධතා නීති විරෝධී කියල තිබ්බ නිතිය ඉවත් කරපු පළමු අප්‍රිකානු රට බවට පත් වෙනවා. නමුත් මේ කාලයේ රොඩේශියාව සහ දකුණු අප්‍රිකාව වර්ගවාදය වෙනුවෙන් බොට්ස්වානා වල ත්‍රස්තවාදී කණ්ඩායම් හසුරවනවා. මෙයට විරුද්ධව සටන් කරන්න බොට්ස්වානා ආරක්ෂක බලකාය පටන් ගන්නවා 1977 දී. මේ කරදර වලින් බේරෙන්න කාමා දකුණු අප්‍රිකානු සංවර්ධන කමිටුව හදනවා අනෙකුත් අප්‍රිකානු රටවල් සමග එකතුවී. 1979 දී කාමා පිට පිට හතරවෙනි වතාවටත් බලයට පත් වෙනවා. නමුත් කෙටි කාලයකින් ඔහු මිය යනවා. ඔහුගේ උප ජනාධිපතිත් කාමා වගේම ජනතා ප්‍රසාදය දිනාගෙන තිබුන නිසා ඔවුන්ගේ පක්ෂ බලය දිගටම අද වෙනකම් පවත්වාගෙන යනවා.

    මේ වෙනකොට අප්‍රිකාවේ වඩාත්ම වේගෙන් සංවර්ධනය වෙන රටවල් දෙක තමයි බොට්ස්වානා සහ රුවන්ඩා. අද වෙනකොට බොට්ස්වානා වල විදේශ සංචිත ඩොලර් බිලියන 7ක් තියෙනවා. අවුරුදු 13 ක් ඇතුලත රටේ ධනය 10000% කින් වැඩි වෙලා තියෙනවා. වසංගත රෝග, සමාජ රෝග පාලනය කරගෙන යනවා. අවුරුදු 13 ට අඩු දරුවන් 90% අධ්‍යාපනය ලබනවා. අප්‍රිකාවේ දුෂණය සහ දේශපාලන අස්ථායිතාව අඩුම රට බොට්ස්වානා.

    රටවල් කණපිට හරවන්න අවශ්‍ය වෙන්නේ පපුවට හයියෙන් ගහන නායකයෝ නෙමේ. තමන්ගේ අඩු පාඩු හදුනාගෙන ඒ සදහා අනෙකුත් රටවල් වලින් උදව් ගන්න ගමන් තමන්ගේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කරලා සතෙන් සතේ ඉතුරු කරලා අවශ්‍ය දේවල් වලට අධ්‍යාපනයට සෞඛ්‍යයට වියදම් කරලා , මානව සම්පත දියුණු කරලා, දුෂණයට වැට බැදලා, සත පහක වැඩක් නැති ලස්සන ව්‍යපෘති වලට වඩා රටට ප්‍රයෝජනයක් වෙන ව්‍යපෘති සදහා ආයෝජන ගෙනල්ල, ජාතිවාදය ආගම්වාදය වෙනුවට සහජීවනය ප්‍රචලිත කරලා , මිනිස්සුන්ගේ පටු අදහස් අයින් කරලා විවෘත්ත විදිහට හිතන්න පුළුවන් පුළුල් චින්තනයක් තියෙන සමාජයක් බිහි කරන්න පුළුවන් නායකයන්ට තමයි රටවල් වෙනස් කරන්න පුළුවන්.

    බොට්ස්වානා අපිට කියල දෙන පාඩම තමයි ඒක.

    අපි අප්‍රිකාවෙන් ඉගෙන ගනිමු. ඊළගට රුවන්ඩාව ගැන කතා කරමු.

    copied from : Chamod Hettiarachchi (FB)


