බියට්‍රිස්ගේ_එලුවා
මිනිසෙකු සතු ශක්තිය නොදැන ඉපදී මියයන මිනිසුන් කොපමණද? මම දුප්පත්, මම මෝඩයි, මට කිසිම හැකියාවක් නෑ, සමහර ජීවිත කතා දිහා බලද්දි මේව සාධාරන පිළිතුරු නෙමෙයි කියල තේරෙනව.සාර්ථක මිනිසුන්ගේ ජීවිත වලට නිකන්ම අවස්ථාවන් පහල උනා නෙමෙයි, ඔවුන් බය නැතිව ඉස්සරහට අඩියක්තියද්දි ඉදිරියට යන්න අවස්ථාවන් ඔවුන්ට නිර්මාණය උනා. ඔවුන් දාදු කැටය අතේ තබාගෙන ඉදිරියේ සිටින සර්පයින් දෙස බලා නොසිට දාදු කැටය සොලවා ඉදිරියේ තිබූ ඉනිමං වෙත ලගාවුනා.
නිව්යොර්ක් නගරයේ සැන්දෑ යාමයයි. ලිංකන් කේන්ද්‍රයට රැස්ව සිටි පිරිස අමතමින් සභාවට හිලරි ක්ලින්ටන් මහත්මිය හදුන්වාදුන්නේ අප්‍රිකානු සම්භවයක් සහිත කාන්තාවකි. ඇය නමින් බියට්‍රිස් බයිරා ය. උගන්ඩාවේ කිසිංගා නම් දරිද්‍රතාවයෙන් මිරිකෙමින් පවතින ගම්මානයක උපන් ඇය, අද ඇමරිකාවේ ජීවත් වන උපාදිධාරී කාන්තාවකි.
කුඩා බියට්‍රිස් හැදී වැඩුනේ සහෝදර සහෝදරියන් හයදෙනෙක් සමගයි.විදුලිබලය, පොත් පත් කිසිවක් නොමැති ළමුන්ගේ එදිනෙදා රාජකාරි වූයේ ගෙදර දොර වැඩපල වලට උදව් දීම, වතුපිටි උදලු ගෑම සහ ගෙදරට අවශ්‍ය වතුර රැගෙන ඒමයි. දිලිදු බව ඔවුන්ට පාසල තහනම් අඩවියක් බවට පත්කර තිබුනා. සෑම දිනකම බියට්‍රිස් ඇතුලු පවුලේ සැමටම ලැබුනේ එකම ආකාරයක ආහාර වර්ගයි. අල, මඥ්ඥොක්කා, එලවලු සුප්.
දුගද හමන මඩකඩිත්තක පිපුනත් මලෙහි සුවදෙහි අඩුවක් නොදැනෙන්නාක් මෙන්, මේ දිලිදු රටෙහි, ගමෙහි, නිවසෙහි උපන් කුඩා බියට්‍රිස් ගේ සහජ ඥානය පවුලේ සාමාජිකයින්ටත් අඩු වැඩි ලෙස දැනෙන්නට පටන්ගත්තා. බියට්‍රිස් ගේ සීයා විශ්‍රාමික ගුරුවරයෙක්. ඔහු ගෙදර දොර වැඩකටයුතු අවසානයේ බියට්රිස්ට උගැන්වීමට පටන්ගත්තා.
බියට්‍රිස්ගේ ජීවිතය වෙනස්කරන මොහොත උදා උනා. ඇයට අවුරුදු නවයේදී Heifer International නම් පුණ්‍යායතනය මගින් එලුවෙක් පරිත්‍යාග කලා. ඔවුන් එලුවාට "මුගීසා" යන නම තැබුවා. "මුගීසා" යනු "වාසනාව" අර්ථය දෙන වචනයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ එලුවා ඇයට වසනාව කැන්දාගෙන ආවා.
දැන් ඔවුන්ට බීමට ඇති තරම් කිරි තිබෙනවා. අතිරික්තය විකුණා දමා ආදායමක් ලබනවා. එලු වසුරු ඔවුන්ගේ වගාවන්ට දමනවා. අතමිට සරු වෙද්දී බියට්‍රිස්ගේ දෙමව්පියන් ඇයව පාසැල් යැවීමට තීරණය කරනවා. වයස අවුරුදු නවයේදී බියට්‍රිස් පලමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබීමට පාසැලට ඇතුලත් කරනු ලබනවා. මෙලෙස ලෝකයේ වටිනාම ආයෝජනය වන අධ්‍යාපනය ලැබීමේ වාසනාව එලුවෙක් නිසා බියට්රිස්ට ලැබෙනවා. ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට බියට්රිස්ට හැකිවෙනවා. පාසලේ අනෙකුත් සිසු සිසුවියන් අතරේ බියට්‍රිස් කැපීපෙනෙන ශිශ්යාවක් බවට පත්වී අවසන්. Heifer International පුණ්‍යායතනය බියට්‍රිස්ගේ ජීවිතයෙහි සිදුවූ වෙනස දුටුවා. ඇයගේ කතාව ඇගේ හඩින්ම ලෝකයට කීමට ඔවුන් ඇයට ආරාධනා කරනවා. වයස 14 දී බියට්‍රිස් Heifer International පුණ්‍යායතනයේ අනුග්‍රහයෙන් ඇමරිකාවට පැමිණෙනවා. ලෝක සාගින්න සම්බන්ද සමුලුවක සාමාජිකයින් 1500ක් ඉදිරියේ ඇය කතාවක් පවත්වනවා. ඒ පෙර සකසන ලද කතාව ප්‍රතික්ශේප කරමින් ඇගේ වචන වලින්ම ඇගේ කතාව ලෝකයට හඩගාකීමෙන්.
ඇය Connecticut College හි උපාධිදාරිනියක්. Clinton School හි මහජන සේවය පිළිබද පශ්චාත් උපාධිදාරිනියක්. වර්තමානයේ ඇය ඇගේ දැනුම දුප්පත්කම තුරන්කිරීම වෙනුවෙන් යොදවමින් පවතිනවා. සෑම දුප්පත් පවුලකටම එලුවෙක් ලබාදීමට Heifer International ආයතනය සමග එක්වී කටයුතු කරනවා.
මෙය ඕනෑම තැනක උපුටා දැමීමේ අවසරය ඕනෑම කෙනෙකුට ලබාදෙන අතර, මෙම මුල් ලිපියෙහි සබැදියක් ඒ සමග දැකීමෙන් ඇතිවන සතුට, දින කිහිපයක් වටිනා කාලය මිඩංගුකර දැරූ වෙහෙසට ලැබෙන එකම ප්‍රතිලාභය බව සටහන් කරමි.
සටහන: බින්ගෝ@එලකිරි
සමාන ලිපි: http://www.elakiri.com/forum/showthread.php?t=1613161

Last edited: