උඹලා ඔය පෝස්ට් එකේ අන්තිමට මෙහෙම එකක් තියනවා දැක්කද. ක්රෙඩිබිලිටි එකක් ගන්න වෙනවට තමයි ඕක දාල තියෙන්නෙ
මේ හා සමාන කතාවක් ලංකාවේ ඇපල් හා පෙයාර්ස් වගාවන්ටද සිදුවූවායැයි පැරණි ඇපල් ගොවියකු මා හා කියූ කතාව මම මීට කලින් කියා තිබේ.
( මේ නිල සමීක්ශන වාර්ථාවක් නොවන බවත්, පාර තොටේ අහම්බෙන් මුනගැසෙන පැරණි ගොවීන් ,මිනිසුන් කියන කතා බවත්, මෙහි තොරතුරු නිවැරදි වීමට හෝ වෙනස් වීමට ඉඩ ඇති බවත් විශේෂයෙන් සදහන් කරමි. )
ඔය ඇපල් මාටින්ගෙ කතාව මම English වලින් වෙන රටවල වෙන වෙන පලතුරු දාල හදලා තියන කතා කියවලා තියනවා, ඇපල් කතාව නං 100%ක් ඒ English එක කවුරු හරි සිංහලට ට්රාන්ස්ලේට් කරලා වයිරල් ගියපු එකක් .
ඔය කියලා තියන Citrus tristeza virus (CTV) එක අමුතුවෙන් ලංකාවට එහෙම එවන්න තිබුනෙ නැහැ, ඕක ආසියානු රටවල කොහොමත් පැතිරිලා තිබුනෙ. දැං ලෝකෙ බේරිලා තියෙන්නෙ බොහොම පොඩි ප්රදේශ ටිකක විතරයි. US වල එක state එකකින් තව state එකකට citrus ශාක කොටස් වත් අරගෙන යන්න දෙන්නෙ නැහැ ඕක පැතිරෙන එක නතර කරන්න
ලෝකෙ වැඩිපුරම දොඩම් එක්ස්පෝට් කරන්නෙ Spain, ඊට පස්සෙ South Africa, China වගේ රටවල් තියනවා. Spain වල සම්පූර්ණ දොඩම් වගා කරලා තියන බිම් ප්රමානෙ බැලුවොතින් සම්පූර්ණ ලංකාව විතර ප්රමානෙක උන් වගා කරනවා
ඔය ටිකත් එක්ක හිතලා බලන්න ලංකාවෙ දොඩම් වලින් ලෝකෙ මාකට් එකකට පොඩ්ඩක්වත් දැනෙන වෙනසක් කරන්නවත් ලෝකෙටම දොඩං එක්ස්පෝට් කරන්න තිබුනු චාන්ස් එක වෙන රටිකින් නැති කරා කියන එක ලොජිකල්ද කියලා. එහෙම කරනවා නං ලංකාව වගේ මේ අක්කර පොඩි ගානක් වවන රටක දොඩං වලට කෙලවන්නෙ නැතිව අර ලෝකෙ දොඩං ලොකුවට වවන රටවලට කෙලවලා උන්ට මාකට් එක අල්ලගන්න තිබ්බානේ
අනික ඔය එක්ස්පෝට් කරන්න ලස්සන කහපාටට දොඩං හැදෙන්න ලංකාවෙ දේශගුනේ හරියන්නෙ නැහැ, ඒ පාට එන්න සහ අර ඇඹුල් නැතිව පැණිම රසට දොඩම් ඉදෙන්න ඒ දොඩම් හැදෙන කාල සීමාවෙ එක කාලෙකට හිමවැටෙන්න වගේ ගොඩක් පහල උශ්නත්වයක් තියෙන්න ඕන
අපේ රටවල සාපේකශව පැණිරස දොඩම් හැදෙන එක ඇත්ත. මාත් හිටවලා තියනවා ඒවා, නමුත් ඔය ලොකුවට එක්ස්පෝට් කරනන් පුලුවන් අර මෙහෙත් ඉම්පෝට් කරලා තියන කහම කහ පාට පොඩ්ඩක්වත් ඇඹුල් නැති වෙන්න දොඩං හදන එක ලංකාවෙ කරන්න බැහැ. ඒ වර්ගෙම ගෙනත් මෙහෙ හිටෙවුවත් අර වගේ පැණි රසට වත් කහපාටට වත් එන්නෙ නැහැ ක්ලයිමේට් එකේ වෙනස නිසා
මේ ආටිකල් එක ආයෙ එන්න හේතුව වෙලා ඇත්තෙ දැං ඔය ඉම්පෝට් කරපු දොඩං මෙහෙ බල්ලොන්ට ගහන්න පුලුවන් තරං ලාබෙට ගන්න තියන නිසා වෙන්න ඇති. මේ දවස්වල සමහර තැන්වල ඒ දොඩං ගෙඩි 20ක් විතර රුපියල් 400ක් වගේ වෙන්නෙ.
හොඳම කෑල්ල මේක.
ඔය ආටිකල් එකේම තියන විදියට ඔය සීන් එක වෙලා තියෙන්නෙ 1940 ගනන් වල
Israel කියලා රටක් හැදුනෙත් 1948දි.