     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ණය අරගෙන කරන්න තිබුණෙ බෝගල මිනිරන්, පොස්පේට් ප්‍රොඩක්ට් එකක් කරන එක. තාක්ෂණේ නෑ කියලා කුට්ටිය පිටින් රට පටවපු එක විතරයි කරේ, 2018දි ඒකත් කැනඩා කම්පැනි එකකට විකුනලා දැම්මා
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රටවල් කණපිට හරවන්න අවශ්‍ය වෙන්නේ පපුවට හයියෙන් ගහන නායකයෝ නෙමේ. තමන්ගේ අඩු පාඩු හදුනාගෙන ඒ සදහා අනෙකුත් රටවල් වලින් උදව් ගන්න ගමන් තමන්ගේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කරලා සතෙන් සතේ ඉතුරු කරලා අවශ්‍ය දේවල් වලට අධ්‍යාපනයට සෞඛ්‍යයට වියදම් කරලා , මානව සම්පත දියුණු කරලා, දුෂණයට වැට බැදලා, සත පහක වැඩක් නැති ලස්සන ව්‍යපෘති වලට වඩා රටට ප්‍රයෝජනයක් වෙන ව්‍යපෘති සදහා ආයෝජන ගෙනල්ල, ජාතිවාදය ආගම්වාදය වෙනුවට සහජීවනය ප්‍රචලිත කරලා , මිනිස්සුන්ගේ පටු අදහස් අයින් කරලා විවෘත්ත විදිහට හිතන්න පුළුවන් පුළුල් චින්තනයක් තියෙන සමාජයක් බිහි කරන්න පුළුවන් නායකයන්ට තමයි රටවල් වෙනස් කරන්න පුළුවන්.

    :):):):love::love::love:
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ලන්කවෙ සම්පත් ඔක්කොම වලව් වල තමා ආරක්ශවට තෙන්පත් කරල තියන්නෙ. අර museum eka තිබ්බ කඩුවත් අරක්ශාවට වලවුවක තියල atta
     
    • Sad
    Reactions: shenat

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    Screenshot from 2021-09-28 14-28-42.png

    Unuth nayatada koehda bn kanne api wagema :sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    View attachment 145673
    Unuth nayatada koehda bn kanne api wagema :sorry:

    උබට කොහොමද ඒ ආර්ටිකල් එක කියෙව්වම එහෙම නෑ කියල හිතුනෙ.

    they have diamonds mines + lands + 99% uneducated low paying labor..
    ඒකනෙ කියන්නෙ බූරු රැලකට සින්හය නායක උනාම සින්හ රැලකට බූරුවෙක් නායකය උනාට වඩා හොදට ප්‍රෆෝම් කරනව කියල.
    ------ Post added on Sep 28, 2021 at 2:31 PM
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    "රටවල් කණපිට හරවන්න අවශ්‍ය වෙන්නේ පපුවට හයියෙන් ගහන නායකයෝ නෙමේ"
     
    • Love
    Reactions: shenat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපේ රටෙත් ඔය විදියටම සම්පත් වර්ගීකරණය කලොත් තේ කුළුබඩු මාලු අවුරුදු 2500 ගානක ඉතිහාසය සංචාරක ව්‍යාපාරය මුහුද මත්ස්‍ය සම්පත මැණික් කොයිතරම් එකතු කරන්න තිබ්බ ද ?
    රට වටේටම මුහුද වෙලත් මාලු දේශීය පරිභෝජනය වෙනුවෙන් විතරයි කරන්නෙ. අඩුම ටින් මාලු කරලා රට යවන්න වත් හිතන්නෙ නෑ. තාමත් චීනෙන් ටින් මාලු ගේන්නෙ. තේ ටික දවසින් දවසටම වල පල්ලට යනවා. කුලුබඩු වලට වුන දෙයක් නෑ. අඩුම සංචාරක ව්‍යාපාරය වත් හරියට කරන්නෙ නෑ. උන්ට හරි නම් වට්ටම් ආකර්ශනීය මිල වගේ ඔවුන් ආකර්ශනය කරගන්න දේවල් තියෙන්න ඕන. ලෝකල් එකෙක්ට 50 ටිකට් එක සුද්දට 2000

    දේශීය වෙලෙන්දුන්ට ලෝක ආර්තිකය විවර කරලා දෙන්න ඕන. රට රටවල් වලින් නය ඉල්ලන් හිගාකන්න විතරයි නෙ කරන්නෙ. දේශපාලන සම්බන්ද කම් හිත මිත්‍ර කම් වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැති නාකි මේ කරන විනාශයන්ට සහ ගහන්නම ඕන.

    මට රට ගැණ කැක්කුමක් නෑ කොහොමත්. මොකද මේ සක්කිලි ඉන්න කන් මේක හැදෙන්නෙ නෑ. නමුත් අපේ ලමයිනුත් මේවට වන්දි ගෙවන්න ඕන නේ ද කියල දැනෙන කොට පොඩි කලකිරීමක් ඉතිරි වෙනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    // හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රටේ පාලනය ගෙනියන්න උගත් අධ්‍යාපනයක් සහිත පිරිසක් නැති එක. ඒ නිසා ඔහු බ්‍රිතාන්යෙන් ඉල්ලීමක් කරනවා රටේ මානව සම්පත දියුණු කරනකම් බ්‍රිතාන්‍ය වැසියන් රටේ ආයතන පාලනය කරදෙන ලෙස. //

    මෙන්න මේක තමයි ගොඩක් රටවල් දියුණු වෙන්න අනුගමනය කරපු පලවෙනි ස්ටෙප් එක .
    සුදුසුකම් තියෙන විදේශිකයන්ට රටේ තනතුරු බාරදෙන එක

    මේක සින්ගපුරුවේ , මලෙශියාවේ , සීෂෙල්ස්, එමිරේට් වගේ රටවල කරලා තියෙනවා.

    හැබැයි ලංකාවේ මලාට මේක කරන්න බෑ ..
    ඉහල තනතුරු වලට විදේශිකයෙක් තියා සිංහල ජාතියෙන් පිට මිනිහෙක් පත්කරන්නත් හරිම අමාරුයි
    සිංහල උනත් පත්කරන්න කලින් කුලෙත් බලනවා
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    දුක හිතෙනවා ඉතින් ලංකාව ගැන
    මේ යන විදිහට ඔක්කොම රටවල් ගැන ඔහොම ලිපි කියවන්න පුළුවන් වෙයි ලංකාව දියුණු වෙන්න කලින්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    අපේ රටෙත් ඔය විදියටම සම්පත් වර්ගීකරණය කලොත් තේ කුළුබඩු මාලු අවුරුදු 2500 ගානක ඉතිහාසය සංචාරක ව්‍යාපාරය මුහුද මත්ස්‍ය සම්පත මැණික් කොයිතරම් එකතු කරන්න තිබ්බ ද ?
    රට වටේටම මුහුද වෙලත් මාලු දේශීය පරිභෝජනය වෙනුවෙන් විතරයි කරන්නෙ. අඩුම ටින් මාලු කරලා රට යවන්න වත් හිතන්නෙ නෑ. තාමත් චීනෙන් ටින් මාලු ගේන්නෙ. තේ ටික දවසින් දවසටම වල පල්ලට යනවා. කුලුබඩු වලට වුන දෙයක් නෑ. අඩුම සංචාරක ව්‍යාපාරය වත් හරියට කරන්නෙ නෑ. උන්ට හරි නම් වට්ටම් ආකර්ශනීය මිල වගේ ඔවුන් ආකර්ශනය කරගන්න දේවල් තියෙන්න ඕන. ලෝකල් එකෙක්ට 50 ටිකට් එක සුද්දට 2000

    දේශීය වෙලෙන්දුන්ට ලෝක ආර්තිකය විවර කරලා දෙන්න ඕන. රට රටවල් වලින් නය ඉල්ලන් හිගාකන්න විතරයි නෙ කරන්නෙ. දේශපාලන සම්බන්ද කම් හිත මිත්‍ර කම් වලින් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැති නාකි මේ කරන විනාශයන්ට සහ ගහන්නම ඕන.

    මට රට ගැණ කැක්කුමක් නෑ කොහොමත්. මොකද මේ සක්කිලි ඉන්න කන් මේක හැදෙන්නෙ නෑ. නමුත් අපේ ලමයිනුත් මේවට වන්දි ගෙවන්න ඕන නේ ද කියල දැනෙන කොට පොඩි කලකිරීමක් ඉතිරි වෙනවා.
    // අවුරුදු 2500 ගානක ඉතිහාසය සංචාරක ව්‍යාපාරය//

    ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහලට නංවන්න බෑ
    එක හිතලුවක් විතරයි
    කවදාවත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරලා ආර්ථිකය ගොඩගන්න බෑ
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ලංකාවෙ දේශපාලකයො වගේ රට විකුණන එවුන් ආවොත් නං උනුත් විනාසයි.
    un ochchara deyak kara gaththa kiyanne ehema wena ekak nan na bn. :yes:
     
    • Like
    Reactions: shenat

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    Don't forget Botswana is rich in minerals & diamonds. About 50% of the income is from Diamonds, It's probably the best managed country in Africa. Okavango Delta is a beautiful place to visit. There are poor villages in Botswana and probably the government supports them. There's unemployment because there isn't much of an infrastructure, other than tourism.
    But their Corruption Perception Index is low...35 against SriLanka which is 95. The Pula (currency) is stable.
    Have spent several days in there, but one cannot judge everything from the tour guides. Education is not compulsory but around 90% does attend school.